පතිවත රකින බිරිඳක දෙන සත්වැන්නේ ගුරු
ගුරු සත්වැනි භාවය
සප්තම භාවයෙහි ගුරු සිටී නම් ජන්මියා බොහෝ උගත් වුවද කනස්සල්ලෙන් පසුවන්නෙකුද වනු ඇත. බොහෝ වූ මුදල් ලැබීම් ඇති ඔහුට උගත්, පතිවත රකින, බැතිමත් බිරිඳක ලැබෙනු ඇත. සත්වැනි භාවාධිපති දුබල නම් ද, රාහු හෝ කේතු හෝ ශනි හෝ කුජ හෝ සමඟ සංයුක්ත නම් නැතහොත් එම ග්‍රහයකු වෙතින් දෘෂ්ටි ලැබ සිටී නම් ද, ජන්මියා බිරිඳට අමතරව වෙනත් ගැහැනුන් සමඟ කාම සේවනයෙහි නියැළෙනු ඇත. ගුරු ශුභ ග්‍රහයකු සමඟ සංයුක්ත නම් ද ස්ව උච්ච රාශියෙන් සිටී නම් ද, බිරිඳ ට පමණක් ඇලෙනු ඇති ජන්මියා ඇය වෙතින් ධනය දලබනු ඇත. වාසනාවන්තඔහු 34 වැනි වියේ දී බොහෝ ගෞරවයට පාත්‍ර වනු ඇත.
සහජ ශුභයකු වූ ගුරු අධ්‍යාපනය, මුදල් හා විවාහ සම්බන්ධතා විෂයයෙහි ශුභානුකූල විපාක ඇති කරයි. සප්තමාධිපති දුබල නම් හෝ පාප සංයුක්ත නම් හෝ ජන්මියා දුරාචාරී වනු ඇත. ගුරු ඉහත සඳහන් පාප ග්‍රහයන් සමඟ දෘෂ්ටි සංයෝගාදියෙන් සම්බන්ධ වූ විට ද එම විපාකම ඇති කරයි. ගුරු ස්ව උච්ච රාශි වූ සත්වැනි භාවයෙහි සිටීනම් තවද වෙසෙස් වූ ඉටුවිපාක උදා කරනු ඇත. ස්වක්ෂේත්‍රයෙහි නොව උච්ච ක්ෂේත්‍ර සත්වැන්නෙහි සිටි විට පැවැසූ ශුභ විපාක උදා කරති ද යනු සැකයෙකි. එවිට ලග්නය වනුයේ මකරයයි. මකර ජන්මියාට3,12 අධිපති විසින් ගුරු අනිටු භාව දෙකකට අධිපති වේ. එම සැකයට කාලිදාසයෝ,උත්තරකාලමෘත4 වැනි සගෙහි9 වැනි සිලෝවෙන් පිළිතුරු සපයති. එයට අනුව ගුරු3,12 යන භාවාධිපත්‍යය දරන විට ජන්මියාට ශුභ විපාක උදා කරයි. අෂ්ටමාධිපත්‍යය දරන විට හෝ අට වැන්නෙහි ගුරු ස්ව රාශි ධනුව වූ සත් වැන්නෙහි සිටිනුයේ4,7 අධිපති ලෙසය. කන්‍යා ලග්නය ගුරු මීන වූ සත්වැන්නෙහි සිටිනුයේ7,4 අධිපති ලෙස ය. එය බලවත් ධන යෝගයක් මෙන්ම හංස යෝගය ද උදා කිරීමකි.
වෘහත් ජාතකය
ජන්මියා ගුණ යහපතින් පියා ඉක්මවා සිටිනු ඇත.
ඵලදිපිකා
යහපත් බිරිඳකගෙන් හා දරුවන්ගෙන් සැපවත්ව සැනසෙනු ඇති ජන්මියා පියාට වඩා උදාරයකු වනු ඇත.
සාරාවලිය
ගුණ යහපත්කමින් පියා ඉක්මවා යනු ඇති රූමත් ජන්මියා එවැනිම රූමත් බිරිඳක ලබනු ඇත. කථිකයකු, කිවියකු, ගම්පතියකු වනු ඇති ජන්මියා උගත්කමෙන් ප්‍රසිද්ධවනු ඇත.
චමත්කාර චින්තාමණිය
ජන්මියා උසස් නැණවතෙකි. ස්ත්‍රීන් කෙරෙහි එතරම් තැකීමක් නැත(උසස් ගති ගුණ නිසා බිරිඳ හැර ඇතැම් විට වෙනත් ගැහැනුන් කෙරෙහි නො ඇලෙනු ඇත.) බලවත් ඔහු ඉතා රූමත් ය.
ගුරු අටවැනි භවයෙහි
ගුරු අටවැනි භාවයෙහි සිටී නම් නොමනා කටයුතුවල යෙදෙනු ඇති ජන්මියා දිගුකල් ජීවත් නොවනු ඇත. ගුරු පාපියකු සමඟ සංයෝගී නම් ජන්මියා පාපී වනු ඇත. ගුරු ශුභ ග්‍රහ සංයෝගීව අටෙහි සිටී නම් ජන්මියා දිගුකල් ජීවත් වනු ඇත. අට අධිපති දුබල නම් එවිට ද කෙටි කාලීන ජීවිතයෙකි. අට අධිපති පාපියකු සමඟ සංයෝගී නම් වයස17න් පසු ජන්මියා විධවාවන්(වැන්දඹු ස්ත්‍රීන්) සමඟ අයථා සම්බන්ධතාපවත්වනු ඇත. ගුරු ස්ව හෝ උච්ච රාශි අටවැන්නෙහි සිටී නම් නිරෝගී ජන්මියා දීඝායු විඳිනු ඇත. ධර්ම ධර්මාන්තරහසල උගත් ජන්මියා බොහෝ දැහැමි බැතියෙකි.
ඉහත විස්තරයට අනුව8 වැනි භාවයෙහි සාමාන්‍ය අයුරෙන් පිහිටා සිටින ගුරු යහපත් විපාක ඇති නොකරන වග ප්‍රකට වේ. පාපියකු සමඟ සංයෝග වූ ගුරු ද, අට අධිපති ද, දීඝායු සහ චරිතය කෙරෙහි තව ද අනිටු විපාක ඇති කරනු ඇත. අටවැන්නෙහි සිටින ගුරු ඉටු විපාක ලබා දෙනුයේ ස්ව හෝ උච්ච හෝ රාශි අටවැන්නෙහි සිටි විට පමණෙකි. ධන කාරක වශයෙන්8 වැන්නෙහි සිටින ගුරු ධන භාවයට දෘෂ්ටි විහිදුවන බැවින් ජන්මියා ධනය ලබා දෙතියි කාරක ග්‍රහයා කාරකත්වයටඅයත් භාවයට දෘෂ්ටිවීමෙන් භාවඵල සමෘද්ධියට පත් වේ යන නියමය මත පිහිටා සිතුව ද, භෘගු සූත්‍ර කතුවරයා එය අදහස් නොකරන වග පෙනී යයි.
වෘහත් ජාතකය
ජන්මියා නීච පැවතුම් ඇත්තෙකි.
ඵලදීපිකා
දිළිඳු වනු ඇති ජන්මියා අනුන්ට මෙහෙ කරමින් ජීවිකාව උපයනු ඇත. අපිරිසුදු,කැත, නීච ගැහැනුන් සමඟ නොමනා සබඳතා පවත්වනු ඇත.
චමත්කාර චින්තාමණී
ජන්මියා පියාගේ නිවසෙහි දිගුකල් නොසිටිනු ඇත. මනා නිරෝගී සුවයෙන් නොසිටනු ඇති ජන්මියා මරණින් පසුසුගතියට යනු ඇත.
8 වැන්න ගුරුට යහපත් තැනක් නොවන වගට ඉහත සියලු කතුවරු එකඟ වෙති. භෘගු සූත්‍ර කතුවරයා සඳහන් කරන කරුණූ සමඟ ඒවා සැසඳෙයි. එහෙත් ස්ව හෝ උච්ච හෝ රාශි8 වැන්නෙහි ගුරු පිළිබඳ හෝ ගුරු හෝ8 අධිපති බලවත්ව ශුභ සංයෝග දෘෂ්ටියෙන් සිටින විට උදා කරන ශුභ විපාක ගැන එම කතුවරු සඳහන් නොකරති.8හි සිටින ගුරු ආයු කෙටි කරතියි භෘගු සූත්‍රය පවසතත්, ඵලදීපිකා හා සාරාවලී කතුවරු එයට පටහැනි අදහස් පළ කරති. පාප පීඩිත නොවූ ගුරු වැනි ශුභයකු ආයු වැඩිකරනු ඇත යනු අපගේ ද අදහස ය.
ගුරු – නවවැනි භාවයෙහි
ගුරු නව වැනි භාවයෙහි සිටින ජන්මියා දැහැමි උදාර කටයුතුවල යෙදෙමින්, භාවනා කෙරෙහි සැලකිලිමත්වනු ඇත. සැදැහැවත්ඔහු ධනවත් ද වනු ඇත. වයස35 හි ආගමික පුණ්‍යොත්සව පවත්වනු ඇත. පියා දිගුකල් වෙසෙනු ඇති අතර ජන්මියා බොහෝ ආකාර ගරු සම්මාන ලබමින් බොහෝ දෙනකුට රැකවරණ සපයනු ඇත.
නව වැන්න කුණ්ඩලියෙහිඉතාමත් ශුභානුකූල භාවයෙකි. සහජ ශුභයකු නව වැන්නෙහි සිටීමෙන් නවවැනි භාවයට අදාළ විපාක සමෘද්ධියටපත් වනු ඇත. නවවැනි භාවාධිපතිලෙස ගුරු ස්වක්ෂේත්‍රවූ නව වැන්නෙහි සිටීමෙන් ධනය, ප්‍රසිද්ධිය, ගෞරවය ලබාදෙන බලවත් රාජ යෝගයක් ඇති වේ.
වෘහත් ජාතකය
ජන්මියා භක්තිමත් දාර්ශනිකයකුවනු ඇත.
ඵලදීපිකා
ධනවත් ජන්මියා දරුවන්ගෙන්සැපවත් වනු ඇත. ප්‍රසිද්ධ ඔහු ආගමික පුද පූජා පැවැත්වීමටඋත්සුක වෙමින් රජයෙහි ඇමැතිවරයකු වනු ඇත.
සාරාවලිය
රූමත්, උගත් ජන්මියා පවුලේ දේවතාවන් නමදිමින් ඇමැතිවරයකුහෝ සෙන්පතියකු හෝ වෙමින් නායකයකු ලෙස පිළිගැනෙනුඇත.
චමත්කාර චින්තාමණීය
ජන්මියාට විසල් මැදුරක් හිමිවනු ඇත. රජයෙහි පි‍්‍රයතමයකු වන ඔහු පැවිදි අය සඳහා බැතිමත් වනු ඇත. සමීප නෑයන් ජන්මියාට ආදරය වේ.
Advertisements