Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජූලි 29 වැනිදා ගුරු වක්‍ර වෙයි උත්පත්තියේදී ගුරු වක්‍ර අයට දැනට වඩා සුබදායක කාලයක්

1 year ago 7 Min read
Subha.lk

ගුරු ග්‍රහයා 2022 වසරෙහි •ජූලි 29 වැනිදා පෙව. 2.09ට වක්‍ර චලිතයක් කරා පිවිසෙයි. මෙසේ වක්‍ර චලිතයක් කරා පිවිසෙන ගුරු ග්‍රහයා 2022 වසරෙහි නොවැම්බර් 24 වැනිදා පෙව 433 වන තෙක්ම තම වක්‍ර චලිතය පවත්වාගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව උත්පත්ති කේන්දර සටහන් තුළ ගුරු වක්‍රව ඉපදී ඇති අයට 2022 වසරෙහි ජූලි 29 වැනිදාත් 2022 වසරෙහි නොවැම්බර් 24 වැනිදාත් අතර කාල සීමාව තුළ කලින්ට වඩා සුබපල පෙන්නුම් කරන අතර අතපසු වී පවතින කටයුත්තක් හෝ අසම්පූර්ණව පවතින කටයුත්තක් සම්පූර්ණ කර ගැනීමට භාග්‍යය උදාවනු ඇත. කුම්භ ලග්නලාභී කේන්දරයෙහි ධනස්ථානය සහ අයස්ථානය අධිපති ගුරු ග්‍රහයා වක්‍ර වීමට අනුව ඉහත කාල සීමාව තුළ රටෙහි ආර්ථිකය සමිබන්ධව යම්තාක් දුරකට හෝ අසුබ ආරංචි ලැබීමේ අවදානමක් හට ගනී.

 ගුරු ග්‍රහයා මෙසේ වක්‍ර චලිතයකට පිවිසීමට අනුව 2022 වසරෙහි ජූලි 29 ආශ්‍රිතව සහ 2022 වසරෙහි ජූලි 29 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ප්‍රසිද්ධ ආගමික උතුමන්ලා සම්බන්ධව සහ ආගමික අංශ සම්බන්ධව අසුබ ආරංචිවලට ඉඩකඩ ඇති අතර හදිසි අනතුරුවල වැඩි වීමක්ද පෙන්නුම් කෙරේ. ඒ නිසා 2022 වසරෙහි ජූලි 29 ආශ්‍රිත දිනවල සහ 2022 වසරෙහි ජූලි 29 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ගමන්බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාට වඩා පර්ක්ෂාකාර්ව කටයුතු කිරීම නුවණට හුරුය. මීට අමතර ලෙස ගුරු ග්‍රහයා මෙසේ වක්‍රවීමට අනුව 2022 වසරෙහි ජූලි 29 වැනිදා ආශ්‍රිත දිනවල සහ 2022 වසරෙහි ජූලි 29 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ බන්ධනාගාර ආශ්‍රිත නොසන්සුන්තාවලට, බන්ධනාගාර ආශ්‍රිත ගැටුම්කාර් තත්ත්වවලට සහ බන්ධනාගාර සම්බන්ධ ආන්දෝලනාත්මක සිදුවීම්වලට ඉඩකඩ පවතියි. එමෙන්ම ගුරු ග්‍රහයා මෙසේ වක්‍ර වීමට අනුව 2022 වසරෙහි ජූලි 29 ආශ්‍රිත දිනවල සහ 2022 වසරෙහි ජූලි 29 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ අසනීප පැතිරීම සම්බන්ධව යම් යම් අවිනිශ්චිත සහ අසුබ තත්ත්ව පෙන්නුම් කෙරේ.

 මීට කලින් ලිපියෙන්ද සඳහන් කළ පරිදි 2022 වසරෙහි අගෝස්තු 2 වැනිදා කුජ සහ යුරේනස් යන ග්‍රහයන් යුද වදියි. ඒ අනුව 2022 වසරෙහි අගෝස්තු 2 ආශ්‍රිත දිනවල සහ 2022 වසරෙහි අගෝස්තු 2 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ හදිසි අනතුරුවල ශීඝ්‍ර වැඩි වීමක් පෙන්නුම් කරන බැවින් ගමන් බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාට වඩා පරික්ෂාකාරීව කාලය ගත කළ යුතුය.

 

බුධ ග්‍රහයා 2022 වසරෙහි අගෝස්තු 1 වැනිදා පෙ.ව. 3.45ට සිංහ රාශිය කරා පිවිසෙන අතර 2022 වසරෙහි අගෝස්තු 21 වැනිදා පෙ.ව. 2.06 වන තෙක්ම තම සිංහ රාශි චලිතය පවත්වාගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2022 වසරෙහි අගෝස්තු 1 වැනිදා ආශ්‍රිත දිනවල අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය වැනි අංශ පිළිබඳව සුවිශේෂී ආරංචිවලට ඉඩකඩ පවතියි. මෙම ග්‍රහ ගෝචරයට අනුව 2022 වසරෙහි අගෝස්තු 1 වැනිදා ආශ්‍රිතව සහ 2022 වසරෙහි අගෝස්තු 1 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ රටට අසුබ ආරංචියක් ලැබීමක් පෙන්නුම් කෙරේ. තවද මෙම ග්‍රහ ගෝචරයට අනුව 2022 වසරෙහි අගෝස්තු 1 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ඇතිවන මත ගැටුම් පෙන්නුම් කරන අතර එම කාල සීමාව තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන්ට ඇතිවන ඉතා බලගතු අපලද පෙන්නුම් කෙරේ.

 ඉදිරියේදී සිදුවීමට නියමිත තීරණාත්මක ග්‍රහ මාරු පිළිබඳව සලකද්දී 2022 වසරෙහි අගෝස්තු 17 වැනිදා පෙ.ව. 7.23ට රවි ග්‍රහයා සිංහ රාශිය කරා ප්‍රවේශ වීමද 2022 වසරෙහි අගෝස්තු 10 වැනිදා රාත්‍රි 9.10ට කුජ හයා වෘෂභ රාශිය කරා පිවිසීමද, 2022 වසරෙහි අගෝස්තු 21 වැනිදා පෙ.ව. 2.06ට බුධ ග්‍රහයා කන්‍යා රාශියට පිවිසීමද වඩාත් තීරණාත්මක වෙයි. එම ග්‍රහ මාරු නිසා රටට සහ ලෝකයට ඇතිවන ප්‍රතිඵල පිළිබඳව සාකච්ඡා කිරීමට ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වෙමු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk