ලිංගික බෙලහීනතාවට ඡ්‍යොතිෂ පිළියම්

පිරිමින් හට වැළඳෙන ලිංගික රෝග අතුරින් ලිංගික බෙලහීනතාවය නැත්නම් ලිංගික අප්‍රාණිකත්වය ප්‍රධාන තැනක් ගනී. තරුණ මැදිවියේ අය මෙන්ම වියපත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම අය මේ රෝගයට ගොදුරුවිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති.
පිරිමින්ගේ ලිංගික බෙලහීනතාවය යනුවෙන් හඳුන්වන්නේ තෘප්තිමත් ලිංගික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණවත් දෘඪතාවයක් ශිෂ්ණයේ නොතිබීම සහ ශිෂ්ණයේ සප්‍රාණිකත්වය අඛන්ඩව පවත්වා ගැනීමට ඇති නොහැකියාවයි. වර්තමානයේදී මෙය බහුලව දක්නට ලැබෙන අතර එය ස්වයං ප්‍රතිරූපයට සහ ලිංගික සබඳතාවලට බලපෑම නිසා මානසික වශයෙන් පීඩාකාරී තත්ත්වයට පත්කරවයි. බොහෝවිට බොහෝ දෙනා මේ රෝගී තත්ත්වය රහසිගතව තබා ගැනීමට උත්සාහ ගනී. මේ තත්ත්වය මත විවාහ ජීවිතයේ තෘප්තිය නොලැබීම නිසා විවාහක කාන්තාවන්ද මානසික වශයෙන් පීඩාවට පත්වන අතර එය විවාහ ජීවිතය යහපත් ලෙස පවත්වාගෙන යාමටද තර්ජනයක් වී ඇත. බොහෝ විට එය දික්කසාදය දක්වා වර්ධනය විය හැකිය. සමාජ මාධ්‍යයන් තුළද මෙය පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වී ඇති බැවින් තවදුරටත් කරුණු දැක්වීම අනවශ්‍ය යයි සිතමි.
වෛදික ඡ්‍යොතිෂයට අනුව මේ රෝගය ඇතිවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන්නේ කාම ආශාවට සහ ශුක්‍ර ධාතුවට කාරක වන සිකුරු ග්‍රහයාය. යම් ජන්ම පත්‍රයක සිකුරු ග්‍රහයා හොඳින් පිහිටා ඇත්නම් ඉහළ ලිංගික තෘප්තියක් ලබා ගැනීමට හැකිවේ. එසේම සිකුරු කුණ්ඩලියේ 7 වැන්නද නියෝජනය කරයි. සිකුරුට අමතරව ශනි, කුජ, රාහු යන ග්‍රහයන්ගේ පිහිටීම ද සැලකිල්ලට ගත යුතුය. මීට අමතරව ජන්ම පත්‍රයේ 7, 8 සහ 12 වැන්නට අවධානය යොමුකළ යුතුය. 7 වැන්නෙන් විවාහය, ලිංගික සබඳතාවය සහ ඒ සඳහා ඇති මානසික නැමියාව නියෝජනය කරන අතර 8 වැන්නෙන් ජන්මියාගේ ලිංගික අවයව නියෝජනය වේ. 12 වැන්නෙන් නිදි යහන සහ එහිදී යහන්ගතවීම තුළින් ලබාගන්නා ලිංගික සංතුෂ්ටිය නියෝජනය වේ. මේ මූලික කරුණු පදනමක් ලෙස සලකා ලිංගික බෙලහීනතාවය කෙරෙහි බලපාන අයහපත් ග්‍රහ යෝග හඳුනා ගනිමු.
යම් ජන්ම පත්‍රයක කුජ ග්‍රහයා තුලාවේ සිටීම නිසා ලිංගික ක්‍රියාකාරකම් සඳහා යහන්ගතවීමේ දී විවිධ ගැටලු ඇතිවේ.
සඳු, කේතු සහ ශනි යන ග්‍රහයන් ලග්නයේ පිහිටවන විට ලිංගික කටයුතු සඳහා ඇති උනන්දුව අඩුවන අතර ලිංගික දුබලතා ඇතිවේ.
ශනි සහ සිකුරු යන ග්‍රහයන් ශුභ ග්‍රහ දෘෂ්ටියකින් තොරව අට වැන්නේ හෝ දහ වැන්නේ සිටීමද ලිංගික බෙලහීනතා ඇති කරයි.
යම් ජන්ම පත්‍රයක තුලාවේ ග්‍රහයන් 4 දෙනකු සිටීමද ලිංගික බෙලහීනතාවය කෙරෙහි බලපායි.
කුජ සහ ශනි හෝ කුජ සහ රාහු යන ග්‍රහයන් තුලාවේ පිහිටීමද ලිංගික දුබලතා ඇති කරයි.
ශනි ග්‍රහයා වක්‍රව 6 වැන්නේ හෝ 8 වැන්නේ සිටීම ලිංගේන්ද්‍රියන් කුඩාවීමට, බෙලහීනතාවයට බලපායි.
බුධගේ දෘෂ්ටිය මත රාහු 7 සිටීම සහ ශනි 8 සිටීමද ලිංගික දුබලතාවලට හේතු වේ.
යම් ජන්ම පත්‍රයක 7 වැන්නේ සඳු හෝ සිකුරු සිටින විට සංසර්ගයේ දී ක්ෂණික මෝචනය ඇතිවිය හැකි ය.
යම් ජන්ම පත්‍රයක 7 වැන්නේ කුජ සිටීමෙන් නොඉවසිලිමත් සංසර්ගයක් සිදුවෙන අතර එය කෙටි කලකට සීමාවන බැවින් විවාහ ජීවිතයේ ගැටලු ඇතිවේ. එසේම 7 වැන්නේ බුධ සිටීමෙන් බලවත් ලෙස ක්ෂණික මෝචනය සිදුවන බැවින් විවාහ ජීවිතයේ ගැටලු ඇතිවේ.
යම් ජන්ම පත්‍රයක සඳු තුලාවේ සිටින විට කුජ රාහු සහ ශනි යන ග්‍රහයන් විසින් දැකීමද ලිංගික බෙලහීනතාවය ඇතුළු විවිධ ලිංගික ආබාධ ඇති කරයි.
ලිංගික දුබලතා සඳහා වෛදික ඡ්‍යොතිෂය මඟින් යෝජනාකර ඇති ප්‍රතිකර්ම කිහිපයක් පහත දැක්වේ.
ගායනා කිරීමට මන්ත්‍රයක්
ඕම් නමෝ කාමදේවේ මහා ප්‍රාබ්හේ හ්රීම් කාමේෂ්වරී ස්වාහඞ
ඕම් කාමදේවයේ විද්මහේ පුෂ්පභානාය දී මහි – තෙන්නෝ අනන්ගා ප්‍රචෝදයාත්
පළමුව කාම දෙවිගේ රූපයක් නිවසේ ඊශාන දෙසට ඇති බිත්තියේ එල්ලන්න. රාත්‍රී 9 න් පසුව මල් පහන් හඳුන්කූරු දල්වා නමස්කාරකොට ඉහත දක්වා ඇති මන්ත්‍ර වලින් එකක් 7 වරක් ගායනා කරන්න. මෙය දින 11ක් නොකඩවා කළ යුතු වේ. මේ පූජාවට පෙර පිරිසුදුවී සුදුවතින් සිටීම අවශ්‍ය වේ.
කෙම් ක්‍රමයක්
දැනට භාවිතා කරන රන් මුදුව යම් රඳවනයක තබා වරින්වර රත්කරමින් කලින් සාදාගත් කිරි වීදුරුවක බහාලන්න. මෙය කිහිප වතාවක් කර යහන්ගත වීමට පෙර පානය කරන්න බෙලහීනතාවය දුරු වේ.
මීට අමතරව සිද්ධ ශ්‍රී ශුක්‍ර යන්ත්‍රය පැලදීමෙන් සියලුම ලිංගික ආබාධ සමනය කොට පී‍්‍රතිමත් සහ සෙනහෙවන්ත විවාහ ජීවිතයක් ලබාදෙයි.
Advertisements


