ප්‍රේතයා-භූතයා ගෙවලයා-යක්ෂයා වැඩ කරන්නේ මෙහෙමයි

මරණය යනු කුමක්දැයි නොදන්නා කෙනෙක් නැති තරම්ය. එහෙත් අප නොදන්නා එකම දෙයද මරණයමයි. මරණය විශ්ව සාධාරණයි. මෙහි විශ්වය යනු ඉතා පුළුල් සංකල්පයකි.
උපත යම්තාක්ද ඒතාක් විශ්වයද, නිරයද, තිරිසන් ලොව, පේ‍්‍රත ලෝකය මිනිස් ලොව දෙවියන්ගේ ලොව, යක්ෂයින්ගේ ලොව ආදි හැම තැනකම මරණය පැතිරී ඇත.
බුදුන්ගේ දේශනාවන්ට ද අනුව යම් කෙනෙක් මරණයට පත්වීද නැවත ඉපදීමක්ද ඇත. ඒ අනුවම ජේසුන් වහන්සේගේද අදහස වන්නේ යමෙක් නැවත නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකිය යන්නයි. (යෙ,සො, යා. 26 : 19)
ඕනෑම කෙනෙකු නැවත උපදින්නේ ඔහු හෝ ඇය කරන කියන ලද පෙර භවාන්තික කුසලා කුසලවලට සාපේක්ෂක වයි. ඊට සාපේක්ෂව කලින් සඳහන් කළ ලෝකයක උත්පත්තිය ගනී.
කෙනෙකු මෙලොව හැර පරලොව ගියාට පසු හැම කෙනෙකුම මළගිය වුන් යැයි ව්‍යවහාර කෙරේ. මළගියවුන් උපදින තැන් දැක බලා ගැනීමේ හැකියාව චුතුප්පාත ඥාණය නම් වේ. චතුරාර්ථ ධ්‍යානය ලබාගත් යෝගියාට ධ්‍යාන චිත්තය විදර්ශනාවට ලක්කිරීමේ, ආවර්ජනය ධ්‍යාන චිත්තය විදර්ශනාවට ලක්කිරීමේ, ආවර්ජනය කිරීමේ ඒ ඥාණය උපදවා ගත හැකියි. ඒ මළගිය වුන් බලන එක ක්‍රමයකි. තවත් ක්‍රමයක් නම් නිතර නිතර මන්ත්‍ර තන්ත්‍ර සමඟ ගැටීමෙන් හා පාවිච්චි කිරීමෙන් මළගිය වුන් බැලිය හැකි වීමය. ඒ ගුප්ත ශාස්ත්‍ර ක්‍රමයයි. ගුප්ත ශාස්ත්‍රයට අනුව පේ‍්‍රතයා, යක්ෂයා, භූතයා, ගෙවලයා නම් වර්ගීකරණයක් ඇත. ඔවුන් දර්ශනය වන ස්වරූපය ද වෙනස්වන සුලුයි. එහෙත් එම ස්වරූපය ලැබූ ආත්මයට එය වෙනසක් නොවේ. විශේෂයෙන් මේ විෂයය ලංකාව තුළ සීඝ්‍රයෙන් පිරිහී යාමක් සිදුවෙමින් පවතී. ජර්මනිය, ලාඕසය, වැනි රටවල මේ මළවුන්ගේ පරික්ෂණ, නොනවත්වා පවත්වාගෙන යයි. මළවුන්ගෙන් බොහෝ වැඩ ගත හැකිය. ඔවුන් කියන දේ කරයි. එහෙත් එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු දෙයකි. මේ විෂයය අලි බලනවාටත්, අතුරේ යාමටත් වඩා අති භයානක ක්‍රියාවලියකි.
මළවුන් යැයි හැඳින්වූයේ පේ‍්‍රතයා, භූතයා, ගෙවලයා, යක්ෂයා, වැනි යයි කිව්වොත් නිවැරදිය. මේ අය අතුරින් වර්තමාන සමාජයේ වැඩ ගත හැකි ප්‍රාණියා, පේ‍්‍රතයා හා භූතයා පමණි. පේ‍්‍රතයා, භූතයා සහ ගෙවලයා, ඉතා අහිංසක නිසාම ගුප්තවේදින් ඔවුන්ගෙන් උපරිම වැඩ ගනී. පේ‍්‍රතයා ඉඳුල් කෑම, කබ, කඳුළු වැනි අපි‍්‍රය දේ පි‍්‍රයකරයි. ගෙවලයා නිදිබර ගතිය අගේ කරයි. යක්ෂයා රුධිරය, පුළුටු, අඳුන් වැනි දෑ ප්‍රියකරයි. ගෙවලයා මේ කිසි ආහාරයක් පි‍්‍රය නොකරයි. මේ හැම ප්‍රාණියකුම ආහාර බුදීමත් නොකරයි. යක්ෂයා පමණක් රුධිරය උරාබොයි. පේ‍්‍රතයා ආග්‍රහණය කර සතුටු වේ. මේ සියලුම අදෘශ්‍යමාන ප්‍රාණින් චුති චිත්තයෙන් හට ගන්නා බව බෞද්ධ ධර්මයේද පැවසේ. මේ අදෘශ්‍යමාන ප්‍රාණීන්ගෙන් වැඩ ගැනීමට පෙර කිසියම් දැනුමක් අත්‍යාවශ්‍ය බව කිවයුතුමය. යක්ෂයන් වැඩිපුරම වාසය ගොරක ගස්වලය. ඔවුන්ගේ ගොදුරු සෙවීමේ කාලය දිනකට පැයකි. එනම් රාත්‍රි 12 සිට 1 දක්වා ය. පේ‍්‍රතයාට ගෙවලයාට එසේ නැත. අඳුර වැටුණ පසු අපිරිසිදු ස්ථානවල වාසභූමියයි. යක්ෂයා මතුරපු, වේවැලට, මතුරපු දුම්මල ගැසූ ගිනි පන්දමට බයක් පෙන්නුම් කරයි. ගෙවලයා ජලයට බිය වෙයි. පේ‍්‍රතයා වැඩිපුරම ඉරටුවලට බයයි. ප්‍රේතයා, භූතයා සහ ගෙවලයා ඍජු දර්ශනයට එන්නෙ නැත. එහෙත් භය උපද්දන දර්ශන ඇති කරයි.
සාමාන්‍ය වශයෙන් ඔවුන් වක්‍රව දර්ශනය වෙද්දි ඍජුව ඔවුන් දෙස නොබලන්නේ මිනිසා ඔවුන් විසින්ම සාදාගත් බොරු භය නිසාමය. එම නිසා මනුෂ්‍යා එම ස්ථාන දෙස ඍජුව නොබලයි. හිත සැලෙන බැවිනි.
තවද කෙනෙකු මියගිය කල මිනීවළ මත මිනිය තබා තෙවරක් ඇවිදීමක් කරන්නෙ ව්‍යාජ තොරතුරු නිසාමය. කරුණු එසේ වුවද නිවෙසක සිට සොහොන්පිටිය දක්වා දේහය සමඟ ගොස් ඒ ගිය මඟ ඔස්සේම ආපසු නොඒම ගැන රහසක්, හේතුවක් ඇත. ඒ ඉක්මනින් වළ දමන මිනීවලට පමණි. එය එසේ නොකරන්නෙ නම් මැනවි.
විශේෂයෙන් ගුප්ත ශාස්ත්‍රයෙන් වැඩ ගන්නා බොහෝ අය අවශ්‍ය මන්ත්‍ර, ත්‍රන්ත්‍ර පාවිච්චි කර වැඩ ගනී. වශී ගුරුකමද මින් එකකි. එය අතරමං වූ අන්තර් භවයේ සිටින පේ‍්‍රත ප්‍රාණින් කරන ක්‍රියාවකි. පේ‍්‍රතයා කියූ දේ කරන ප්‍රාණියෙකි.
සාමාන්‍ය නිවෙසක පී‍්‍රතිය, සිරියාව නැතිකර පාළු ස්වභාවය ආක්‍රමණය කරන්නෙ පේ‍්‍රතයාය. එම නිසාම නිවෙසේ කුස්සියේ, වැසිකිළියේ, ගෙයිමුලු. පරණ ඉදලකින් අතුගා දමා, කොහොඹ තෙල් මිශ්‍රිත ඖෂධයකින් දුම් අල්ලා ඌ එලවා දැමීමට හැකියි. එහෙත් නැවත ඒම වළක්වා දැමීම ද අනිවාර්ය වේ.
සාමාන්‍ය වශයෙන් පේ‍්‍රත තටුවක් දී මධ්‍යම රාත්‍රියේ නිවෙසින් පිටකර තුන්මන්සලදී පේ‍්‍රතයා හිරකිරීමට නොහැකි වුවහොත් ඔබ සමඟම ඔබට ප්‍රථම ඌ ගෙදරට එනු ඇත.
කිසියම් කෙනෙකුගේ ශරීරයට පේ‍්‍රතයකු වැහී ඇත්නම් දුම්මල මතුරා දුම් අල්ලන්න. ආතුරයා පේ‍්‍රත දිෂ්ටියෙන් නටයි. පසුව සාම්බ්‍රානි දුම් අල්ලන්න. සුවවෙයි. මතුරන්න.
“ඕහ් දිෂ්ටි, දේව දිෂ්ටි භූත දිෂ්ටි පේ‍්‍රත දිෂ්ටි
සලිත සලිත වර වර අම්මා අර්ධ”
හැබැයි, මේවා ප්‍රවේශමෙන් කරන්න
Advertisements


