Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පවුලේ සතුට වඩන ෆෙන්ෂුයි

4 days ago 7 Min read
Subha.lk

ෆෙන්ෂුයිවල අරමුණ වන්නේ ඔබ කවුද? යන්න සහ ඔබ අපේක්ෂිත ගමනාන්තය සඳහා ඔබේ පරිසරය  පෙළගැස්වීමයි. ඔබේ නිවෙසේ ශක්තිය සමඟ ඔබේ ශක්තිය සමපාත කිරීමයි. මෙය සාක්ෂාත් කරගනු ලබන්නේඔබ නිවෙසට ගෙන එන දේ, ඔබ ඔබේ කාමර සකස් කරන ආකාරය සහ ඔබ නිවසේ ස්ථාන නඩත්තු කරන  ආකාරය හොඳීන් සලකා බැලීමෙනි. සෑම දෙයකම ශක්තියක් ඇත, අජීවී වස්තුවලට පවා එය අදාළය. ෆෙන්ෂුයි  එම ශක්තිය මෙහෙයවීමට උපකාරී වන අතර එය ඔබේ නිවෙස හරහා නිදහසේ ගලා යාමට ඉඩ සලසයි.

 

නිවෙස තුළ ෆෙන්ෂුයි භාවිත කිරීමේ ක්‍රියාවලිය සරල වන අතර ඔබට අදියර ගණනාවක් ඔස්සේ සැලසුම් කළ  හැකිය. ඒවා කිහිපයක් නම් පළමුව, කාමර සැලැස්මක් සාදන්න. ඉන්පසු සැලැස්ම නිවැරදි මාලිමා දිශාවට  පෙළගස්වන්න. කාමර පිළිවෙලට හා පිරිසිදුවට තිබිය යුතුය. අවුල් සහගත වීම චී ශක්තියේ (chiචි යනු විශ්ව  ශක්තිය වැනි ශක්ති ප්‍රහේදයකි.) නිදහස් ප්‍රවාහය අධෛර්යමත් කරයි. කාමරය අක්‍රමවත් හැඩයකින් යුක්ත නම්,වාසනාව සඳහා නිවැරදි දිශාවන් සමඟ ඒවා පෙළගැස්වීම සඳහා කාමරයේ වඩාත්ම ශුභ කොටසේ ගෘහ භාණ්ඩ ස්ථානගත කරන්න. සෑම විටම චී කාමරය හරහා මෘදු ලෙස හා පහසුවෙන් ගලා යන බවට වග බලා ගන්න.  කාමරයක සෑම කොටසකටම ශක්තිය ඇත. සෑම අංශයකම සංකේත සහ වර්ණ සුදුසු පරිදි යෙදීමට වග බලා  ගන්න. අවශ්‍යතාව අනුව, කාමරය තුළ ඇති ද්‍රව්‍යවල බලපෑම් උත්තේජනය කරන්න. කාමරය එය ප්‍රයෝජනයට ගන්නා පුද්ගලයාට සුදුසු දැයි පරීක්ෂා කිරීමට ෆෙන්ෂුයි මූලධර්ම භාවිත කරන්න. එමඟින් සුබදායී පල  ලබාගන්න. එමෙන්ම නිවෙසේ ප්‍රධාන දොරටුව ඉතා වැදගත් වේ. චී ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී නිවෙස හරහා ගමන් කරයි. එය ඉතා සුබය. හොඳින් ගෙය පුරාම චී ශක්තිය ගලා යන්නේ නම් අගනේය. ඒ සඳහා සියලුම  කාමර, ශාලා පිරිසුදුව හා පිළිවෙලට තබා ගත යුතුය.

 

නිවෙසේ පිවිසුම් මාර්ගය

 

නිවෙස තුළට ඇති පිවිසුම් මාර්ගය අලංකරණය සහ ආලෝකකරණයේදී යින්(yang) සහ යැං(yin) යන දෙකෙහිම ඒකාකාර සමතුලිතතාවයක් තිබිය යුතුය. චී ශක්තිය නිවෙසට පිළිගැනීමට දොර පැදුරු නැතිනම් පාපිසි භාවිත කළ හැකිය. දොර මුහුණලා ඇති දිශාවට ගැළපෙන වර්ණයක් තෝරාගත යුතුය. ෆෙන්ෂුයි වෘත්තිකයන් පාපිස්ස නැත්නම් දොර පැදුර යට රන් කාසි තුනක් තැබීමට නිර්දේශ කරනු ඇත.

 

ඒවාට විවිධ කාසි ගැනීමට නොහැකිය. මැද සිදුරක් ඇති චීන කාසි තෝරාගත යුතුය. ඒවා වාසනාවන්ත රතු  රිබන් වලින් එකට බැඳ තැබිය යුතුය. තවත් ඉඟියක් නම් ප්‍රධාන දොර ඇතුළත සහ පිටත දීප්තිමත් ආලෝකයක් තිබීමයි. එය වාසනාව ගෙන දෙන බව ද සැලකේ. දොරින් ඇතුළත හා පිටත ශාලා දිගු හා පටු නම්, බිත්ති දිගේ  විකල්ප වශයෙන් දර්පණ තබන්න. එවිට චී ශක්තිය පැත්තෙන් පැත්තට පරාවර්තනය වී සිග්සැග් ආකාරයට  ගමන් කරයි. නිවෙසේ නිවැරැදි පැති දිගේ තබා ඇති ශාක නිසා චී ශක්තිය පවා ඒ පෙදෙස දිරිමත් කරයි. මේවාට පළිගු තුළින් ද ආලෝකය පරාවර්තනය කරගත හැකිය. ඒවා නිවෙසේ මැද තබා ඇත්නම්, ඒවා මඟින් චි ප්‍රවාහය වේගවත් කරනු ඇත. තවත් කාරණාවක් නම් නිවසේ සර්පිලාකාර පඩිපෙළක් තිබේ නම්, ප්‍රවාහය මධ්‍යස්ථ කිරීමසඳහා පඩිපෙළේ ඉහළින් සහ පහළින් සුළං නාදයක්(වින්ඩ් චයිම්) එල්ලන්න. ප්‍රධාන දොර අසල වැසිකිළි දොරක් තිබේ නම්, එය සැමවිටම වසා තබන්නට වග බලා ගන්න. මෙවැනි සරල කාරණා පිළිබඳ ඔබත් දැනුවත් වීම  වැදගත්ය.

 

කෑම කාමරය

 

හොඳීන් ආහාර ගැනීම සමාජ අත්දැකීමක් වන බැවින් කෑම කාමරය සඳහා ෆෙන්ෂුයි භාවිතය වැදගත් වේ. කෑම මේසයේ සහ කෑම කාමරයේදී පවුලේ බැඳීම් අලුත් වෙයි. පවුලේ සැවොම එකට සිටිමින් ආහාර වේලක් හෝ  ලබාගත යුතුය. කෑම කාමරය සඳහා සුදුසුම ස්ථානය වන්නේ නිවෙසේ මැදය. එනම් නිවෙසේ මැද කාමරය  හොඳීන් වෙන් කර, ඉඩකඩ සහිතව සහ ඒ වටා හොඳ වාතාශ්‍රයක් තිබෙන්නේ නම් සුදුසුය. කාමරයේ වර්ණ  ළා පාට විය යුතු අතර ඕනෑවට වඩා අවපැහැ නොවිය යුතුය. කෑම මේසය ද ප්‍රවේශමෙන් තෝරා ගත යුතුය.  මේසයේ ඉඩ පිළිබඳවද අවධානය දිය යුතුය. දැව භාවිතය කෑම මේසයට හොඳ තේරීමක් වේ. කෑම මේසයට සරලහැඩැති පිඟන් භාණ්ඩ හොඳය. චී ශක්තිය උත්තේජනය කිරීම සඳහා ලෝහ හැඳී, ගෑරුප්පු ඔප දමා භාවිතා කළ හැකිය. මේසවල වර්ණය ද ප්‍රවේශමෙන් තෝරා ගත යුතුය. උදාහරණ වශයෙන් උතුරේ නිල්, නැගෙනහිරින්  කොළ පැවසිය හැකිය. ඒවා චී ශක්තිය සක්‍රීය කරයි. පළිඟු වීදුරු භාණ්ඩ භාවිත කරන්නේ නම් විශිෂ්ටය. එහිදී  වට මේසයක් සඳහා වටකුරු මේස ඇතිරිලි සහ සෘජුකෝණාස්‍රාකාර මේසයක් සඳහා සෘජුකෝණාස්රාකාර ඒවා තෝරාගන්න. කෑම කාමරයේ තබා ඇති ශාක කටු සහිත නොවිය යුතුය. ඒවා මෘදු හා වටකුරු විය යුතුය.  නිවැරදි වර්ණවලින් යුත් මල් මඟින් මේසය මත චී බලය උත්තේජනය කළ හැකිය. තවත් වැදගත් කාරණයක් නම්කුඩා වර්ගයේ ක්‍රියාශීලී මාළු සහිත කුඩා මාළු ටැංකියක් තබන්නේ නම් එයද හොඳීන් ගැළපෙයි. එහෙත් එය  දකුණු ගිනි අංශයේ නොවිය යුතුය. ඔරලෝසු කෑම කාමරයෙන් ඈත් කර තැබීම වඩා හොඳය. එමෙන්ම කෑම  කාමරයේ දී මෘදු, සංගීත නාද ඇසෙන්නට සලස්වා ඇත්නම් සැමවිටම සුවයක් ගෙන එයි. විස්තර කතා කිරීම්  කෙරෙහි සුළු අවධානයක් යොමු කිරීමෙන් ආහාර ගැනීම හොඳ අත්දැකීමක් බවට පත් කළ හැකිය. අසුන් ගැනීමද වැදගත් ය. වැදගත්ම පුද්ගලයා හෝ පවුලේ ප්‍රධානියා මේසයේ ප්‍රධානියාගේ අසුන් ගත යුතුය, වඩාත් සුදුසු  වන්නේ ඔහු හෝ ඇය දොරට මුහුණලා හිඳීමය. පියා පවුලේ ප්‍රධානියා නම් මව නිරිත දෙසින් සිටිය යුතුය. පියා  වයඹ දෙසින් ද, පුතුන් නැගෙනහිර, උතුර සහ ඊසාන දෙසින් ද, දියණියන් ගිනිකොන දෙසින්, දකුණ සහ  බටහිරින් ද සිටිය හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk