ජන්ම පත්‍රයෙන් හෙළිවන මැතිවරණ ජය

පුංචි ඡන්දය ළඟ ළඟම එන නිසා මේ දිනවල තමන්ගේ කේන්ද්‍රය බලවත් දැයි දැන ගැනීමට බොහෝ දෙනා උත්සුක වී සිටිති. බොහෝ ඡන්ද අපේක්ෂකයන් තම කේන්ද්‍රය රැගෙන ජ්‍යොතිෂවේදීන් හමුවට ගොස් එය, පරීක්ෂා කර ගන්නේ තමන්ට මැතිවරණයේ ජයග්‍රහණය කළ හැකිදැයි දැනගැනීමටය. එහිදී ඔවුන් විමසා බලන්නේ තම කේන්ද්‍රය තුළ රාජ යෝග තිබේද යන්නය. රාජ යෝග සහිත බලවත් කේන්ද්‍රයක් හිමි අයකුට ඕනෑම ස්ථානයක නායකත්වය හිමිවීම වැළැක්විය නොහැකිය. දේශපාලන නායකත්වයට ද එබඳු රාජ යෝග තිබීම අත්‍යවශ්‍ය වේ. එහෙත් රාජ යෝග තිබූ පමණින් සෑම අයකුට ම රාජ්‍යත්වයට පත්වීමට නොහැකි අතර අවම වශයෙන් කිසියම් ආයතනයක හෝ ගමේ සමිති සංවිධානයක නායකත්වයට පත්වීමට වුව, ඔවුන්ට මෙම රාජ යෝග උපකාරී වේ. එසේම බොහෝ රාජ යෝග තිබුණ ද ඒවා භංගවන අවස්ථා ද ඇති බැවින් මේ පිළිබඳව ඉතා පරීක්ෂාකාරීව සලකා බැලිය යුතුය. අද මෙම ලිපියෙන් විමසා බලන්නේ නායකත්වයට පත්වීමට තරම් සුදුසුමෙම රාජ යෝග ජන්ම පත්‍රයක පිහිටන ආකාරය පිළිබඳවයි. පහත දැක්වෙන්නේ ධනය, බලය, සැප සම්පත් සහිතව රජකු හා සමාන තත්ත්වයට පත් විය හැකි කේන්ද්‍රයක පිහිටන සුවිශේෂ ග්‍රහ යෙදුම් කීපයකි.
ශ්‍රී කාලිදාසයන්ගේ උත්තරකාලාමෘතයෙහි සඳහන් ආකාරයට කේන්ද්‍රයක 6,8,12 ස්ථාන අධිපතියන් එම ස්ථාන තුනෙහි පිහිටීමෙන් හෝ ස්ථාන මාරු කරගෙන පිහිටීමෙන් ඇති වන හර්ෂා, සරලා, විමලා යන විපරීත රාජ යෝග පුද්ගලයකු නායකත්වයට පත් කිරීමට ඉවහල් වේ. 6 වැන්නාධිපති 6 වැන්නේ 8 වැන්නේ හෝ 12 වැන්නේ පිහිටීමෙන් හර්ෂ යෝගය ද, 8 වැන්නාධිපති 8 වැන්නේ 6 වැන්නේ හෝ 12 වැන්නේ පිහිටීමෙන් සරලා යෝගය ද 12 වැන්නාධිපති 12 වැන්නේ 6 වැන්නේ හෝ 8 වැන්නේ පිහිටීමෙන් විමලා යෝගය ද ඇති වේ.
ජන්ම කේන්ද්‍රයේ ග්‍රහයන් තිදෙනකු හෝ ඊට වැඩි ගණනක් උච්චව හෝ ස්වක්ෂේත්රව පිහිටීමෙන් යෙදෙන රාජ්‍ය යෝගය එබඳු බලවත් රාජ යෝගයකි.
1,4,7,10 කේන්ද්රස්ථානාධිපතීන් 5,9 ත්රිකෝණස්ථානාධිපතීන් හා සංයෝග වීමෙන් යෙදෙන කේන්ද්‍ර ත්රිකෝණාධිපති යෝගය ද පුද්ගලයකුට උසස් නායකත්වයක් උරුමකර දෙන යෝගයකි.
කේන්ද්‍රයක 6,7,8 යන භාවවල බුධ,ගුරු, සිකුරු පිහිටීමෙන් යෙදෙන ලග්නාධිපති යෝගය ද පුද්ගලයකු ඉහළට ඔසවා තබන යෝගයකි. රවි, මේෂ රාශිගත වීමෙන් යෙදෙන මයුරපාල යෝගය ද කෙනකු රාජ්‍ය අංශයේ ඉහළට ගෙන යන යෝගයකි. කේන්ද්‍රයේ උපචය ස්ථානවල මෙය යෙදීම වඩාත් සුබදායී වේ.
පුද්ගලයාට බලය, කීර්තිය, ප්‍රසිද්ධිය හා කැපී පෙනෙන නායකත්වයක් ලබාදෙන ඉෂ්ට බල යෝගය ද මෙබඳු දුර්ලභ යෝගයකි. ලග්නාධිපති 5 සහ 9 අධිපතීන් සමග යෝගව කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක පිහිටීමෙන් මේ යෝගය යෙදේ.
චන්ද්‍රාධි යෝගය ද පුද්ගලයකු නායකත්වයට පත් කරන මෙබඳු ඉතා උසස් යෝගයකි. කේන්ද්‍රයේ චන්ද්‍රයා සිටි රාශියෙන්6,7,8 යන භාව තුනෙන් එකක බුධ, ගුරු,ශුක්‍ර යන ග්‍රහයන් තිදෙනා කවරාකාරයකින් හෝ යෙදී තිබීමෙන් මෙම යෝගය යෙදේ. ලග්නාධිපති හා 9 වැන්නාධිපති දෙදෙනාගේ යෝගය ද මෙබඳු විශිෂ්ට යෝගයකි.
කේන්ද්‍රයක ග්‍රහයන් නීච වීම අසුබදායක තත්ත්වයක් බව බොහෝ දෙනා පොදුවේ සිතන කරුණකි. එහෙත් ග්‍රහයකු නීච වූ පමණින්ම අසුබ ඵල උදා නොකරන අතර එම නීචය භංග වන්නේ නම් ඉන් නිර්මාණය වන්නේ නීච භංග රාජ යෝගයකි. එය සුබ භාවයක යෙදුණොත් එම යෝගයට සම්බන්ධ ග්‍රහයන්ගේ දශා කාලවල දී බොහෝ සුබ ඵල උදා වෙයි. නීච ග්‍රහයා සිටින භාවයේම තවත් ග්‍රහයකු උච්ච ව හෝ ස්වක්ෂේත්රව සිටීම, නීච ග්‍රහයා ලග්නය දැකීම, නීච ග්‍රහයා සිටි රාශියේ අධිපතියා ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත වීම, නීච ග්‍රහයා නවාංශකයේ දී උච්ච වීම, නීච ග්‍රහයන් දෙදෙනකු සම සප්තමව සිටීම වැනි නීච භංග රාජ යෝග යෙදෙන ක්‍රම රැසක් ඇත. පුද්ගලයකු නායකත්වයට පත් කරමින් ඉහළට ඔසවා තබන යෝග කිහිපයක් පරාශර විසින් දක්වා ඇත.4 වැන්නාධිපති10 වැන්නේත්10 වැන්නාධිපති4 වැන්නේත් යෙදී5,9 හිමියන්ගේ දෘෂ්ටිය ලැබීම,1,4,5,9,10අධිපතියන්ගේ සංයෝගය,4 වැන්නාධිපතිත්9 වැන්නාධිපතිත්5,9 භාවයක් හිමියකු සමග සම්බන්ධ වීම,1,5,9 අධිපතියන්ගේ සංයෝගය1,4 හෝ10 පිහිටීම ඒ අතර වේ. තවද ජන්ම කේන්ද්‍රයේ ග්‍රහයන්06 දෙනෙක් උච්චව සිටීම, ග්‍රහයන්05 දෙනෙක් උච්චව සිටිය දී ගුරු ලග්න ගතවීම, මේෂ ලග්නය වී එහි රවි සහ ගුරු ද,9 වැන්නේ බුධ, සඳු සහ ශුක්‍ර යන තිදෙනා ද 10 වැන්නේ කුජ ද සිටීම, ලග්නය වෘෂභ වී සඳු එහි සිට, සඳු සමග ග්‍රහයන් 06 දෙනෙක් උච්ච වීම, ලග්නය කන්‍යා වී එහි බුධ ද සඳු හා ගුරු04 වැන්නේ ද කුජ05 වැන්නේ ද සිටීම, රවි සිංහයේ, සඳු කටකයේ, ශනි මකරයේ, ගුරු මීනයේ, බුධ මිථුනයේ, සිකුරු තුලාවේ, කුජ මේෂයේ පිහිටීම, මේෂ ලග්නය වී කුජ ලග්නයේ ද ගුරු04 වැන්නේ ද පිහිටීම, ලග්නය ස්ථිර රාශියක්ව එහි අධිපති10 වැන්නේද, ගුරු5 වැන්නේ ද සඳු ගුරුගෙන් කේන්ද්‍රගතව ද පිහිටීම, ගුරු12 වැන්නේ ද, ශනි, රවි හෝ3 වැන්නාධිපති11 වැන්නේ ද, ලග්නාධිපති ගුරුගෙන්12 වැන්නේ ද සිටීම, වෘෂභ ලග්නය වී එහි සඳු ද5 වැන්නේ රවි සහ බුධ ද7 වැන්නේ සිකුරු ද,12 වැන්නේ කුජ ද3 වැන්නේ ගුරු ද සිටීම,9 වැන්නාධිපති හා10 වැන්නාධිපති බලවත්ව මාරුවී සිටීම, සුබ ග්‍රහයන් කේන්ද්‍රස්ථානවල සහ ත්‍රිකෝණගතව ද, පාපයන්3,6,11 ස්ථානවල ද සිටිය දී ලග්නාධිපති බලවත් වීම එබඳු ග්‍රහ පිහිටීම් කීපයකි.
එමෙන්ම නීච ග්‍රහයකු සිටින රාශියේ අධිපති සිටින නවාංශකයේ අධිපතියා ලග්නයෙන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණගත ද ලග්නය චර රාශියක් ද වී එහි අධිපති චර රාශියක වීම, ලග්නයෙහි සඳු ද 4 වැන්නේ ගුරු ද 10 වැන්නේ ශුක්‍ර ද ශනි උච්ච හෝ ස්වක්ෂේත්ර රාශියක ද වීම, රවි සිංහයේ ද සඳු වෘෂභයේ ද, කුජ මේෂයේ ද බුධ කන්‍යාවේ ද, ගුරු ධනුවේ ද ශුක්‍ර තුලාවේ ද ශනි කුම්භයේ ද සිටීම, ලග්නය කුම්භ වී එහි ශනි ද 7 වැන්නේ ගුරු ද, 8 වැන්නේ බුධ ද10 වැන්නේ කුජ ද සිටීම, සඳු හා කුජ2 වැන්නේ හෝ3 වැන්නේ සිටිය දී රාහු5 වැන්නේ වීම,3 වැන්නාධිපති ගුරු12 වැන්නේ ද ශනි හෝ රවි11 වැන්නේ ද ලග්නාධිපති12 වැන්නේ ද සිටීම, ලග්නයෙහි බලවත් ග්‍රහයෙක් සිටිය දී සඳු සමග ගුරු කටකයෙත් රවි ධනුවේත්, බුධ කන්‍යාවේත් සිටීම, මේෂ ලග්නය වී එහි රවි සහ ගුරු ද,9 වැන්නේ බුධ, සඳු සහ ශුක්‍ර යන තිදෙනා ද10 වැන්නේ කුජ ද සිටීම, ලග්නය තුලා වී එහි ශුක්‍ර ශනි දෙදෙනා ද12 වැන්නේ රවි බුධ දෙදෙනා ද7 වැන්නේ කුජ ද10 වැන්නේ ගුරු ද සිටීම, රාහු කේතු හැර අනෙකුත් ග්‍රහයෝ කේන්ද්‍රගතව මිත්‍ර, උච්ච, ස්වක්ෂේත්ර බලයෙන් යුතුව පිහිටීම වැනි ග්‍රහ පිහිටීම් ඔබගේ ජන්ම කේන්ද්‍රය තුළ ඇත්නම් එබඳු පුද්ගලයන්ට බොහෝවිට ආයතනයක හෝ ප්‍රදේශයක නායකත්වයට පත්විය හැකිය.
Advertisements


