Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල (2022 ජුලි මස 25 ෙවනි දින සිට ජුලි 31 දක්වා)

1 year ago 7 Min read
Subha.lk

🔘  මේෂ

 

ගෙදර දොර වැඩකටයුතු හරිහැටි අවබෝධ කර නොගැනීම හේතුකොටගෙන මේෂ ලග්න හිමියන්ට විවිධ කරදර හා ගැටලු පැනනැඟෙනු ඇත. ආමාශයේ ආබාධයක් ඇතිවිය හැකිය. ඥාතීන් මෙන්ම ස්ත්‍රීන්ද ඔබ ගැන සතුටට පත්වේ. ඉතාම ළැදිව සංග්‍රහ කරන්නෙක් ළඟට යෑමට හැකිවේ. වස්තු ලාභ සහිත කාලයකි. රැකියා පිළිබඳ උනන්දුව වැඩිවනු ඇත. පොළොව කැණීමක් වැනි කටයුත්තක නිරතවීමට සිදුවේ. අවනම්බුවක් හෝ ලැජ්ජාවීමක් ඇතිවේ. එයින් සිත් වේදනා හටගනී. පවුලේ අය සමඟ ආරවුලක් ඇතිවිය හැකිය. අනුමානයට කටයුතු කිරීමෙන් වළකින්න. ගමන් බිමන්වලදී වඩාත් ප්‍රවේශම් වන්න. මඟතොට අනතුරු සිදුවීමට හේතුයි. නහර හා ස්නායු සම්බන්ධ රෝගයක් වැලදීමට හෝ ලේ ගලන තුවාලයක් වීමට නියමයි. ණය ලබාගෙන ඇත්නම් ඔවුන්ගෙන් විවිධ බලපෑම් එල්ලවිය හැකිය. නීතියේ පිහිට පැතීමට හෝ නඩුහබවලට පැටලීමට ඉඩ ඇත. උණ, කැස්ස හෝ පපුවේ ආබාධයක් සිදුවිය හැකිය. අධි රුධිර පීඩනය ඇති අයට තරමක් අශුභයි.

 

සුඛ දිනය :- සඳුදා

සුබ වර්ණය :- දම් පාට

ඡය අංක :- 07, 16

 

🔘  වෘෂභ

 

උදාවේ. ධන ලාභ සහිතයි. උසස් අයගේ උපකාරද සැලකිලිද ලැබෙන කාලයකි. තිබුණාට වඩා පියවරක් හෝ දියුණුවේ ඉදිරියට යා හැකිවේ. වෙළෙඳ ප්‍රජාවට විශේෂ දියුණුවක් මෙන්ම ලාභ ලැබෙන සතියකි. ශරීරයේ බර වැඩිවීමටද ඉඩ ඇත. ගරු නම්බු ලැබීමට හේතුයි. තනතුරු උසස් වේ. අන් අයගේ සහාය ලැබේ. හිතමිතුරන් හා ආශ්‍රය වැඩිවේ. බලාපොරොත්තු ඉටුවන ලකුණු ඇත. වාසනාවන්ත පුද්ගලයන්ගේ ඇසුර ලැබිය හැකිය. බාල සොයුරන්ගේ සහායද උපකාරයද ලැබෙනු ඇත. වෙනදාට වඩා සුළු සුළු ගමන් බිමන් අධික වේ. අලුත් වැඩකට අතගැසීමට සුබ සතියකි. සතුරු කරදර දුරු වී යයි. තමාගෙ බලයත් වික්‍රමාන්විත බවත් ගාමභීරත්වයත් ප්‍රකටව පෙනෙනු ඇත. එසේම බඩ පුරවා දැමීම, අජීර්ණ ගතිය. මූත්‍රා. ආසාදන ආදී රෝග තත්ත්වයන්ද ඉස්මතු විය හැකිය. නියමිත වේලාවට ආහාර ගැනීමට නොහැකි වනු ඇත. කෙසේ නමුත් දියුණුවට සුබ සතියකි.

 

සුබ දිනය :- සෙනසුරාදා

සුබ වර්ණය :- තද නිල්

ජය අංක :- 08, 17

 

 

🔘  මිථුන

 

අදින් ඇරඹෙන සතිය පෙර සතිවලට වඩා අසීරු කාලයක් වනු ඇත. මිථුන ලග්න හිමියන්ට තමාගේ ධනය පිළිබඳව අධිමානයක් ඇතිවේ. මුදල් ලැබීම අවම වන අතර වැය වීම උපරිම සීමාවද ඉක්මවා යයි. එයින් තම තැන්පත් ධනයටද විශාල මිථුන බලපෑමක් එල්ල වේ. තිබෙන ප්‍රමාණයට වඩා වියදම් කරන්නට උත්සාහ දරයි. එබැවින් මිථුන ලග්න හිමියන් අත්‍යවශ්‍යම වියදම් හැර අනෙකුත් වියදම් අත්හිටුවන්නේ නම් මැනවි. මුහුණේ කුරුලෑ මතුවේ. මුහුණේ හා ඇස් වලත්, හිසේත් තද උෂ්ණ ගතියක් ඇති වේ. සමේ රෝග, කුෂ්ඨ, දහඩිය බිබිළි වැනි තත්ත්වයන් හා ඉරුවාරදයද උත්සන්න විය හැකිය. විවාහක අය අතර සැමියාට හෝ බිරියට අසනීප, විපත්, දුක් ඇති විය හැකිය. එකිනෙකා පරයා කටයුතු කරන්නට යෑමෙන් කුටුම්බය තුළ ආරවුල් පැනනැගේ. තරගවලට මෙන්ම වාද විවාද වලටද ප්‍රියකරයි. ප්‍රීතිමත් ගමන් බිමන් යෙදේ. අනාගතයේදී ප්‍රයෝජනවත් වන උසස් අයකු හඳුනා ගැනීමට හැකිවේ.

 

සුබ දිනයථ:- සිකුරාදා

සුබ වර්ණය :- ළා නිල් පාට

ජය අංක :- 06, 15

 

 

🔘  කටක

 

ඔබගේ සිත තරමක් උද්‍යොගයෙන් පියන සතියකි. විශේෂිත හේතුවක් නැතත් ගමන් බිමන් අධික වේ. සමහර විටෙක කනස්සල්ලෙන් ගෙවීයන දවස්ද වේ. ශරීරයේ උෂ්ණ ගතිය වැඩිවේ. හිස ආශ්‍රිත රෝග තරමක් උත්සන්න වන ලකුණු ඇත. ඇඳුම රෝගයෙන් පෙළෙන කටක ලග්න හිමියන් වඩාත් ප්‍රවේශම් විය යුතු කාලයකි. ශරීරය වෙව්ලන ගතියක් දැනෙන්නට පුළුවන. තමන් ගැන නොයෙකුත් තැන්වල කතාවේ. ගිනි බයක් හෝ ගින්නෙන් සුළු හෝ අනතුරක් සිදුවිය හැකිය. ශරීරයේ ලේ ධාතුව උෂ්ණ කරවයි. කෝපය, කේන්තිය තරමක් අධික විය හැකිය. පියාට හෝ පිය පාර්ශ්වයේ ඥාතියකුට තරමක් අශුභ කාලයකි. ඇතැම්විට වාසස්ථාන වෙනස් කිරීමට සිදු විය හැකිය. ඒ අතරම බලාපොරොත්තුව සිටි දෙයක් ලැබෙන්නට ඉඩ ඇත. යම් කටයුත්තක් වෙනුවෙන් දැඩිසේ මහන්සි වීමට සිදුවේ. මිල මුදල් ලාභයක්ද පෙන්නුම් කරයි. තරමක් රාගාධික කාලයක් විය හැකිය. විරුද්ධ ලිංගිකයන්ගේ සැලකිල්ලට හා ඔවුන්ගේ ආදරය ලැබීමට හැකිවේ.

 

සුබ දිනය :- බ්‍රහස්පතින්දා

වර්ණය :- සුදු පාට

ජය අංක :- 09, 36

 

 

🔘   සිංහ

 

තිබුණු ගෞරවය, සැලකිල්ල පිරිහී යන්නට ඇති ඉඩකඩ බොහෝය. කරගෙන යන කටයුතු පහළ වැටීමටද ඉඩ ඇත. සිංහයෙන් උපන් අයට රණ්ඩුසරුවල්, කෝලහාල ආදියට මැදි වීමට සිදුවේ. මුදල් නැතිවේ. ඥාතියෙක් හෝ මිත්‍රයෙක් සමඟ ආරවුලක් හෝ අමනාපයක් ඇතිවන ලකුණු ඇත. පිත කෝපවීම නිසාවෙන් උණ ගතියක් ඇතිවිය හැකිය. සමහරවිට රෝහල් ගත වීමටද සිදුවේ. ශ්‍රවණ ආබාධයක් හෝ දත්වල ආබාධයකටද හේතුයි. සමීප ඥාතියකුගේ අසනීපයක් ගැන අසන්නට සිදුවේ. රාජ්‍ය සේවයේ නියුතු අයට විවිධ ප්‍රශ්න හා ගැටලුවලට මුහුණදීමට සිදු විය හැකිය. තමන් රැකගෙන සිටි හොඳ නාමයට කැළලක් සිදුවනු ඇත. විනෝදබර ක්‍රීඩාවක නිරතවීමට හැකිවේ. ඒ අතරම සුළු හෝ වස්තු ලාභයක් ලැබෙනු ඇත. කලෙකින් නොලද විධියේ ප්‍රණීත ආහාරයක් භුක්ති විඳීමට හැකිවේ. අලුත් මිත්‍රයෙක් මුණගැසෙනු ඇත. ප්‍රීතිමත් ගමනකට සහභාගි විය හැකිය. සතිය අවසානයේදී ගෞරවය තරමක් හෝ වැඩිවනු ඇත.

 

සුබ දිනය :- ඉරිදා

සුඛ වර්ණය :- නිල් පාට

ඡය අංක :- 04, 13

 

 

 🔘   කනයා

 

 

මෙම සතිය තුළ උසස් තත්ත්වයකට අවතීර්ණ වීමේ භාග්‍යය කන්‍යාවට උදාවේ. ගරු කරන අයට විශේෂ දියුණුවක් ඇති වේ. රජයේ සේවකයන් ඇගැයීමට ලක්වෙන කාලයකි. ඉහළ නිලධාරීන්ගේ පැසසුමට හෝ ලක්වේ. කාලයට අනුව නියම වටිනාකමට යමක් අලෙවි කරගත හැකි කාලයකි. ඇඳුම් පැලඳුම් ධන ධාන්‍ය ලැබීමට හේතුයි. නව සබඳතා ගොඩනැගේ. රජයෙන් හෝ මිතුරන්ගෙන් හෝ තරුණ පිරිසගෙන් යමක් ඉටුකර ගැනීමට අදහස් කර සිටීනම් එම බලාපොරොත්තු සඵල වනු ඇත. දියුණුව වැඩිවේ. දේශපාලන ව්‍යාපාරය තුළ යෙදී සිටින අයට විශාල දියුණුවක් ලද හැකිය. ජන ප්‍රසාදය වැඩිවේ. තෑගි බෝග ලැබෙන්නට ඉඩ ඇත. හිතවතුන් හිතවතියන් සමඟ විනෝදයෙන් එක්රොක්වීමට හෝ චාරිකාවක යෙදීමට හැකිවේ. උසස් උගත්, බුද්ධිමත් අයකු හා අලුතින් මිත්‍රත්වයක් ගොඩනැඟෙනු ඇත. හදිසි ධන ලාභ හෝ උසස් අයකුගෙන් වටිනා වස්තුවක් ලැබිය හැකිය.

 

සුබ දිනය :- සඳුදා

සුබ වර්ණය :- දම් පාට

ජය අංක :- 7, 25

 

 

🔘   තුලා

 

කරගෙන ආ කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවන ලකුණු ඇති සතියකි. තුලා ලග්න හිමියන් අලුතින් යම් කටයුත්තක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් ඉතා හොඳින් දියුණුව කරා ගමන් කරනු ඇත. ලාභ ප්‍රයෝජන වැඩිවේ. පියාගෙන් හෝ පිය පාර්ශ්වයෙන් ලාභයක් ලැබෙනු ඇත. පිය පාර්ශ්වයේ අය අතර විශේෂ අවධානයට ලක්වේ. ගින්දර භාවිතයෙන් ව්‍යාපාර කරන අයට යහපත් කාලයකි. නව රැකියා ලාභවලට හේතුයි. උසස් අය හා පමණට වඩා අශ්‍රයට යෑම අශුභ විය හැකිය. අත්වැරදීම් සිදු විය හැකි කාලයක් බැවින් තරමක් ප්‍රවේශම් වන්න. අලංකාරයට මෙන්ම ප්‍රසිද්ධියටත් හේතුවන යමක් ලැබෙනු ඇත. ප්‍රසිද්ධ ස්ථානයකට යෑමට අවස්ථාව උදාවේ. උසස් අයකු තමා සොයාගෙන එනු ඇත. නැතහොත් තමන්ගෙන් යම් සේවාවක් ලබාගනී. ස්ථානීය වෙනසක් හෝ ක්‍රියා කලාපයේ වෙනසක් යහපත් අයුරින් සිදුවිය හැකිය. ශරීර සනීපය යහපත් වේ. කීර්ති ප්‍රශංසා නිසා ඇතිවන සබඳතාවලදී ඉතාම කල්පනාකාරීව කටයුතු කරන්න.

 

සුබ දිනය :- සෙනසුරාදා

සුඛ වර්ණය :- අළු පාට

ජය අංක :- 17, 26

 

 

🔘  වෘශ්චික

 

මෙම සතියේ මලානික උදාසීන තත්ත්වයක් මෙන්ම ශරීරයට පණ නැති ගතියක් වෘශ්චිකයට දැනෙනු ඇත. නින්දා සහගත දෙයක් අසන්නට සිදුවේ. නිෂ්ඵල වියදම් අධික විය හැකිය. මුදල් හානි හා බඩු මුට්ටු කැඩී බිඳී විනාශවීම් වැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ. ආදායම් මාර්ග අවහිර වන ලකුණු ඇත. කිසිදා නොසිතූ අයවලුන්ට යටත් වීමට සිදුවිය හැකිය. තම සහෝදර පක්ෂයේ අයකුට අසනීපයක් වැලඳෙනු ඇත. පවුලේ වැඩිහිටියකුට තරමක් අශුභයි. යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත විද්‍යාවන්ගේ පිහිට ආරක්ෂාව සොයන එයින් යම් සහනයක් ලබන කාලසීමවකි. පුණ්‍ය කටයුතුවලට සහභාගි වන්නේ වී නමුදු ඒ වැඩි ඇල්මකින් නොවනු ඇත. වන්දනා ගමනක් යෑමට අවස්ථාව උදාවේ. දූ දරුවන්ට යහපත් කාලයකි. මිල මුදල් පිළිබඳව නිතර සිතේ. ඒවා ලැබේද නොලැබේද යන දෙගිඩියාව සිත තුළ හටගනී. වස්ත්‍ර ලාභයක් සහිතයි. මිත්‍රයන් හා වාද විවාද කිරීමෙන් වැළකී සිටීම යහපති. උදරාබාධයක් ඇතිවිය හැකිය.

 

සුබ දිනය :- සිකුරාදා

සුබ වර්ණය :- නිල් පාට

ජය අංක :- 06, 15

 

 

🔘  ධනු

 

ඔබට හෝ අඹුදරු ආදී කෙනෙකුට අසනීපයක් හෝ පීඩාවක් ඇති විය හැකි සතියකි. ධනු ලග්න හිමියන්ට උසස් අයගෙන් කරදර හිරිහැර හෝ තර්ජන ගර්ජන සිදු විය හැකිය. ඔවුන්ගේ තත්ත්වය බලය උපයොගී කරමින් යම් යම් බලපෑම් කිරීමටද ඉඩ ධන ඇත. තද අව්වේ කාලය ගතකිරීමට සිදුවේ. ගිනි බියක්ද ඇතිවිය හැකිය. ලේ ධාතුව දූෂ්‍ය වනු ඇත. අධිරුධිර පීඩනය, අර්ශස්, ලේ රත්වීම, උණ ආදී රෝග ඇතිවීමට හෝ එවැනි රෝග ඇත්නම් ඒවා උත්සන්න වීමට බොහෝදුරට ඉඩ ඇත. හදිසි අනතුරුවලට මුහුණදීමට සිදු විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. පියාට හෝ පිය පාර්ශ්වයේ අයකුට, ගුරුවරයකුට, වැඩිහිටියකුට තරමක් අශුභ සතියකි. මුදල් හානි, අධික වියදම්, උපකරණ හෝ වාහන ආදියට හානි සිදු විය හැකිය. විවාහක අයගේ සහකරුට සුළු වශයෙන් හෝ රෝගාබාධයක් වැලඳෙනු ඇත. සතිය අගභාගයේ දියුණුව පිළිබඳ අදහස් හෝ සාකච්ඡාවලට යොමුවේ. අමුත්තන්ගේ පැමිණීමක් බලාපොරොත්තුවන්න.

 

සුබ දිනය :- බ්‍රහස්පතින්දා

වර්ණය :- ක්‍රීම් පාට

ජය අංක :- 06, 24

 

 

🔘  මකර

 

වාහන පහසුකම් හෝ වාහන ලාභ සහිත මෙම සතිය ඔබට සම්ඵල දායක වනු ඇත. අයගෙන් ආදරණීය සංග්‍රහ ලැබීමට හැකිවේ. අන් ප්‍රේම සම්බන්ධයක් ගැන හෝ විවාහයක් පිළිබඳ අදහස් ඇති වේ. වියදම් පක්ෂය තරමක් අධික විය හැකිය. තත්ත්වයට නොගැළපෙන වචන කීමට හෝ ඇසීමට සිදුවේ. විටින් විට වෙනස්වන ස්වභාවයක් සිතේ පවතී. කරගෙන යන වැඩකටයුතු අඩාල විය හැකිය. ඒ පිළිබඳව සිතා මහන්සි වී උනන්දුවෙන් කටයුතු කරන්න. බිරිය හෝ සැමියා සමඟ බහින්බස්වීම්, සිත්තැවුල්, ආරවුල් ඉස්මතු විය හැකි කාලයකි. සෙම් දෝෂ, පාචනය, උණ, අර්ශස්, අක්මාවේ දෝෂ වැනි රෝගවලින් පෙළෙන අය දැඩිසේ ප්‍රවේශම් විය යුතුය. ඉකිළි ආශ්‍රිතව යම් යම් ආසාදන මතුවිය හැකිය. ඉතා කටුක දුෂ්කර ගමනක් යෙදෙනු ඇත. ඇස්වහ, කටවහ, හෝවහ ආදියට ලක්විය හැකි කාලයකි. මුදල් වියදම් කිරීමේදී සැලකිලිමත් වන්න. දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ මකර ලග්න හිමියන් දැඩි අවධානය යොමු කරන්නේ නම් මැනවි.

 

සුබ දිනය :- සඳුදා

සුබ වර්ණය :- සුදු පාට

ජය අංක :- 16, 25

 

 

🔘  කුම්භ

 

කුම්භයට ඉතාම ශුභ සතියක් ලෙස මෙම සතිය පෙන්වා දිය හැකිය. සතුරු කරදර දුරුවේ. දුක් කරදරවලින් නිදහස්වීමට ආධාර උපකාර ලැබෙනු ඇත. කරන කියන කටයුතු සාර්ථක කරගත හැකිය. තත්ත්වයද උසස්විය හැකිය. ආදායම් මාර්ග පෑදී ආදායම වැඩිවේ. රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවනු ඇත. යම් දෙයක් අලුතින් ආරම්භ කිරීමට සුබ සතියකි. අසනීපයෙන් පෙළෙන අයට නිරෝගී සුව අත්වෙනු ඇත. අලුතින් යමක් මිලදී ගැනීමට හෝ ලැබීමට හේතුයි. ස්වාමියාගෙන් හෝ රජයෙන් යමක් ලැබෙන්නට හෝ ගෞරවයට පාත්‍රවීමට නියමයි. කැපීම්, කෙටීම්, සීරීම් වැනි තුවාල ඇතිවිය හැකිය. ඕපාදුප කතාවකට හෝ කේලාම් කීමක් වැනි යමක් නිසා තත්ත්වය තරමක් පිරිහී යයි. නිවෙස වතුරට යටවීමක් හෝ වතුරේ බැස ගමන් කිරීමක් සිදු විය හැකිය. සතිය මැද හරියේදී මුළාවීමකට ලක්විය හැකි බැවින් කල්පනාකාරී වන්න. විශේෂයෙන් සමීප හිතවතුන් හා පවුලේ ඥාතීන් සමඟ ගනුදෙනු කිරීමෙන් වැළකී සිටීම යහපත් වනු ඇත.

 

සුබ දිනය :- සෙනසුරාදා

සුඛ වර්ණය :- කළු පාට

ජය අංක :- 08, 35

 

 

🔘  මීන

 

ඔබට මෙම සතියේ උසස් අයගෙන් කරදර සිදුවිය හැකිය. දරුවන්ගේද, ශිෂ්‍යන්ගේද හිතුවක්කාරකම්, අහංකාරකම් දකින්නට සිදුවේ. ඔවුන්ට තරමක් අපල කාලයකි. අතරමඟදී කරදරයක් හෝ හදිසි අනතුරක් සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. සතුරන් පිළිබඳ බියක් මතුවිය හැකිය. තරග විභාග ආදියට සහභාගි වන අයට කිවහැකි තරම් ප්‍රතිඵලයක් පෙන්නුම් නොකරන බැවින් මනා පූර්ව සූදානමක් ඇතිකර ගන්න. තම තත්ත්වයට, ප්‍රමාණයට වඩා වියදම් කිරීමට ඉදිරිපත්වී ධනය නැතිකර ගන්නට ඉඩ ඇති බැවින් අරපිරිමැස්මෙන් කටයුතු කරන්නේ නම් මැනවි. සතියේ මුල් දිනකීපය ගතවීමෙන් පසු තරමක් දුරට අස්වැසිල්ලක් ලැබෙනු ඇත. දියුණුව පතා යමක් ආරම්භ කිරීමට සිත් පහළ වේ. පැවැති මූල්‍යමය අපහසුතා මඟහැරී යන ලකුණු පෑදේ. ගොවිතැනින් දිවිගෙවන අයට ගොවිතැන් වැඩ ඇරඹීමට මෙම කාලය යහපත් වේ. ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාරය දියුණු කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක වේ.

 

සුබ දිනය :- බ්‍රහස්පතින්දා

සුබ වර්ණය :- රතු පාට,

ජය අංක :- 09, 18

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk