ඉරාන – ඊශ්‍රායල් යුද්ධය ඡ්‍යොතිෂ ඇසින්

දේශසීමා ප්‍රශ්නයක් මුල්කර ගනිමින් පසුගිය ජූනි 13 වැනි සිකුරාදා ඉරානය සහ ඊශ්‍රායෙලය අතර ඇති වූ යුද්ධ දෙස ඡ්‍යොතිෂ දෘෂ්ටිකෝණයකින් බලන කල පහත දැක්වෙන ඉරාන මේෂ ලග්න කේන්දරයේ රටේ මුළු මහත් භූමි භාගය නිවේදනය කෙරෙන සඳු ග්‍රහයා දුෂ්ට ස්ථානයක් වන 12 පාප කර්තරිත යෝගයකට මැදිව සිටීමත් 12 වැන්නාධිපති ගුරු 4 වැන්නාධිපති පාප කර්තරීහ යෝගයකට මැදිව 10 වැන්නෙහි සිටින සතුරු රවි, 6 අධිපති බුධ, 8 අධිපති අඟහරුගේ සප්තම දෘෂ්ටියෙන් පීඩා වීම අසල්වැසි රාජ්‍යයන් සමඟ දේශ සීමා ප්‍රශ්න මුල් කරගෙන ගැටුම් ඇති කර ගන්නා බව පෙන්වා දෙන ග්‍රහ පිහිටීමකි.
ඒ අනුව ජුනි 13 වැනි සිකුරාදා යුද්ධය ඇති වන විට සෙනසුරු 12 වැන්නේ ජන්ම සඳු මතින් ගෝචර වෙමින් ජන්ම ඒරාෂ්ටක අපලයක් උදා කර තිබුණි. ඒවන විට නෛසර්ගික මහ දශා අධිපති ගුරු චන්ද්‍රයා තැන්පත් රාශි අධිපති වෙමින් අසල්වැසි රටවල් ගැන කරුණුූ නිවේදන කෙරෙන 3වැන්න වූ මිථුනයේ එහි අධිපති බුධ සමඟ ගෝචර වෙමින් සිටියේය. ඒ අනුව එකී ග්‍රහ පිහිටීම් හේතු කොටගෙන ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද්ධයක් ඇතිවිය.
දැන් අපි ඊශ්‍රායල් වෘෂභ ලග්න කේන්දරයට අනුව ඊශ්‍රායලය ඉරානය අතර යුද්ධයක් ඇතිකර ගැනීමට හේතු භූත වූ කරුණු කවරේද? යන්න පිළිබඳව පහත දැක්වෙන ඊශ්‍රායල් කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව කරුණු පරික්ෂා කර බලමු.
ඊශ්‍රායෙල් වෘෂභ ලග්න කේන්දරයේ අසල්වැසි රාජ්‍ය ගැන කරුණූ හෙලිදරව් කෙරෙන භාවයක් වන 03වැන්න වූ කටකයේ රාහු කේතුගෙන් පීඩා වු සිව්වැන්නාධිපති රවිගේ කේන්දර දෘෂ්ටියට ලක්වූ කුජ, ශනි යෝගයකි. එම කුජ, ශනි යෝගය ඊශ්‍රායලය අසල්වැසි රාජ්‍යයන් සමඟ දේශ සීමා ප්‍රශ්න කේන්ද්‍ර කොට ගෙන යුද්ධ ඇති කර ගන්නා බව පෙන්වා දෙන ග්‍රහ පිහිටීමකි.
(රතු අක්ෂරවලින් දක්වා ඇත්තේ) යුද්ධ ඇති වන විට වෘෂභ ලග්න කේන්දරයේ නව ග්‍රහයන් පිහිටා ඇති ආකාරයයි.
ඒ අනුව ජූනි 13 වෙනිදා ඊශ්‍රායෙලය ඉරානය සමඟ යුද්ධ වදිනවිට සෙනසුරු ග්‍රහයාට අයත් නෛසර්ගික මහදශාවේ සෙනසුරු අතුරු දශාව ලබා තිබුණු අතර එවිට මහ දශා අධිපති මෙන් අතුරු දශා අධිපති ශනි ජන්ම රවිගෙන් 12 වැන්න වූ මීන රාශියේ ගමන් කරමින් සූර්යයා ජන්ම ඒරාෂ්ටක අපලයක් උදා කිරීම ඊශ්‍රායලයට, ඉරානය සමඟ යුද ගැටුම් ඇති කර ගැනීමට හේතු භූත වූ ග්‍රහ බලය විය.
ඒ අනුව ඉදිරියේදී 2027.06.03 වැනිදා සෙනසුරු මේෂ රාශි ගතවීමෙන් පසු ඉරානයට ලග්න ඒරාෂ්ටක අපලයකුත් ජන්ම ඒරාෂ්ටයක අපලයකුත් ජන්ම සූර්යයා කේන්ද්‍ර කොට ගෙන කණ්ඨක ශනි ඒරාෂ්ටක අපල තුනක් යෙදෙන අතර, ඊශ්‍රායෙලයට ද එලෙස ශනි මේෂ රාශි ගතවීමෙන් පසු ලග්න ඒරාෂ්ටක ජන්ම සූර්යයා ඒරාෂ්ටක ජන්ම චන්ද්‍ර ඒරාෂ්ටක අපල යන ඒරාෂ්ටක අපල තුනක් ලබයි. ඒ අනුව එලෙස ඉරානයට සහ ඊශ්‍රායෙලයට අනතුරුදායක රැසක් වන මේෂ රැස මුල්කරගෙන ඒරාෂ්ටක අපල තුනක් එකවර යෙදීම දෙරට අතර බිහිසුණු යුද්ධයක් ඇතිවීමට හේතුවන ග්‍රහ බලයකි.
මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ඉරාන ඊශ්‍රායෙල් යුද්ධය මුල් කරගෙන තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වන බවට දේශපාලන විචාරකයින් විසින් කරන ලද ප්‍රකාශයයි. එම ප්‍රකාශය පිළිබඳව ඡ්‍යොතිෂ්‍යයම දෘෂ්ටි කෝණයකින් කරුණුූ විමසා බලන කල ප්‍රථමයෙන් 20 වැනි සියවසේ මුල් අඩ තුළ සිදුවු පළමුවැනි ලෝක සංග්‍රාමය සහ දෙවැනි ලෝක සංග්‍රාමය කෙරෙහි අපි අපගේ අවධානය යොමුකළ යුතුය. ඒ අනුව පහත දැක්වෙන 20 වැනි සියවසේ විශ්ව කේන්දරය වන මේෂ ලග්නයෙහි ග්‍රහ පිහිටීම් පරික්ෂා කර බලන කල ඉහත විශ්ව කේන්දරයේ රාහු කේතු හැර සියලුම තාරා ග්‍රහයන්, රාශි තුනක යෙදීමෙන් පැන නැගුණු ශුල නපුුරු යෝගයක් යෙදී ඇත. මෙකී යෝගයට සම්බන්ධ සියලුම ග්‍රහයන් තිරිසන් රාශිවල යෙදීමෙන් නපුරුකම වඩා තීව්‍ර වී ඇත. එහි ප්‍රතිඵලය වූයේ ඉතාලියේ ඒකාධිපති බෙනීටෝ මුසොලිනී ජර්මනියේ ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් මුල්කරගෙන පළමු ලෝක සංග්‍රාමය සහ දෙවැනි ලෝක සංග්‍රාමය ඇතිවීමයි. ඒ අනුව පළමු ලෝක යුද්ධ සෙනසුරු ග්‍රහයා මිථුන, කටක යන රාශිවල ගෝචරය වීමේදී පැන නැගුණු ජන්ම සුර්යයා, සහ ජන්ම සඳු මුල් කරගෙන යෙදුණු කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලත් පසුව උත්පත්ති රවි, සඳු මුල්කර ගෙන යෙදුණු අෂ්ටම ඒරාෂ්ටක අපල පැවතුණු අතර දෙවැනි ලෝක යුද්ධ කාලයේදී සෙනසුරු ග්‍රහයා මේෂ, වෘෂභ රාශිවල ගමන් කරන විට යෙදුණු ලග්න ඒරාෂ්ටකයක්, පසුව ශනි මිථුන රාශියේ ගමන් කරන විට යෙදුණු සූර්ය, සහ චන්ද්‍ර කණ්ඨක, ශනි ඒරාෂ්ටක අපලත් ඉන්පසුව ශනි කටකයේ ගමන් කරන විට යෙදුණු සූර්ය, රවි, අෂ්ටම සහ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලත් යෙදී තිබුණි. ඒ අනුව 20 වැනි සියවසේ විශ්ව කේන්දරයේ යෙදුණ ඉහත විග්‍රහ කළ අශුභ ග්‍රහයෝගත් ඒ සමඟ යෙදුණු ඒරාෂ්ටක අපලත් 20 වැනි සියවසේ ලෝක යුද්ධ දෙකක් ඇතිවීමට හේතු ග්‍රහ බල විය.
පහත දැක්වෙන 21 වැනි සියවසේ විශ්ව කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව ලෝක යුද්ධයක් ඇතිවේද යන්න පිළිබඳව කරුණුූ පරික්ෂා කිරීමේදී
2000/01/01 විශ්ව කේන්දරයේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය රතු අක්ෂරවලින් දක්වා ඇත්තේ ශනි රාහු / කේතුගේ ග්‍රහ ගෝචර ගමනයි.
පහත දැක්වෙන 21 වෙනි සියවසයේ විශ්ව කේන්දරය වන මේෂ ලග්නයෙහි ග්‍රහ පිහිටීම් පරික්ෂා කර බලන කල ලග්නයෙහි සිටින ශනිට චතුරස්‍රව රාහු, කේතු සිටීමත්, මේෂ ලග්නයට යෝගකාරක ග්‍රහයා වන ගුරු ලග්නයේ පතිතව ශනි, රාහු කේතු යන ග්‍රහයන්ගෙන් පීඩා වීම විශ්ව කේන්දරයට අශුභ ඵලගෙන දෙන ග්‍රහ පිහිටීමකි. ඒ හැර යුද්ධයට කාරක ග්‍රහයන් වන අඟහරු, සෙනසුරු අනතුරුදායක රාශි වන මේෂ, කුම්භ යන රාශිවල සිටීමත් ලෝවැස්සන් නිවේදනය කෙරෙන සඳු මාරකස්ථානයක් මෙන්ම අනතුරුදායක රාශියක් වන 7 වැන්න වූ තුලාවේ පතිතව ශනි, රාහු, කුජ, කේතු යන ග්‍රහයන් පීඩාවීමත් එමෙන්ම ලෝවැස්සන් නිවේදනය කෙරෙන භාවයක් වන සිව්වැන්න වූ කටකයේ රාහු සතුරුව සිටීම සිව්වැන්නෙන් 7, 8 යන මාරක ස්ථානවල මරණයට කාරක කුජ, කේතු යන ග්‍රහයන් සිටීම යන ග්‍රහ පිහිටීම්, මරණයට කාරක කුජ, කේතු යන ග්‍රහයන් සිටීම යන ග්‍රහ පිහිටීම්, විශ්ව කේන්දරයේ ඒරාෂ්ටක අපල යෙදෙන කාලසීමාවලදි ලෝවැස්සන් විශාල සංඛ්‍යාවක් යුද්ධ කලකෝලාහල, මත්ද්‍රව්‍ය භාවිතය, හදිසි අනතුරු, විකෘති ලිංගික ක්‍රියාකාරකම් නිසා පැතිරෙන වෛයිරස් රෝගවලින් මියැදෙන බව පෙන්වා දෙන ග්‍රහ බල වන්නේය. ඒ අනුව 2027/ 06/03 ශනි තේජෝ, රාශියක් වන මේෂ රැසට ගොස් ගෝචර රාහු, කේතුට චතුරස්‍ර වෙමින් යෙදෙන කණ්ඨක ඒරාෂ්ටකයක අපල කාල සීමාවේදී ඉරාන ඊශ්‍රායෙල් යුද්ධය මුල් කරගෙන තෙවැනි ලෝක යුද්ධයක් ඇති විමේ ඉඩකඩක් ඇතිවිය හැකි අතර මෙලෙස ශනි මේෂයේ ගමන් කිරීමෙන් යෙදෙන කන්ඨක ශනි ඒරාෂ්ටක අපල ශනි වෘෂභ රාශියට යෑමත් සමඟ ලග්න ඒරාෂ්ටක අපලයත් සමඟ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක යන ඒරාෂ්ටක අපල දෙකක් එකවර ලබන හෙයින් ලෝක යුද්ධයක් ඇති වුවහොත් මෙකී ශනි, වෘෂභ රාශි ගෝචරයේදී එය වඩාත් තීව්‍ර වීමේ ප්‍රවණතාවයක් ඇති විය හැකිය. මේවන විට චන්ද්‍රයාට අයත් විංශෝත්තරී මහ දශාව ලබා තිබීමද මෙකී කාලසීමාව තුළ ඉරාන ඊශ්‍රායල් යුද්ධ කේන්ද්‍ර කොට ගෙන ලෝක යුද්ධයක් ඇති විය හැකි බව පෙන්නුම් කෙරෙන තවත් ඡ්‍යොතිෂ්‍ය සාධකයක් වන්නේය.
Advertisements


