දුවයි පුතාලා තුන්දෙනයි තාත්තාට අපලද?
.jpeg) 
                ප්‍රායෝගික විද්‍යාවේදී හේතුව හා ප්‍රතිඵලය යන දෙකම විද්‍යාගාරයක් තුළ ඔප්පු කළ හැකි වේ. එහෙත් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයේ ඇතැම් කොටස්වලදී ප්‍රතිඵලය ගැන පෙනෙනවා විනා හේතුව අපේ පියවි ඇසට හෝ විද්‍යා උපකරණවලට හසු නොවෙයි. එහි නිරන්තරයෙන්ම සැඟවුණ නැතහොත් ගුප්තමය යමක් ගැබ්ව පවතී.
කෙසේ වුවද ඡ්‍යොතිෂයේ දැක්වෙන ෂට්විද ආකාශ වස්තූන්ගේ බලපෑම්වලට හසු නොවන කිසිදු සත්වයෙකු හෝ ද්‍රව්‍යයක් හෝ මේ සක්වල නොවනු ඇත.
ඡ්‍යොතිෂය හැරුණු විට අනාගතයේදී සිදුවන සිදුවීම් ප්‍රකාශ කළ හැකි වෙන කිසිදු ශාස්ත්‍රයක් ලොවෙහි නැත.
එහි තවත් අභියෝගාත්මක අනාවැකි වන්නේ සිය දෙමව්පියන්ට දාව උපදින දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ සංඛ්‍යාවද උපයෝගී කරගෙන පලාපල කීමටත් එය අන්තර් ජාතික ඡ්‍යොතිර් විද්‍යා පර්යේෂණායතන මඟින් නව පර්යේෂණයනට බඳුන්වීමත් සමඟම මේ පිළිබඳව දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල, ඡ්‍යොතිර් විද්‍යා පර්යේෂණයතනවල පර්යේෂණ පත්‍රිකාවන්ට වත්මන්හි යොමුවී තිබීමත්ය.
පවුලකට දූ දරුවන් උපදින රටාව අනුව එම පවුලේ මවට හෝ පියාට අපල උපද්‍රව බලපෑම් සිදුවිය හැකිය යන්න අපේ මුතුන් මිත්තන්ගේ කල සිටම පැවතෙන විශ්වාසයකි. එය කීප ආකාරයකට සිදු විය හැකිය.
1 ක්‍රමය
පවුලක වැඩිමල් දියණියට පසු පුතුන් තිදෙනකු ඉපදීම
2 ක්‍රමය
පවුලක වැඩිමල් පුතුට පසු දියණියන් තිදෙනකු ඉපදීම
03 ක්‍රමය
පවුලේ දියණියන් තිදෙනකුට පසු බාලයා පුතකු වීම
04 ක්‍රමය
පවුලක වැඩිමල් පුතුන් තිදෙනකුට පසු බාල දියණියක ඉපදීම.
මේ රටාව අනුව නිඹුල්ලුන් ඉපදුණා වුවද බලපෑම එකම වන බව ඡ්‍යොතිෂ මතයයි. ඉහත කුමන හෝ ආකාරයකට අවසන් දරුවා බිහිවීමත් සමඟ එම පවුලේ දෙමව්පියන්ට එතරම් හිතකර නොවන පීඩා කරදරකාරී සහ මානසික අසහනකාරී තත්ත්ව උදා විය හැකි බව පැවසෙයි. එහිදී පියාට වඩාත් අපල උපද්‍රව ඇතිවෙයි. එමෙන්ම එම පවුලේ දෙවෙනි දරුවාට ද ලෙඩදුක් අනපේක්ෂිත විපත් පැමිණිය හැකි බව පෙන්නුම් කෙරෙයි.
මෙම තත්ත්වය නිදැසුනක් මඟින් වටහා ගනිමු.
ජනශ්‍රැතියේ එන පරිදි නම් මේ පිහිටීම ලිප්ගල් තුනක් මැද බත් හැලියක් සේ ය. ඉන් අදහස් කරන්නේ අවසාන දරුවා සමඟ අනිකුත් දරුවන් සහ දෙමව්පියන් එකට හිද ආහාර අනුභවය පවා නුසුදුසු බවය.
මෙහිදී දැක්වෙනුයේ ලිප්ගල් 3ක් උඩ මුට්ටියක් තැබුවාසේ පවුලේ උදවියට අවසාන දරුවාගේ උත්පත්තිය ප්‍රශ්න පැන නැගීමද සිදුවීමට අවකාශ ඇති බවයි.
ඉහත තත්ත්වය මනාව වටහා ගත් අපේ මුතුන් මිත්තන් සිදුකළේ අවසන් දරුවා ඉපදුණු පසු තම පවුලේ ඉතා විශ්වාසවන්ත ඥාතියකු භාරයේ එක් දරුවකු හැදී වැඩීමට ඉඩ සැලස්වීමයි. එසේ පවුලෙන් වෙන් කරනුයේ එකම වර්ගයේ තිදෙනාට වෙනස්ව වැඩිමල් හෝ බාල ලෙස උපදින දරුවාය. එමඟින් දෝෂය මුළුමනින් භංග කළ හැකිය.
පවුල් ඒකකයේ සමගිය, සාමගි‍්‍රය, පවුලේ ආර්ථික තත්ත්වය එමෙන්ම පවුලේ ගෘහමූලිකයාගේ ආදායම් මාර්ග වර්ධනයට මේ ක්‍රියාදාමය පිටිවහලක් වනු අතැයි යන්න විශ්වාසයයි. මින් දෙමව්පියන්ගේ විශේෂයෙන් පියාගේ හෝ මවගේ අපල උපද්‍රව භංගවේය යන්න ද විශ්වාසයයි. එමෙන්ම එම පවුලේ දෙවැනි සාමාජිකයාට සිදුවිය හැකි විපත් උපද්‍රව අපලවලින් මුදවාලීමට මෙමඟින් හැකියාවක් ලැබෙතැයි බලවත් විශ්වාසයක් ජනතාව තුළ කිඳා බැස පැවතුණි.
එහෙත් මෙම පවුල් ඒකකවල සැකසීම අනුව ඒ දරුවා තම පවුල් ඒකකයෙන් වෙන්ව තබා ගැනීම එම දෙමව්පියන්ට ඇතැම් අවස්ථාවල මහත් චිත්ත විප්‍රයෝගයන් උදාකරයි.
නිදසුනක් ලෙස දූවරු තිදෙනෙකු සිටින පවුලකට පොඩි පුතකු එකතු වූ කල එම දෙමව්පියන්ට එම පුත්‍ර රත්නය මහත් සොම්නසක් ගෙනදෙනුයේ නිතැතිනි. ඒ තම පරාම්පරාවේ නාමය, වාසගම රැගෙන යාමට පුතනුවකු බිහිවීම නිසායි. මෙහිදී ඇතැම් දෙමව්පියන් ඡ්‍යොතිෂයේ පෙන්නුම් කරන උපදෙස් පසෙකලා තම අභිමතාර්ථ ඉටුකරගනු වස් එම පුංචි පුතනුවන් වෙනත් පාර්ශ්වයකට හදා වඩා ගන්නට නොදී තම පවුල් ඒකකය තුළම රඳවා ගැනීමට උත්සාහ දරයි.
එහෙත් කලෙකින් එහි අනිෂ්ට ප්‍රතිවිපාකවලට එම පවුලට මුහුණ දීමට සිදු විය හැකිය.
ඒවායින් මිදීමට එම දරුවන් විවාහ වනතෙක් එම පවුල් ඒකකයෙන් තාවකාලිකව ඈත්කර තබාගෙන හෝ විදේශ රටකට යැවීමෙන් එම පවුල් දෝෂයන්ගෙන් අත්මිදිය හැකි බව මහා භාරතයේ හිමාලයේ විසූ පුලස්ති, කාක බුජන්ධර යන ඍෂිවරු දක්වා ඇත.
කෙසේ වෙතත් මෙහි ප්‍රායෝගික තත්ත්වය ඡ්‍යොතිර් පර්යේෂණයන්ට පවා වත්මන්හි ලක්ව තිබීම සතුට දන්වන්නකි. එයිනුත් ඉන්දියාවේ පංජාබ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර ඡ්‍යොතිෂ පර්යේෂණ ආයතනයේ පර්යේෂණයන්ට අනුව ඉන්දියාවේ මෙවැනි පවුල් ඒකක දහසක් ගෙන පර්යේෂණයට භාජනය කර ඇත. ඒ පවුල් ඒකකවලින් 70% ප්‍රතිශතයක් ඉතා ප්‍රායෝගිකව මේ තත්ත්වය උදා වූ බව තහවුරු කර ඇත.
(University of chandigath – Department of Astrolog and spiritual science INDIAමෙමඟින් අපි නිගමනය කර ඇති ආකාරය පහසුවෙන් තේරුම් ගනිමු. නිදසුන් ලෙස පිරිමි දරුවන් තුන්දෙනෙකු ඉපදී පසුව උපදින ගැහැනුු දරුවා නිසා එම පවුලේ මව්පියන්ට, ඉන් විශේෂයෙන් පියාටත් එම පවුල් ඒකකයේ දෙවන සාමාජිකයාටත් අපල සහගත තත්ත්වයන් උදාකළ හැකි බවයි.
මෙය මෙරට ද කලක් තිස්සේ ගැමි සමාජයේ විශ්වාසයක් ලෙස පැවැති නමුදු අන්තර්ජාතික ඡ්‍යොතිෂ පර්යේෂණ මඟින් 70% ප්‍රතිශතයකින් මෙය තහවුරු වූයේ වත්මන්හිදීය.
සාමාන්‍යයෙන් ඡ්‍යොතිෂ්‍යයේදී කේන්දරයක දරුවන් ගැන බැලීමේදී එහි පස්වැන්නත්, පස්වැන්න අධිපතියාත් පරීක්ෂාකර බලයි.
මෙයට අමතර දරුඵල බැලීමේදී ගුරු ග්‍රහයාගේ පිහිටීමද පරික්ෂාකර බලයි. එසේම පස්වැන්නාධිපති තැන්පත් ස්ථානයද පරික්ෂාකර බලයි. එසේම පස්වැන්නාධිපති තැන්පත් ස්ථානයේදී මුලින්ම හමුවන ග්‍රහයා රාහු, කේතු හෝ නීච ග්‍රහයෙක් වීමෙන් දරුඵල අඩුකරයි. එමෙන්ම පස්වැන්නාධිපති තැන්පත් රාශියේ අධිපති තැන්පත් ස්ථානයක සිට බැලීමේදී එතැන සිට පළමුව හමුවන ග්‍රහයා රාහු හෝ කේතු වීමෙන් දරුඵලවලට හානි සිදුකළ හැකිය.
ඡ්‍යොතිෂ්‍යයේදී දරුවන් ගැන බලනුයේ පස්වැනි භාවයයි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයද විශ්වය මෙන්ම සංකීර්ණය, පුළුල්ය. මේ විද්‍යාව පරතෙරට ඉගෙන ගත්තෙක් මිහිපිට නැත. යමෙක් මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නේ යම් ප්‍රමාණයකටද, එම ප්‍රමාණයට එම තම තමන්ගේ ජීවිතත්, හුදු සමාජයේ ජීවිතත් සාර්ථක කර ගැනීමට එය උපයෝගී කරගත හැකිය.
එබැවින් හුදු සමාජ විශ්වාස, ජනප්‍රවාද යැයි කියා යම් යම් කරුණුූ බැහැර කළ නොහැැකි බව වත්මන් ඡ්‍යොතිෂ පර්යේෂණ මඟින් තහවුරු වෙයි.
Advertisements
 
                 
                 
            