Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පවුල් අවුල් කරන ග්‍රහයෝග

2 weeks ago 7 Min read
Subha.lk

ඔබගේ උප්පත්ති ලග්න කේන්දරයේ විවාහය ගැන බැලීමේදී විවාහය ප්‍රමාදවීමට මෙන්ම විවාහ ජීවිතය දෙදරා  යාමට හේතු වන බොහෝ පිහිටීම් පෙන්නුම් කරනු ඇත.

 

විවාහයක් සඳහා පොරොන්දම් ගැලපීමේදී ඒ සඳහා බලන විසිපොරොන්දම්වලට අමතරව විවාහවීමට  බලාපොරොත්තු වන දෙදෙනාගේ කේන්දර සටහන් දෙකෙහි පවතින දෝෂ තත්ත්ව බලා ඒ ගැන විශේෂ  සැලකිල්ලක් දක්වා කටයුතු කළ යුතුය.

 

විවාහ ජීවිතයේ පැවැත්ම පෙන්නුම් කරනුයේ කේන්දර සටහන් දෙකෙනි. කේන්දර සටහන් දෙකෙහි දෝෂ  තත්ත්ව මෙන්ම දෙදෙනාට සමගිව කටයුතු කළ හැකි ශුභදායක පිහිටීම්ද ඇත.

 

විවාහ දෝෂ ගණනාවක්ම පවතින අතර ඒ සෑම විවාහ දෝෂයක්ම බිඳීයන ග්‍රහ යෙදුම්ද වේ. එබඳු දෝෂ  තත්ත්වයක් මතුවී ඇතත්, එම දෝෂ එකිනෙකාගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම අනුව බිඳීයන අවස්ථා ් පවතියි.

 

විවාහ දෝෂ අතර විශේෂයෙන් පරීක්ෂා කර බැලිය යුතු දෝෂ රාශියකි.

 

ශනි මංගල දෝෂය, චන්ද්‍රමංගලදෝෂය, කුජදෝෂය, ස්ත්‍රි පුරුෂ මරයෝග, කඩහන්දි දෝෂය, විෂ කන්‍යා දෝෂය, ඛේමදෘම වැනි දිළිදු වන දෝෂ, හත්වැන්න හා අටවැන්න අධිපති සමඟ සිටීමෙන් ඇතිවන දෝෂ, සිකුරු  හත්වැන්නේ පාප කර්තරීවීමේ දෝෂය, කුජ හා රාහු යෝගවීම, වඳ දෝෂ, තුන්කුලුදුල් දෝෂය, මන්දායුෂ ඇතිවීමේ දෝෂය, නානාංශක දෝෂ, අතිධාවන කාම යෝග යෙදෙන දෝෂ, වෛධව්‍ය දෝෂ, විසි දෙවැනි  දෙර්කානාධිපතිගෙන් යෙදෙන දෝෂ වැනි විවිධ දෝෂ තත්ත්ව හඳුන්වා දිය හැකිය.

 

මේ දෝෂ තත්ත්ව කේන්දරයක යෙදුණ පමණින්ම බිය විය යුතු නැති අතර අප මේ දෝෂ හරිහැටි හඳුනා ගෙන කේන්දර ගළපා විවාහ ජීවිතයට ඇතුළත් වීමෙන් තමාට අනාගතයේදී අත්විය හැකි කරදර බාධා අවම කර  ගැනීමට හැකිවනු ඇත.

 

කුජ දෝෂය

 

අඟහරු දෝෂය, භෞම දෝෂය යනුවෙන්ද මෙය හඳුන්වනු ලබයි. විවාහයට පත්වන යුවළක් විශේෂයෙන් බැලිය යුතු දෝෂයකි. කේන්දරයක01,02,04,07,08,12 යන ස්ථානයක කුජ ග්‍රහයා පිහිටීමෙන් මේ දෝෂය යෙදේ. සඳුගෙන් 01, 02, 04, 07, 08, 12 යන ස්ථානයක කුජ ග්‍රහයා තැන්පත් වීමෙන්ද මේ දෝෂය යෙදෙනු ඇත.

 

කේන්දර දෙකේම මෙවැනි දෝෂ ඇත්නම් කුජ දෝෂය බිඳෙන අතර ගුරුගේ දෘෂ්ටියට ලක්වීමෙන්ද ගුරු සමඟ  කුජ ග්‍රහයා යෝගවීමෙන්ද එය බිදෙනු ඇත. එසේම එක් කේන්දරයක කුජ සිටින රාශියේම අනෙක් කේන්දරයේ රාහු ඇතොත් මේ දෝෂය බිඳෙනු ඇත. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම එකම රාශියේ කුජ සිටීමෙන්ද මේ දෝෂය  භංග වනු ඇත.

 

ශනි මංගල දෝෂය

 

කුජ හා ශනි යන ග්‍රහයන් දෙදෙනා එකම රාශියක සිටීම හෝ දෘෂ්ටියට ලක්වීමෙන් ශනි මංගල දෝෂය යෙදෙනු ඇත. විවාහයට ඉතා අහිතකර යෝගයකි. දෙදෙනොගේ කේන්දර දෙකේම කොතැන හෝ එම යෝගය  යෙදුණහොත් දෝෂය බිඳේ. නැත්නම් කුජ ග්‍රහයාට04,07,08 යන ස්ථානයක සෙනසුරු(ශනි) ග්‍රහයා සිටීමෙන්  කුජගේ දෘෂ්ටියට සෙනසුරු ලක්වීම නිසා දෝෂය බිඳේ.

 

නැතිනම් සෙනසුරුගේ දෘෂ්ටියට 03, 07, 10 වැන්නෙන් කුජ ග්‍රහයා පෙනීම නිසාද දෝෂය භංග වනු ඇත.

 

චන්ද්‍ර මංගල දෝෂය

 

සඳු කුජ දෙදෙනාගේ යෝගවීම චන්ද්‍ර මංගල යෝගය ලෙස හඳුන්වයි. මෙයද විවාහයට අශුභවන අතර විකෘති  කාම ආශා ඇති කරන්නට පුළුවන. මෙහි දෝෂ බිඳීමට නම් එම දෝෂය ඇති කේන්දරයක් හිමි අයකුට හා විවාහ විය යුතුය.

 

හත අධිපති හා අට අධිපති පරිවර්තනය වීමේ දෝෂය මෙය යෙදෙන අවස්ථා කීපයක්ම ඇති අතර  කේන්ද්‍රස්ථානයක් හා කේන්ද්‍රස්ථානයක් අතරත්, කේන්ද්‍රස්ථානයක් ත්‍රිකෝණ ස්ථානයක් අතරත් ග්‍රහයන් රාශි  පරිවර්තනය කරගෙන සිටීම මහ පරිවර්තන යෝගවලට වැටෙනු ඇත. එයින් දෝෂ භංග වේ.

 

දුෂ්ට රාශි දෙකක් අතර වන පරිවර්තනය බල රහිත වනු ඇත.

 

හත්වැන්න විවාහස්ථානය බැවින් විවාහ වැඩිකිරීමටත් අටවැන්න රෝගස්ථානය බැවින් රෝග වැඩිකිරීමටත්  හේතු වේ. ඒ දෙකම යහපත් පිහිටීමක් නොවේ. එහෙත් 07-08 පරිවර්තනය වීම නිසා යුගදිවියට අශුභ  බලපෑමක් ඇති කරයි. එබඳු පරිවර්තන යෝග වෙතොත් එබඳුම ග්‍රහ පිහිටීම් ඇති කේන්දර හිමියකු සමඟ විවාහවිය යුතුය.

 

අට අධිපති හතේ සිටින මෙවැනි පිහිටීමක් නිසා බොහෝ විට විවාහයට පළමු ලිංගික අත්දැකීමක් ලැබීමට ද  පුළුවන. එය අකමැත්තෙන් බලහත්කාරකමකින් හෝ වෙනයම් බලපෑමක් හේතු කොටගෙන සිදුවීමට පුළුවන. නැතිනම් සමීප ඇසුරක් නිසා බිඳීයා හැකිය.

 

හත අධිපති අටේ සිටීම

 

හත්වැන්න විවාහ ස්ථානය වන අතර අටවැන්න යමක් නැති කරන දුර්වල කරන ස්ථානයයි. මෙම දෝෂය  අටවැන්නට වැටී ඇතොත් අතරමගදි විවාහය අවුල් වීමටද පුළුවන.

 

ස්ත්‍රී මර යෝග

 

පුරුෂ කේන්දරයේ ලග්නයෙන් හෝ සඳුගෙන් 07-08 යන ස්ථානයක රාහු, ශනි, කුජ හෝ සඳු සිටීම එමෙන්ම  හත්වැන්නේ සිටින කුජට සෙනසුරුගේ දෘෂ්ටිය ලැබීම පුරුෂ කේන්දරයේ6,8,12 හෝ ලග්නාධිපති දුර්වලව සිටීම පුරුෂ කේන්දරයේ 6,7,8 රාහු, කුජ ශනි යෝගවීම පුරුෂ කේන්දරයේ හත්වැන්නේ සඳු ශනි යෝගවීම හා හතේ  සිටින ශනිට ලග්නයේ සිටින රවිගේ දෘෂ්ටිය ලැබීම.

 

පුරුෂ මර යෝග

 

ස්ත්‍රි කේන්දරයේ ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 7,8 යන රාශි දෙකෙහි රවි රාහු, කුජ යන ග්‍රහයකු වෙතොත්  පුරුෂ මර යෝගය යෙදේ. ස්ථාන දෙකේම යෙදීමත් එසේමය.

 

ලග්නය හත යන ස්ථාන දෙකෙහි ස්ත්‍රි කේන්දරයේ පාපයන් පිහිටීම එබඳු ම වේ.

 

ස්ත්‍රී, කේන්දරයේ 6,8,12 යන ස්ථානයක සඳු සිටීමත් සඳු හා රාහු යෝගව ලග්න කේන්දරයේ අටවැන්නේ  සිටීමත් පුරුෂ මර යෝගය වනු ඇත.

 

විවාහයට බලපාන මෙවැනි යෝග තවත් ඇති අතර ඒවා ගැන සැලකිලිමත් වීමෙන් යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමටද හැකි වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk