සැමියා අඩපණ වන හැටි
කෙනකු විවාහ වී මධුසමය ගත කළ මොහොතේ සිටම තම බිරිඳගේ කේන්දරයේ පිහිටි ග්‍රහ බලශක්තිය සැමියාට ආකර්ෂණ වේ. කාන්තාවකගේ සඳුගේ පිහිටීම් සුබ අසුබ බව වඩාත්ම බලපෑමක්ද සිදුවන්නේ සැමියාටය.
ලග්නයේ 2,4,5,12 රවි, කුජ, ශනි, රාහු යුග දිවියට හිතකර නොවේ. සඳුගෙන් හෝ සඳු 6,8,12 ශනි සමඟ සිංහ රාශිය තුළ පිහිටියේ නම් සිය කුල පරම්පරාවත් සැමියාත් විනාශය කරා යෑමට හේතුකාරක වේ. පාපීන් ලග්නගතව යුක්ත වීමද, සඳුපාපී රාශියක හෝ පාපීන් සමඟ යෝග වීමද, ලග්නය චන්ද්රයාශුභ දෘෂ්ටියක් නොලද්දේ නම් එම කාන්තාව අනිසි සබඳතා ගොඩනඟා ගන්නීය. ලග්නය මකර වී 7 වැන්නේ කුජ, ශුක්‍ර, චන්ද්‍ර, රාහු සමඟ නම් තත්ත්වය තවත් බරපතළ වේ.
එමෙන්ම රවි 7 වැන්නේ සිට කුජ 4 වැන්නේ වීම 7 වැනි භාවාධිපතියාමේෂ හෝ වෘශ්චික රාශියේ වීම සිකුරුගේ පෙනීම හරහා විකෘති කාමාග්නිය නිවා ගැනීමට අනාචාරයේ යෙදේ. අවසානය සැමියාට වද වේදනා ඇතිවීමයි.
කුජ යෝගයකට රාහුගේ පෙනීම ලැබීමත් ශුක්රගෙන්ද අතිධාවන කාමයෝගය හරහා කුඩා වියේ සිටම අයථා ඇසුරකට යොමුවීම නිසාම විවාහ වූවන් අයථා ඇසුරු කිරීමෙන් යුගදිවිය කරදර තත්ත්වයකට පත්කර ගන්නීය. කාන්තා කේන්දරයේ 7 වැන්නේ රවි, ශුක්‍ර, කුජ සිට 5 වැන්නේ ශනි වීමෙන් 7 වැන්න දෘෂ්ටිගත වීම නිසා විවාහය අවුල් ජාලයක් කරගන්නීය.
මෙවැනි පිහිටීම් ඇතිවනුයේ පෙර ආත්මවල කරන ලද අකුසල් හේතුවෙන් යැයි සනිටුහන් වී ඇත. එම නිසා බුද්ධිය යොමා වැඩ කිරීම මැනවි.
කාන්තා කේන්දරයේ සඳු, ශුක්‍ර, කුජ, ගුරු ඉතාම බලවත්ව සිටීම සුබදායක වේ. ලග්නය වෘෂභය වී සඳු සිටීම පෙර කරන කුසල ලද බව පෙනේ. 2,3,5,7,9,11 යන තැන්වල ග්‍රහ පිහිටීම ඉතාම බලවත් වූ විට ධන සම්පත්ද දාරක සම්පත්ද ආරෝපණය වේ. පෙර පින් පල දෙන බව පැහැදිලිය. තුන් වැන්න ද බලපෑම් තිබේ. ශුභයකු ග්රහයෙක්පිහිටා 7 වැන්න දැකීමත් යහපත් වේ. 7 වැන්නේ ඉතාම සුබ ග්‍රහ පිහිටීමක් ඇත්නම් සැමියාට වාසනාව පෑදේ. ධන සම්පත්වලින් පෝසත් වේ. සඳු උච්ච වී 7වැන්නේ සිටී නම් සම්පත් ලැබීමට වාසනාව පෑදේ. රූමත් වේ. යසඉසුරු සෞභාග්‍යය ද උදාවේ. සැමියාට අත්වන වාලම්පුරියෙකි. ලග්නාධිපති කුජ හා සිකුරු සමඟ යෝගව 3 සහ 11 වැන්නේ සිටීමෙන් ගරු බුහුමන්, පුද සත්කාර හිමිවන රූමත් කාන්තාවක් වේ. සැමියාටද වාසනාව පෑදේ. කේතු කාන්තා කේන්දරයේ සිටීමෙන් රති සුවය දුර්වල වේ. කාන්තා කේන්දරයේ 7 වැන්නේ ධනාත්මක සුබ ග්‍රහයන් පිහිටීමෙන්සැමියාට සම්පත් හිමිවේ. වාසනාවන්ත යුග දිවියක්ද ගත කිරීමට භාග්‍යය උදාවේ. ගැහැනියකුටමිනිසකු ඇති කිරීමට මෙන්ම නැති කිරීමටද හැකි වන්නේය. විවාහයකදීවිශේෂයෙන්ම කාන්තා කේන්දරයේ සත්වැන්න හොඳට බැලිය යුතුය. නැත්නම් පාරා වළල්ලක් වනු ඇත.
උපතින්ම සැමියාගේ ද වාසනාව නැත්නම් කළ යුතු කිසිවක්ම නැත!
Advertisements