කුජ යමගේ නැකැතට බිහිසුණු සිදුවීම් පෙළක් ඉදිරියට

🔶 ජූලි 25 දා සඳුදා අකුරු කියැවීමට විශිෂ්ට නැකැතක්
2022 ජුලි මස 25 වැනි සඳුදා පෙරවරු 6,40ට දකුණු දිශාව බලා සුබයි.
උක්, හකුරු, තල, වී, තෙර්, මී පැණි, අඹ ඇතුළු පළතුරු, උදු මිශ්ර කැඩ්ලි, හබල පෙති, සුදු මල්, නෙළුම් මුල්, සඳුන්, කපුරු, පිනිදිය, පඬුරු, බුලත්, ගිතෙල් පහනක් සරස්වතී දේවියට පූජා කර පහත ගාථාව 07 වරක් කියා අකුරු කියවන්න.
දිනය සීහේ. අකුරු කියවීමට පමණක් නොව ඉහත නැකැත් හිමි දරුවන්ගේ කන් විදීම, හිසකෙස් කැපීම, බත් කැවීම වැනි කටයුතු සඳහා මෙන්ම ඉඩකඩම්, නිවාස කටයුතු, වෙළෙඳාම ආදියටද මෙම දිනය යොදාගත හැකිය.
මහා දේවි විණා පුස්තක ධාරණී - හංස වාහන සමා යුක්තං - විද්යාන දා කුරුං මම ශක්ති දානං කුරුං
මම මෙදින අකුරු කියවීමට නිර්දේශිත නැකැතක් වූ මුවසිරස නැකැත ආනන්ද නම් වු අටසි මහා යෝග බලයෙන් යෙදී ඇත. මෙදින අමෘත නම් තිථියෙන් ද සුපෝෂිතය. සඳු 11 වැන්නේ වෘෂභ ලග්නය උච්චව සිටියදී සඳුදා දිනක සඳු හෝරාව යෙදී ඇත. කටක ලග්නයේ රවි බුධ යෝගව යෙදී ඇත. 9 වැන්නේ ගුරු බලවත්ව සිටී. අද, මා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප රෙහෙණ, හත, සුවණ, දෙට, අස්ලිස, රේවතී.
ආචාර්ය
කපිල ඉන්ද්රික ගුණදාස
Advertisements


