උපන් මාසයට අනුව ඔබට ගැළපෙන වර්ණය
අපගේ විලාසිතා, රුචිකත්වය, සහ සෞන්දර්යයට බලපාන වර්ණවලට එක් එක් කම්පන ශක්තීන් ඇති බව මතක තබා ගැනීම අපට වැදගත්ය. අපගේ ආශාවන්, අපගේ අභිප්‍රායන් සහ ඉලක්ක සමඟ සමපාත වන ආකාරයට වර්ණ භාවිත කිරීමට හැකි නම් එම වර්ණවලින් සැබැවින්ම අපේ ගමන්මඟ ජය ගැනීමට රුකුලක් සැපයෙනු ඇත.සෑම මාසයකම ප්‍රකාශන බලය වැඩි දියුණු කරන නිශ්චිත වර්ණයක් ඇති අතර එදිනෙදා ජීවිතයේදී වාසනාව, ආකර්ෂණය වැඩිපුර ලබා ගැනීමට එය බලපායි. ඔබේ උපන් මාසය අනුව ඔබට ගැළපෙන වර්ණය ඒ අනුව තෝරාගත හැකිය.
ජනවාරි – තද රතු
ජනවාරි මාසයේ උපත ලැබූ පුද්ගලයන්ට බොහෝ විට සමාජයේ නායකත්වය උසුලන්නන්ය. ඔවුන් අන් අයට වඩානායකත්ව ලක්ෂණ නිරූපණය කරයි. ඔවුන් මකර හෝ කුම්භ ලග්න හිමියන් විය හැකිය. තද රතු පැහැය ඔවුන්ගේ මූලික ජෛව සංඛ්‍යාතය සමඟ සම්බන්ධ වේ. ඔවුන් තම අවස්ථා අත්පත් කර ගැනීමට කැමැත්තෙන් මෙන්ම දැඩි විශ්වාසයෙන් යුතුව කටයුතු කරන අතර එයට මේ තද රතු පැහැය මහත් රුකුලක් වේ.
පෙබරවාරි – වයලට්
වයලට් යනු පෙබරවාරි මාසයේ උපන් අයට සුදුසුම වර්ණයකි. ඔබ, නව්‍යතාවයෙන් යුතු කුම්භ හෝ සංවේදී ගති ඇති මීන ලග්න හිමියකු නම් ඔබේ ශක්තිය පවතින්නේ ඔබේ බුද්ධිමය හැකියාවන්, පරමාදර්ශී පරිකල්පනයන් සහ අධ්‍යාත්මික සම්බන්ධතා මතය. එම කාරණා සියල්ලටම මේ වර්ණය වැදගත් වේ. නිර්මාණාත්මක කටයුතුවල යෙදීමේදී ඔබට මේ වර්ණය වැදගත් වන්නේ එහි ඇති ආකර්ෂණීය බලය නිසාය.
මාර්තු – සාගර රැළි කොළ
මාර්තු මස උපදින අයට අදාළ වර්ණය වන්නේ මුහුදු රැල්ලේ පෙනෙන කොළ පැහැයයි. මීන රාශිය හෝ මේෂ රාශියෙන් උපන් ඇත්තන් හට මෙය විශාල ශක්තියක් ගෙනෙන වර්ණයකි. සාර්ථකත්වය කරා මඟ පෙන්වයි. එමකොළ වර්ණය ඔබේ ඉහළ විභවයට සමගාමී වන අතර ඔබ අරඹන කටයුතුවලදී ඔබට විශ්වසනීයත්වයත් ප්‍රතිරූපයත් ගොඩ නැඟීමට රුකුල් දෙන වර්ණයකි.
අප්‍රේල් – දීප්තිමත් කහ
අප්‍රේල් මාසයට අදාළ වර්ණය වන්නේ දීප්තිමත් කහ පැහැයයි. ඔබ මේෂ හෝ වෘෂභ ලග්න හිමියකු නම් වර්ණය මෙයම වේ. මේ වර්ණය ඔබට පැහැදිලි දැක්මකින් කටයුතු කිරීමට, පෙරළිකාර ලෙස ප්‍රීතිය අත්විඳීමට සහ සරල බවක් පවත්වා ගැනීමට ඉඩ සලසයි. මේ වර්ණය භාවිත කිරීමත් සමඟ ඔබට සුබවාදී පරමාදර්ශී ප්‍රකාශ වුව කළ හැකිය.
මැයි – මරකත කොළ
මැයි මාසයේ උපන් අයට සුදුසුම වර්ණය මරකත කොළ වර්ණයයයි. ඔවුන් සංවේද හා ආකර්ෂණීය බවෙන් යුක්ත අය වේ. වෘෂභ හෝ මිථුන ලග්න හිමි ඔබ බොහෝ දෙනෙකුගේ පැසසුමට ද ලක් වේ. මේ වර්ණය මූලික ඇඳුමින් සැරසී ඔබට සුබ කාරණා සඳහා පිටත්වීමට හැකිය. ඔබේ අරමුණු නිර්භයව ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දෙන අතරම ඔබගේ ඕරාව හෙවත් ශක්ති ශරීරය බලගතු කර ආලෝකයක් ද නිකුත් කරයි.
ජුනි – ළා රෝස
හොඳ හදවතක් ඇති ජුනි මාසයේ උපන් අය මිථුන හෝ කටක ලග්න හිමියන් වන අතර ඔවුන්ගේ ආත්මීය ගුණාංග සමඟ ඉදිරියට යන්නන්ය. මෘදු හෙවත් ළා රෝස පැහැයන් ඔවුන්ගේ පෞරුෂයට වඩාත් ගැළපේ. මේ වර්ණය සමඟ ඔබේ සබඳතාවල සමගිය වර්ධනය කර ගැනීමටත්, ඔබට සුන්දරත්වයක් ලබා ගැනීමට සහ අධ්‍යාත්මික සාමය අත්විඳීය හැකිය.
ජූලි – රිදී
සම්භාව්‍ය සුන්දරත්වයක් වන රිදී වර්ණය ජූලි මාසයේ උපන් අයගේ සදාකාලික චමත්කාරයට ගැළපේ. ඔවුන් බොහෝ විට කටක හෝ සිංහ ලග්න හිමියන් වේ. ඔබට ශ්‍රේෂ්ඨත්වය හඹා යෑමට හැකියාව ඇත. මේ වර්ණය ඔබට ඔබේ ආශාවන් ශක්තිමත් කරන අතර අභ්‍යන්තර මඟ පෙන්වීම, අධ්‍යාත්මික ආරක්ෂාව සහ ඔබේ බුද්ධිය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමට ඉඩ සලසයි.
අගෝස්තු – රන්වන්
රාජකීයත්වය, සම්භාව්‍යබව සහ ආකර්ෂණීය බව උරුම කරගෙන අගෝස්තු මාසයේ උපන් අයට රන්වන් පැහැයේ චමත්කාරය හොඳින්ම ගැළපෙයි. ඔවුන් බොහෝ විට නිර්භීත සිංහ ලග්න හිමියන් හෝ කන්‍යා ලග්න හිමියන් වේ. ඔබට ඔබේ ශක්තිමත් පෞරුෂය විදහා දැක්වීමට මෙමඟින් හැකියාව ඇත. මේ පැහැය පිළිගැනීම, අධිකාරිය සහ ගෞරවය දිරිමත් කරයි.
සැප්තැම්බර් – ඉන්ඩිගෝ
සැප්තැම්බර් මාසයේ උපන් අය බොහෝ විට කන්‍යා ලග්න හිමියන් හෝ තුලා ලග්න හිමියන් වේ. ඔබ ඔබගේ අභ්‍යන්තර ප්‍රඥාව මත රඳා සිටියි. නුවණක්කාරී පිරිසක් ලෙස දැක්විය හැකිය. ඉන්ඩිගෝ ඔබට යමකට ඇති අවධානය, චේතනාන්විත උත්සාහය සහ අර්ථවත් ක්‍රියා තුළින් ඔබගේ අනාගත අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීමට ඉඩ සලසයි.
ඔක්තෝබර් – තැඹිලි
ඔක්තෝබර් මාසය තැඹිලි සමඟ සම්බන්ධ වේ. එය නිර්මාණශීලිත්වය සහ ශක්තිය සංකේතවත් කරන වර්ණයකි. ඔබ සබඳතා කේන්ද්‍ර කරගත් තුලා ලග්න හිමියෙකු හෝ තීක්ෂ්ණ බුද්ධියක් ඇති වෘශ්චික ලග්න හිමියකු නම් මේ වර්ණය භාවිතයෙන් ඔබගේ ආශාවන්, හැඟීම් ගැඹුරෙන් අත්විඳීමට බලාපොරොත්තු විය හැකිය. මේ පැහැය ඔබට ඔබේ ආශාවන් පහසුවෙන් ප්‍රකාශ කිරීමට ද හැකියාව ලබා දෙයි.
නොවැම්බර් – මෙරූන්
නොවැම්බර් මාසය ගැඹුර ඉස්මතු කරන තීක්ෂණ බුද්ධිය සහිත වෘශ්චික හෝ දාර්ශනික ධනු ලග්න හිමියන්ට බොහෝ විට හිමි වේ. මෙරූන් සංකේතවත් කරන්නේ පරිවර්තනයට ඔරොත්තු දීමේ හැකියාව සහ කල් පවතින සාර්ථකත්ව මෙන්ම ඒ ඇසුරින් ලබාගන්නා ජයග්‍රහණයන්‍ය. ඔබට එම වර්ණය ගැළපෙන්නේ ඔබේ ස්වභාවය ඉහත ආකාර නිසාය.
දෙසැම්බර් – රාජකීය නිල්
රාජකීය නිල් පැහැය දෙසැම්බර් මාසයේ උපන් අයට හොඳීන් සමපාත වේ. මේ වර්ණය ඔබේ ප්‍රකාශන බලය අවදි කර ප්‍රඥාව සමඟ ඔබව පෙළගස්වයි. ඔබ ධනු ලග්න හිමියෙකු හෝ මකර ලග්න හිමියෙකු නම් මේ වර්ණය ඔබේජීවිතයට ඔබ නොසිතන ආකාරයට ආරක්ෂාව ගෙන එයි.
Advertisements