Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පොරොන්දම් බලන්නේ කසාද කඩන්න නොවේ

1 day ago 7 Min read
Subha.lk

විවාහවන්ට බලාපොරොත්තු යුවළකගේ අනාගතය තීරණය වන්නේ පොරොන්දම් පරීක්ෂාවෙන් පසුව. එම නිසා පොරොන්දම් පරීක්ෂාව කොතරම් වැදගත්, වටිනාකමින් යුක්තද කියලා අවබෝධ වනවා ඇති. සාමාන්‍යයෙන් පොරොන්දම් පරීක්ෂා කරනකොට ග්‍රහ පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම සහ අෂ්ට නාඩි කූටය, විතරයි, ඕනෑම කෙනෙක් බලන්නෙ.

මේ හැම එකකින්ම කරන්නෙ එක්තරා ලකුණු තත්ත්වයක් පෙන්නුම් කිරීමයි. එනම් සියයට කොච්චර හොඳද? කොපමණ නරකද? කියල විතරයි. ඒ විස්තර ටික විතරක් බලලා විවාහ තීන්දු කරන්න බැහැ. පොරොන්දු සටහනේ ලියන්නෙ එපමණ තමයි. ඒ වුණත් විවාහයෙන් පසුව තීරණය කරන්න ඕනෑ ගොඩක් දේ තිබෙනවා. විවාහය නොකැඩී තියේවි. නමුත් පවුලේ සතුට. දියුණුව, සමඟිය නැත්නම් ලකුණු කොච්චර තිබ්බත් වැඩක් තියෙනවද? විවාහ වෙලා අවුරුදු 3 – 4ක් යනකොට දරු පැටියෙක් නොලදහොත් සතුට ක්‍රමයෙන් අඩු වනවා. දරුවා නොලැබුණේ කාගෙ වරදින්ද කියල අහල වැඩක් නැහැ. පොරොන්දම පරීක්ෂා කරනකොටම ඒ ප්‍රශ්නයත් නිරාකරණය කරගතහොත් නේද යහපත් වන්නේ. දරුවො ප්‍රමාදයක් තිබෙනවා නම් ඒක කියන්න ඕනෑ එතකොට ඊට පිළියම් තිබෙනවා. ඒක නොදැන හිටියොත් ප්‍රශ්න පැනනඟිනවා. අනික තමයි සරාගී යෝග – නටාංශක යෝග – ඒවත් බලන්න ඕනෑ. බලන්න දැනගන්නත් ඕනෑ.

සෑම පොරොන්දමක්ම සියයට සියයක් නිවැරදි වන්නෙත් නැහැ. වැරදි වන්නෙත් නැහැ. ඕනෑම කේන්දරයක ඔය කඩතොලු ටික ටික නැත්තෙත් නැහැ. ඒවා පොරොන්දම පරීක්ෂා කරන කෙනාට හදන්න පුළුවන්. ගොඩක් අය රෝගය හඳුනා ගන්නවා. පිළියම දන්නෙ නැති නිසා පොරොන්දම ප්‍රතික්ෂේප කරනවා. ඉස්සෙල්ලම කියන්න ඕනෑ. ඔය කේන්දර දෙකේ, නැකැත් පොරොන්දම ගැළපුණේ නැත්නම් ගන්නෙ නැහැ. තවත් අතකට නැකැත් පොරොන්දම විපත් හෝ වඳ නැකැත්වලට වැටුණොත් බලන්නෙ නැතුව ප්‍රතික්ෂේප කරන අය බොහොම ඉන්නවා. එහෙම කරන්න හොඳ නැහැ. ඔක්කොම පොරොන්දම් 36ක් තිබෙනවා. 36කින් 2ක් 3ක් නරක් වූ පමණින් ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. ඔබ යම් මොහොතක එහෙම කළා නම් කරන්නෙ, ඉතිරි කාරණා නොදන්න නිසා කියලා මම වගකීමෙන් කියනවා. එහෙම නැත්නම් ඇයි ප්‍රතික්ෂේප කරන්නෙ? දරුවො යුවළකට අත්‍යවශ්‍යම තමයි. ඒක 5 වැන්නෙන් විතරක් බලලා හරියන්නෙ නැහැ. ඇයි ලිංග පොරොන්දම, යෝනි පොරොන්දම, වෘක්ෂ පොරොන්දම, අන්තිමට කාම ත්‍රිකෝණය 3,7,11 මේවා පරීක්ෂා කරලා දරුවො ගැන කියන්න පුළුවන්නෙ. දරුවන් ප්‍රමාද නම්? ඒ කියන්නෙ දරුවො නැති එක නොවේ. මේ විදියට ඉතිරි පොරොන්දම් පරීක්ෂා කරන්න ඕනෑ.

ඔය ලකුණුවලට පොරොන්දම් බලලා බාල් දමලා ගෙදරට කැන්දන් ආපු ලේලි ගෙදර හිටියේ කොච්චර දවස්ද? ඇයි ඒක පොරොන්දම් පරීක්ෂාවට අහු වුණේ නැද්ද? ඡ්‍යොතිර්වේදී මහතුන්ට මේ ගැන යමක් කියන්නම ඕනෑ. ඕනෑම කෙනෙක් පොරොන්දම රැගෙන අප වෙත එන්නෙ, ඒ පොරොන්දම් ගැළපේවි යැයි සිතාගෙන. අනෙක අපට වඩා ශාස්ත්‍රය විශ්වාස කරලා. අපේ දැනුම ඒ අයට කියල වැඩක් නැහැ. අපි කොහොම හරි දුර්වලකම් මඟහරවලා විවාහය කරන්න උපදෙස් දෙන්න ඕනෑ.

ගොඩක් අය විවාහය කඩන එකක් තමයි “ආර්.එච්. විලියම් මහත්තයගේ පොරොන්දම් බලන හැටි” කියන පොතේ 74 වැනි පිටුවේ කඩහන්දි මාරකයේ විස්තරවලට අනුව ඔබ ඇතැම් දේ තීරණය කිරීම. ඒ විස්තරවලට අනුව එක පාරටම තීරණය ගන්න එපා. එහෙම වන්නෙ නැහැ. එතැන සුළු අඩුවක් තිබෙනවා. මහ දසා එකට ගිය පමණින් විවාහයක් කැඩෙන්නෙ නැහැ. ඕනෑම පොතක මේ වගේ පුංචි පුංචි අඩුපාඩු ඇති. ඒවා අප නිවැරැදි කරගෙන යන්න ඕනෑ. එහෙම තිබුණා කියමු කෝ. ඒකට පිළියම් සඳහන් නැහැ. එහෙම තිබුණොත් වෙනත් උසස් සටහන් ඇති පොතක ඒවා ලියා තිබෙනවා. ඒක නිසා පොතක තිබුණු පළියටම තද තීරණ ගන්න එපා.

වෛද්‍ය විද්‍යාව අනුව එකම රුධිරය ඇති අය විවාහයට බයයි. මොකද ඒ අය විවාහ වන්නෙ නැද්ද? ඒවා තමයි නව සොයාගැනීම් කියන්නේ. හැබැයි ඉතින් මේවා සුළුවටත් හිතන්න එපා. පැරණි වෛද්‍යවරු හා ඡ්‍යොතිෂවේදී අය දරුවො ප්‍රමාද අයට කේන්දරය බලලා එක එක සිංහල ආහාර වර්ග කෑමට දෙනවා. චූර්ණ දෙනවා. එතකොට හරියනවා. ඔය සීතල පලතුරු චූර්ණ කරල දෙනවා. දැන් ඒවා පාවිච්චිය නැහැ. ලෙහෙසියට ශල්‍යකර්ම කරනවා. එතකොට බොහෝ විට තිබෙන එකත් නැතිවනවා.

අපේ පැරණි ක්‍රමයට අනුව පුර තිථිවලට ලැබෙන දරුවො වාසනාවන්තයි බලගතුයි. ඒ දවස්වල නම් යුවළක් සංසර්ගයේ යෙදෙන කාලය පවා සඳහන් කළා. දැන් ඒවා නැහැ. අවුරුද්දේ මල් පිපෙන්නෙ. දරුවො පිළිසිඳගන්නෙ මාස කීපයකට විතරයි. ඒක මැවුම්කාරයාගේ නියමය. ගස් – වැල්, සතුන් ඒක හරියටම කරනවා. මොකද ස්වභාවධර්මයාට ඒ අය සමීපයි. නියම කල්පනාව, ඔළුව තිබෙන මිනිසා හරි මුරණ්ඩුයි. මිනිහා නම් ලස්සනට, බාහිර පෙනුමට කසාද බැඳලා උසාවිත් යනවා. කසාද බඳින්නවත් එච්චර කෙටි කලක් ගියේ නැහැ. ඊටත් වඩා කෙටි කාලයක් ගතවුණේ වෙන්වන්න. ඇයි මේ කොච්චර ලස්සන වුණත් සතා ඌට සරිලන්නෙ නැත්නම් ඌ සංසර්ගයේ යෙදෙන්නෙ නැහැ. බලන්න බල්ලෙක් ගැන. ඌ වැඩිවිය පැමිණුන නැති බැල්ලියක් සමඟ සංසර්ගයේ යෙදෙන්නෙ නැහැ. ඒක ඌ ඉවෙන් දැනගන්නවා. ඒත් උගත් මනුෂ්‍යයා?

අපේ පොරොන්දම් පරීක්ෂා කරනකොට බලන්න ගොඩක් දේ තිබෙනවා. සමහර විට ඔබට ලැබෙන ගාස්තුව අඩු නිසා හෝ දැනීම අඩු නිසා හෝ ආරම්භක යුගයේ නිසා වරදවා බලන්න ඇති. එහෙම කරන්න එපා. පොරොන්දම් බලනවා කියන්නෙ දෙදෙනකුගේ අනාගතයක්. ඒක රටටම බලපානවා. වැරදුණොත් රටටම විනාශයක් වන්නත් බැරි නැහැ. ඒ පාඩුව ගුරුකමක් කොට අරගන්න. පොරොන්දම් හරි බලගතුයි.

පොරොන්දමක ලකුණුූ කියලා ඉවර වෙලා. 8 වැන්න බලන්න. ආයුෂ ගැන. ආයුෂ හොඳ නම් ඊට නුදුරින් සප්තම් දෘෂ්ටිය වන 2 වැන්න පරීක්ෂා කරන්න. දෙවැන්නෙහි නිඹුල්ලා 11 වැනි රාශිය මේ රාශිවල අඟහරුවා හතුරුයි නම් උත්පත්ති කේන්දරයේ විවාහයෙන් පසු හදිසි අනතුරකින් මේ භවය දමල යනවා. එතකොට ලැබුණු භාර්යාවගේ හෝ දරුවාගේ අපලය කියන්න ඉඩ තබන්න එපා.

මේ කරුණු සුළුවට හිතන්නත් එපා. හැම රාශියකම දුරින් 7 වැන්න ඒ රාශියට හොඳට හෝ නරකට සාක්ෂි කියනවා. අනික ඔබ පොරොන්දමක් පරීක්ෂා කරල ඒ දෙදෙනා විවාහ වුණොත්. ඒ දෙදෙනාගේ ජීවිතයේ කිසියම් සම්බන්ධයක් ඔබට හිමිවනවා.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk