සෙනසුරුගෙන් සුබපල ගන්න කළ යුතු පිළිවෙත්

සෙනසුරු යනු දුකට අධිපති ග්‍රහයා ලෙස ඡ්‍යොතිෂයේ හඳුන්වයි. පෙර භවයේ කරන ලද පින් සහ පව් මේ දශාව ලැබූ විට අත්කර දෙනු ඇත. හැමෝටම හොඳක් නැති, හැමෝටම නරකත් නැති සෙනසුරු ග්‍රහයා මේෂ රාශියේදී නීච වන අතර තුලා රාශියේදී උච්ච වෙයි. මකර, කුම්භ වන තමන්ගේ රාශි දෙකේහි ස්වක්ෂේත්‍රවත් බුධ හා සිකුරු සමඟ මිත්‍රවත් කටයුතු කරයි.
වැඩකරන ජනතාව නියෝජනය කරන අතර නුග වෘක්ෂය තම වාසස්ථානය ලෙස ද කපුටා වාහනය ලෙසද භාවිත කරයි.
සෙනසුරු ග්‍රහයාගේ වාහනය වූ කපුටාට ආහාරපාන දීමත් නුග වෘක්ෂයට දිනපතා සාත්තු කිරීමත්, ගස ස්පර්ශ කිරීමත් සිදුකිරීම, සිල් සමාදන් වූ අයට ඖෂධීය පාන වර්ග පූජා කිරීම ආදිය මඟින් සෙනසුරු ග්‍රහයාගේ ආශිර්වාදය ලබා ගැනීමට ද හැකිවේ. මහලු නිවාසවලට දන් දීම, කලු හා නිල් පාට පාවහන් පූජා කිරීම, බෝමළු ඇමදීම, මල් ආසන පූජා කිරීම, බර වැඩ කරන අයට උදව් උපකාර කිරීම සහ ආහාරපාන, ඇඳුම් පරිත්‍යාග කිරීමත් සිදු කිරීම තවත් ක්‍රම කිහිපයකි.
සෙනසුරුගෙන් ආශීර්වාද ලබා ගැනීමට තවත් ක්‍රම රැසකි.
පුර පෝයට පෙර එන සෙනසුරාදා දිනයකින් පටන්ගෙන සෙනසුරාදා දින 7ක් නිල්මල් වැඩිපුර ගෙන මල්වට්ටි 07 ක් එළඟිතෙල් දැමූ පහන් 07ක් දල්වා නුග කොළ මත තබා බෝධිපූජා තබා විෂ්ණු දෙවියන්ට පින් දෙන්න.
බෝ සෙවණේ වැඩි වේලාවක් ගත කරන්න. නිර්මාංශව සෑදු රතු කැකුළු බත් පාර්සල් 04ක් සෙනසුරාදා දිනවල ආබාධිත හතර දෙනෙකුට පිළිගන්වන්න (මුදල් නෝට්ටුවක් සමඟ ලබා දිය හැකි නම් වඩාත් හොඳයි.) වැඩිහිටියන්ට ඇප උපස්ථාන කරන්න.
විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජාවක් කරන්න.
මීට අමතරව විශේෂ පූජා මෙසේය.
කලු තල පූජාව
කපුටාගේ පි‍්‍රයතම ආහාරය තල බැවින් කලු රෙද්දකට තල දමා කුඩා පොට්ටනි සාදා එම පොට්ටනි තලතෙල් පුරවන ලද පහනකට දමා සෙනසුරාදා දින 7 ක් එකදිගට දල්වන්න.
කලුතල මිටවල් දෙකක් පමණ ගෙන පිරිසුදු කර පොට්ටනියක් බැඳ සෙනසුරු අපලය ඇති ජන්මියාගේ නිදියන කොට්ටයේ හිසට ස්පර්ශවන සේ දමා දින7 නිදියන්න. ඉන්පසු7 වැනි දින මේ කළු තල පෙට්ටිය ලිහා කලු රෙදිවලින් තැනූ පොට්ටනි7 කරන්න.7 වැනි දින විහාරස්ථානයකට ගොස් බෝධිපූජාවක් තබා මේ කලුතල පොට්ටනි7 තලතෙල් හා පොල්තෙල් මිශ්‍ර එළඟිතෙල් පහන්7කට දමා එය බෝධිය වෙත ගොස් තමාගේ සෙනසු අපලය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් පහන්7ක් දල්වන්න. පහන දැල්වෙන විට එම ස්ථානයේ නොසිට එතනින් වහා පිටවන්න.
කැවිලි09, පලතුරු09, නිල්මල් වට්ටි09ක යාර2 ක් පමණ නිල් තිරයක්, විෂ්ණු දෙවියන්ට පූජා කර බාරයක් ගැට ගසන්න.
නිල්පාට කොඩිවල නම ලියා සෙනසුරු අපල දුරුවේවා යනුවෙන් ද ලියා බෝධියේ දකුණු පැත්තේ අත්තක අන් අයට පෙනෙන සේ එල්ලන්න.
මහලු හෝ තරමක කුදු, හැරමිටියක් පාවිච්චි කරන අයකුට ආහාර පාන දෙන්න. කලුපාට වස්ත්‍ර දන් දෙන්න.
කාකනිල් මැණික් ගලක් රිදී මුදුවකට අල්ලා මැදැගිල්ලේ පැළඳ ගන්න.
අභිසම්භිදාන, නීලමණ්ඩලය, විෂ්ණු අඝෝර යන්ත්‍රය ජීවම් කර පළඳින්න.
කුඩා ළමයින්ට නම් නවනාථ යන්ත්‍රය ජීවම් කර පළඳ වන්න.
තඹ හෝ ලෝකඩ සුරයක දමා පළඳින්න.
එළඟිතෙල්, අබතෙල්, තලතෙල් යන තෙල් වර්ග තුනෙන් පහන් හත බැගින් බෝධිය අසල පූජා කර විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. මීගවයකුට අභයදානය දෙන්න. නුග පැලයක් සිටුවා දිනපතා ගස ස්පර්ෂ කර ගසට සාත්තු කරන්න.
ස්නානයට
බැබිල, විෂ්ණුක්‍රාන්ති, කලුතල, විලඳ, ලොත් සුඹුලු, කලාඳුරු, සතකුප්ප යන ඖෂධ සමව ගෙන තම්බා ස්නානය කිරීමෙන්ද අපල දුරුකර ගත හැකිය. ස්නානය සඳහා ඉහත සඳහන් ඖෂධ සොයා ගැනීමට අපහසු නම් පහත සඳහන් ඖෂධ මිශ්‍ර ජලයෙන් ස්නානය කරන්න.
ලොත් සුඹුලු, විලඳ, කොට්ටන්, බැබිල, පුවඟු, කලාඳුරු, අබ, දේවදාර, කසාකටුපිල යන ඖෂධ තම්බා ස්නානය කිරීමෙන් සියලු ග්‍රහ දෝෂ සමනය වේ.
විෂ්ණු දෙවියන් ප්‍රමුඛ දේව සමූහයාට පින් අනුමෝදන් කොට පිහිට පතන්න. විෂ්ණු කතරගම දෙවියන්ට සෙත්කවියක් සාදා කියවන්න.
තලතෙල් පහන් පූජාව
ආගමික ස්ථානයක බටහිර දිශාව බලා තල තෙල් පහනක් දල්වා පහත සඳහන් ස්ත්‍රෝත්‍රය තුන්වරක් ගායනා කර සෙනසුරු ග්‍රහයාගේ ආශීර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරන්න.
නිලාංජන සමාභාසං -
රවිපුත්‍ර යමාග්‍රජං
ජයාමර්තණ්ඩ සංභූතං
තංනමාමි ශංනෙශව
නිල අදුන් මෙන් සමානව බබළන උතුම් රවිගේ පුත්‍ර වූ ඡයා හා මර්තණ්ඩගෙන් උපන්නා වූ සෙනසුරු දෙවි මම වඳිමි.
ඒරාෂ්ටක අපල පවතී නම්
සෙනසුරාදා පාන්දර සුදු හාල්වලින් කිරිබතක් සාදා ගන්න. අඟලක පමණ පහන්තිර කැබලි09ක් ගෙන එළඟිතෙල්වල පොඟවා ගන්න. පිසගත් කිරිබත් මැදට වන්නට පහත පෙනෙන ආකාරයට පහන්තිර කැබලි තබාකිරිබත් ගුලි 09 ක් සාදා ගන්න.
තැටියක් ගෙන ඒ මත නුගකොළ තබා සාදාගත් කිරිබත් ගුලි09 තබන්න. පහන්තිර දල්වා ජන්මියාගේ හිසේ සිට දෙපතුළතෙක්09වරක් පිස දමා කපුටන්ට ආහාරය පිණිස බටහිර පැත්තේ තබන්න(කුඩා දරුවකුගේ නම් හිස වටා නම වරක් කරකවන්න.) කපුටාගේ කුසගින්න නිවීම ඒරාෂ්ටක අපල දුරුවීමට හේතුවේ.
එදිනම උදේ කකුලක් ආබාධිත අයකුට නිර්මාංශ ආහාර වේලක් දෙන්න. මෙය වෙනත් ආහාරයක් ගැනීමට පෙර දෙනවා නම් ඉතා යහපත් වේ.
හවස 7 පසුවී නිල්මල් වැඩිපුර ගෙන එළඟිතෙල් දැමූ පහන් 09ක් දල්වා බෝධිපූජා තැබීම සිදු කරන්න.
සෙනසුරාදා දිනවල නිර්මාංශ ආහාර ගන්න.
ශනි මෘතුංජය යන්ත්‍රය ජීවම් කර පැළඳ ගන්න. කාක නිල් මැණික් ගලක් රිදී මුදුවකට අල්ලා පළඳින්න.
Advertisements


