කේන්දරයේ ලියැවී ඇති ඔබේ මරණය
උපදින හැම සත්ත්වයකුමමරණයට පත්වීම ස්වභාවිකය. එහෙත් එය කවදා කෙසේ සිදුවේද යන්න නියත වශයෙන්ම කිව නොහැකි වුවත් ඡ්‍යොතිෂයට අනුව අනුමාන වශයෙන් ඒ පිළිබඳව කිව හැකිය. ජන්මියාගේ කේන්ද්‍රයනිවැරැදි ලෙස සකස්කර ඇත්නම් මරණය සම්බන්ධ අනාවැකි සාමාන්‍ය වශයෙන් කිව හැකිය.
මරණය විවිධාකාරය. සමහරුන්ට එය ඉතා සුවදායක අවස්ථාවක්විය හැකි වූවත් තවත් අයකුට එය විඳදරා ගත නොහැකි අවස්ථාවක් විය හැකිය. කෙසේ වුවද ඒ ඒ අයගේ ආයු කාලය අවසන්වීම පිළිබඳව කේන්ද්‍රයේ සටහන්ව තිබෙන බව කිව යුතුව ඇත. කේන්ද්‍රයේ අටවැන්න හා හයවැන්න ගැන මනා අවබෝධයක් ලබා ගැනීමෙන් කෙනකුගේ මරණය පිළිබඳව දැනගත හැකි ය.
මරණය පිළිබඳව අප විමසන්නේ සයවැන්න හා අටවන්නෙනි. මේ අනුව රවි, සඳු6,8 වැනි ස්ථානයක සිටීම සිව්පා සතුන්ගෙන්මරණයට ඇති කිරීමකි. සිව්වැන්නේ කුජ සිටිනවිට ශනි 10 වැන්නේ සිටීමද තිරිසන් සතුන් නිසා මරණයට පත්වෙන බව පෙන්නුම් කරයි. 10 වැන්නේ රාහු, සිකුරු සිටීමද නැතිනම් කුජ, ශනි 8 සිටීම සර්පයන් දෂ්ඨ කිරීම නිසා වන මරණයකි. කුජ 6 වැන්නේ දුර්වලවීම ශල්‍යකර්මයක් හේතුකොටගෙන සිදුවන මරණයකි. රවි හතේ සිටින විට කුජ, ගුරු 10 වැන්නේ සිටීමද ඒ අයුරින්ම වෙයි. එය විෂ ශරීරගත වීමෙන් වන මරණයක් වේ.
ශනි, කුජ ඔවුනොවුන්සතුරුවී 8 වැන්නේ සිටීමෙන් සියදිවි නසා ගැනීමට කෙනෙකු පෙලඹේ. මෙය වෘශ්චික ලග්නය හිමි අයෙකුගේ නම් එයට හේතුව ප්‍රේම සම්බන්ධකමක් හෝ විවාහය බව පෙන්නුම් කරයි. ජලයේ ගිලීමෙන් ඇතිවන මරණවලට විශේෂයෙන් සඳු බලපායි. මේ අනුව4,7,10 යන ස්ථානනවලදී ශනි සිටීම නිසා දියේ ගිලීම ඇති කරයි.8,12 වැනි ස්ථානවල සඳු දුර්වලවීමෙන් ද මෙසේ විය හැකිය. සඳු, රවි, මීන රාශියේ සිටීමද දියේ ගිලීමෙන් වන මරණයකට හේතු වෙයි. මකර රාශියේ සඳු ද10 වැන්නේ ශනිද සිටීම දියර වර්ගයක් විෂවීමෙන්මරණයට පත්වීමකි.
හතර අධිපති රාහු සමඟ6,8 යන ස්ථානවල යෙදීම සොරුන්ගෙන් හෝ ආයුධවලින් පහර ලැබ මරණය ඇති කිරීමකි. කේතු 4 අධිපති සමඟ 6, 8 ස්ථානවල සිටීමද ඒ අයුරින්ම සිදුවන මරණයකි.
සඳු, මේෂ, වෘශ්චික වැනි රාශියක6,8 අධිපතීන්ට සම්බන්ධ වී සිටීම, ආයුධවලින්වන මරණයක් පෙන්නුම් කරයි. සඳු පාප දාෂ්ටි සහිතව හෝ ශනි රවි සමඟ එකම රාශියක සිටීම තමන් විසින්ම දිවි නසා ගැනීමකට හේතුයි. මෙහිදී සිකුරු, මේෂ, වෘශ්චික රාශිවල සිටී නම් ස්ත්‍රියක නිසා මරණය සිදු වෙයි.
ශනි, බුධ8 වැන්නේ සිටීම බරපතළ පහරවලින් ස්නායු පීඩාවලට ලක්ව දුකසේ මිය යාමකි. අටවැන්න මේෂ රාශිය වූයේ නම් හිස තැලීමකින්දවෘෂභය නම් මුහුණ ද ආදී වශයෙන් ඊට ගොදුරු වේ.
රවි, කුජ යන ග්‍රහයන් දෙදෙනා විසින් ගෙන දෙන මරණය මෙයට වඩා වෙනස් වේ. රවි, කුජ10 හෝ4 සිටීම උසකින් වැටීමකින්වන මරණයකි. මේෂ, සිංහ, ධනු යන ලග්න හිමියන්ගේ4 වැන්නේ මේ යෝගය යෙදීම උසකින් වැටුණ දෙයකින් හෝ මරණය සිදු කරයි. මිථුන, කුම්භ, තුලා යන ලග්නවලින් උපන් අයට මේ යෝගය 10 වැන්නේ යෙදීම එම ප්‍රතිඵලයම ඇති කරයි.
සෙනසුරු අටවැන්නේ සිටීමද රිය අනතුරුවලටහේතුවෙය. කුජ12 වැන්නේත්,සෙනසුරු8 වැන්නේ සිටීමත්, හෙතෙම කොතරම් ධනවත් වුවත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළත් ඉතාම දුක්ඛදායිලෙස මරණයට පත් වේ.
සිව්වැන්නාධිපතිගේ පිහිටීම අනුව නොයෙක් අයුරින් මරණ ඇති කරයි. ඒ අනුව4 අධිපති6 වැන්නේ සෙනසුරු හෝ රාහු සමඟ යෙදීම8 වැන්නේ12අධිපතියන් සමඟ මිශ්‍රවීමදවාහනවලින් වන අනතුරුවලටහේතුවකි. කැපුම් කෙටුම්වල හේතුවෙන් සිදුවන මරණ මීට වඩා වෙනස් පිහිටීම් ඇති කරයි. මෙයද සඳුගේ බලපෑම අනුව සිදුවේ. රවි, කුජ, ශනි10 වැන්නේ සිටීම5,9 ආදී ස්ථානවල සඳු දුර්වලව සිටීම. ඊට රාහු, ශනි, කුජ සංයෝගවීම2,4,10 ආදී ස්ථානවල සඳු, කුජ සිටීමෙන් පිහි පහරවල් නිසා මරණයට පත්වන බව කියැවේ. ශනි, කුජ, රාහු8 වැන්නේ සිටීමද ආයුධ පහරවලින් වන මරණයකි. එය ක්ෂණිකවම සිදුවේ.
එමෙන්ම රවි8 සිටින විට ගිනි හෝ විදුලි සැර නිසාද, සඳු සිටි කල විෂ දියර වර්ගවලට මැදිවීමෙන් ද මරණයට පත්වීම හෝ බුධ සිටීම ස්නායු දුර්වලකම් නිසාද, බ්‍රහස්පති සිටීම බඩේ අසනීපවලින්හෝ වාතාබාධ ආදිය නිසාද මරණයට පත්වීමට හේතුවෙයි.
Advertisements