Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවන් මඟට දොරටු විවර කරන වාස්තු

6 days ago 7 Min read
Subha.lk

වාස්තු ශාස්ත්‍රය ලෞකික ප්‍රගතිය උදෙසා ම වූවකැයි බොහෝ භවතුන් අතර වැරදි අදහසක් පවතී. එයට හේතුව වී ඇත්තේ වාස්තු සේවාලාභීන් නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නේ එවැන්නක් වීමයි. වන්දනා, භාවනා පුද පූජා ආදියෙන් පවා සිය ලෞකික අරමුණුූ ඉටුකර ගන්නට වැර දරන්නන් මේ අතර බහුල වන්නේ එබැවිනි. එහෙත් එය වාස්තු ශාස්ත්‍රයේ එක් පැත්තක් පමණක් බව සාකච්ඡාවට ගන්නේ කලාතුරකිනි. එසේ නම් එයට ඔබ්බෙන් ඇති වාස්තු විෂයයන් හා පද්ධතීන් පිළිබඳව මේ වෙසක් සමයේවත් අපගේ අවධානය යොමු විය යුතු වේ.

මේ සඳහා ජීවිතය සමස්ත අර්ථයෙන් විග්‍රහ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ජීවිතය පිළිබඳ ශාරීරිකවත්, මානසිකවත්, භාවමයවත් මෙන්ම ආධ්‍යාත්මිකවත් වටහාගත යුතු වේ. මේ ජීවිතයේ පූර්ණ ස්වභාවය තේරුම් ගැනීමට භෞතික ශරීරය සේම ශක්ති ශරීරයත් ඒකාබද්ධව වටහා ගත යුතු වේ. මෙහිදී අපගේ භෞතික ශරීරය හා බැඳී ක්‍රියාකරන ශක්ති ශරීරයේ පවත්නා විවිධ ස්වභාවයන් තේරුම්ගැනීම ද අත්‍යවශ්‍ය වේ.

ශක්ති ශරීරයේ පවත්නා ශක්ති කේන්ද්‍ර පිළිබඳවත් මෙහිදී යමක් වටහා ගනිමු. ශක්ති කේන්ද්‍ර හෙවත් චක්‍රවලින් ශක්ති ශරීරය වෙතට විවිධ ශක්තීන් ප්‍රවේශකර ගන්නා බව තේරුම් ගත යුතු වේ. එකී චක්‍රයන්ගේ භ්‍රමණයන් විසින් ශක්ති ශරීරය විනිවිද යන ශක්තියක් විසින් මනුෂ්‍ය ශක්ති ශරීරය පෝෂණය කරනු ඇත. එසේ හෙයින් මැනැවින් ශක්ති ශරීරයට ඇතුළු විය හැකි චක්‍ර මැනැවින් සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන ලෙස පවත්වා ගත යුතු වේ.

අප වටා පවතින ලෝකයේ පවත්නා බාහිර ශක්තීන් අතර අන්තරීක්ෂ (ඛ්ර්‍ණඉර්ධ්ඛ්) ශක්තිය මූලික වේ. මෙකී අන්තරීක්ෂ ශක්තියට අප විවෘත වන සෑම අවස්ථාවකදීම යම් ශක්ති ප්‍රමාණයක් අපගේ ශක්ති ශරීරයට ලැබෙන බව පැහැදිලිය.

එයට අමතරව පොළොව වෙත පතිත වන අන්තරීක්ෂ ශක්තිය පොළොව විසින් උපරිමව ලබාගත් පසු තවදුරටත් අවකාශයෙන් පොළොව වෙත ලැබෙන ශක්තියේ අතිරික්තය පොළොවෙන් සිරස්ව ඉහළට එකුත්වීමට පටන් ගනියි. මෙසේ නිකුත්වන පොළොවේ ගබඩා වී (සංතෘප්ත වී ඇති) ශක්තිය විසින් ශරීරයේ පහළ චක්‍ර සක්‍රිය වීමට පටන් ගනියි. මේ තත්ත්වය වැඩිවීමෙන් තවදුරටත් ලෞකිකත්වය කෙරෙහි පුද්ගලයාගේ යොමුවීම සිදු වේ. එවිට ආර්ථිකය, බවභෝග, සුවපහසුව, විනෝදය වැනි දේ කෙරෙහි ඇති උද්‍යෝගය අතිශයින් වැඩි දියුණුූ වෙයි. මේ තත්ත්වයෙන් සිය ආධ්‍යාත්මික ජීවිතයට බරපතළ ලෙස බාධා පැමිණේ.

තමන් ජීවත්වන නිවෙස මහල් නිවෙසක් නම් ආර්ථික හා වෙනත් ලොකු අරමුණු ඉටුකර ගැනීමට නම් නිවෙසේ පහළ මහල නිදා ගැනීමට යොදා ගැනීම උචිත වේ.

එසේ වුවත් ආධ්‍යාත්මික දියුණුව උදෙසා යමකු කටයුතු කරන්නේ නම් පොළොවෙන් නිකුත් වන (භූ) ශක්තියෙන් මිදී ක්‍රියා කළ යුතුවේ. ඒ සඳහා පහළ මහලේ නිදා ගන්නේ නම් ඒ කාමරයේ ග්‍රැනයිට් පුවරු පොළොවට සවිකිරීම උචිතය. එවිට භූ ශක්තිය දුර්වල වී ලෞකික අරමුණුවලින් මිදීම පහසු වේ. එසේ නොමැතිව ඉහළ මහල වැඩි වශයෙන් භාවිත කරන්නේ නම් භූ ශක්තිය පහසුවෙන් අවම වීම සිදු වේ. එවිට ආධ්‍යාත්මික සමාධියක් කරා යෑම පහසුවෙයි.

අන්තරීක්ෂ ශක්තිය සාපේක්ෂ වශයෙන් නිවෙස වෙත ගලා එන්නේ ඊශාන දිශාවෙනි. එබැවින් නිවෙසේ ඊශාන කොටස විවෘතවත් සරල ආකාරයෙනුත් සකස්කර ගෙන භාවිතයට ගැනීමෙන් උපරිම ආධ්‍යාත්මික බලවේගයක් හිමිකර ගැනීම අපහසු නොවේ.

තවත් වැඩිදියුණු කිරීමක් පිළිබඳව සැලකීමේදී නිවෙසේ වහලයේ තුඩ සහිත තැන්වලට යටින් භාවනා කටයුතු ආදිය සිදු කිරීම උචිත වේ. එවැනි ස්ථාන නොමැති අවස්ථාවලදී කෘත්‍රිම ලෙස සකස් කරගත් පිරමිඩයක මධ්‍ය සිරස් අක්ෂය මත සිට සමාධිය අභ්‍යාසවලට යෙදීම මැනවි. එහිදී අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව වැඩිදියුණු වීමේ ප්‍රතිඵල වන්නේ පහසුවෙන් සමාධිය කරා යා හැකි වීමයි. එහිදී සරල මූලික සමඟ භාවනා වඩමින් පසුව ශක්තියේ ගොඩනැගීමත් සමඟම විදර්ශනා වඩමින් නිවන කරා එළඹීමට වෑයම් කළ හැකිය.

සමාධියට පත්වීමේදි විවිධ ශාරීරික වියවුල් ඇතිවීම අප කියවා ගත යුත්තේ ජීවිතයේ වැදගත් පිටුවක් පෙරළෙමින් ඇති බවට ලැබෙන සංඥාවක් ලෙසයි. ඒ ආකාරයේ ශාරීරික අපහසුතා මැඩ ගනිමින් සිය ආධ්‍යාත්මික මාර්ගයේ පහසුවෙන් ගමන් කිරීමට වෙනත් වාස්තු හා සමගාමී විෂයයන් රැසකින් සහාය ලබාගත හැකිය. මේ සඳහා සරල නිල තෙරපුම් ප්‍රතිකාර (Reflexology) මෙන්ම සුවකිරීමේ (Healing) ක්‍රමවේද භාවිතයට ගත හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk