Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලංකා කේන්දරයට අනුව ජනතාව තවදුරටත් පීඩාවට

1 year ago 7 Min read
Subha.lk

ඕනෑම සුබ කටයුත්තක් කිරිෙම්දී ඒම අවස්ථාවේ විශ්වය තුළ පවතින ග්‍රහ සටහන තත්කාල සටහන ලෙසින් සැලකේ. එයින් එකී කාර්යයෙහි ඉදිරියට පවතින තත්ත්වයන් සුබ අසුබ ලෙසින් බලාගත හැකි වනු ඇත. මේ අනුව ලංකා කේන්දරය ගැන විමසීමේදී නිදහස ලැබූ 1948 පෙබරවාරි මස 4 වැනි දින ආරම්භ අවස්ථාවේදී කුම්භ ලග්නය උදාවී තිබුණත් තත්කාල ලග්නය කුම්භ ලග්නයද වෘශ්චික නවාංශකය පැවතුණ එදින බදාදා දිනයක් විය.

 

ලග්නාධිපති වන සෙනසුරු ලග්නයෙන් 06 වැන්නේද 06 වැන්නට අධිපති සඳු නීච වෙමින් 10 වැන්නේ ගුරු සමඟද 10 වැන්නට අධිපති කුජ 07 වැන්නේද හත්වැන්න අධිපති රවි දෙළොස් වැන්නේද අට වැන්න අධිපති බුධ සහ බාධක සිකුරු ලග්න ගතවද රාහු වික්‍රමස්ථානයේද කේතු පුණ්‍යස්ථානයේද විය. මෙදින අනුර නැකතේ සිවුවන පාදයෙහි සඳු ගමන් කිරීම නිසා සෙනසුරු දසාව වසර 02 මාස 06ක් ඉදිරියට තිබුණි. මෙදින සුබ දවසක් නොවේ. අටවැන්න අධිපති ග්‍රහයාගේ දවසක් වේ. අටවැන්න අධිපති දෙර්කානාධිපති ලෙසද සිකුරු බාධක ග්‍රහයා ලෙසින්ද කුම්භ රාශියේ ගමන් කරමින් ලග්නය පීඩාවට පත් කර තිබුණි. රාජ්‍යකාරක රවි දොළොස්වැන්නේ යමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දස වැන්න අධිපති කුජ හත්වැන්නට යමින් තිබුණි. සාමාන්‍ය කෙනෙක්ගේ නම් කුජ හත්වැන්නට යහපත් නැත. කඩා කප්පල්කාරි ග්‍රහයෙකි. හත් වැන්න කලත්ත්‍රස්ථානය සහ සමගිය දනවන ස්ථානයද වේ. කුජ හත්වැන්නේ අසමඟිය ඇති කරයි. කුම්භ ලග්න ලංකා කේන්දරයේ 1948 පෙබරවාරි 04 වැනි දිනෙන් පසුව ශනි, බුධ, කේතු, සිකුරු, රවි, සඳු

 

කුජ යන මහ දසාවන් ක්‍රමයෙන් ගෙවා 2017 අගෝස්තු 04න් පසුව රාහු මහ දසාව ලබා තිබුණි. එය එම දසාව 2035 වන තුරු පවතී. රාහු දසාව අපල කාලයකි. දැන් රාහු මහ දසාවේ ගුරුගේ අතුරු දසාවයි.

 

2022 සැප්තැම්බර් 10න් පසු රාහුගේ ශනි අතුරු දසාව ලබනු ඇත. මෙම දසාවන් දෙකම කුම්භ ලග්න ලංකා කේන්දරයට සුබ නොවන බව පෙනේ. මේ වන විට කුම්භ ලග්න ලංකා කේන්දරයට ජන්ම ඒරාෂ්ටක 03ක්ද අෂ්ටම ඒරාෂ්ටක 03ක්ද ගෙවා තිබිණි. ලග්න ඒරාෂ්ටක 02ක්ද ගෙවා ඇත. ඒවා මෙසේය.

 

◾ ජන්ම ඒරාෂ්ටකය

 

1952-11-25 සිට 1961-02-01 දක්වා

1982-10-05 සිට 1990-03-20 දක්වා

2011-11-14 සිට 2020-01-23 දක්වා

 

◾ ලග්න ඒරාෂ්ටකය

 

1961-02-01 සිට 1968-06-16 දක්වා

1990-03-20 සිට 1998-04-17 දක්වා

2020-01-23 සිට 2027-06-02 දක්වා

 

◾ අෂ්ටම ඒරාෂ්ටකය

 

1950–09–19 සිට 1952-11–25 දක්වා

1979-11–03 සිට 1982-10-05 දක්වා

2009-09-09 සිට 2011-11-14 දක්වා ගෙවා තිබිණි.

 

ඒ අනුව මෙම ගත කරන්නේ තුන්වැනි ලග්න ඒරාෂ්ඨකයයි. එය 2020 ජනවාරි 23 සිට 2027 ජුනි 02 දක්වා පවතිනු ඇත. ඒරාෂ්ටක අපලයක් පවතින විට එය පුද්ගලයාට මෙන්ම රටටද හානිදායකය. එයින් විපත් කරදර බාධක මහජනතාවට රාජතන්ත්‍රයට ඇතිවේ. රාහු විස ග්‍රහයෙකි. එම නිසා බෝවන රෝග, කොරෝනා

රෝග ඇති විය. රාහු අද්‍යාවට බර නිසා මිනිස් සතන් තුළ කෝපය, වෛරය දනවයි.

 

රාජ්‍ය නායකත්වයටද එසේමය. අදෘශ්‍යමාන බලවේග තුළින් මිනිස් සිත කෝප වී එකිනෙකා ඇන කොටා ගනී. මෙය මුරුග සංඥා පහළ වන කාලයකි. දැනට සෙනසුරු ගුරු වක්‍ර වෙමින් ගමන් කරන නිසා මහජනතාවට තරමක් පීඩා ගෙන දේ. ආර්ථිකයටද බලපෑම් ගෙනේ. කුම්භ ලග්න ලංකා කේන්දරයේ විවිධ අපල සහිත දසාවන් පසුකර තිබිණි. එම කාලවලදී රටට බාධක කරදර පැමිණියත් රාහු දසාව තුළ තරම් නරක නොවීය. සැප්තැම්බර් 10න් පසු නරක අතට පත් විය හැකි බව මෙම දසාවන් ඔස්සේ සිතිය හැකිය. එමනිසා පවතින රජයට දැනට ඇති ප්‍රශ්නවලට විසඳුම් නොමැති වීමෙන් විදෙස් රටවලින් එන බලපෑම් නිසා නොයෙක් ලෙසින් කරදර පැමිණීමට ඇති හැකියාව පෙනේ. 2035 වන තුරු මහජනතාවට විවිධ අයුරින් පීඩා විඳීමට සිදුවිය හැකි බව පෙනේ. ඉන් පසු ලබන බ්‍රහස්පති මහ දසාව තුළ රටට දැහැමි රාජ්‍යයක් දැහැමි රජෙක් පහළ වන බව ජ්‍යෙතිෂ්‍යයට අනුව පෙනේ. ඒ අනුව දැනට පවතින මෙම අපල කාලය තුළ රජය සහ මහජනතාව ඉවසීමෙන් යුතුව පංචශීල ප්‍රතිපදාව රකිමින් ආගමික නායකයන්ගේ ආශීර්වාදය මධ්‍යයේ මෙම පුණ්‍ය භූමිය, රත්න දීපය ආරක්ෂා කර ගනිමින් බුදුන් දේශනා කළ දුක්ඛ නිරෝධ මාර්ගය ගැන සිතා කටයුතු කිරීම මැනවි.

 

ජ්‍යොතිෂවේදී

ජී.කේ. තරංග කුමාර

කීඹිඇල

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk