2025 මැයි මාසයට ශුභ මුහුර්ත

විවාහ මංගල කටයුතු සඳහා මැයි09 වන සිකුරාදා දින ද14 වන බුද දින ද23 වන සිකුරාදා දින ද ඉතාම යෝග්‍ය වෙයි. එමෙන්ම එම දිනවලදී විවාහ කටයුතුවලට අමතරව ගිවිසුම් අත්සන් කිරීමට, නව රැකියා භාර ගැනීමට ශුභයි. නව රැකියා භාර ගැනීමේදී ලග්නය හා ලග්නාධිපති,10වැන්න හා10 වැන්නාධිපති නීච නොවිය යුතුයි. වැඩභාරගන්නා වේලාවේ 10වැන්නාධිපති බලවත් විය යුතුයි.
අකුරු කියැවීමට ද ශුභයි
එනම් මැයි07 පුවපල් නැකතින් ද මැයි14 අනුර නැකතින් ද මීට අමතරව ඉඳුල් කට ගෑමට, කන් විදීමට, හිසකෙස් කැපීමට මැයි09,14,23 යන දවස් ද එම නැකත් වන්නේ හත, අනුර උත්‍රපුටුප යන නැකත් ගැලපෙන අයට මේ සඳහා ශුභ වෙයි. එනම් උපතේදී මෙම නැකත් ඇති අයට මෙය ඉතාම ශුභ වෙයි. අස්විද, මා, මුල නැකතින් උපන් අයට අස්විද, දෙට, රේවති යන අයටත් ඉතාම ශුභයි.
නිවාස කටයුතු සඳහා ද මැයි07 පුවපල් නැකත මැයි14 අනුර නැකත, මෙම නැකතින් නිවාස සෑදීමට, උළුවහු තැබීමට, ගෙවදීමට ඉතාම යෝග්‍ය වෙයි. ඉඩම් මිලදී ගැනීම ද අයත් වෙයි. මෙහිදී මතක තබා ගත යුතුයි රවි සිටි නැකතේ සිට සඳු සිටි නැකත 9, 10, 11, 12, 13, 14, 16, 17, 18, 19, 20, 21 නම් ශුභයි. රවි සිටි නැකතින් උදා නැකත 4, 6, 9, 10, 13, 20 සිටී නම් දෝෂ භංගවෙයි. ශුභයි.
ගොවිතැන් කටයුතු සඳහා මැයි09 සිකුරාදා හත නැකතින් ද මැයි14 අනුර නැකතින් ද මැයි23 සිකුරාදා උත්‍රපුටුප නැකතින්ද ගොවිතැන් වැඩ ආරම්භ කිරීමට ඉතාම යෝග්‍ය වෙයි.
මෙම වේලාවල් පිළිවෙළින්
මැයි
07 – පුවපල් – 07.21 උතුර දිශාව බදාදා දින
09 – හත – 07.08 දකුණ දිශාව සිකුරාදා දින
14 – අනුර – 07.21 උතුර දිශාව – බදාදා දින
23 – උත්‍රපුටුප – 7.01- 8.25 උතුරු දිශාව- සිකුරාදා දින
Advertisements


