Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දෛව අංක 9න් උපන් ඔබ ගැනයි මේ

1 day ago 7 Min read
Subha.lk

අප අද කතා කරන්නේ අවසාන දෛව අංකය පිළිබඳවයි. අවුරුද්ද මාසය දිනය තනි අංකයක් වන ලෙස එකතු  කළ පසු ඔබගේ දෛව අංකය 9 නම් එය අඟහරු හෙවත් කුජ ග්‍රහයාගේ කම්පන බලවේගයට අයත් වෙයි.

 

ජය අංකය ලෙස අංක9 ලැබෙන්නේ ඔබේ උපන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් වනතුරු එකට එකතු  කිරීමෙනි. මේ උදාහරණයේ ආකාරයට ඔබටත් ඔබගේ දෛව අංකය පහසුවෙන්ම සොයාගත හැකිය.

 

උදා - 2001.07.17

 

2+0+0+1+0+7+1+7 = 18

 

1+8= 9

 

ඔබ තුළ ඉතාමත් කාරුණික මානුෂීය හැඟීම් පවතින අතර යහපත් ජීවිතයක් ගත කරන පුද්ගලයකු වෙයි.

 

එමෙන්ම ඔබට ඉතාමත් ප්‍රබල ආත්ම ශක්තියක් පවතී. ඔබගේ ආත්ම ශක්තිය නිසාම ජීවිතයේ බොහෝ දේවල් සාර්ථක කරගැනීමට හැකිය. සෑම කටයුත්තකදීම ඉතාමත් ධෛර්යමත්ව කටයුතු කරන ඔබ අනුන් සමඟ  කටයුතු කිරීමේදී ඔබට හැකි අයුරින් ඔවුන්ට ද සහයෝගය ලබාදීම සිරිතක් වෙයි.

 

ඉක්මනින් තරහ යන ගතියක් පවතියි. තරමක් සටන්කාමී ගති ලක්ෂණ ඔබගේ චරිතය තුළින් දැකිය හැකිය.  නිතර මොනවා හෝ ටික ටික කෑමට උවමනා කරයි. ඔබගේ ජීවිතය බොහෝ අභියෝග සහ බාධාවලින් ගහන  එකක් වෙයි. සමාජයේ අනෙක් අයට වඩා ඔබට එම අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවෙයි. ඔබ වැඩ කිරීමට  වගේම අනිත් අයගෙන් වැඩ ගැනීමට ද දක්ෂතාවය දක්වයි. ඔබ කිසි දෙයකට බය පුද්ගලයකු නොවේ. නිර්භීත  ගති පැවැතුම් ඇත. ඕනෑම දෙයකට ඔරොත්තු දීමේ ශක්තිය පවතී. පරාජය භාර ගැනීමට සූදානම් නැත. කෙසේ හෝ ජයග්‍රහණය කිරීම ඔබගේ අපේක්ෂාව වෙයි. තමා සිතාගත් දෙය ඒ ලෙසටම සිදුවිය යුතු යැයි සිතයි. වාද  විවාද වලට සුදුසු නැත. සතුරන් පරාජය කිරීමේ හැකියාව පවතී. හොඳ විචක්ෂණශීලී මනසකින් කටයුතු කරයි. කරුණු හරිහැටි තේරුම් ගෙන තර්කානුකූලව සිතා බලා තීන්දු තීරණ ගනියි.

 

තැනට සුදුසු ආකාරයෙන් හැසිරීමට විශේෂ හැකියාවක් ඔබ තුළ ඇත. කේන්තිය පාලනය කර ගැනීමට නිතර  උත්සාහ කළ යුතුයි. එමෙන්ම හදිසි තීන්දු තීරණ ගැනීමෙන් ද වැළකිය යුතුයි. විවාහ ජීවිතය තුළ තේරුම්  නොගැනීම නිසා දෙදෙනා අතර බොහෝ විට මත ගැටුම් ඇතිවීමට ඉඩ තිබේ. ඔබ යමක් කළ පසු එහි ඉක්මන්  ප්‍රතිඵල බලාපොරොත්තු වෙයි. නොඉවසිලිමත් ගතිය ඔබ තුළ නිරන්තරයෙන් පවතී. ඉක්මන්කාරී ගතිය සහ කේන්ති ගැනීම ඔබගේ සාමාන්‍ය ස්භාවයක් වෙයි. ගැස්ට්‍රයිටිස්, අධිරුධිර පීඩනය වැනි රුධිරගත රෝගවලින්  වඩාත් පරෙස්සම් විය යුතුයි. උපන් තත්ත්වයට වඩා දෙතුන් ගුණයකින් කෙසේ හෝ ජීවිතය සාර්ථක කර  ගැනීමේ හැකියාව පවතී.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk