Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නොනිදා රෑට හඬන දරුවන්ගේ බාලගිරි දෝෂ හරණය කරන බලවත් යන්ත්‍රය

1 year ago 7 Min read
Subha.lk

උපදින විටත්, ඉපදුණු පසුවත් හැඬීම බිලිඳකුගේ සාමාන්‍ය තත්ත්වයක් වුවත් නිතරමත් රාත්‍රිය පුරාත් නොනිදා අසාමාන්‍ය ලෙසින් හැඬීම සැලකිය යුතු කාරණාවකි. ඇතැම් දරුවන් ඉපදී තෙමසක් පමණ ගත වනතුරු දිවා කාලයේ හොඳින් නිදා ගනිමින් රාත්‍රි කාලයේ අවදිව ඇතැම් විට අඬමින් රාත්‍රිය ගත කිරීම අසාමාන්‍ය තත්වය නොවන බවද මවුපියන් දත යුතු කාරණාවකි. මන්ද ඉපදුණු පසුව දරුවන් හැඬිය යුතුය. මුල් මාස කිහිපයේ දරුවන්ගේ පෙණහලුවල මනා ක්‍රියාකාරිත්වයට මෙම හැඬීම මනා රුකුල් දීමක් සිදු කරනු ඇත. නමුත් මා අද ඔබට පෙන්වාදෙනු ලබන්නේ මෙකී කාරණා වලින් ඔබ්බට ගිය මවුපියන්ද මහත් පීඩාවට පත්කරන දරුවන්ගේ රාත්‍රියේ නොනිදා හැඬීම පිළිබඳවයි.

 

උපතින් දරුවන් අසුබ ග්‍රහ රටාවකට හිමිකම් පාමින් ජන්ම ලාභය වූයේ නම් එවන් දරුවන් මෙකී අයුරින් රාත්‍රියේ හඬමින් රැය පහන් කරයි. මවුකිරි පවා ප්‍රතික්ෂේප කරයි. ආවේගකාරී ගති ස්වරූපයන් ජනනය කරවයි. විශේෂයෙන් දෙඅත් මිට මොළවා දැඩි බව ප්‍රකාශ කරයි. විශේෂයෙන් දෝෂ සහිත ග්‍රහයකුගේ විංශෝත්තරයක යම් කාලසීමාවක් ඉදිරියට තබා උත්පත්තිය ලැබුවේ නම් සාමාන්‍ය දරුවෙක්ගේ මෙවන් අසාමාන්‍ය හැසිරීම් විද්‍යමාන වනු ඇත. පවුලක දෙවැනි හෝ තෙවැනි දරුවකුගේ පැමිණීමක් නම් මවුපියන්ට මෙය හඳුනා ගැනීමත් අපහසු කාරණාවක් නොවන බව සිහිපත් කළ යුතුය.

 

කෙසේ නමුත් අද මා ඔබට මෙසේ ගෙන එනු ලබන යන්ත්‍රය මෙකී කාරණයන්ට බලවත් සහනය උදෙසායි. අතීතයේ දරුවන් නිවෙස්වල ජනනය සිදු වූ කාලසීමාවන්හිදීත් ගුප්ත ශාස්ත්‍රයට මුල් තැනක් දී කටයුතු කළ ශාස්ත්‍රඥයන් විසින් පිරිසුදුව කිලි හරණයෙන් යුතුව උපදින සියලු දරුවන් වෙනුවෙන් ඉපදී මුල් දින 7න් පසුව මෙම යන්ත්‍රය ඇඳ බලවත්ව ජීවම් කොට දරුවා හිස තබන කොට්ටය තුළ තැන්පත් කරන්නට උපදෙස් ලබා දී ඇත.

 

✔  සිදු කරන ආකාරය

 

මේ සඳහා විශේෂයෙන් මල් යහනක් අවශ්‍ය නොවන්නේය. ලී පුටුවක් මත කෙසෙල් කොළයක් එළා, ඒ මත සිවු කොන පහන් 4ක් දල්වා පාට පහක මල් තබා සුවඳ දුම් දීම පමණක් ප්‍රමාණවත් වන්නේය. විශේෂයෙන් පත්‍රයක් පමණක් සොයාගත යුතුය. දිග - පළල සමාන ආකාරයේ තඹ පත්‍රයක් මත දෙනු ලබන යන්ත්‍රය යහන මත තබාම ඇඳ ගනිමින් දෙනු ලබන මන්ත්‍රයෙන් 108 වාරයක් ජීවම් කිරීම ප්‍රමාණවත් වන්නේය.

 

❗ මන්ත්‍රය

 

ඕං හ්රීං බාලගිරි යක්ෂණී හුං හුං පට්ට ප්රුලේස්වහං

 

මෙම යන්ත්‍රය කටයුතු අවසානයේ සුරයක බහාලීමක් සිදු කරන්නට අවශ්‍ය නොවන්නේය. විශේෂයෙන් යොදාගනු ලබන කපු තුන්පට නූල ගෙන එහි අඟල් 4න් 4ට දුරින් අටේ ඉලක්කමේ ආකාරයට යෙදෙන පිරිමි ගැට හතක් යොදාගත යුතුය. මෙම ගැට තද කිරීම පෙර දෙනු ලබන මන්ත්‍රයෙන්ම හත් වාරය බැගින් ජීවමට යොදා ගැනීමට අමතක නොකළ යුතුය. ජීවම අවසන් කළ යන්ත්‍රය නොනැමෙන ලෙසින් ඔතා, ඒ තඹ පත්‍රය වටා විශේෂයෙන් ජීවම් කර ගත් කපු නූලෙන් වෙළාගත යුතුය. දැන් පිරිසුදු සුදු රෙදි කඩක ඔතා යන්ත්‍රය නිවෙසේ නිසි ආගමික වතාවත් සිදු කර අවසානයේ දරුවාගේ හිත තබන කොට්ටයෙහි තැන්පත් කිරීම සිදු කරන්න. සියලු දෝෂ නවතී.

 

ඔබේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වේවා! තෙරුවන් සරණයි!

 

කපු තූන් පට නූලෙන් පිරිමි ගැට හතෙන් තද කො යන්ත්‍රය වටා ඔතන්න.

 

ජ්‍යොතිෂවේදී,

හස්ත රේඛා ශාස්ත්‍රඥ වාස්තු විද්‍යාවේදී

කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සුරවීර

දෙහිඕවිට

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk