ජූලි 29 දා-නොවැ: 24 දක්වා ගුරු වක්‍ර ගමනේ රාජ්‍ය පරිපාලනයේ වෙනසක්

මෙම ජූලි මස 29 වැනි සිකුරාදා අලුයම 02.09ට ග්‍රහලොව විශාලතම ග්‍රහයා වන ගුරු වක්‍ර වෙයි. තමාගේම ස්වක්ෂේත්ර රාශියේ මෙසේ වක්‍ර වීම සමඟ උදාවන කාලය බොහෝ කල්පනාකාරී විය යුතු කාලයක් නිර්මාණය කරනු ඇත.
රටේ පරිපාලන රාමුවේ බොහෝ වෙනස්කම් සිදුවන කාලයකි. ආයතනයන්හි ඉහළ නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වීමට මෙම ග්‍රහ තත්ත්වය බලපායි.
ඉහළ තනතුරු රැසක වෙනස්කම් සිදුවේ. ඇතැම් පිරිස් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම හෝ ජනතා මතකයෙන් ඉවත් වීම සිදුවනු ඇත. මෙරට රාජ්‍ය ආයතන රැසක් ආශ්රිත ගැටලු පැනනඟී.
කුම්භ ලග්න ලංකා කේන්දරයේ දෙවැන්න වන ධනස්ථානයේ අධිපති ගුරු වක්‍ර වීම රාජ්‍ය සේවක කප්පාදුවක් හෝ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයක් හෝ ඒ දෙකම එකවිට සිදුවන කාලයකි. කෙසේ වෙතෙත් එළැඹෙන නොවැම්බර් 24 තෙක් දැඩි මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදුවන කාලයකි. මේ නිසා තමාගේ රැකියාව රැක ගැනීමට බොහෝ පිරිසකට වෙහෙස වීමට සිදුවනු ඇත. ප්‍රධාන පෙළේ පූජ්‍ය උතුමකුගේ හෝ සංඝ පීතෘවරයකුගේ අභාවය සිදුවිය හැකිය. එමෙන්ම රටේ නීති පද්ධතියද ඉතා දැඩි වන කාලයකි. නීතිය ක්‍රියාත්මක කරන උසාවි, පොලිසි ආදියද අමුතු තීන්දු ගන්නා කාලයක් බවට පත්වෙයි.
පෞද්ගලික උසස් අධ්‍යාපනික ආයතන බිහිවන අතර සෑම අතින්ම රාජ්‍ය සේවය අභිභවා පෞද්ගලික ක්ෂේත්රය ඉහළ යන බව පෙනේ. කෙසේ වෙතත් පුද්ගල ජන ජීවිතය තුළ ආර්ථික පීඩාකාරී බව තවදුරටත් පවතිනු ඇත.
නව බදු ක්‍රම එළිදැක්වේ. ඇතැම් ව්‍යාපාරික ක්ෂේත්රවලටද එමඟින් බලපෑම් එල්ල වෙයි. රට තුළ ඉතිරි කිරීම් අඩුවන කාලයකි.
කෙසේ වෙතත් නව නිෂ්පාදන ඇතිවේ. දුෂ්කර කාලයක් නිමා කිරීමට සූදානම් වන දුෂ්කර ආරම්භයක් ලෙස මෙම කාලය හැඳින්විය හැකිය.
හෘද රෝග, උණසන්නිපාත රෝග, මුඛ රෝග, ශ්වසන රෝග යළි පැතිරේ. රවිගෙන් හත්වැන්නේ ශනිද ගමන් කරන නිසා පීඩිත ජනතාව හා මිනිසුන් අතර අර්බුද උදා වීමේ අවදානමක් තවදුරටත් පවතී.
ආචාර්ය
කැලුම් ගුණතිලක
Advertisements


