පින්වන්ත දෑසක හිමිකරුවෝ

කෙනකු දෙස බැලූ පමණින්ම අපේ නෙත ගැටෙන අංග ලක්ෂණයක් වන දෙනෙත දේහ ලක්ෂණ විද්‍යාවේ දී ප්රමුඛ තැනක් ගනී. ඇස්වල වර්ණය හා පිහිටීම අනුව ඔවුන්ගේ ගතිගුණ හා චරිත ලක්ෂණ පැවසීමට අපේ පැරැණි ඍෂිවරුන් සමත් වූ බව පැරණි පොත්වල සඳහන් වෙයි.
පියකරු පෙනුමකින් යුත් නිල් පැහැයෙන් බබළන කාන්තිමත් නෙත් යුවලක් හිමි කාන්තාව සැබෑම වාසනාවන්තියකි. විවාහ දිවියේ දී බොහෝ සැප සම්පත් විඳින ඇය සැමියාගේ ආදරය හා කරුණාව ද නොමඳව ලබන්නීය. දිගු කාලයක් දිවි ගෙවීමේ වාසනාවද ඇයට හිමිය.
ඇස් යුවළේ කෙළවර රත් පැහැයෙන් යුක්තව කළු ඉංගිරියාව තද කළු පැහැයෙන් යුතු ඇස් පිහාටු සමානව දෙපසේම පිහිටා ඇති කාන්තාවෝද වාසනාවන්තියෝ ය. කාගේත් ප්‍රශංසාවට ලක්වන ඇය තම පණ හා පතිදම් රකින්නියකි.
මුවැත්තියකගේ මෙත් නෙත් යුවලක් ඇත්තී දඟකාරය. කෙලිලොල් බවක් පෙන්වන්නීය. එහෙත් විශ්වාසයක් තැබිය හැකි නොවේ. අන් අය අතරදි තමන් පිළිබඳ වර්ණනා කිරීමට පෙලඹේ. මුදල් උපයාගැනීමට වඩා වියදම් කිරීමට දක්ෂය.
යම් කාන්තාවකගේ ඇස් ගිලී ගිය ස්වභාවයක් පෙන්නුම් කෙරේ නම් රත් පැහැයට හුරු වේ නම් නම් ඇගේ දුෂ්ට ගතිගුණ ඒ තුළින් හෙළිවෙයි. තමන් ගැනම පමණක් සිතන ඇය අන්‍යයන්ට උදව් උපකාර කිරීමටද අකමැතිය. තම සැමියාගේ දෙමාපියන්ට හා වැඩිහිටියන්ටද සැලකීමට අකමැති ඇය හැමවිටම කෝපාවිෂ්ඨ වී සිටින බවක් පෙන්වයි. කළු ඉංගිරියාවත් සමග සුදු පැහැයෙන් ඇස් පිහිටන්නේ වහා වෙනස්වන අදහස් ඇති නුවණින් අඩු ස්ත්රීන්ටය. ඉදිරියට නෙරන ලද ඇස් ඇත්තී වැන්දඹුවෙයි. තද නිල් වර්ණයෙන් යුත් ඇස් ඇති අය කඩිසර ලෙස වැඩෙහි යෙදෙන තමන්ගේ යුතුකම් නොපිරිහෙළා ඉටු කරන්නෝ ය.
දුඹුරු වර්ණයෙන් යුත් ඇස් ඇත්තේ නම් ඔවුහු ළාමක අදහස්වලින් යුක්ත අතර සිත් ඇද ගන්නා ගුප්ත දේවල් ගැන උනන්දුවක් දක්වන්නෝ වෙති. කෙලින් බලා සිටීමට තරම් අපහසු තියුණු ඇස් ඇති කාන්තාවට නිර්භීත මෙන්ම වීර චරිතයක් සතුවෙයි. තම පරම්පරාව හා සැමියා කෙරෙහි ද අප්‍රමාණ වූ ගෞරවයකින් හා බැඳීමකින් ජීවත් වෙයි. කිසිදා වරදෙහි නොබැඳේ. දික් වූ නිල් පැහැයෙන් යුක්ත දෙනෙත් ඇති ස්ත්‍රිය දුෂ්චරිත ක්‍රියාවන්හි යෙදෙන අතර නපුරු ගතිගුණවලින් ද යුක්තය. සාමාන්‍යයෙන් පිටතට නෙරාගිය ඇස් ඇති කාන්තාව වටපිටාවේ අවබෝධය මෙන්ම යම් යම් දේවල් පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමට උනන්දුවක් දක්වයි. පහළට එල්ලෙන්නාක් මෙන් ඇස් ඇති අයද අපට දැකිය හැකිය. ඔවුන් අන් අයගේ ඕපාදූප කියාපාමින් තමන් නිවැරැදි බව පවසන රහස් ප්‍රතිපත්ති ඇති අය වෙති.
දකුණු ඇස අන්ධ වූ ස්ත්‍රිය බොහෝ දරුවන් ලබන්නීය. වම් ඇස අන්ධ වූ ස්ත්‍රිය තම පුරුෂයා අතහැර පරපුරුෂයන් කරා යෑමට පෙලඹේ. මීවන් පිඟු සමාන ඇස් ඇත්තේ නම් ඇය සදා කල්හිම ධනයෙන් ආඪ්‍යව වෙසෙන්නීය. ඇය තම ස්වාමියාගෙන් මෙන්ම දරු මුණුබුරන්ගෙන් ද පැසසුම් ලබමින් දිගු කලක් ජීවත් වන්නීය.
නීලවර්ණ ඇස් ඇති අය ශක්තිමත් පෞරුෂත්වයක් ඇති අය වන අතර ඔවුහු හුදෙකලා ජීවිතයට වැඩි කැමැත්තක් දක්වති.
ළා නිල්පාට ඇස් ඇති අයට ඇත්තේ නිතර වෙනස්වන අදහස් ඇති චරිතයකි. වටකුරු ඇස් ඇත්තේ නම් ඇය ඇසුරු කරන්නන්ගේ සිත් දිනාගන්නා අතර තමන්ගේ කටයුතු කපටිකමින් කර ගැනීමට දක්ෂය.
රක්ත වර්ණ ඇස් ඇති කතුන් කාමාධිකය. යම් අයෙකුට මහනෙල් පෙති ආකාර වූ කෙළවර වපර ගතියට හුරු නෙත් සඟලක් ඇත්නම් ඇය සියලු ඓශ්චර්යයෙන් පිරි අයෙක් වෙයි. වපරවූ ඇස් ඇති ඇය වංක ගතියෙන් යුක්තය.
කහපාටට හුරු ඇස් පිහිටන්නේ පාපිෂ්ට අදහස් ඇති අයටය. ඇසිපිය රෝම නැතිවීමෙන් ධන විනාශය පෙන්නුම් කරයි. නිදිබර දෑස් හිමි අයද බොහෝ විට කාමුකය. නිල් පැහැයෙන් යුත් දේදුනු ආකාර වූ දෙනෙත් ඇති ස්ත්‍රියද රාගාධිකවෙයි. කුඩා දෙනෙත් කපටි අයගේ වන අතර උකුස්සන්ගේ හා කුකුලන්ගේ ඇස්වලට සමාන ඇස්ද සමහරුන්ට පිහිටයි. ඔවුහු කෲර ගති ලක්ෂණවලින් යුතු අන් අයගේ දේ උදුරා ගැනීමට තැත් කරන්නෝ වෙති. තරමක් විශාල ඇස් ඇති අය උගත්කමින් මෙන්ම කඩිසරකමින් ද යුතු වෙයි. පෙම් සබඳතා අඩු ඔවුන් නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට දක්ෂයෝ වෙති.
එක් එක් අයට අනන්‍යවූ දෙනෙත් මෙන්ම දෙනෙත් වටා ආවරණය වූ ලෙස පිහිටන ඇස් පිහාටුද විවිධාකාරය. යම් පුද්ගලයෙකුගේ ඇස් පිහාටු සිහින්ව කොටට පිහිටා ඇත්නම් එම තැනැත්තා හෝ තැනැත්තිය උද්යෝගිමත්ය. උසස් ඉගෙනුමක්ද ලබයි. ලෞකික සැප සම්පත්වලටද හිමිකම් ඇත. තමාගේ වැඩ කටයුතු කෙසේ හෝ කරගැනීමට දක්ෂ වේ. ස්මරණ ශක්තියද ඒ හා සමානය. අන් අය අතරේ කැපී පෙනෙයි. ඇස් පිහාටු දික්ව පිහිටා ඇත්නම් ඔවුන්ගේ අදහස් විටින් විට වෙනස් වෙයි. හැම විටම අන් අය කෙරෙහි සැකයෙන් ක්‍රියා කරයි. කවුරු කුමක් කීවත් තමන්ගේ තීරණ වෙනස් නොකරයි. වැරැදි තීරණ නිසා ඔවුන් බොහෝ පාඩු සිදුකර ගනී. කළු පැහැය ගත් සියුම් ඇස් පිහාටු ඝනව පිහිටා ඇත්නම් ඉතා සුබය. අන්‍යයන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමේ හැකියාවන් සහිතය. ධන ධාන්‍යාදී සැප සම්පත්වලට උරුමකම් හිමිය.
Advertisements


