සමරිසි හැඟීම් මතුකරන ග්‍රහ පිහිටීම්
ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය ලිවීමට මා අදහස් කාදිනල් මැල්කම් රංජිත් පියතුමා විසින් ලංකාවේ ඇතැම් සංවිධාන සහ දේශපාලනඥයන් මෙරට තරුණ පිරිස් සමලිංගික සම්බන්ධතාඇති කර ගැනීමට උනන්දු කරවන බව සහ සමලිංගික විවාහ සිදු කිරීමට කටයුතු කරන බවට කළ ප්‍රකාශය මුල් කරගෙනය.
කාදිනල්තුමා එසේ කීමට හේතුව නම් සමලිංගික සේවනය කතෝලික ආගමට අනුව පාපයක් වන හෙයිනි. එය පාපයක් බව ශුද්ධ වූ බයිබලයේ බොහෝ තැන්වල සඳහන්ව ඇත. ඉන් කිහිපයක් පාඨකයන්ගේදැන ගැනීමට පිණිස ඉදිරිපත් කරමි. ශුද්ධ වූ බයිබලයේ පරණ ගිවිසුමෙහි ලෙවීගේ ව්‍යවස්ථාවේ18 වැනි පරිච්ඡේදයෙහි22 වෙනිඡේදයෙහි මෙසේ සඳහන්ව ඇත. නුඹ ස්ත්‍රියකසමඟ සංවාසයේ හැසිරෙන ලෙස පිරිමියෙක්සමඟ නොම හැසිරිය යුතුය. එහිම20 වැනි පරිච්ඡේදයෙහි13 වැනි ඡේදයෙහි යම් පුරුෂයකු ස්ත්‍රියකසමඟ සංවාසයෙහි හැසිරෙන ලෙසම පිරිමියකුසමඟ හැසිරුණොත් ඔවුන් පිළිකුල් දෙයක් කරනු ඇත. ඔවුන් මරණයට පත් කළ යුතුය. අන්‍ය ආගම් ගැන මෙකී සමලිංගික සේවනය පාපයක්ද නැද්ද යන්න පිළිබඳව කරුණු පරීක්ෂා කර බැලීමේදී බෞද්ධ දර්ශනයෙහි කාම අපචාරය පාපයක් ලෙස දක්වා ඇත. ඒ අනුව එකී ප්‍රකාශ පිළිබඳව කරුණු මෙනෙහි කර බලන කල සමලිංගික සේවනය බෞද්ධ දර්ශනයට අනුව ද පාපයකි. මන්දයත් සමලිංගික සේවනය ස්වභාවික ස්ත්‍රී පුරුෂ සේවනයට වඩා වෙනස් විකෘති කාම හැසිරීමක්වන නිසාය. කරුණු ගැඹුරින් සොයා බලන කල සමලිංගිකයන් දෙදෙනෙක් අතර මෛථුනය අස්වාභාවික මෛථුනයක් වන හෙයින් හින්දු ධර්මය අනුවද සමලිංගික සේවනය පාපයක් බව අපට සිතා ගත හැකිය. ශුද්ධ වූ කුරාණයේ ද සමලිංගික සේවනය පාපයක් ලෙස දක්වා ඇත. ඒ අනුව සෑම ආගමකම සමලිංගික සේවනය පාපයක් ලෙස පිළගෙන ඇත.
වෛද්‍ය විද්‍යානුකූලව කරුණු විමසා බලන කල පුරුෂයන්ගේටෙසටොස්ටෙරෝන් නම් හෝමෝනයත්,් ස්ත්‍රීන්ගේඊස්ට්‍රජන් නැමැති හෝමෝනයත් අඩු වූ විට සමලිංගික සේවනයට යොමුවීමේ හැඟීම් පහළ වේ. එමෙන්ම ලිංගේන්ද්‍රියන්වල ඇතිවන යම් යම් දුර්වලතා නිසාද ඇතැම්හු සමලිංගික සේවනයට යොමුවන බව වෛද්‍ය විද්‍යාව පවසයි.
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ලග්න කේන්දරයක ලිංගික කාර්යයට සම්බන්ධ ග්‍රහයන් සහ භාව දුර්වල වූ විට සහ පාප ග්‍රහයන්ගෙන් පීඩා වූ විට ජන්මීන් සමලිංගික හැසිරීම්වලට යොමුවන බව පෙන්වා දෙයි. ඒ අනුව ලග්න කේන්දරයක රහස් ඉන්ද්‍රිය නිවේදනය කෙරෙන7 වැන්න සහ එහි අධිපතිත් රතිකාමයට කාරක සිකුරු ග්‍රහයාත් ලග්න කේන්දරයක නීච, සතුරු අස්ත යනාදි වශයෙන් දුර්වලව පිහිටා ඇති විට, එකී හත අධිපති සහ සිකුරු යන ග්‍රහයන් පාප ග්‍රහයන් වන ශනි, කේතු, රාහු යන ග්‍රහයන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක් වූ කල එවන් ග්‍රහ පිහිටීමක්ඇති ජන්මීන් සමලිංගික සේවනයට යොමු වනු ඇත. එමෙන්ම7 වැන්නෙහි බුධ, ශනි, කේතු යන ග්‍රහයන්සිටිය විටදි හෝ7 අධිපති බුධ, ශනි, කේතු යන ග්‍රහයන් සමඟ සංයෝග වූ විට සමලිංගික සේවනයට රුචිකත්වයක් දක්වන ජන්මීන් ජනිත වෙයි. ස්ත්‍රී කේන්දරයක්7 වැන්නෙහි මෙකී සිකුරු යෝගයක් වූ විට හෝ ශනි, සිකුරු ඔවුනොවුන්ගේ රාශි මාරු කරගෙන සිටි විට(උදාහරණයක් වශයෙන් තුලා රැසෙහි සෙනසුරුත් කුම්භ රැසෙහි සිකුරුත් ඔවුනොවුන්ගේ රාශි මාරු කරගෙන සිටීම සඳහන් කළ හැකිය.) සමලිංගික සේවනයට රුචිකත්වයක් දක්වන ස්ත්‍රීහු ජනිත වෙති. ඒ අනුව මෙකී7 වැන්න එහි අධිපති සහ රතිකාමයට කාරක සිකුරු යන සාධකවලින් කාම ආශාවන් කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන්නේ සිකුරුය. ඒ අනුව ස්ත්‍රී කේන්දරයක හෝ පුරුෂ කේන්දරයක සිකුරු ග්‍රහයා ලග්නයෙහි හෝ නවාංශකයෙහි නීච හෝ සතුරුව සිටිය විටදී, වක්‍ර ගමනේ දී අස්ත වූ විටදී හෝ22 වැනි දෙර්කාණාධිපති වූ විට එවන් ග්‍රහ පිහිටීමක්ඇති ස්ත්‍රී පුරුෂයෝ සමලිංගික සේවනයට දැඩි රුචිකත්වයක්දක්වන්නෝ වෙති. මෙහිදී7 අධිපති සහ7 වැන්න ශුභ බලවත්ව සිටීම හේතු කොට ගෙන ඉහත සඳහන් කළ ආකාර සිකුරු දුර්වල ස්ත්‍රී පුරුෂයින්ට විවාහයක් සිදුවිය හැකි නමුත්, ඔවුන් සමලිංගික සේවනයට දැඩි රුචිකත්වයක්දක්වන හෙයින් විවාහ ජීවිතයේ හැල හැප්පීම් හෝ ඇතැම් විට විවාහය දික්කසාදයකින් කෙලවර විය හැකිය. එමෙන්ම ලග්න කේන්දරයක7 අධිපති6 වැන්නෙහි එනම් රෝගි ස්ථානයෙහිනම් සහ ඉහත විග්‍රහ කළ පරිදි ශනි, කේතු, රාහු යන ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන්පීඩාවී ඇත්නම් ඔහු හෝ ඇය සමලිංගික සේවනයට නැඹුරු වන්නේ ලිංගික බෙලහීනතාවයක ප්‍රතිඵලයක් වශයෙනි. මෙකී7 අධිපති8 වැන්නේ ඉහත සඳහන් කළ පරිදි පාප ග්‍රහයන්ගෙන් පීඩා වී ඇත්නම් ඔහු හෝ ඇය සමලිංගික සේවනයට යොමු වන්නේ තවත් කෙනෙකු බලෙන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙකී7 අධිපති12වැන්නෙහි ග්‍රහයන්ගෙන් පීඩා වී ඇත්නම් ඔහු හෝ ඇය සමලිංගික සේවනයට යොමු වන්නේ තමා එයට කැමැති නිසාය. දැන් අපි ඉහත විග්‍රහ කළ කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනිමට උදාහරණ කේන්දර කිහිපයක් අධ්‍යයනය කරමු.
මුවසිරස නැකතේ පළමුවෙනි පාදයෙන් උපත ලබා ඇති අංක1 උදාහරණය කේන්දරය අයත් වන්නේ මා හඳුනන්නකු බොහෝ කලකට ඉහත දී කෙටි කාලීන ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත් වූ කාන්තාවකටය. මේ කාන්තාව නිතර සිය පෙම්වතා මුණගැසීමට ඇති අකමැත්තත්, කායික සම්බන්ධතාවලට කැමැත්තක්නොදැක්වීමත් නිසා එම ප්‍රේම සම්බන්ධාවයඉතා කෙටි කාලයකදී නතර විය. ඇය එලෙස දිගින් දිගට ප්‍රේම සම්බන්ධතාවයපැවැත්වීමට අකමැති වූයේ ඇය සිය ඥාති සොයුරියක්සමඟ සමලිංගික සම්බන්ධතාවයක් පැවැත් වූ නිසාය යන්න පසුව දැන ගන්න ලැබුණි.
ඒ අනුව ඉහත මේෂ ලග්න කේන්දර හිමි කාන්තාව සමලිංගික සේවනයට යොමුවීමට හේතු වු ග්‍රහ බලය ගැන කරුණු පරීක්ෂා කර බැලීමේ දී7 වැන්නාධිපති මෙන්ම රති කාමයට අධිපති සිකුරු7 වැන්න වූ තුලාවෙහි වක්‍ර ගමනේදී රවි ග්‍රහයාට අස්තව වක්‍ර ශනි, රාහු, කේතු යන පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්ව පීඩාවී සිටීම ප්‍රධාන ග්‍රහ බලයන් බව පෙනෙයි.
දැන් අපි තවත් උදාහරණය කේන්දරයක්වෙන අපි අපගේ අවධානය යොමු කරමු. ප්‍රචාරක ආයතනයක උසස් නිලධාරියකු ලෙස කටයුතු කළ කේන්දර හිමියා මුවසිරස නැකතේ පළමු පාදයෙන් උපත ලබා ඇත.
ඉහත දැක්වෙන තුලා ලග්නයේ අධිපති සිකුරු රතිකාමයට කාරක ග්‍රහයා වී කාම ත්‍රිකෝණයට අයත් භාවයක් වන3 වැන්නෙහි22 වෙනි දෙර්කාණාධිපතිව ශනි, රාහු යන පාප ග්‍රහයන්ගෙන් පීඩා වෙමින් පතිතව ඇත. එලෙස පීඩා වූ සිකුරු9 වැන්නේ සිටින වක්‍ර7 අධිපති අඟහරුට සප්තම දෘෂ්ටියෙන්ද7 වැන්න පූර්ණ දෘෂ්ටියෙනුත් පීඩා කිරීම නිසා සමලිංගික සේවනයට ඇබ්බැහි වී ඇති අතර ඒ හේතු කොට ගෙන එනම් සිකුරු 22වැනි දෙර්කාණාධිපති වීම නිසා සමාජ රෝග ද වැලඳී ඇත.
උපත1925.11.17 පාන්දර2.15 ඇමෙරිකාවේ දී ශනි හිමි අනුර නැකතේ4 වැනි පාදයෙන් උපත ලබා ශනි මහ දශාව ඉදිරියට වර්ෂ1 යි මාස06 දින12 ක් ශේෂව තිබූ තෙවැනි කේන්දරය අයත් වන්නේ අමෙරිකාවේ හිටපු ජනපි‍්‍රය සිනමා නළුවකු වන රොක්හඩ්සන්ටය. එම කන්‍යා ලග්න කේන්දරයේ 7 අධිපති ගුරු සහ විවාහකාරක සිකුරු 4 වැන්නේ ය.7 අධිපති ගුරු සිව්වැන්නෙහි ගුරු හංස යෝගය උදා කරමින් ද රතිකාමයට කාරක සිකුරු සිව්වැන්නේ දිග් බලයෙන් සිටීම නිසා මොහුට විවාහයක් සිදුවිය. මුල දී ස්ත්‍රී සේවනය කැමැති වූ හෙතෙම දැඩි ලෙස ගණිකාවන් සේවනය කිරීම නිසා සමාජ රෝග වැලඳීම හේතු කොටගෙන ස්ත්‍රී සේවනයෙන් ඈත් විය. සිව්වැන්නේ සිටින7 අධිපති ගුරු සහ රතිකාමයට කාරක සිකුරු යන ග්‍රහයන් දෙපල රවි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරිත වී දෙවැන්නෙහි සිටින8 අධිපති අඟහරු සමඟ යෝග වූ රෝග ස්ථානාධිපති(6 අධිපති) ශනිගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම ඔහුට සමාජ රෝග වැලඳීම නිසා ස්ත්‍රී සේවනය එපාවීමට හේතුවූ ග්‍රහ බලය විය. මෙකී ග්‍රහ දෙපල එනම් ගුරු සහ සිකුරු නවාංශක කේන්දරයේ නීච වීම ඔහු පසුව සමලිංගික සේවනයට යොමුවීමට හේතු වූ ග්‍රහ බලය වූ අතර, මෙහිදී රුධිරයට කාරක ග්‍රහයකු වන 8 අධිපති අඟහරු 22 වැනි දෙර්කාණාධිපතිව මාරක භාවයක් වන7 වැන්නෙන්8 වැන්න වූ2 වැන්න වූ තුලාවෙහි6 අධිපති සෙනසුරු සමඟ යෝගව සිටීමත් සිරුරේ මුළු මහත් රුධිරය නිවේදනය කෙරෙන සඳු ග්‍රහයා22 වැනි දෙර්කාණාධිපති කුජට අයත් වෘශ්චික රැසෙහි සහ නවාංශකයේ නීචව සිටීම, ඔහුට සමලිංගික සේවනය හේතු කොට ගෙන ඒඩ්ස්, වෛයිරස ශරීරගත වීමෙන් මරණය සිදුවීමට හේතු වූ ග්‍රහ බලය විය.
Advertisements