Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සම්භෝගයට වැටබඳින නිදන කාමරයේ පිහිටීම්

2 days ago 7 Min read
Subha.lk

මිනිසාගේ මූලික අවශ්‍යතා සන්තර්පනය කර ගැනීමේදී තමාට සුබපල ගෙනෙන නිවෙසක් ඉදිකර ගැනීමට සියලු දෙනාම සිහින දකිනු ඇත. නිවාසයක් ඉදිකිරීමේ දී වාස්තු, ෆෙන්ෂුයී වැනි විවිධ විද්‍යානුකූලව එය ඉදිකර ගැනීමට සියලු දෙනා අපේක්ෂා කරන්නේ එබැවිනි.

නිවෙසක ආලින්දය, විසිත්ත කාමරය, මෙන්ම නිදන කාමරය පිහිටනු ලබන දිශා මඟින් ජීවිතයේ විවිධ පැතිකඩ හෙළිදරව් කෙරෙයි. පැරැණි ෆෙන්ෂුයී මතිමතාන්තරවලට අනුකූලව නිදන කාමරය පිහිටන දිශාව, ලිංගික සබඳතාව හා පවුල් ජීවිතය කෙරෙහි බලපාන බව විශ්‍වාස කෙරේ. ඒ නිවෙසක හෝ කාමරයක ශක්ති ප්‍රවාහය මිනිස් ජීවිත කෙරෙහි සෘජුවම බලපාන බැවිනි. සාර්ථක පවුල් ජීවිතයක් ගත කර ගැනීම සඳහා සුදුසු ලිංගික සබඳතා පවත්වා ගැනීම උදෙසා ඒ ඒ දිශානතීන්ට අනුකූලව පිහිටා තිබෙන්නාවූ නිදන කාමර මඟින් ලැබෙන්නේ අති මහත් පිටිවහලකි.

ෆෙන්ෂුයී ක්‍රමයට අනුව අලුතෙන් විවාපත් යුවළකට ලබාදීමට සුදුසුම වන්නේ නිරිතදිග දිශාවෙහි පිහිටි නිදන කාමරයකි. මන්ද සාර්ථක ලිංගික චර්‍යා රටාවක් පවත්වා ගැනීමට අවශ්‍ය සාධක ඒ කාමරය තුළ ගැබ්වන බැවිනි. සුළඟ මඟින් පැමිණෙන ජල වාෂ්ප ගෙන එන සිසිලස කාමරය තුළ නිරන්තරයෙන්ම ගැවසීම හේතුවෙන් සාර්ථක සම්භෝගයක් පවත්වා ගෙන යෑම සඳහා එය මහත් රුකුලක් වේ. මේ දිශාව පෘථිවියට සම්බන්ධ වන්නේ ස්ථාවරත්වය, ආරක්ෂාව සහ බැඳීම සංකේතවත් කරමිනි. එබැවින් විවාහපත් යුවළ සඳහා මේ දිශාව ඉතාමත් සුදුසු යැයි සැලකේ. ඒ සබඳතාවට සීථාවර බවක් හා ශක්තිමත් බවක් ද මෙමඟින් ලබා දේ. යම්කිසි නිවෙසක ගිනිකොන දිශාවට මුහුණලා නිර්මාණය කර තිබෙන්නා වූ නිදන කාමරය ද විවාහපත් වූ යුවළ සඳහා ගයෝග්‍ය බව කියැවේ. මන්ද එය ලිංගික ආශාවන් ආදරය හා සම්බන්ධතා උත්තේජනය කරන බව විශ්‍වාස කෙරෙන බැවිනි. මෙහි ඇති ශ‍ක්තිය චිත්තවේගීය බැඳීම් සහ ආශාවන් ශක්තිමත් කිරීමට උපකාරී වන බව පැරැණි මතවාදයක් පවතී. මේ දිශාව ගින්දරට සහ සිකුරු ග්‍රහයාට සම්බන්ධ වන බැවින් මානසික සුවපත්භාවය ඇතිි කරගනිමින් සාර්ථක පවුල් පරිසරයක් ගොඩනඟා ගැනීමට ඉතාමත් වැදගත් වේ. යම් නිවෙසක වයඹ දිශාවට මුහුණලා නිදන කාමරයක් නිර්මාණය කිරීම හේතුවෙන් වාතයට සහ චන්ද්‍රයාට එයට සම්බන්ධ විය හැකිය. එය නිශ්‍චල නොවන චංචල ස්වභාවයක් පෙන්වයි. එම නිසා ස්ථාවර ලිංගික සබඳතා සඳහා මෙවැනි නිදන කාමර එතරම් සුදුසු නොවන බවට විශ්‍වාස කෙරේ. නිවෙසක වයඹ දිශාවට මුහුණලා නිර්මාණය කර තිබෙන්නා වූ මේ නිදන කාමර වඩාත් සුදුසු වන්නේ වඩාත් කෙටි කාල සීමාවකින් නිවෙසින් බැහැරට යන්නා වූ පුද්ගලයන් වෙතොත් එවැනි වූ පුද්ගලයන් වෙතටය. උතුරු දිශාව ද මේ ජාලයට සම්බන්ධ වන අතර ආදරය සහ ආකර්ෂණය සඳහා හොඳ දිශ‍ාවක් යැයි ද සැලකේ. මේ දිශ‍ාවද විවාහපත් වූ සත්‍රීන්ට හා පුරුෂයන්ට ගුණාත්මක සම්බන්ධතාවක් පවත්වා ගෙන යෑම සඳහා සුදුසු දිශ‍ාවක් යැයි සැලකේ.

ඒ ඒ දිශානතීන්ට අනුකූලව නිදන කාමර සකස් කර ගැනීම මඟින් යම් ආකාරයක ගුණාත්මක ලිංගික ජීවිතයක් ඇතිි කර ගැනීමට හැකිය. මෙවැනි වූ දිශ‍ානතීන්ට අනුකූලව නිදන කාමර සකස්කර ගැනීම මෙන්ම නිදන කාමරයේ ඇඳ පිහිටුවන ස්ථානය මඟින් පුද්ගලයන්ගේ සෞඛ්‍යය, සබඳතා සහ ලිංගික ජීවිතය කෙරෙහි ද බලපෑම්ේ ඇතිකළ හැකි බවට විශ්‍වාසයක් පවතී. ෆෙන්ෂුයී මූලධර්ම අනුව දෙපසට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයක් තිබීම මෙහිදී ඉතාමත් වැදගත්ය. මෙයින් යුවළ අතර ගුණාත්මක සබඳතාවක් හා සමානාත්මතාවයක් ඇතිවන බව විශ්‍වාස කරනු ලබන අතර ඇඳ එක් පැත්තකින් බිත්තියට හෙත්තු කර තැබීමෙන් සබඳතාවයේ අසමතුලිතතාවක් ඇතිවිය හැකි බව කියැවේ.

මීට අමතරව, ඇඳ කාමරයේ් දොරට කෙළින්ම මුහුණලා තැබීමෙන් ඇතුළු වන ශක්තිය කෙළින්ම ඇඳට එන බවත් එය දෙදෙනාගේම ලිංගික ශක්තියට බාධා කරන බවත් වාස්තු විද්‍යාවේ සඳහන් වේ. මෙය අනාරක්ෂිත හැඟීමක් ඇති කරන බැවින් ලිංගික කටයුතු සඳහා සුදුසු නොවන බවටත් විශ්‍වාස කෙරේ.

මීට අමතරව, ඇඳ ජනේලයට කෙළින්ම මුහුණලා තැබීමෙන් සබඳතාවල අවිනිශ්‍චිත බවක් ඇතිවිය හැකි බවත් ශක්තිය පහසුවෙන් පිටතට ගලා යන බවත් ෆෙන්ෂූයිවල සඳහන් වේ. මීට අමතරව, නිදන කාමරයෙහි ඇඳ දෙපස ඉහළින් කැබිනට් හෝ රාක්ක නොතිබිය යුතුය. මන්ද, මෙමඟින් මානසික පීඩනයක්, අවිනිශ්‍චිත බවක් ඇති කරනසුලු වීමය. මීට අමතරව, ඇඳ අවට පිරිසුදුව හා පිළිවෙළට තබා ගැනීම ඉතා වැදගත් වන අතර අවුල් සහගත පරිසරයකින් ආත්ම ශක්තිය හීන කරන අතර එය මානසික ආතියට හේතු විය හැකිය. නිවැරදි දිශානතියකට අනුකූලව නිදන ඇඳ, නිදන කාමරය හා නිදන ඇඳ අවට සකස්කර ගැනීම තුළින් ගුණාත්මක ලිංගික සබඳතාවක් සහිත දිවිපෙවතක් ගතකිරීමට හැකි වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk