අගෝස්තු 1දා තුන් ගුණයකින් අස්වැන්න වැඩි කරන පොකුරු යෝගයක්

ලබන අගෝස්තු මස 1දා (සඳුදා) පෙ.ව. 7.16ට සිට පෙ.ව. 7.35 දක්වා අති ප්‍රබල පොකුරු යෝගයක් උදාවන අතර එදින එම කාලය තුළ නැගෙනහිර දිශාව බලා භව භෝග සිටු වීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකිවන බව ජ්‍යොතිෂ විද්‍යාව අනුව පෙන්වා දිය හැකිය.
මෙවැනි පොකුරු යෝගයක් පවතින අවස්ථාවක සිටුවන ඕනෑම භෝගයකින් තුන් ගුණයක අස්වැන්නක් ලැබෙන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.
මා, පුවපල්, විසා, අනුර, මුල, පුවසල, සුවණ, සියාවස, රේවතී යන නැකැතක් පවතින සඳුදා දින මීන, මිථුන, සිංහ රාශියක් උදාව පවතින විට එළැඹෙන ශනි හෝරාවක මෙම ප්‍රබල යෝගය යෙදේ.
මෙකී පොකුරු යෝගයට අවශ්‍ය ජ්‍යොතිෂමය කරුණු සම්පූර්ණ වන සුවිශේෂී දිනයක් මෙම අගෝස්තු මස 1 දිනයේ උදාවෙයි.
මෙදින පුවපල් නැකැත උදාව පවතින සඳුදා දිනයකි. පෙ.ව. 7.12 සිට පෙ.ව. 9.10 දක්වා සිංහ රාශිය උදාව පවතී. පෙ.ව. 7.04 – 8.04 දක්වා ශනි හෝරාව පවතී. ශනි හෝරාවේ පළමු පංචමය අත්හැරිය විට ශුභ වන කාලය පෙ.ව. 7.16 සිට පෙ.ව. 08.04 දක්වා වේ.
මෙදින රාහු කාලය පෙ.ව. 7.37 සිට පෙ.ව. 9.10 දක්වා පවතී.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
ජානක මල්ලිකාරච්චි
Advertisements


