Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මුදු රේඛාවලින් හෙළිවෙන ජීවන තොරතුරු

3 days ago 7 Min read
Subha.lk

සොලමන් මුදුව කලාතුරකින්අත්ලක දක්නට ලැබෙන අතර දබර ඇගිල්ල මුල අර්ධ කවයක් පරිදි ගුරු මණ්ඩලය මත පිහිටා තිබේ.ගුප්ත ශාස්ත්‍රවලටදක්ෂයෙක් වූ ඒ වගේම බුද්ධිමත්මහත්මා ගතිගුණ ඇතිව රජ කළ සොලමන්රජුගේ නමින් මේ මුදු රේඛාව නම් කර තිබේ. මේ රේඛාව පිහිටා ඇති අත්ල හිමියන් ගුප්ත විද්‍යා විෂයන්වලට දැඩි ආශාවක් දක්වන අතර එම විද්‍යාවන් ප්‍රගුණ කිරිමටත් එම විෂයන්ගෙන් ප්‍රයෝජනයක්ගැනිමටත් හැකියාව ලැබේ.

දාර්ශනික මනසක් ඇති පුද්ගලයන්ගේ අත්ලවල මෙන්ම විනිසුරුවරුන් මනෝවිද්‍යාඥයන් වැනි අයගේ අත්ලවලද මේ මුදුව බෙහෝවිට දක්නට ලැබේ. සමහර විට සොලමන් මුදු දෙකක් එත් අත්ලක පිහිටීමට ද හැකි අතර ඇතැම්විට ඒවා මඟින් චතුරස්‍ර හෝ ත්‍රිකෝණ නිර්මාණය වීමටද පළුවන. ඒ වගේම දබර ඇගිල්ලේ එක් පැත්තකට වන්නට අර්ධ වශයෙන් සොලමන් මුදුව පිහිටා තිබිය හැකිය. එම පුද්ගලයන්ද ගුප්ත්‍ර ශාස්ත්‍ර ඉගනීමට කැමැත්තක්  දක්වන අතර අධ්‍යාත්මිකජීවිතයකට වඩාත් නැඹුරු වේ. සොලමන් මුදුව වඩාත් පහතින් පිහිටා ඇත්නම් එම  අත්ල හිමියා අධික සංවේදි සිතිවිලි සහිත සංගීතය ආදි කලා අංශවලට නැඹුරු පුද්ගලයකුවේ.

කෙසේ වුවත් මේ රේඛාවට බලයක් නොමැත. මේ රේඛා ලක්ෂණයෙන්පෙන්වන්නේ අදාළ විෂයන්ට අදාළව ඇති කැමැත්ත නැති නම් ආශාව පමණි.

එම නිසා සොලමන් මුදුව ක්‍රියාත්මකවීමට අත්ලේ අනිකුත් රේඛා ලක්ෂණද සම්බන්ධ විය යුතුය. විශේෂයෙන්ශීර්ෂ රේඛාව වන්ද්‍ර මණ්ඩලයට ගමන් කිරිම, හෘද රේඛාව සහ ශීර්ෂ රේඛාව අතර ගුප්ත කතිරය වැටි තිබිම, ජීවන රේඛාව සිරස් රේඛාවක් බවට පත් වී ගමන් කිරිම, ආදි ලක්ෂණයන් පිහිටා තිබිම මඟින් සොලමන් මුදුව  ක්‍රියාකාරිවේ. ඇඟිලි තුඩු හතරැස් ආකාරයෙන් සහ ඇඟිලි පුරුක් මහත් වී තිබේ නම් නියම වශයෙන් ගුප්ත  ශාස්ත්‍රයන්ගෙන් ඉතා උසස් තත්ත්වයන්ටපත්වේ. හෘද රේඛාව කැඩී බිඳී ගොස් ශීර්ෂ රේඛාවෙන් ශාඛාවක් චන්ද්‍රමණ්ඩලයට වැටී තිබෙනම් එවැනි පුද්ගලයන්අවබෝධයෙන් තොරව ගුප්ත්‍ර ශාස්ත්‍ර හදාරා නොයෙක් ආකාරයේ  අකටයුතුකම් කරන තත්ත්වයට පත්වේ.

අන්ධ විශ්වාසයන් මුල් කරගෙන ක්‍රියාකරනමොවුන් මානසික රෝගවලට පවා ගොදුරු වීමට පුළුවන. එම නිසා ගුප්ත විද්‍යාවන්හදාරන අයට ප්‍රබල ජීවන රේඛාවක්ද ආත්ම විශ්වාසය ඇති කිරිමට විකෘතිවීම්වලින් තොර හෘද රේඛාවක්ද චන්ද්‍ර මණ්ඩලයට ගමන් කරන පැහැදිලි ප්‍රබල ශීර්ෂ රේඛාවක් සමග සොලමන් මුදුව හෙවත් ගුප්ත  මුදුව පිහිටා තිබිය යුතුය. ශනි මුදුව කලාතුරකින්දැකිය හැකි ලක්ෂණයක් වන අතර මැදැඟිල්ල මුල අර්ධ  කවාකාරව ශනි මණ්ඩලය මත පිහිටයි. ශනි මුදුව අත්ලක නොපිහිටියයුතු ලක්ෂණයක් වන අතර බොහෝවිට මැදගිල්ලේ දෙපැත්තෙන්කෙටි රේඛා වශයෙන් ආරම්භ වි ශනි මණ්ඩලය මැදදී සම්බන්ධ නොවී පවතින අවස්ථාවද දකින්න ලැබේ. කෙසේ මුත් ශනි මුදුව සහිත අත්ල හිමි පුද්ගලයා නිතරම කලකිරුණු ස්වභාවයෙන්යුක්ත  පුද්ගලයකු වන අතර එකම රැකියාව වැඩි කාලයක් කරන්නේද නැත. දුර දිග නොබලා කටයුතු කරන අතර  කිපෙන සුලුබව නිරන්තරයෙන්දකින්න ලැබේ. මොවුන් බොහෝ දුරට අවිවාහකව ගත කරන අතර විවාහ වුවත් යුග ජිවිතය සාර්ථක වන්නේ නැත. තම අරමුණු වෙත ළඟා වීම ඉතා අපහසුවේ. සිය දිවි හානි කර ගන්නා අයගේසහ සමාජයෙන් ඈත් වී තනිවම ජිවත් වී මිය යන අයගේ අත්ලේ බොහෝවිට මේ රේඛාව දිස්වේ. ශනි මණ්ඩලයෙන් ලබාදෙන ධර්මිෂ්ඨ භාවය, මමත්වය, ලෝකොත්තර ආශාව ආදිය වෙනත් මඟකට යොමු කරවයි. ශනි  මුදුව සහිත අත්ලක ශිර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලට ගමන් කර ඇත්නම් ජීවිතය කලකිරිමට පත්ව සියදිවි හානිකරගැනිමේ තත්ත්වයට වුව ද පත්විය හැකිය. එසේම ශනි මුදුව සහිත අත්ලක කුඩා අසුබ ලක්ෂණයක් හෝ සුළු  විකෘති වීමක් ඉතා ප්‍රබල ලෙස ජිවිතයට බලපෑම් එල්ල කරයි. තවද ශනි මුදුවෙන් අතු රේඛාවක් රවි මණ්ඩලයට ගමන් කිරිමද ඉතා අවසනාවන්තලක්ෂණයකි.

කලාතුරකින්වෙදැඟිල්ල හෙවත් රවි ඇඟිල්ල පාමුල අර්ධ කවාකාර ව පිහිටි රේඛාව රවි මුදුව ලෙස හැදින්විය  හැකිය. රවි මුදුව සහිත අත්ල හිමියා ඉතා වසනාවන්ත පුද්ගලයෙකි. ඉතා ඉහළ සදාචාරාත්මකහැදියාවක් ඔහු සතුවන අතර නිෂ්චිත අරමුණක් කරා සාර්ථකව ගමන් කර ජයග්‍රහණයඅත්පත් කර ගැනිමට දක්ෂ වේ. ලස්සනට මොවුන් කැමැතිය. සුඛෝපහෝගිදිවියකට කැමැතිය. එහෙත් රවි  මුදුව රවි මණ්ඩලය සම්පුර්ණයෙන් ආවරණය කරයිනම් එය බාධකයක් ලෙසද ක්‍රියාකරයි. සෑම දෙයකම සුබවාදි පාර්ශ්වය පමණක් බලන ස්වභාවයක්ඇති නිසා නිර්මාණ ශක්තිය අඩු විය හැකිය. තවද බුධ ඇගිල්ල හෙවත්  සුළැඟිල්ල පාමුල ද අර්ධ කවාකර ව පිහිටි රේඛාවක් පිහිටා තිබිය හැකි අතර එය බොහෝ දුරට ඉහළට ගමන්  කරන ස්වභාවයක් පෙන්නුම් කරයි. මෙය ඉතාමත් කලාතුරකින්පිහිටන ලක්ෂණයක් වන අතර බුධ මුදුව ලෙස හැදින්වේ. මෙවැනි පිහිටිමක් සහිත නම් එවැනි ලක්ෂණයකින් පෙන්නුම් කරන්නේ විවාහයට සම්බන්ධ කාරණයක් වන අතර ඉහළට එසවුණ බුධ මුදුවක් සහිත අය නැවත විවාහයකට ඇතුළත් වන්නේ නැත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk