උසස් දිවියක් ගෙවන අයට පිහිටන අත්ලේ රේඛා

හස්තරේඛා ශාස්ත්‍රය ඉගෙන ගන්නා හා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයට මේ අත්ලේ රේඛා සටහන මඟින් ඉගෙනගත හැකි දේ බොහෝය. මේ අත්ලේ රූපසටහන ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න.
මේ අත්ලේ විශේෂ ලක්ෂණයක් වන්නේ ඇඟිලි දිගින් වැඩි වීමය. මහපට ඇඟිලිද ඊට සමගාමීව දිගින් වැඩිය. ඉතා හොඳ බලගතු දෛව රේඛාවක් පිහිටා ඇත. විශේෂ හස්ත රේඛා සලකුණු වන්නේ ඉතා බලගතු පැහැදිලි ගැඹුරු හෘදය රේඛාවක් වැටී ගුරු මණ්ඩලයට පහළින් අවසන් වීමත් ශාඛාවන් ශනි මණ්ඩලය වෙත ගමන් කර තිබීමත්ය. තවද ඒ සලකුණින් පෙන්නා ඇත්තේ ප්‍රඥාවට බුද්ධියට අධිපති බුධ මණ්ඩලයයි. මේ බුධ මණ්ඩලය ඉතා හොඳින් වැටී තිබෙන අතර නීතියට හා ධර්මයට ව්‍යක්තභාවයට, නායකත්වයට බලපාන ගුරු හෙවත් බ්‍රහස්පති මණ්ඩලය ද ඉතා ප්‍රබලව සලකුණු වී ඇත.
ඉතා උසස් අධ්‍යාපනයක් ලබා ඇති මේ අත්ල හිමි මහත්මා මූල්‍ය ආයතන කිහිපයක කටයුතු කළ එම්. බී. ඒ. උපාධිය ලත් අයකු වන අතර බැංකු හා මූලය අංශයේ සේවය කරයි. මෙතුමා 2003 මා 2004 වර්ෂවල කැනඩා ශ්‍රී ලංකා තරුණ හුවමාරු වැඩසටහන්වලට ශ්‍රී ලංකාවේ නියෝජිතයකු හැටියටද තේරුණ අයෙකි. විවිධ හැකියාවන් රැසක් හිමි ගීත ගැයීම රඟපෑම ලේඛන කලාව වැනි හැකියාවන් රැසක් මෙතුමා තුළ ගැබ් වී ඇත්තේ මේ අත්සටහනේ පෙන්නා ඇති බුධ මණ්ඩලයේ හා ගුරු මණ්ඩලයේ බලපෑම නිසාය. මත්පැන් නොබොන ඉතා දැහැමි කෙනකු වන ඉතා සාර්ථක පවුල් දිවියක් ගත කරන අයෙකු වේ. ඊට අනුග්‍රහය ලැබුණේ ඉතා බලගතු හෘදය රේඛාව ගැඹුරින් පිහිටීමත් ගුරු මණ්ඩලය ඉතා ප්‍රබලව පිහිටීමත් නිසාය.
මීට ඉහතදී හස්ත රේඛා පාඩම්වලදී මා මේ හෘදය රේඛාව ගුරු මණ්ඩලය හා බුධ මණ්ඩලය පිළිබඳව ගැඹුරින් පලාපල පෙන්නා දී ඇති පරිදි මේ අත්ල හිමි මහත්මයා සෑම පාසළොස්වක පෝය දිනකම තම පෞද්ගලික වියදමින් ස්වාමින් වහන්සේ නමක් වඩම්මවා තම පන්සලේ ධර්ම දේශනාවක් පවත්වන්නේ මේ බලවත් ගුරු බුධ හා හෘදය රේඛාවන්හි ප්‍රබලත්වය නිසාවෙනි. ඉතාමත්ම කාරුණික හදවතක් හිමි මොහු මහජනයාගේ ආදරයට, ගෞරවයට නිතරම පාත්‍ර වන්නේ තමන් ළඟ හොර බොරු වංචා නැති නිසාවෙනි. රාජකාරිය දේවකාරියක් ලෙස කටයුතු කරන මෙතුමාට ඡ්‍යොතිෂ ගැන හොඳ දැනුමක්ද තිබෙන අතර ඉදිරියේදී ඡ්‍යොතිෂයද හොඳින් අධ්‍යයනය කළ හැකි බවද මේ හස්ත රේඛා සලකුණු කියාපායි. මූල්‍ය ආයතන කිහිපයක රාජකාරි කරන්නට සිදුවූයේ දෛවය රේඛාවේ බලපෑම නිසයි.
රූපසටහනේ ඒ සලකුණින් පෙන්නා ඇත්තේ බුධ මණ්ඩලයත් බී සලකුණින් නම් කර ඇත්තේ ගුරු මණ්ඩලයත් බව සඳහන්ය.
Advertisements


