ඔබේ චරිතය හෙළිකරන කැඩපත

වත්මන් සමාජය තුළ සිදුවන විවිධ දූෂණ හා රැවටිලිවලට මුල්ම හේතුව අපට එදිනෙදා හමුවන අය පිළිබඳව දැනුමක් නොමැති වීමය. ශරීරයේ පිහිටි විවිධ දේහ ලක්ෂණ දෙස බලා පුද්ගලයා පිළිබඳව නිවැරැදි අනාවැකි පළකිරීමේ මනා හැකියාවක් අපේ පැරණි පඬිවරුන් සතුවිය. මේ අනුව එක් එක් අයගේ මුහුණෙහි පවතින හැඩරුව හා යම් යම් ලක්ෂණ අනුව ඔවුන්ගේ චරිත ලක්ෂණ හා ජීවන චර්යා මෙසේ යැයි දක්වා ඇත.
කාන්තාවකගේ මුහුණ වටකුරු හා පියකරු නම් සැබැවින්ම ඇය භාග්‍යවන්තියකි. දිළිඳු පවුලක උපත ලැබුවත් පසු කලෙක ඇය ධනවත් වන්නීය. තම පරපුරද බබළවන්නීය. විවාහ ජීවිතය ද වඩාත්ම සාර්ථක වන අතර වාසනාවන්ත දූ දරුවන් ලබන්නට ද ඇය පින්වන්තය. මුහුණේ දිග හා පළල එක සමානව ඇති මසින් පිරීගිය මුහුණක් ඇති කාන්තාව වෙළෙඳ ව්‍යාපාරවලට දක්ෂය. මුලදී සුළුවෙන් අරඹන ව්‍යාපාරයක් වුවද පසු කලෙක මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා දියුණු කර ගත හැකිය. සැබෑ දක්ෂතාවක් හා වාසනාවක් ඇය සතුය. කාන්තාවකගේ නළල් තලයද පැරැණි ඍෂිවරුන් මහත් අභිරුචියෙන් වර්ණනා කර ඇත. අඩ සඳක්වන් ශෝභමාන පුළුල් නළල් තලය සෞභාග්‍යමත් නාරි ලක්ෂණයක් ලෙස හඳුන්වා ඇත. මුදු මොලොක් වදන් පවසන ඇය සියලු සම්පත් ලැබීමේ පින් ඇත්තියකි. සැබැවින්ම කාරුණික බවින් පිරුණ ඇය මනුෂ්‍යයන් අතර දෙවඟනක් බඳුය. නළල්තලයේ දකුණු පැත්තේ උපන් ලපයක් පිහිටි කාන්තාවකගේ විවාහ ජීවිතය අසාර්ථක වන අතර එවන්ලකුණක් නළලේ වම්පසින් පිහිටියේ නම් ඇය ස්වාමියාට ද්‍රෝහි වනු ඇත.
කාන්තාවකගේ ලලාටයෙහි දකුණු පැත්තට බරව කැළලක් හෝ ඉන්නෙක් පිහිටීම ශුභ ලකුණක් වන අතර පින්වත් පුරුෂයෙකුට බිරිඳ වී සුපින්වත් දූ පුතුන් ලැබ සතුටින් ජීවත් වන්නීය. ඇහි බැම සිට ඉදිරියට නෙරා ඇති නළලක් පිහිටියේ නම් අහංකාර සිත් ඇතිවීමද කපටිගතියද, බද්ධ වෛරයද, නොකටයුතුකම්වලින් සතුරන් අතිකර ගැනීමද, නිතර ලෙඩින් පෙළීමද සිදුවේ. දේහ ලක්ෂණ අනුව කෙනෙකුගේ මුඛයට හිමිවන්නේ විශේෂ තැනකි. විශාල මුඛයක් පිහිටීම කරුණාවන්ත බවේ සංකේතයකි. තදින් වැසුණු කුඩා මුඛයක් ඇති පුද්ගලයා විශ්වාස කළ නොහැකිය. දෙකෙළවර පහතට නැමුණු මුඛයක් ඇත්තා උදාසීන චරිතයක් ඇති ආත්මාර්ථකාමී කපටි අදහස් ඇත්තෙකි.
කෙනකුගේ තොල් සඟල සිරස් ඉරකින් නැතිනම් රේඛාවකින් අවසන් වේ නම් එවැන්නෙකුට තෘප්තිමත් චරිත ස්වභාවයක් ඇති අතර ප්‍රබල චරිතයක් ද හිමිවෙයි. තොල් පළල්ව පිහිටි අය කාමුක ගතියෙන් වැඩි අතර ශිෂ්ටත්වයෙන් අඩු බවද පෙන්නුම් කරයි. බෙහෙවින් පටු නළලින් නොමේරූ මනසක් ඇති මිනිස්කමට නිගාදෙන පුද්ගලයෙකු හඳුනාගත හැකිය. කොතැනක ගියත් කාගේත් අවඥාවට ලක්වනුයේ ඔවුන් තුළ පිහිටි එම නොමිනිස් ගති පැවතුම් නිසාමය. දුර්වල ධාරණ ශක්තියක් ඇති එවැන්නෝ ඉගෙනීමට ද අදක්ෂයෝ වෙති. අභාග්‍යවන්තකම ඔවුන්ගේ ජන්ම දායාදයකි. දෙකට බෙදී ගිය නිකට ඇති පිරිමින් ඔබ කොතෙකුත් දැක ඇත. සකසුරුවම් අයුරින් ජීවත්වන ඔවුන් කුමන ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධියට පත්වෙයි. කීර්තිමත් ව්‍යාපාරිකයන්ට බොහෝ විට එවන් නිකටක් පිහිටයි. පළල් නිකටින් ප්‍රදර්ශනය වන්නේ ධෛර්යමත් පුරුෂයෙකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ක්ෂණික තීරණ ගන්නා ඔහු අටලෝ දහමින් කම්පාවන්නෙක්ද නොවේ. මුහුකුරා ගිය බුද්ධි බලයක්ද ඔවුන් සතුය. බැලූ බැල්මට කැපී පෙනෙන තවත් අංග ලක්ෂණයක් වූ දෙබැමට ද දේහ ලක්ෂණ විද්‍යාවේදී විශේෂ තැනක් හිමිවේ. ඒ අනුව දෙබැම අනුසාරයෙන්ද කාන්තාවකගේ චරිතය විනිවිද දැකීමට පුළුවන. එබඳු අවස්ථාවකදී කෘත්‍රිම දෙබැම ගැන සැලකිලිමත් විය යුතුය. සුනිල වර්ණ සුසිනිඳු රෝමයන්ගෙන් සුසැදි දේදුන්නක හැඩය ගත් බැමි යුග්මය ප්‍රශස්ත ලක්ෂණයක් බව පැරණි ඍෂිවරුන් ප්‍රකාශ කර ඇත. ඉසුරුමත් ජීවිතයකට හිමිකම් කියන ලාලනියන් කෙරෙහි එවැනි ලක්ෂණ පිහිටන බව කියැවේ. කාන්තිමත් පෙනුමකින් යුත් නිල් පැහැති නෙත් යුවළක් හිමි කාන්තාව බොහෝ සැප සම්පත් ලබයි. ඇය ලබන පුරුෂයාද වාසනාවන්ත දරුවන් ලැබ දිවි ඇති තුරාම සතුටින් ගත කරයි.
Advertisements


