ජ්‍යොතිෂ විද්‍යාවෙන් අනාවරණය කරගත හැකි විදෙස් ගමන්

සාමාන්‍යයෙන් ජන්මපත්‍රයක විදේශ ගමන් සම්බන්ධව විමසා බැලීමේදී කේන්ද්‍ර ස්ථාන හෙවත් විෂ්ණු ස්ථානත් ලක්‍ෂ්මී ස්ථානත් ඉතා වැදගත්ය. එහිදී විශේෂයෙන් ජන්මපත්‍රයක9 වැන්නත් 12 වැන්නත් කෙරෙහි විශේෂ අවධානයක් දැක්විය යුතුය. කෙසේ නමුත් 4 අධිපති 12 වැන්නේ නම් ස්ථිරවම උපන් ගමෙන්, රටෙන් ඈත්වේ. එහිදී සඳු හෝ රාහු 12 වැන්නේ වීම මෙකී තත්ත්වය වර්ධනය කරයි. යමකුට විදෙස්ගත වීමට නම් ඒ සඳහා වාසනාවත් පිනත් උපතින්ම ගෙන ආ යුතුය.
ඕනෑම ජන්මියකුගේ ඉරණම තීරණය වන්නේ උපන් ග්‍රහ චාරය මතය. මෙහිදී කෙනකු තමන් උපන් ගමේ විශාල දියුණුවක් ලබන අතර තව අයෙක් තමා උපන් ගමෙන් වෙන්වී වෙනත් දුර බැහැර ප්‍රදේශයක හෝ විදේශ රටක විශාල දියුණුවක් ලබයි. එසේම ඇතැමුන්ට තම උපන් බිම එතරම් ඵල නොදෙන අතර ඇතමුන්ට දුර බැහැර වාසයක්, විදේශගත වීමක් ඵල නොදේ. මෙකී සංකීර්ණ තත්ත්වය පැහැදිලිව නිරවුල්ව සරලව විග්‍රහ කළ හැකි දිව්‍යමය ශාස්ත්‍රයකි මහා බ්‍රහ්මයා වෙතින් ශිව දෙවිඳුන් උගෙන ඍෂි උතුමන් හට දායාද කළ ජ්‍යොතිෂ විද්‍යාව.
ඕනෑම ජන්මපත්‍රයක 4 වැන්නෙන් තම උපන් ගම, නිවස සම්බන්ධ තතු අනාවරණය කරගත හැක. එසේම ඒ සඳහා 4 වැන්න අධිපති ද ඉතා වැදගත්ය. යම් ජන්මපත්‍රයක 4 වැන්න සේම 4 වැන්න අධිපති ද බලවත් නම් එම ජන්මපත්‍ර හිමියා උපන් ගම, නිවස හැර නොයයි. ඔහුගේ දියුණුව ඇත්තේ උපන් ගමේ, නිවසේය. නමුත් යම් ජන්මපත්‍රයක 4 වැන්න සේම 4 අධිපතියා දුර්වල නම් උපන් බිමෙන් ඈත්වීම සිදුවේ.
සාමාන්‍යයෙන් ජන්මපත්‍රයක විදේශ ගමන් සම්බන්ධව විමසා බැලීමේදී කේන්ද්‍ර ස්ථාන හෙවත් විෂ්ණු ස්ථානත් ලක්‍ෂ්මී ස්ථානත් ඉතා වැදගත්ය. එහිදී විශේෂයෙන් ජන්මපත්‍රයක 9 වැන්නත් 12 වැන්නත් කෙරෙහි විශේෂ අවධානයක් දැක්විය යුතුය. කෙසේ නමුත් 4 අධිපති 12 වැන්නේ නම් ස්ථිරවම උපන්ගමෙන්, රටෙන් ඈත්වේ. එහිදී සඳු හෝ රාහු 12 වැන්නේ වීම මෙකී තත්ත්වය වර්ධනය කරයි. යමකුට විදෙස්ගත වීමට නම් ඒ සඳහා වාසනාවත් පිනත් උපතින්ම ගෙන ආ යුතුය. එනමුත් ඇතැමුන් යම් අපල කාලවකවානු උදාවනු දැනගත් විගස එම කාලවකවානු මඟහැර වීමට විදේශගත වනු දැකිය හැක. නමුත් මෙය ඉතා පරිස්සමෙන් කල්පනාකාරීව නිවැරැදිව ජ්‍යොතිෂ ගණනය කිරීම් ආදිය සිදුකර ඍෂි නියමයන් ගෙන් යුත් ජ්‍යොතිෂ සිද්ධාන්ත හා න්‍යායයන්ට පටහැනිව සිදුනොකළ යුත්තකි.
එනමුත් වර්තමානයේ නම් බොහෝ විට උසස් අධ්‍යාපනය ලැබීම සඳහාත් යම් රැකියාවක් කර යහමින් ධනය ඉපයීම සඳහාත් විදෙස්ගත වේ. එම ගමන් සාර්ථක වූ අවස්ථා මෙන්ම අසාර්ථක වූ අවස්ථා ද එමටය. කෙසේ නමුත් කවර ආකාරයක හෝ විදේශ ගමනක් අසාර්ථක වන්නේ විදේශගත කිරීමේ ගණිතය හෙවත් සුසංගත අක්ෂාංශය කෙරෙහි නිසි වග විභාගයකින් තොරව එනම් ජ්‍යොතිෂ විද්‍යාත්මකව තමා විදේශගත වන කර්තව්‍යයට වඩා සුදුසු රට තෝරා බේරා ගැනීමකින් තොරව විදේශගත වීමෙනි. එය එසේ තෝරා බේරා ගැනීමට නොහැකි වී ඇත්තේ බහුතරයක් ජ්‍යොතිෂවේදීන් විදේශගත කිරීමේ ගණිතය සම්බන්ධව අසාවත් නොමැති වීමෙනි. විදේශගත වීම සඳහා කෙතරම් හැකියාවක් උත්සාහයක් වාසනාවක් පෙර පින් බලයක් තිබුණ ද විදේශගත වීම කරුණු කාරණා සොයා බලා සිදුකළ යුත්තකි.
පෙර සඳහන් කළ සේම ජන්මපත්‍රයක 12 වැන්න හා 9 වැන්න බලවත් වීම සේම එහි අධිපතීන් බලවත් වීමත් එම අධිපතීන් එම ස්ථානවල තැන්පත් වීමත් එකී ස්ථානවලට දෘෂ්ටි දීමත් විදෙස් ගමන් සඳහා මහත් රුකුලකි. කෙසේ නමුත් විදේශගත වීමට තීරණය කරන ජන්මියකු තම කේන්දරයේ විදේශ ගමන් යෝගවේ ද යන්න සොයා බැලිය යුතුය. එහිදී එය විදේශගත පදිංචියක් දක්වා වර්ධනයවේ ද යන වගත් නොයෙසේ නම් විදේශ ගමන සාර්ථකවේ ද නොවේ ද යන වගත් විමසා දැනගත යුතුය. ජ්‍යොතිෂ මැනවින් පරතෙරට උගත් ජ්‍යොතිෂවේදියා ඊට සාර්ථකව පිළිතුරු සැපයීමට සමත් විය යුතුය. ඔහු ඒ සඳහා ඔහුගේ උගත්කමත් දැනුමත් අත්දැකීම් හා පළපුරුද්දත් භාවිතා කළ යුතුය.
විශේෂයෙන් 9,12 වැනි භාව චර රාශි වීමත් එම රාශි අධිපතියෝ චර රාශිවීමත් එම රාශි අධිපතියෝ චර රාශිගත වීමත් විදේශගත වීම් මොනවට කියාපායි. කෙසේ නමුත් බොහෝ විට උගත්. පරිණත ජ්‍යොතිෂවේදීන් ජන්මපත්‍රය පමණක් නොව විදේශගත වීමට සූදානම් වන ජන්මියා පැමිණි වේලාව පදනම් කරගෙන තත්කාල ශාස්ත්‍රයට අනුව ද කරුණු කාරණා විමසයි. එහිදී විදේශගත වීමේ සාර්ථක අසාර්ථක බව මැනවින් විමසා අනාවරණය කරගනී. විශේෂයෙන් විදේශගත වීමේදී සිකුරු, රාහු, ගුරු, චන්ද්‍ර වැනි ග්‍රහයන් ඉතා වැදගත්ය. එහිදී සිකුරු ප්‍රභලව කර්මස්ථානගත වීම ද ඊට රාහුගේ යෝගයත්, සංයෝගයත් හෝ දෘෂ්ටියක් වීමද විදේශගත වීම් ස්ථිර කරයි. නමුත් එය බොහෝ විට කෙටි විදේශ සංචාරයක් විය හැක. තවද රැකියාවක් සඳහා විදේශගත වීමේදී ලබා ඇති මහ දශාව හා අන්තර් දශාව ද ඉතා වැදගත්ය. විශේෂයෙන් රාහු, ගුරු, සිකුරු වැනි මහ දශා, අතුරු දශා විදේශගත වීමට ඉතා යහපත්ය.
සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වන ජන්මීන්ගේ 4 වැන්නේ සිකුරු සමග බුධ හෝ ගුරු යෙදීම පෙන්වා දිය හැක. තවද 9 වැන්න බලවත්ව එහි රාහු, ගුරු, සිකුරු යෙදීමෙන් ද විදේශගත වන බව තහවුරු වේ. නමුත් මෙකී පිහිටීම් සඳහා පලා පල පැවසීමට ප්‍රථම ශුභ ගෝචරය හා වේදයන් අශුභ ගෝචරය හා වේදයන් සම්බන්ධව ද සලකා බැලිය යුතුය. කෙසේ නමුත් විදේශගත වන පිහිටීම් ලග්න, නවාංශක පදනමින් සියුම්ව ගැඹුරින් පරීක්‍ෂා කළ යුතුය. එහිදී අනාවරණය කරගත හැකි විදේශගත වන පිහිටීම් බොහෝය. ඒ සියල්ල මේ කුඩා ලිපියට ලඝු කළ නොහැක. තවද සඳු 11 වැන්නේ සිටීම නිතර නිතර විදේශගත වීමට සිදුවන පිහිටීමක් බවද කිව යුතුය.
ඉහතදී සඳහන් කළ විදේශගත වීමට අදාළ සියලු පිහිටීම් පරීක්‍ෂා කර බැලිය යුත්තේ දළ රාශි කේන්දරයේ නම් නොවේ. දළ රාශි කේන්දරය හුදෙක් දළ සැකැස්මකි. එමගින් ග්‍රහයන්ගේ නියමාකාර ස්ථානගතවීම් බලාගත නොහැක. ග්‍රහයන් භාව සන්ධිගතවීම්, භාව ගිලීම්වලට ලක්වීම්, ගිලුණුභාව වලට ග්‍රහයන් අසුවීම්, උදා ග්‍රහයන් මෙන්ම අස්ථ ග්‍රහයන් හඳුනා ගැනීම් ආදී මෙකී නොකී බොහෝ දේ දළ රාශි කේන්දරයෙන් නොපෙනේ. ඒ නිසා දක්‍ෂ උගත් ජ්‍යොතිෂවේදියකු ලවා නිරයන භාව කේන්ද්‍රය නිර්මාණය කර ගැඹුරින් නිවැරදිව පරීක්‍ෂා කර ගන්න. ඊට හේතුව ඉතාම නිවැරදි කේන්ද්‍ර සටහන දළ රාශි කේන්ද්‍ර සටහන නොව භාව කේන්ද්‍ර සටහන වීමයි.
තවද හස්ත රේඛා ශාස්ත්‍රය හොඳින් දත් අයකුට නම් ජන්මියාගේ නිවැරදි හස්තය නිවැරදි කාල වකවානුව තුළ නිවැරදි වේලාවේ නිවැරදි ලෙස පරීක්‍ෂා කිරීමෙන් එම ජන්මියාගේ චන්ද්‍ර මණ්ඩලයේ දිස්වන රේඛා අනුසාරයෙන් ජන්මියා විදේශගත වේද එය සාර්ථක වේද අසාර්ථක වේද වාර ගණනාවක් විදේශගත වේද යන කරුණුත් නිවැරදිව අනාවරණය කරගත හැක.
Advertisements


