Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දියුණුවට ඉඩ නොදෙන බහිරවයෝ

3 weeks ago 7 Min read
Subha.lk

ඔබ මේ ලෝකයේ උපත ලබන්නේ ඔබ පෙර කරන ලද පුණ්‍ය කර්මවල බලය නිසාය. පෙර ආත්මවල කරන ලද පුණ්‍ය කර්ම නිසා රැකියා කර්ම නිසා පෙර ආත්මභවයෙන් අලුත් භවයක් ලබයි.
උත්පත්ති සිත, චුති සිත සොබා දහමින් උපතට සුදුසු ස්ථානය පෙන්නාදෙයි, ලබා දෙයි. එම ස්ථානයේ උපත ඇතිවෙයි. කර්ම අනුව මව සහ පියා පරිසරය ලැබීම සිදුවෙයි. ඉපදුණ කෙනාගේ පින් බලය අනුව මනසේ ක්‍රියාකාරීත්වය ඇතිවෙයි. හොඳ සිහිය මතක තබා ගැනීමේ ශක්තිය ලැබෙයි. අධ්‍යාපනය ලැබීමට සුදුසුම ස්ථානය ලැබීමෙන් අධ්‍යාපනය දියුණුකර ගැනීමෙන් දියුණුව ලැබෙයි.
වාහනයක් අලුතින් මිලදී ගැනීමේ දී පළමුවෙන්ම ඉන්ධන ගබඩාවකින් ඉන්ධන ලබා ගත යුතුය. එසේම මීටරයේ සටහන බලා ඉන්ධන අවසන්වීමට පෙර ඉන්ධන හල වෙත යාම කළයුතුය. මේ ලෙසම අපි කරන ලද පුණ්‍ය කර්ම නිසා අපි මනුලොව ඉපදුණ මේ පින නැතිවී යනවා. එනිසා නැවත නැවත පින් කළ යුතුයි. එනිසා පින්කම් කියා ගොන්කම් කරගන්නා අය අද වැඩිවී ඇත. කල්පනාව මඟින් සැබෑ පින්කම් කිරීමෙන් ඔබගේ ජීවිතය දියුණුවට පත් වෙයි. භෞතික වස්තුන්ගේ දියුණුව ලබා ගැනීමේ දී නිවෙසේ ඉඩමේ අයිතිකාරයන් ලෙස මිය ගිය අයගේ ඇල්ම බැල්ම ඉවත් කරගත යුතුය.
මෙහිදී නිවසේ සිටිය ඔබගේ මියගිය ආදරයෙන් සැබවින්ම දැක කතාකර ඔවුන්ට කෑම බීම පින්පෙත් ලබාදීමෙන් ඉවත් කරගත හැකිය. ඉඩමේ සිටින බහිරවයන් සතුටු කිරීමෙන් කරදර නැතිව තමන්ට සතුටින් සිටීමට හැකි බව කියමි. බහිරවයන් ලෙස දක්වන්නේ ඉඩමට නිවෙසට ආදරය ඇල්ම බැල්ම ඇතිව මිය ගිය අයිතිකාරයන්ට මේ අය අවශ්‍ය දේ දෙන්න පුළුවනි. ඔවුන් ඔබට බලා ගැනීමට කතා කිරීමට පුළුවනි. කතාකර ඉල්ලන පූජාවන් දීමෙන් ඔබට දියුණුව ළඟාකරගත හැකිය. එසේ නොමැති නම් ඔබට නිවෙස සාදා ගැනීමට ඉඩමේ වගා කටයුතු කිරීමට ඉඩ නොලැබේ. ඔබගේ ස්ථිර ධනයද නැතිවී යයි. මේ නිසා බහිරවයන්ට වසරකට දෙවරක් පූජාව ලබාදීම කළ යුතුය. බහිරව පූජාව දීමට පෙර බහිරවයා ගෙන්වා ඔහුට කැමැති ආහාර ඇඳුම් වස්ත්‍ර ආභරණ ලබාදීම කළ යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk