අපරාධවලට හිත දෙන ග්‍රහ පිහිටීම්
අප රට තුළ සිදුවන අපරාධ දිනෙන් දින ජනමාධ්‍ය මඟින් වාර්තා කරයි. මේ පිළිබඳව ඡ්‍යොතිෂමය දෘෂ්ටි කෝණයකින් කරුණුූ විමසා බලන කල ලග්න කේන්දරයක් මඟින් පුද්ගලයකු අපරාධකාරයකුද? නැද්ද? යන්න පිළිබඳව කරුණූු හෙළිදරවු කර ගැනීමේ ක්‍රමය ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතුවෙමි.
ඒ අනුව ලග්න කේන්දරයක ලග්නයත්, ලග්නාධිපතිත් දුර්වල වී ඇති විටකදී හොර මැරකම්වලට දායක වන කුජ, ශනි, රාහු, කේතු යන සහජ පාපීන් සිව්වැන්නත් එහි අධිපති සහ සඳු පීඩා කළ විට කේන්දර හිමියා අපරාධකාරයකු වන්නේය. මෙහිදී අඟහරු සහ කේතු, පහරදීම, අවිආයුධවලින් තුවාල කිරීම හෝ මරණය සිදු කිරීම වැනි ජීවිත හානි සඳහා දායක වන ග්‍රහයන් වෙයි. සෙනසුරු සොරකම් කිරීම, සඟවා තැබීම, සැඟවී සිටීම යන ක්‍රියා සඳහා දායක වෙයි. රාහු හදිසි තීරණ ගැනීම, ඉදිරියට පැන ක්‍රියා කිරීම, අබිරහස් කටයුතු, ඔත්තු බැලීම, මත්ද්‍රව්‍ය ජාවාරම වේගවත් ගමන් සඳහා දායක වෙයි.
ඒ අනුව දැන් අපි ඉහත විග්‍රහ කළ කරුණු පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලබා ගැනීමට උදාහරණ කේන්දර කිහිපයක් අධ්‍යයනය කරමු.
අංක 1 උදාහරණ කේන්දරය අයත් වන්නේ, යටත් විජිත කාලයේ විසූ මෙරට ධනවතුන්ගෙන් ලබාගත් ධනය දුප්පතුන් අතර බෙදා දුන්නා වුවද, මිනීමරුවකු සහ මංකොල්ලකාරයකු ලෙස ප්‍රසිද්ධියට පත්වූ උතුවන් කන්දේ සූර සරදියෙල්ටය. එම මේෂ ලග්න කේන්දරය හෝ ලග්නාධිපති අඟහරු 8 වැන්නේ රාහුගේ සප්තම දෘෂ්ටියෙන්ද කේතු සමඟ සංයෝගවීමෙන් සහ ශනි, බුධ යන ග්‍රහයන්ගෙන් පාප කර්තරී යෝගයකට මැදිවීමෙන් පීඩාවී ඇත. සිවුවැන්නාධිපති සඳු ද, සඳුට අශුභ භාවයක් වන අටවැන්නෙහි නීචව රාහු, කේතු සහ අට අධිපති අඟහරු යන ග්‍රහයන්ගෙන් පීඩා වී බාධක ස්ථානාධිපති සෙනසුරු සහ 6 අධිපති බුධ යන ග්‍රහයන්ගෙන් පාපකර්තරීත යෝගයකට මැදිව පීඩා වී ඇත. ඒ අනුව එම ග්‍රහ පිහිටීම් සරදියෙල් කෙතරම් යහපත කළ ද එකල ජනසමාජයේ මිනීමරුවකු මංකොල්ලකරුවකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමට හේතු විය.
උපත 1915.09.01 අඟහරුවාදා පාන්දර 3.33 කොස්ගොඩදී කැති 4 වෙනි පාදයේ උපත ලබා ඇත.
ඉහත කේන්දරය අයත් වන්නේ මංකොල්ලකෑමට සහ මිනීමැරීමට නීතියෙන් වරදකරු වී එල්ලුම් ගහට ගිය වෛද්‍යවරයකු වූ ඇල්ෆ්‍රඩ් සොයිසාටය. එම කටක ලග්න කේන්දරයේ ලග්නාධිපති මෙන්ම සිතුවිලිවලට කාරක සඳු කටක ලග්නයට බාධක භාවයක් වන 11 වැන්නේ උච්ච ඇති නමුත් කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ට මැදිව පීඩාවී ඇත. 4 වැන්නාධිපති සිකුරු 2 වැන්නේ සතුරුව, අඟහරු සමඟ යෝගවූ සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩාවී රාහු, කේතුට මැදිවීමෙන් පාප කර්තරීත වී විස්ම යන ග්‍රහ පිහිටීම් නිසා ඇල්ෆ්‍රඩ් සොයිසා වෛද්‍යවරයකු වූ නමුත් මිනීමැරුවකු සහ මංකොල්ලකාරයකු විය. වෛද්‍ය වෘත්තියට සම්බන්ධ වන ග්‍රහයන් දෙදෙනෙක් වන ඥාණකාරක බුධ සහ ගුරු 3වැන්න සහ 9 වැන්නෙහි සිටීම, ඇල්ෆ්‍රට් සොයිසා වෛද්‍යවරයකු වීමට හේතු භූතවූ ග්‍රහ බලය විය.
උපත 1989.01.09 සඳුදා පාන්දර 2.24 උත්‍රසල නැකතේ 4 වැනි පාදයෙන් උපත ලබා ඇත.
3 වැනි උදාහරණ කේන්දරය අයත් වන්නේ තම ප්‍රතිවාදීන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මිය ගිය පාතාල නායකයකු වන එස්. එෆ්. ලොක්කාටය. එම තුලා ලග්න කේන්දරයේ තුලා ලග්න කේන්දරයට මාරක ග්‍රහයා වන 2 – 7 අධිපති අඟහරු 7 වැන්නේ සිටින්නේ රුචක නම් පංච මහ පුරුෂ යෝගය උදා කරමින්, වර්ගෝත්තම වය. එම අඟහරුගේ සප්තම දෘෂ්ටියෙන් ලග්නයද කේන්ද්‍ර දෘෂ්ටියෙන් සිව්වැන්නත් එහි සිටින සඳු ග්‍රහයාත් දකියි. සිව්වැන්න තවදුරටත් 22 වැනි දෙර්කානාධිපති සෙනසුරු රාහු, කේතු යන ග්‍රහයන්ට මැදිවීමෙන් පාප කර්තරීත වී ඇත. මෙකී පාප ග්‍රහයන්ගේ බලපෑම තෙවැන්නේ සිටින සිව්වැන්නාධිපති ශනිට සිව්වැනි භාවය පීඩා වීම තුළින් ලැබී ඇත. ඒ අනුව ලග්නයට රාහු සහ කුජ ගේ පාපදෘෂ්ටි ලැබීම ලග්නාධිපති තෙවැන්නෙහි 22 වැනි දෙර්කාණාධිපති ශනි බාධක ස්ථානාධිපති රවිගෙන් සහ පාපී කේතුගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩාවීමත්, සිව්වැන්නත් එහි අධිපතිපතිව සිව්වැන්නට කාරක සඳුත් හොර මැරකම්වලට නැඹුරු කරන කුජ, ශනි, කේතු, රාහු යන ග්‍රහයන්ගෙන් පීඩාවීම හේතු කොට ගෙන එස්.එෆ්. ලොක්කා මෙරට ජන සමාජය තුළ පාතාල නායකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්විය.
පහත දැක්වෙන්නේ 1960 දශකයේ මැද භාගයේ සිට 1970 දශකයේ මැදභාගය දක්වා කාලය තුළ ශ්‍රී ලාංකේය ජන සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අපරාධකාරයකු වන මරු සිරා යන අනවර්ත නාමයෙන් හඳුන්වනු ලැබූ දෙද්දුව ජයතුංගලාගේ සිරිපාල නැමැත්තාගේ කටක ලග්න කේන්දරයයි.
1949.01.11 දිනැති එම කටක ලග්න කේන්දරයේ අපගේ මාතෘකාව හා සබැඳි සිව්වැන්නෙහි, මිනීමැරුම් වැනි විනාශකාරී ක්‍රියා සඳහා දායක වන කේතු තැන්පත්ව ඇත. එම සිව්වැන්නෙහි සිටින කේතු තවදුරටත් ග්‍රහලොව අංක එකට මිනීමැරුම්, පහරදීම් වැනි විනාශකාරි ක්‍රියා සඳහා නමක් දරාගෙන සිටින 7 වැන්නෙහි පතිත උච්ච නිසා රුචක යෝගය උදාකළ අඟහරුගේ කේන්ද්‍ර දෘෂ්ටියෙන් පීඩා වී ඇත. සිව්වැන්නට රාහුගේ සප්තම දෘෂ්ටියට ද වැටෙයි. සිව්වැන්නට කාරක සඳු ග්‍රහයා කටක ලග්නයට බාධක භාවයක් වන 11 වැන්නේ උච්චව රාහු, කේතු, අඟහරු යන ග්‍රහයන්ට මැදිව පාප කර්තරීත වී ඇත. එසේ 11 වැන්නේ සිටින උච්ච සඳු තවදුරටත් රාහු, අඟහරු යන ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් පීඩාවන 2 වැන්න වූ සිංහ රැසෙහි සිටින 8 අධිපති සෙනසුරුගේ කේන්ද්‍රීය දෘෂ්ටියෙන් පීඩාවී ඇත. සිව්වැන්නාධිපති, මෙන්ම සඳු තැන්පත් රාශි අධිපති සිකුරු දුෂ්ට භාවයක් මෙන්ම සිකුරුගේ බලය හීන කෙරෙන භාවයක් වන 6 වැන්න වූ ධනුවේ සිටින්නේ ශනි, කුජගෙන් පීඩාවූ 10 වැන්නේ සිටින රාහුගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩා වෙමිනි. ඒ අනුව මෙහිදී සිව්වැන්නට අයත් සාධකත්, ලග්නාධිපතිත් සඳුත් පීඩා වීම හේතු කොටගෙන දෙද්දුව ජයතුංගලාගේ සිරිපාල නොහොත් මරුසිරා එදා මෙරට ජන සමාජය තුළ මිනීමරුවකු සහ මංකොල්ලකරුවකු ලෙස ප්‍රසිද්ධියට පත්වූ අතර, 1975 දී මිනීමැරීමේ චෝදනාවන්වලට වරදකරු වී එල්ලුම් ගසට නියම විය.
දැන් අපි අපගේ අවධානය තවත් උදාහරණ කේන්දරයක් වෙත යොමු කරමු.
ඉහත දැක්වෙන 5 වෙනි උදාහරණ කේන්දරය අයත් වන්නේ මෙරට හිටපු තවත් නමගිය අපරාධකාරයකු වන පොඩි විජයටය. මොහු මිනීමැරීමේ චෝදනාවන්ට වැරදිකරු වී එල්ලුම් ගහට නියම විය. ඔහු උපන් මකර ලග්න කේන්දරයේ සිව්වැන්නට අධිපති වූ සිකුරු සහ සිව්වැන්නට කාරක සඳු ග්‍රහයා කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පීඩා වී ඇත. ලග්නාධිපති සෙනසුරු 11 වැන්නේ කුජ, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පීඩා වී ඇත. ඒ අනුව එම පාප පීඩිත ග්‍රහ බල පොඩි විජය ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ හොරකු සහ මිනීමරුවකු ලෙස ප්‍රසිද්ධියක් ලැබීමට හේතු විය.
ඉහත ඉදිරිපත් කළ අපරාධකාරයින්ගේ කේන්දර 5න් හතරක සඳුග්‍රහයා වෘෂභ, වෘශ්චික යන තිර රාශි ගතව, ඉහත සඳහන් කළ කුජ, ශනි රාහු කේතු යන පාප ග්‍රහයන්ගෙන් පීඩාවී තිබීම, එකී කේන්දර හිමියන් අපරාධකාරයන් බවට පත්වීමට හේතු භූත වූ ප්‍රධාන ග්‍රහබලය වෙයි. ඒ අනුව එයින් අපට උගත හැකි පාඩම් නම් ලග්න කේන්දරයක සඳු ග්‍රහයා වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන තිර රාශියක පතිත වූ විට එවන් ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට දැඩි සිතක් ඇති වන බවත්, එලෙස තිර රාශි ගතවූ සඳු තවදුරටත් කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පීඩා වුවහොත් ඔවුන් සමාජයේ නමගිය අපරාධකාරයන් වන බවත්ය.
Advertisements