Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සිසේරියන් සැත්කම් අබිබවා යන ජ්‍යොතිෂ විද්‍යාත්මක ගර්භ දානය

3 weeks ago 7 Min read
Subha.lk

ඕනෑම ජන්මියකු මෙලොව උපත ලබන්නේ එම ජන්මියා අතීත සංසාරයේ සිදුකළ අනේකවිධ කුසල අකුසල  කර්මයනට අනුරූපවය. මෙය මනුෂ්‍යයන් වන අප විෂයෙහි පමණක් නොව තිරිසන්ගත සත්ත්වයන් විෂයෙහි ද සාධාරණ බව තරමක් සිතා විමර්ශනාත්මකව සොයා බලන කල, වැටහී යයි. එසේම මෙකී තත්ත්වය ජාති,  ආගදම්, කුල මල ආදියට කිසිදා වෙනස් කළ හැකි ද නොවේ. ලෝකයේ ප්‍රතිසන්ධි ආකාර4කි. ඒ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික යනුවෙනි. මින් සංසේදජ හා ඕපපාතික ප්‍රතිසන්ධි බාහිර පරිසරය තුළ හටගත්ත ද  අණ්ඩජ හා ජලාබුජ ප්‍රතිසන්ධි කලල මව් කුසක් තුළම හටගනී.

 

විශේෂයෙන් විවාහ පත්වූ අලුත බොහෝදෙනකුගේ පැතුම වන්නේ විගසින් පින්වත් වාසනාවත්ත දරු සම්පතක් හිමි කරගැනීමයි. මෙහිදී සමහරුන් දරු සම්පත් ලබාගැනීමේදී ඉතාම වාසනාවන්තමුත් ඇතැමුන් දරු සම්පත්  හීනව සිතින් මෙන්ම ගතින් ද දුක් විඳින බව නොරහසකි. විවාහයෙන් පසු දරුඵල සම්බන්ධව යහපත් තත්ත්වයක් උදා කරගැනීමට නම් විවාහ වීමට අදහස් කරන යුවළකගේ පොරොන්දම් පරීක්ෂාවේදී අනිවාර්යයෙන්ම  දරුඵල සම්බන්ධව ද ගැඹුරින් විමසා බැලිය යුතුය. මන්ද විවාහයේ ප්‍රධාන පරමාර්ථ අතරින් විවාහයේ ඵලය ලෙස දරු සම්පත පෙරමුණ ගන්නා නිසාය.

 

අතීතයේ මෙන්ම අදටත් විවාහපත් යුවළකට දරුඵල අහිමිවන කල නැත්නම් දරුඵල ප්‍රමාද වන කල සමස්ත  සමාජයෙනුත් තම නෑ හිත මිතුරන් වෙතිනුත් ඒලල වන්නේ බලවත් පීඩනයකි. අවසානයේ වඳ ස්ත්‍රිය, වඳ පුරුෂයා ලෙස හංවඩු ගසා අවමානයට පත් කිරීම පවා සිදුවීම ඉතාම ස්වාභාවිකය. නමුත් එය එසේ සිදුවනුයේ පෙර  කල අකුසල කර්ම නිසාවෙන් නිසා එලෙස අපවාද අවලාද නඟා සමාජයෙන් යම් යම් අවස්ථාවල කොන් කිරීම කොතෙක් දුරට සාධාරණ ද යන්න නම් ගැටලුවකි.

 

කෙසේ නමුත් මෙලොව සාර්ථක වාසනාවන්ත පුරුෂයකුට හිමි වන සම්පත් වන කාය, ආරෝග්‍ය, ස්ත්‍රී, ධන, පුත්‍ර, ඥාන හා පරිවාර යන සම්පත් අතරට පුත්‍ර සම්පත ද ඇතුළත්ය. එනිසා විශේෂයෙන් පොරොන්දම් පරීක්ෂාවේදී දෙදෙනාගේම දරුඵල විමසා බැලිය යුතුය. ඒ සඳහා මැනවින් පරතෙරට උගත්, දක්ෂ, පරිණත, අත්දැකීම් බහුල  ජ්‍යොතිෂවේදී මහත්මයකු හෝ මහත්මියක සම්බන්ධ කරගත යුතුය. එහිදී විමසා බැලිය යුතු ජ්‍යොතිෂ  සිද්ධාන්ත හා න්‍යායන් ගණනාවකි. ඒ අතර දෙදෙනාගේම ජන්ම පත්‍රවල 5 වැන්න, 5 වැන්න අධිපති, 5 වැන්නෙන් 5 වැන්න, පුත්‍රකාරක ගුරු, බීජ ස්ඵුට හා ක්ෂේත්‍ර ස්ඵුට ගණිත, පුත්‍ර සහ ගණිත, දරුඵල සඳහාම සුවිශේෂී  සප්තාංශක වර්ග කේන්දරය, පාක ලග්නය ආදී මෙකී නොකී බොහෝ දෑ මූලිකය. මෙකී කරුණු කාරණා  මැනවින් නිවැරදිව පරීක්ෂා කර බලන කල දක්ෂ ජ්‍යොතිෂවේදියකු හට දරුඵල සම්බන්ධවත් ඒවා හිමිවන කාල වකවානු සම්බන්ධවත් නිවැරදිව අනාවැකි ප්‍රකාශ කළ හැක.

 

එදා පෙර රජ දවස නිවැරදි ජ්‍යොතිෂ විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය තුළින් වාසනාවන්ත දරු උපත් ලබාගත්  අතර එය අනිවාර්යයෙන්ම ශාස්ත්‍රානුකූල විය. නමුත් වර්තමානයේ නිසි ජ්‍යොතිෂ දැනුමකින් තොරව සුවිශේෂී  ජ්‍යොතිෂ සිද්ධාන්ත හා න්‍යායන්ට පටහැනිව යන්තම් මතුපිටින් ජ්‍යොතිෂය අතපත ගා නිසි ගුරු උපදේශවලින් පවා තොරව දරුවන් පිලිසිඳ ගැන්වීමේ ජ්‍යොතිෂ විද්‍යාත්මක ක්‍රමවේදවලට පටහැනිව යමින් සුවිශේෂි ග්‍රහ  පිහිටීම් සහිත තත්කාල කාල හෝරා, පංචම කාල හෝරා හා සූක්ෂ්ම කාල හෝරා පදනම් කරගනිමින් නූතන  නවීන බටහිර වෛද්‍ය තාක්ෂණික ක්‍රම හරහා සිසේරියන් සැත්කම් සිදුකර දරු උපත් සිදු කිරීමට උත්සාහ කරයි. ඇතැමුන් පංච පක්ෂි ශාස්ත්‍රයේ තම පක්ෂියාගේ රජ ස්ථූල යාමයේ, රාජ සූක්ෂ්ම යාමයේ රජ අතිසූක්ෂ්ම  අවස්ථාව අල්ලා සිසේරියන් සැත්කම් සිදුකර දරු උපත සිදු කිරීමට බලති. මා උපාධි, පශ්චාත් උපාධි නිබන්දන  පිළියෙල කිරීමේදී දරුඵල සම්බන්ධව විශේෂයෙන් ගැඹුරට විමර්ශනාත්මක පර්යේෂණ සිදුකළෙමි. එහිදී මා ලද නිරීක්ෂණ හා නිගමන මත පදනම් වූ අත්දැකීම වූයේ එලෙස යමකුට අවශ්‍ය පරිදි අවශ්‍ය වේලාවක සිසේරියන්  සැත්කම සිදුකර දරු උපත් ලබාගැනීම ඉතාම දුෂ්කර බවයි. එහිදී නියමිත වේලාවට විනාඩි කීපයකට කලින් හෝ බොහෝවිට විනාඩි කිහිපයකට පසුව දරු උපත සිදුවිය. ඒ සඳහා බලපෑ හේතු විවිධාකාර වුවත් දරු උපත  බලාපොරොත්තු වූ වේලාවටම සිදුකරගත නොහැකි විය. එවැනි සමහර අවස්ථාවල දරුවන්ගේ ලග්නය පවා  මාරු වී තිබුණි. එසේම බහුතරයක් අවස්ථාවල නවාංශකය මාරු වී තිබුණි.

 

කෙසේ නමුත් දුර ඈත අතීතයේ පටන් දරුවන් පිළිසිඳ ගැන්වීමේ ජ්‍යොතිෂ විද්‍යාත්මක ක්‍රමවේදයක් විය.  සාමාන්‍යයෙන් වැඩිවියට පත් ස්ත්‍රියකගේ මාස් ශුද්ධියෙන් හෙවත් ඍතු වීම යම් මසකට අවසන් වූ දින සිට දින  තුනක රාත්‍රිය හැර එතැන් සිට16 වැනි දින රාත්‍රිය දක්වා ඇති කාලය ස්ත්‍රියක ඍතු කාලය ලෙස හැඳින්වේ. මෙකී තත්ත්වය නිරෝගී ස්ත්‍රියකට සාමාන්‍යයෙන් වයස අවුරුදු55 පමණ උපරිමයක් දක්වා පවතී. ඍෂි නියමයන්ට  අනුව සාමාන්‍යයෙන් මාස් ශුද්ධියෙන් පසු එළඹෙන පළමු දින3 සම්බෝගයට යහපත් නොවේ. ඉන් අනතුරු4 වැනිදින රාත්‍රි සිට16 වැනි දින රාත්‍රි දක්වා සම්භෝගයෙන් පිලිසිඳ ගන්නා දරුවා සම්බන්ධ තතු ජ්‍යොතිෂයේ සැකවින් සඳහන් වන්නේ මෙසේය.

 

මාස් ශුද්ධියෙන් පසුව යෙදෙන රාත්‍රි දිනය පිළිසිඳ ගන්නා දරුවාගේ ස්වරූපය

 

4 පුරුෂ – අල්පායුෂ

 

5 ස්ත්‍රී –

 

6 පුරුෂ – පරම්පරාව බබළවයි

 

7 ස්ත්‍රී – වඳය

 

8 පුරුෂ –

 

9 ස්ත්‍රී – රූප සම්පත්තියෙන් යුතුය

 

10 පුරුෂ – රජෙක් වේ

 

11 ස්ත්‍රී – ආබාධිතය

 

12 පුරුෂ – වාසනාවන්තය

 

13 ස්ත්‍රී – පරපුර නසයි

 

14 පුරුෂ – ධාර්මිකය, ගුණයහපත්ය

 

15 ස්ත්‍රී – වාසනාවන්තය

 

16 පුරුෂ -ඥානවන්තය

 

මෙලෙස පිළිසිඳ ගන්නා දරුවාගේ නිෂේක, ආධාන හෙවත් ප්‍රතිසන්ධි කේන්ද්‍රයෙන් උගත් දක්ෂ ජ්‍යොතිෂවේදියාට අනාවරණය කරගත හැකි කරුණු කාරණා බොහෝය. කෙසේ නමුත් ජ්‍යොතිෂ ධනය සෘතු හෙවත් සරුඵල කාලයේ ඔත්තේ දිනවල සම්භෝගයෙන් ස්ත්‍රී උපත් ද ඉරට්ටේ දිනවල

 

සම්භෝගයෙන් පුරුෂ උපත් ද ලද හැකි බවය. කෙසේ නමුත් සම්භෝග අවස්ථාවේ තත්කාල ලග්නයේ 8 වැන්න ශුද්ධ විය යුතුය. මෙහිදී උගත්, දක්ෂ, පරිණත ජ්‍යොතිෂවේදියා සම්භෝගයට ශුභ තිථි, නැකැත් හා  ලග්න ආදියත් දින ආදියත් විමසා ඉහත වගුවට අනුව4,7,11,13 ආදී අශුභ දින ද අතහැර ශුභ තත්කාල නිර්දේශ කරයි. එවිට නිරෝගී, බුද්ධිමත්, පිංවත්, වාසනාවන්ත, ගුණයහපත් දරුවකු ලබාගත හැක.

 

මෙහි විශේෂත්වය වන්නේ මෙම වටිනා ජ්‍යොතිෂ විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කිරීම තුළ අංගවිකල, මන්ද මානසික, ආඥාන, රෝගී, අවාසනාවන්ත මෙන්ම මන්දායුෂ දරු උපත් සිදුවීම් වැළැකී යෑමයි. මෙහිදී උගත්  ජ්‍යොතිෂවේදියා තම සේවාදායකයාගේ අවශ්‍යතාවය මත මධු සමය සඳහා නිර්දේශ කරනු ලබන නැකතේ  තත්කාල ප්‍රමිතිය මැනවින් විමසා බලයි. එහිදී දරුවන් පිළිසඳ ගැනීමේ සම්භාවිතාව ද තත්කාල ග්‍රහ පිහිටීම්  අනුව තක්සේරු කර බලයි. කෙසේ නමුත් පුරුෂයකුගේ ශුක්‍රාණු සිකුරුගේ පාලනයට නතු වන අතර ස්ත්‍රීයකගේ ඩිම්බ කුජගේ පාලනයට නතුවේ. එහිදී ස්ත්‍රී හා පුරුෂ ජන්ම පත්‍රවල කුජ හා සිකරුගේ බලවත් භාවය මත  සිදුවන දරු උපතේ ස්ත්‍රී පුරුෂ බව තීරණය වේ. එනමුත් ඉරට්ටේ දිනක පිරිමි දරුවකු පළිසිඳ ගත්ත ද ස්ත්‍රියගේ  කුජ බලවත් වීම මත ඩිම්බය ප්‍රබල වී ගැහැනු දරුවකු උපදී. නමුත් ඇය තුළින් පිරිමි ගති පවතී. එසේම ඔත්තේ  දිනක ගැහැනු දරුවකු පිළිසිඳ ගත්ත ද සිකුරු ප්‍රබල වී ශුක්‍රාණු ප්‍රබල වීම මත පිරිමි දරුවකු ඉපදුණ ද ඔහු තුළ  ගැහැනු ගති පවතී. මෙලෙස උපදින දරුවන්ගේ ස්ත්‍රීපුරුෂ ගති පිළිබඳ ගැඹුරින් ප්‍රකාශ කළ හැකි ජ්‍යොතිෂ  නියමයන් ද වේ. ඒ සියල්ල මේ කුඩා ලිපියට කැටි කළ නොහැක.

 

තවද දක්ෂ උගත් ජ්‍යොතිෂවේදියා ස්ත්‍රීපුරුෂ ජන්ම පත්‍ර මැනවින් විශ්ලේෂණය කිරීමේදී අදාළ ග්‍රහ පිහිටීම් මත පුරුෂ ප්‍රජනන ශක්තිය සේම ස්ත්‍රී ප්‍රජනන ශක්තිය ද වඳ, මධ්‍යම හා ඵලදායි ලෙස මැනවින් තුලනාත්මකව  තීරණය කරයි. මෙලෙස ජ්‍යොතිෂ සිද්ධාන්ත හා න්‍යායන් තුළ දරු උපත් අතර පරතරයක්, නපුංශක ප්‍රතිසන්ධි  සම්බන්ධවත් ඊට අදාළ ග්‍රහ පිහිටීම් සම්බන්ධවත් පැහැදිලිව සඳහන්ය. ඒ නිසා නිසියාකාරව පරතෙරට උගත්  යම් ප්‍රවීණත්වයක් උසුලන ජ්‍යොතිෂවේදියකු වෙතින් නොවිමසා බොහෝ වියපැහැදම් කර සිසේරියන් සැත්කම් ආදියට භාජනය වීම කොතරම් දුරට සාර්ථක ද යන වග මේ ලිපිය කියවා ඔබම තීරණය කරන්න. ඥානාන්විතව හරි දේ හරි විදිහට තේරුම් බේරුම් කරගෙන නිවැරදි දේ මත පිහිටා තීන්දු තීරණ ගැනීම ඔබට භාරය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk