දෙබිඩි ගති ඇති අංක 2 හිමියෝ

‘අංක ලෝකේ මෙහෙමත් දෙබිඩ්ඩොත් ඉන්නවාද?’ කියලා ඔයාලට බැලූ බැල්මට හිතෙන්න ඇති. මොකද නැත්තේ? ඉන්නවා. හැබැයි පුදුමේ කියන්නේ මෙහෙව් ඇත්තන්ව වෙන් කරළා අඳුන ගන්න අපෙන් බොහෝ දෙනෙකුට බැරිවීමයි. මේ අය පෙනුමින් හරි උප ශාන්තයි. කතා විලාසය පවා ළගන්නා සුලුයි.
ඕනෑම මාසයක 2, 11, 20 හෝ 29 වගේ දවසක ඉපදිලා පෞද්ගලික අංකය 2 ට සම්පූර්ණයෙන් හිමිකම් කියන, එහෙමත් නැත්නම් දෛව අංකයෙන්, නාමික අංකයෙන් වගේ වක්‍රව හරි හිමිකම් කියන්නේ. අංක විද්‍යාත්මකව ජූලි මාසයට ගණන් ගැනෙන නියමිත කාල පරාසය තුළ උපදින අයට පවා අංක විද්‍යාත්මකව 2 නැත්නම් සඳුගේ බලය ප්‍රබල වෙනවා.
දෙබිඩි කියන වචනේ අර්ථය වුණත් අපි බොහෝම පරෙස්සමින් ලිහා ගන්න ඕනේ. ඒක තනිකර කළු කියලා බැහැර කරන්නත් බෑ. ඒ වගේම තමයි සුදුම සුදුයි කියලා වන්දනා මාන කරන්නත් බෑ. කොටින්ම කියනවා නම්, හොඳ-නරක දෙපිළ ඇතුළේ නිරතුරු දෝලනය වෙමින් තම ඇතුළාන්තය තුළ නොනිමි මානසික අරගලයක නිරත වෙමින් ස්වකීය සන්තානය ස්ව පීඩාවට පත්කර ගන්නා ස්වභාවයක් මේ අය තුළ දැකිය හැකි වනවා.
ආකෘතිකමය වශයෙන් අංක 2 න් අපට උස මහත සිරුරක් තමයි අපේක්ෂා කළ හැක්කේ. මේ අයට රවුම් මුහුණක් වගේම ඉතා පියකරු සිනහාවක් ස්වභාවයෙන්ම හිමි වෙනවා. ඒ වගේම විශාල දත් පවා කැපී පේනවා. අත-පය විශාල වූ පමණටම ඒ අය තුළ සුවිශාල සවි ශක්තියක් දැකිය නොහැකියි. අපි කතා ව්‍යාවහාරයට සෙම ඇඟ, ජොල් ඇඟ කියලත් කියනවනේ? මේ අය ගේ සුවිශේෂී බව තමයි ඒ ගොල්ලෝ වැඩි හරියක් මේ ලෝකෙට වඩා හිතින් මවා ගත්ත සිහින ලෝකවල තමයි සැරිසරන්නේ. මෙයාලගේ පරිකල්පන ශක්තිය පවා ඉතා විශිෂ්ටයි. අනෙක් අයගේ හිත් කියවන අන්තර් විඥාණය වගේම යම් කටයුත්තක් ආරම්භ කරන විටම එහි අවසානය පවා මනෝමයෙන් චිත්‍රණය කරගත හැකි සුවිශේෂිී මනෝභාවයක් මේ අයට හිමියි. ලෙහෙසියෙන් කෙනෙකුගේ සිත් නොරිදන ස්වභාවය වගේම කිසිවකු සමඟ පහසුවෙන් නොගැටෙන ස්වභාවය නිසාම මෙවැනි අයට ව්‍යාපාරික ලෝකයේ දිග් විජය ලැබිය හැකි වෙනවා, නිරායාසයෙන්ම.
ස්වකීය මානසික තලයේ ඉහළම ස්ථරයට ළඟා වූ අය අතර අග්‍රගණ්‍ය කවියන්, ගීත රචකයන්, ලේඛකයන්, නළුවන් හා ගායක ගායිකාවන් වගේ චරිත ගණනාවක් වන බවට ඉතිහාසය විසින් සාක්ෂි දරනවා. ඔවුන්ගේ නිර්මාණවල සාර්ථකත්වයට බලපෑ රහස වන්නේ ද ආත්මීය දැඩි නිහඬ බව බිඳ දමමින් තම නිර්මාණ තුළින් හැකි උපරිමයෙන් වැඩ දැමීමට ඇප-කැප වීමයි. ජීවිකාව හැටියට මොනවා කළත් සංසාර පුරුද්දක් හැටියට පසු පස ලුහුබැඳ ආ කලාවත් සමග අත්වැල් බැඳ ගැනීමත් එලෙසමයි.
සඳු බලවත් මිනිස්සු මේ ලෝකේ ලස්සන කරනවා. හරියට, තමන් =ගෙන් පසක් දැවෙමින් තිබියදී අනෙක් පසින් ලොව එළිය කරනා චන්ද්‍රයා වගේම. ඒත් මේ අයගේ අහිංසකකම, නිතර ආවේගශීලී නොවීම වැනි කාරණා නිසා ම මේ අය මෙලෙවදී අව තක්‍සේරුවකට ලක් වනවාද?’ කියලා ප්‍රශ්නයක් නැගෙන තරම්. මේ අය ජීවිත කාලයේදී නිරායාසයෙන්ම ප්‍රේම සබඳතා ගණනාවක් බිඳ වැටීමේ වේදනාවට මැදි වෙනවා. හැබැයි එක් සබඳතාවයක් බිඳ වැටීමට පෙර නව සබඳතාවයක් ඇරඹීමේ සුවිශේෂී හැකියාවත් හිමියි.
මේ සබඳතාවල රහස් ස්වභාවය නිසා ම ඒවා එළිවෙද්දි නොගැළපෙන සම්බන්ධාතාවයක් නිසා වෙන්න ඕනේ ඔක්කොම පාඩු සිද්ද වෙලා අහවරයි.
ඒ විතරක් නොවෙයි, අංක 2 හිමි පුතෙක් වෙනුවෙන් මුළු පරම්පරාවෙම කාන්තා පාර්ශ්වයට නිතරම කිරි එරෙනවාලු. හැබැයි ප්‍රශ්නය වන්නේ දවසක කසාදයක් බැඳ ගත්තු දාක ඒ කොල්ලගේ මගුල අවමගුලක් වන තරමටම ඇඟිලි ගගහා මනමාළිගේ අය දෝෂ දෙගුණ තෙගුණ කරලා කොල්ලගේ කණේ හලන එක මේ මහිලා සංගමයේ විනෝදාංශය වීමයි. ඒ නිසා, ආයේ දෙවැනි ඉනිමක් ගැන හිතනවා නම් එහෙම මේ පුරෝහිත කණ්ඩායම අතේ දුරින් තියා ගන්න එක කොල්ලාට ගුණදායක වනවා.
සැකය අංක 2 හිමියන්ගේ ජීවිතේම කොටසක් ගානයි. ඒ නිසා ම තමන්ට පැවරෙන කිසිම වගකීමක් බෙදා හදා ගෙන කරන්න වෙන කෙනෙකුට පවරන්න මේ අයට කිසි කැමැත්තක් නෑ. ඒ නිසාම නිම කරන්න තියා හිතන්න වත් බැරි වැඩ කන්දකට නිතරම යට වෙලා වුණත්, හෙමි හෙමිහිට වැඩ අත ගගා ඉන්නවා අරෙන්න මේ අයට වෙන විකල්පයකුත් නෑ. මේ අය ආදරේ පවා කරන්නේ අමුතුම විදිහකට. සහකරු තමන්ට ආදරේ බව දැන දැනම වුණත් ඒ ආදරේ නිතර නිතර උරගා බලන එක මේ අයගේ බොළඳ ආශාවක් වනවා. අන්තිමේදී ආදරය කරදරයක් වෙලා කඳුළු මතකයක් පමණක් ජීවිතයට ඉතිරි කරන්නත් එයම හේතුවක් වනවා. නිතර පවතින මානසික ආතතිය ඔවුන්ගේ ජීර්ණ පද්ධතිය කෙරෙහි ජීව විද්‍යාත්මක වශයෙන් බලපෑම් ඇති කරනවා. මෙහි අවසාන ප්‍රතිපලය හැටියට බඩේ අජීර්ණය හා මුතාශ්‍රයේ ගල් ආදියට මඟ පෑදෙනවා. ඒ වගේම මානසික ආතතිය හා විශාදය වැනි තත්ත්වයට පවා මෙවැනි අය මැදි වනවා. කොච්චර ශාන්ත දාන්තව හිටියත්, ඉවසීමේ සීමාව පැන්නම අනෙක් අයගේ හිත් කීරී ගැහිලා ඇණුම් පද කියන්නත් මේ අය හරි ශූරයි. යන්ත්‍ර-මන්ත්‍ර හා තන්ත්‍ර වගේම හදි හූණියම්වලින් හොඳීන් වැඩ ගන්නත් මේ අය සමත්.
ඔබ අංක 2 හිමියකු නම් අනිවාර්යයෙන් බුදුන් දෙවියන් තමන් ගැන විශ්වාසය වැඩි වර්ධනය කර ගන්න. මොකද, ලොව ප්‍රකට ආගමික නායකයෝ වගේම යෝගාචාර්යවරු පවා උපත ලද අංකයක් තමයි මේ ඔබ උපන් අංක 2…. ඔබගේ දරුවා අංක 2 න් උපත ලබා ඇත්නම් කිසි විටෙකත් පරිණත වෙන තුරුමත් කිසිම දවසක එයාව තනි කරන්න එපා. හැකි හැම විටම එදිනෙදා ජීවන සිදුවීම් දරුවාගෙන් අසා දැන ගන්න අමතක කරන්න එපා. ඔයාගේ ප්‍රේමවන්තිය අංක 2 ක් නම්, ආදරේ නාමෙන් කිසි දවසක එයාගේ වැරදි වහන්න හදන්න එපා. මුලින්ම වරදක් කණින් අල්ලලා හරි හදා ගන්න බැරි නිවට චරිතයක් නම් ඔයා, දවසක එයා ඔයාගේ කරට නැගලා ඔයාගේ කණින් රිංගන්නේ කිසිම හිතක් පපුවක් නැතිවයි. ඒ එයාගේ වරදක් නිසා නෙවෙයි. අංක දෙකේ දෙබිඩි ස්වභාවය නිසයි. ඔයාගේ බොස් අංක දෙකක් වුණොත් ඔයාව වැඩියෙන් නටවන්න එන්නේ ඔයා එයා ගහන ගහන පදේට නටනවා නම් විතරයි. ඔයාගේ කොන්ද කෙළින් වුණු දවසක බොස්ගේ වුණත් ලොකු සීන් ඈවර වෙනවා. දෙකේ චණ්ඩි තමයි වැඩි වැඩියෙන් මිටි තැන් දැක පුප්පන්නෙත්-උස් තැන් දැක ඇකිළෙන්නේ. ඒ නිසා අංක දෙකක් දුටු තැන අඩිය අඟලට තළලා තියා ගන්න වෙනවා. මොකද, ශාන්තුවරයට අඳීන දෙබිඩි දෙකටම පොඩි ඉඩක් ලැබුණෝතින් පාලනයකින් තොරව කරණම් ගහන නිසා!
හරියටම 2 වෙනිදා ම උපන් අය වඩාත් බයාදු ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒත් වචනයේ හරි පන්හිඳේ බලයෙන් ලොවක් සමග වුවද ගැටිමේ හැකියාවත් සහිතයි. 11 වෙනිදා උපන් අය, බුදුන් දෙවියන් කෙරෙහි බොහෝම නැඹුරු නිසා දේවානුග්‍රහයටත් නොඅඩුව හිමිකම් කියනවා. ශරීර ශක්තියෙන් ද අනූන නිසා මේ අයට බොහෝ අසීරු ඉලක්කයන් පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බව පැවසෙනවා. 20 වෙනිදා උපන් අයෙකුට නම් තේරීම් දෙකක් මේ ලෝකයේ පවතිනවා. දෙවියන් වන්නෙත්-තිරිසන් වන්නෙත් මිනිසා මයි ලෝකේ’ යන කියමන යළි මෙනෙහි කළොත් ප්‍රශ්නයට උත්තරය ඒ තුළම පවතීවි. 29 වෙනිදා උපන් ඇතැම් ඈයෝ වටහා ගැනීමට තරමක් අපහසු කොට්ඨාසයක්. නිතරම සතුරා ගැන අවධානයෙන් ඉන්නේ. සතුරාව වසඟයට අරන් දවසක විනාශ කරන එකයි මේ අයගේ ස්වභාවය. පුරුද්දක් හැටියට 2 ත් එක්ක වැඩ කරද්දී දෙපාරක් හිතලා වැඩ කරන එක කාට කාටත් ගුණයි.
Advertisements


