උපන් වර්ෂයේ අවසන් අංකයෙන් ඔබගැන දැනගන්න

ඔබ ඉපදුණු වර්ෂය කෙතරම් ඔබට වැදගත් කාරණා පිළිබඳ හෙළි කරනවාද යන්න ඔබ දැන සිටියාද?
ඔබ ඉපදුණ දා සිට ඔබ සමඟ ශක්තියක් ඇති බව ඔබ දැන සිටියාද? අංක විද්‍යාවට අනුව ඔබේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම අහඹු අංකයක් නොවේ.
එය ඔබේ කර්මය හා ඔබ මේ ජිවිතයේ ඉටු කිරීමට පැමිණි මෙහෙවර පිළිබඳ ගැඹුරු ලක්ෂණ හෙළි කරන අධ්‍යාත්මික සලකුණකි. එමෙන්ම වඩාත් කැපී පෙනෙන දෙය නම් මේ අංකයට ඔබ මෙතෙක් අත්විඳ ඇති බොහෝ දේ පැහැදිලි කළ හැකි වීමය. ජීවිතයේ සමහර කාරණා නැවත නැවත සිදුවීම, සමහර ක්ෂේත්‍රවල කටයුතු සාර්ථක වීම, නොවීම පිළිබඳ උපන් වර්ෂයේ අවසන් අංකය මඟින් වටහා ගැනීමට හැකිය. සෑම සංඛ්‍යාවක්ම පැවැත්ම, පෞරුෂය, ඉරණම, අරමුණු, ජීවන පාඩම් හා ඔබ නොදැනුවත්වම පුනරාවර්තනය වන කර්ම චක්‍රවලට සම්බන්ධ වෙයි. මේ සියලු දේ ඔබේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම තුළ සැඟවී ඇත.
බින්දුව 0
සියලු දෙනා වඩාත්ම වැරැදි අයුරින් වටහාගෙන ඇත්තේ බිංදුව පිළිබඳවය. බොහෝ අය සිතන්නේ එය කිසිවක් නියෝජනය නොකරන බවත් එය හිස් බවක් නියෝජනය කරන බවත්ය. එහෙත් බෞද්ධ අධ්‍යාත්මික දෘෂ්ටිය තුළ ශුන්‍යය පිළිබඳව එලෙස නොසිතයි. ධනාත්මක ලෙස සිතයි. බිංදුව යනු සියල්ලයි. එය එකම අවස්ථාවේදීම ආරම්භය සහ අවසානය නිරූපණය කරයි. ඔබේ උපන් වර්ෂය බින්දුවෙන් අවසන් වුවහොත් එය ඔබ නැවත ඉපදීම සහ ප්‍රතිනිර්මාණය පිළිබඳ ගැඹුරු ශක්තියක් දරයි. බිංදුව අංකයෙන් සලකුණු කර ඇති පුද්ගලයන් බොහෝ විට ප්‍රධාන සංක්‍රාන්ති අවධියක් අත්විඳී. ජීවිතයේ සෑම වැදගත් අවධියකදීම තවත් කොටසක් මතුවීමට නම් තවත් යමක් මිය යා යුතුය. ඔබේ වෘත්තීය ජීවිතය, සබඳතා ආදී සියල්ලෙහිම වෙනස්කම්වලට මුහුණ දීම් විවේචනයට ලක්විය හැකිය. එහෙත් ශූන්‍යය රැගෙන එන අයට බොහෝ විට හැඟෙන්නේ ඔවුන් සෑම විටම දේවල් නැවත ආරම්භ කරන බවය. මන්ද අභියෝග ඇත්තේ එතැනය. ඔබ ගොඩනැගෙන්නේ ද එතැනින්ය.
අංක 1
ඔබ නායකත්වය, ඕනෑම දෙයකට මුල පිරීමේ හැකියාව හා නිර්මාණ ශක්තිය නිරූපණය කරයි. කුඩා කල සිටම කිසිවෙකුගේ තීරණවලට යටත් නොවී තනියම ඔබට සිතැඟි පරිදි තීරණ ගන්නවා විය හැකිය. අභියෝගවලට ඇලුම් කරයි. එහෙත් ඒවා සමතුලිත කර ගැනීමට නොහැකි වුවහොත් හුදකලා බවට පත්විය හැකිය. සෑම විටම අන් අයට උපකාර කිරීමට කැමැත්ත දක්වයි. අන් අයව පොළඹවා ගැනීමට දක්ෂය. ජීවිතය තුළින් ප්‍රාතිහාර්‍ය සිදුවන තුරු ඔබ බලා නොසිටියි. උත්සාහවන්තය. එයම ඔබට වාසනාව ගෙන එයි. ඔබ කිසිවෙකුට කිසිවක් ඔප්පු කිරීමට නොයන්න. කාලයට ඉඩ දෙන්න. ඔබට හොඳ ධෛර්යයක් ඇත. එය ඔබගේ කටුක කාල පරාජය කිරීමට වටින්නේය. ඔබ මෙලොවට පැමිණ ඇත්තේ කැඩපතක් වීමට නොව සැමටම ආලෝකයක් වීමටය.
අංක 2
අංක දෙක සමඟිය, සංවේදනය, චිත්‍තවේගීය දැනුමේ ශක්තිය ගම්‍ය කරවයි. ඔබ මෙලොවට පැමිණ ඇත්තේ බලවත් මෙහෙවරක් සිදුකිරීමටය. ඕනෑම අවස්ථාවකදී කතා කිරීමට පෙර හොඳීන් සවන් දෙන්න. අන් අයට වඩා ඔබ ඉතා සංවේදී අයෙකි. කිසිවෙකු වචනයකින්වත් නොකියන ඔබට දැනෙයි. ඔබ ඔබගේ නොවන කාරණා නිසා ද අන් අය වෙනුවෙන් දුක් වීම ඔබගේ ජීවිතය පවා අඳුරේ දැමිය හැකිය. විටෙක ඔබට ඔබ අහිමි වී යා හැකිය. ඔබ ගැන සිතීමට සැලකිලිමත් වන්න. බොහෝ අය සිතන්නේ ඔබ කරුණාවන්ත නිසා දුර්වල අයකු බවය. එහෙත් ඔබ තරම් හිත හොද අනෙකා වෙනුවෙන් දුක්වන කෙනෙකු නොමැත.
අංක 3
ඔබ ප්‍රකාශනයේ නිර්මාණශීලීත්වයේ හා ප්‍රීතියේ ශක්තිය නිරූපණය කරයි. කුඩා කල සිටම ජීවිතය සැහැල්ලුවෙන් ගත කරයි. දුරදිග නොබලයි. බොහෝ දෙනෙක් කලාව, නිර්මාණයට ඇති ළැදියාව ගම්‍ය කරයි. හැඟීම් හො½දින් සන්නිවේදනය කිරීමට දනී. එමෙන්ම අනෙකාගේ සිතුවිලිහොඳීන් තේරුම් ගැනීමට හැකිය. ඇතැම් අවස්ථාවලදී විවිධ බිඳ වැටීම් ද ජීවිතයේ සිදුවන අතර කාලයට ඉඩ දීම හොඳම විසඳුම වෙයි. සංගීතයට, ලිවීමට, හොඳට කතා කිරීමට හැකියාවක් ඇත. වැදගත්ම කාරණාවක් නම් අවධානය වෙනතකට යොමු නොකර අවශ්‍ය අයුරින් එය මෙහෙයවීමේ හැකියාවයි. සතුටින් සිටීමටත් ජීවිතයේ සමබරතාව පවත්වාගෙන ජීවිතයට ගලා යෑමට ඉඩ ලබා දෙන්න.
අංක 4
අංක හතර (4) හිමි ඔබට ස්ථාවරත්වය, ගොඩනැගීමේ හා යමක් සංවිධානය කිරීමේ ශක්තිය ඇත. ඔබට සිතෙනුයේ තමන්ට අසාර්ථක වීමට අවශ්‍ය නොවන බවත් සියල්ල දරා සිටිමින් කටයුතු ගොඩනගා ගැනීමට ශක්තිය ඇති බවත් ය. වෙහෙසට පත්වන කාරණා ජීවිතයට පැමිණියද තාර්කිකව ඒවාට මුහුණ දෙමින් ස්ථාවරත්වය ගොඩ නැඟීමට උත්සාහ දරයි. අනෙකා පිළිබඳව ද සිතයි. එහෙත් සීමාවන් තුළ සිටිමින් කටයුතු කරයි. තමන්ගේ යහපත උදෙසා ක්‍රියා කරයි. කුමන බාධාවක් ජීවිතයට පැමිණිය ද ඒවාට හොදින් මුහුණ දීමට මොවුන් ට හැකිය.
අංක 5
ඔබට නිදහස විඳීමේ, වෙනස්වීමේ හා ගවේශනයේ ශක්තිය ඇත. නව අත්දැකීම් සොයාගෙන යයි. එහෙයින් සුළඟ මෙන් පාලනය කළ නොහැකි නිදහසක් භුක්ති විදීමට උත්සාහ කරයි. සිත තුළ නිශ්චිත බවක් නැත. අධ්‍යාත්මිකව චලනය වෙමින් සිටී. ආවේගශීලීය. නිදහස වගකීම සමතුලිතව භාවිත කිරීමට අපහසු වූවොත් ජීවිතයේදී කටුක අත්දැකීම්වලට මුහුණ දීමට සිදු විය හැකි බැවින් එය සමතුලිතව භාවිත කිරීමට වග බලා ගත යුතුය. ඔබ ලෝකයට පැමිණ ඇත්තේ අලුත් දේවල් සොයා ගැනීමටය. එහිදී මිනිසුන්, ජීවන රටාවන් සහ අදහස් ආදි සියල්ල තේරුම් ගෙන සන්නිවේදනය කළ යුතුය.
අංක 6
ඔබට ආදරය, අනුකම්පාව, සේවයේ ශක්තිය මූලික වෙයි. අන් අයගේ වේදනා තමන්ගේ කරගෙන සිතයි. ආදරය කිරීමේදී ද සියලු දෙනා පිළිබඳ අවබෝධයක් නොමැතිව ගැටලුවලට මුහුණ දීමට සිදුවන අවස්ථා ඇත. දුරදිග සිතා බලා කටයුතු කිරීම අඩුය. ඒ පිළිබඳ අවධානය දිය යුතුය. අන් අයගේ යහපැවැත්ම සඳහා වගකීම් සහගත හැඟීමකින් කටයුතු කරන්නේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නොවේ. මොවුන් බොහෝ දේ ලබා දෙන නිසා තමා ගැන සිතීමට ද අමතක වෙයි. එහෙයින් ඔබ ගැන අවධානය යොමු කිරීමටද කටයුතු කරන්න.
අංක 7
ඔබට ස්වයං විමර්ශනය, අධ්‍යාත්මයේ ශක්තිය මූලික වෙයි. පියවි ඇසට පෙනෙන දෙයින් ඔබ්බෙහි ඇති දේ පිළිබඳ කුතුහලයෙන් පසුවෙයි. පැහැදිලිව පෙනෙන දෙයින් සෑහීමකට පත් නොවේ. හේතු කාරණා ඕනෑවටත් වඩා සිතීමේදී හුදකලාවට, නිහඬබවට ඇලුම් කරයි. ලෝකයා බාහිර කාරණා පිළිබඳව සොයන විට ඔබ ඒවායේ අභ්‍යන්තරය තේරුම් ගැනීමට උත්සාහ දරයි. නිහඬ නිරීක්ෂකයන්ය. සංඥාව, බුද්ධිය ඔස්සේ අධ්‍යාත්මය දියුණු කර ගැනීමට උත්සාහ දරයි. එය භාවනාව හෝ කලාව ඔස්සේ පවා විය හැකිය. ජීවිතය සමතුලිත කර ගැනීම අඩුවේ. ඒ සඳහා උත්සාහ කරගන්නේ නම් බලාපොරොත්තු වන අරමුණ සාක්ෂාත් කර ගැනීම පහසු වනු ඇත.
අංක 8
ඔබ යහපත් අවබෝධ ශක්තියක්, තීරණ ගැනීමේ හොඳ හැකියාවක් ඇත. කුඩා කල සිටම හොඳ දැක්මකට අනුව කටයුතු කරයි. අන් අයට සහය වෙයි. කිසි දිනෙක සුළු දෙයකින් සෑහීමකට පත් නොවී වැඩි දෙයක් බලාපොරොත්තු වේ. අපේක්ෂාවේ බර සෑම විටම වැඩිය. පීඩනය ඇතිවිය හැකිය. විවිධ දේ විශ්වාස කිරීමට, පාලනය කිරීමට, අත්හැරීමට අරගල කරයි. එවිට මුදල්, සබඳතා, කාංසාව වැනි ගැටලු ඇතිවිය හැකිය. වටිනාකමට අගයක් දීමට වගබලා ගන්න. ශක්තිමත් අයකු ලෙස ඔබට අවශ්‍ය දේ සපුරා ගැනීමට ඔබ දක්ෂ විය යුතුය.
අංක 9
ඔබට ලෝකයේ දුක් වේදනා පිළිබඳ නැඹුරුතාව, ඉගෙනීම, සමාජයේ ස්වභාවය පිළිබඳ දැනුම ඇත. එහෙත් එය තමාට ආරෝපණය කර ගැනීමේදී ගැටලු මතුවෙයි. එහිදී අවස්ථාවට උචිත අයුරින් කටයුතු කිරීමට වගබලා ගත යුතුය. තමන් අනෙකා සමඟ සන්සන්දනය නොකරන්න. එමඟින් ඔබට පසුතැවීමට හේතු නිර්මාණය වෙයි. ඔබ නිරතුරුවම ඔබගේ ශක්තිය භාවිතයට ගන්න. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න. ජීවිතයේ ඔබට අවශ්‍ය දෑ පිළිබඳ හොඳින් අවබෝධ කරගෙන ඔබ කවුරුන්ද යන්න ඔබගෙන්ම විමසා ඒ පිළිබඳ දැනුම්වත් වන්න. එමඟින් ඔබට ඔබව සොයා ගැනීමට හැකිය. උත්සාහය අත් නොහරින්න. ඔබගේ හැකියාව අගය කරන්න. එවිට ඔබ බලාපොරොත්තු වන කාරණා සාක්ෂාත් කර ගැනීමට පහසු වනු ඇත.
Advertisements


