ධනය ලැබීමට මහා ලක්ෂ්මි යන්ත්‍රය

හින්දු ආගමේ සඳහන් වන පරිදි මෙම විශ්වයේ සෑම දෙයක්ම ඇති කරන්නේ මහ බ්‍රහ්මයා වන අතර එය පවත්වාගෙන යන්නේ විෂ්ණුය. නමුත් එයම විනාශ කරන්නේ නැත්නම් ක්ෂය කරන්නේ ඊශ්වරයාය. මෙය සම්මතයක් වන අතර බෞද්ධ ධර්මයට අනුව විශ්වයේ ඕනෑම දෙයක් ඇතිවීම, පැවැතීම හා නැතිවීම ස්වභාවධර්මයයි. මින් අත්‍යවශ්‍යවනුයේ පවත්වාගෙන යෑමය. එනම් විෂ්ණුගේ කාර්යභාරයයි.
පොදු නියමය අනුව ඕනෑම කෙනකුගේ උනන්දුව උත්සාහය සමග තම දියුණුව සඳහා ආදර්ශමත් බිරිඳක් සිටිය යුතු බව පැහැදිලිය. මෙම කියමන විෂ්ණු දෙවියන්ටත් ආදේශ කළවිට එම දෙවියන්ටත් ආදර්ශවත් බිරිඳක් සිටිය යුතුය. ඇය “ලක්‍ෂ්මි” දෙවඟනයි.
ලක්‍ෂ්මිය යනු දියුණුවේ සංකේතයයි. ලක්‍ෂ්මි යනු ලැබීමයි. ඇය වෙනුවෙන් පෙනී සිටින එකම යන්ත්‍රය මහා ලක්‍ෂ්මී යන්ත්‍රයයි. එම යන්ත්‍රය විශේෂයෙන් ලැබීම සඳහාමය. දියුණුවට කැමැති අයගේ යන්ත්‍රයයි.
යන්ත්‍ර සම්බන්ධව විස්තර කිරීමේදී එක එක වර්ගයේ යන්ත්‍ර ඇති බව අපි දනිමු. එනම් ශරීරයේ ස්පර්ශ කරන යන්ත්‍ර, නිවසේ පරිහරණය සඳහා නිම කරන යන්ත්‍ර වාහනවල ආරක්ෂාව සඳහා නිම කරන යන්ත්‍රයි. මෙම යන්ත්‍ර අතුරින්ද යන්ත්‍ර නැවත වර්ගීකරණය කිරීමේදී බාල උපද්‍රව හරණ යන්ත්‍ර, රෝග නිවාරණ යන්ත්‍ර, ග්‍රහදෝෂ හරණ රාශී දෝෂ හරණ යන්ත්‍ර වශයෙන් නම්කර ඇත. මෙම ලක්‍ෂ්මි යන්ත්‍රය අයත් වනුවේ බලගතු වශී ආකර්ෂණ වර්ගයටයි. මෙම යන්ත්‍රය ගුණ සියුම් පැහැදිලි කිරීමක් කිරීම අවශ්‍ය යයි සිතමි. එනම් මෙම යන්ත්‍රය ඉතා නිවැරදිව සකස් කොට ගෘහස්ථ ඵල රාමු පිංතූරයක් වශයෙන් පාවිච්චි කිරීමෙන් ඉතා ප්‍රයෝජන ලබාගත හැකි බව වගකීමෙන් සඳහන් කරමු.
සාමාන්‍යයෙන් අපි හැමදෙනා ඉතා අමාරුවෙන් මුදල් උපයා අපගේ පවුලේ සාමාජික සාමාජිකාවන් සඳහා ජීවත්වීමට කිසියම් නිවහනක් සාදාගැනීම සාමාන්‍ය සිරිතයි. ජීවත්වීම සඳහා මිල මුදල් සොයාගැනීම හා ඇවැසි දේ මිලට ගැනීම ඊළඟ ප්‍රශ්නයයි. විශ්ව ශක්තියෙන් ප්‍රයෝජන ලබාගැනීම සඳහා කිසියම් හෝ යන්ත්‍රයක් රාමුකරපාවිච්චි කිරීමට පෙර නිවස සැකසිය යුතු ක්‍රමවේදයක් ඇති බව දැනගත යුතුමය. එනම් වාස්තුකරණයයි.
සාමාන්‍යයෙන් අලුතින් ගෘහයක් සාදා ගැනීම හා පදිංචි වී සිටින නිවස පහත සඳහන් කරුණු හැකි අයුරින් සම්පාදනය කිරීම ඉතා උචිත කරුණකි. ඕනෑම නිවසකට අයත් බිම කිසියම් ප්‍රමාණයකින් පොළවට වඩා ස්වල්පයක් හෝ උස්බිමක් නම් වඩා යහපත්ය. නිවසෙහි සැලැස්ම සෑදිය යුතු වන්නේ තමාට ලැබෙන ආදායමට අනුලෝම පරිදි විය යුතුමය. ඕනෑම නිවසක් නිමකර අවසානයේදී එය පවතින රජයෙන් අනුමත වූ පමණින්ම පදිංචියට සුදුසු නැති බව සඳහන් කරනු කැමැත්තෙමි. උදාහරණයක් වශයෙන් ඕනෑම බිත්තියක් හරි මැදින් ජනේලයක් සවිකිරීම රජයේ අනුමතය වුවත් එය වාස්තුකරණයට අනුගත නොවේ. එනම් ඕනෑම නිවසක් වාස්තුකරණයට සාමාන්තර විය යුතුමය. වාස්තුකරණය යනු ස්වභාවධර්මයා විසින් නියම කරන ලද සැලැස්මක් වන අතර එය පදිංචි වී සිටින සෑම දෙනාගේම ශරීර සෞඛ්‍යය දියුණුව උත්සාහය ලබාදී අලසකම හරණය කිරීම මෙහි ප්‍රතිඵලයයි. මේ ආකාරයට නිවසේ සැලැස්ම නොපිහිටියහොත් විශ්ව ශක්තියෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල හා යන්ත්‍රවලින් ලැබෙන යහපත් දේ නොලැබී යයි. එය හරියට අපිරිසිදු ස්ථානවලට දෙවියන්ගේ ඇල්ම බැල්ම නොවැටී, ප්‍රේත භූත බැල්ම වැටීම වැනිය. ලක්‍ෂ්මි යන්ත්‍රයට පිරිසිදුකම හා සැලැස්ම අත්‍යවශ්‍ය වනවා. විශේෂයෙන් ඕනෑම නිවහනකට විශ්ව ශක්තියෙන් ගලා එන විශ්වකිරණ හරහා මෙම බලකිරණ ගලා එනවා. සමහර ස්ථානවලට මෙම බලකිරණ ගලා ඇවිත් නොදන්නා කමින් රඳවා තබා ගැනීමට අපොහොසත් වී යනවා. එයින් ලැබිය යුතු බලකිරණ නොලැබී ගොස් අයහපත ලැබෙනවා. ඉන් ප්‍රධාන වනුවේ නිවසේ ආදායම් තත්ත්වය යහපත් වුවත් වියදම් තත්ත්වය වැඩිවී අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීමයි. විශේෂයෙන් මෙය සිදුවන්නේ ක්‍රම දෙකකට අනුකූලවයි.
එනම් නිවසක ප්‍රධාන උළුවස්ස පළලින් අඩුවී නිවසහි වෙනත් දොරක් පළලින් වැඩිවීමයි. දෙවැන්න වනුවේ ප්‍රධාන දොරින් ගේ ඇතුළත හමා එන ආලෝකය හා වාතය ඉතා ඉක්මනින් පසුපස හෝ අංශයේ සවිකර ඇති ජනේලයකින් පිටවී යෑමයි. මේ කරුණු ද්විත්වය වෙනස් කරනතෙක් නිවසට ලැබෙන ආදායමට වඩා වැඩි වියදමක් සිදුවනු නියතය. ඕනෑම නිවසක් පිරිසිදුකම නැතිව ඉහත කී කරුණු දෙක ඇත්නම් ආදායමට වඩා වියදම ඇතිවීම නතර කිරීමට වෙනත් ක්‍රියාවලියක් නැත. මෙම ක්‍රියාවලිය සඳහා පුරාණයේ අය සැලකුවේත් පුරාණ පොත්වල සඳහන් වූවේත් ඕනෑම නිවසකට පැමිණෙන “සීදේවිය” නැත්නම් ශ්‍රියා කාන්තාව ආපසු හැරී යනබවයි.
නිවසක සතුට නිරෝගීකම වැනි දේ පවත්වාගෙන යෑම සඳහා තවත් කරුණු ඇතත් විශේෂයෙන් පෙර කී කරුණ ප්‍රධානය. ඊළඟ කරුණ වනුවේ ගෙදරක නිරෝගීකමයි. ඕනෑම නිවසකට හිරුඑළිය ප්‍රමාණවත් ලෙස වැටීම සිදුවිය යුතුමයි. පෙරවරු කාලයට සුදුසු ඒ ඒ කිරණත් දහවල් කාලයට හා සවස් කාලයට ඒ ඒ කිරණත් වැටිය යුතුමයි.
එනම් පෙරදිගින් වැටෙන බලවත් කෝණ දෘශ්‍යයි, අපරදිගින් වැටෙන බලවත් කෝණ දෘශ්‍යයි. අජටාකාසයෙන් වැටෙන කෝණ දෘශ්‍යයි හා මුදුන් ආකාශයෙන් වැටෙන කෝණ දෘශ්‍යයි වැනි සතර කෝණ දෘශ්‍යයි. මෙම කෝණ දෘශ්‍යයි. ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. විශේෂයෙන් මෙම කෝණ දෘශ්‍යවලින් නිවසේ ඇති විෂබීජ මරාදමා සමතුලිතතාවය ඇතිකර ප්‍රේත භූත වැනි අදෘශ්‍යමාන රෝග ධූරීම්භූත කරයි. තවද හදිසියෙන් ළඟාවන සතුරු රෝග නැති කර හදිසි ධන-ලාභ ඇති කරයි.
විශේෂයෙන් මෙවැනි කරුණුවලින් හෙබි ඕනෑම නිවසක් කීර්තිමත් දැකීමට ප්‍රියභාවය ගෙන දෙන තත්ත්වයට පැමිණේ. කිසියම් හෝ ස්වභාවික විශ්ව ශක්තීන් රැසක් නිවසට ගලාඒම මෙහි ස්වභාවයයි. මේ ක්‍රියාදාමයට විරුද්ධව නිවසක පදිංචි වීමෙන් පරිහානියට මිස ජයග්‍රහණය ලැබිය නොහැක.
ඕනෑම නිවසක් වාස්තුකරණයට විරුද්ධව තිබීමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම අනවශ්‍ය පුරුදුවලට නිවැසියන් පුරුදුවීම හදිසි රෝගාබාධයන්ට නිවැසියන් ලක්වීම වැනි හදිසි කරදර රැසක් ලැබීමට හේතු වන බව දැනගත යුතුයි. එම නිසාම ඕනෑම නිවසක් පිරිසිදුව තබාගැනීම අනිවාර්ය වේ.
මෙම නිවැරදිව සකස් කරන ලද ලක්‍ෂ්මි යන්ත්‍රය විශේෂයෙන්ම නිවසේ නැඟෙනහිර දිශාවෙන් රාමු පිංතූරයක් ලෙස සකසා එය පිංතූරය ප්‍රධාන දොරටුව දෙස බලා සිටින සේ මඳක් ඇලකර තිබිය යුතු වනවා.
ලක්‍ෂ්මි යන්ත්‍රය වාස්තුකරකරණය කර ඇති ඕනෑම නිවසකට සතුට සමාදානය මූල්‍ය ප්‍රශ්න නැති කිරීම වැනි යහපත් දේ ලක්‍ෂ්මි දෙවඟන ලබාදීම මෙම යන්ත්‍රයේ ප්‍රධාන අරමුණයි. විශේෂයෙන් සඳහන් කළයුතු වන්නේ මෙමයන්ත්‍රය නිවසේ පිහිටුවා දින 7ක් ඇතුළත විෂ්ණු දිගසිය එම නිවසට ලැබෙන බවයි.
ලක්‍ෂ්මි යන්ත්‍රය නිවස තුළ තිබෙන තාක්කල් ගෙරි මස්, සූකර මස් හා දඩමස් ගෙන නොඒමෙන් බලාපොරොත්තු රහිත ලැබීම් ලැබෙන බව කවුරුත් දන්නා කරුණකි.
මුළු ශ්‍රී ලංකා ද්වීපයටම බැල්ම හෙළන විෂ්ණු දෙවිඳුන්ගේ ආදරණීය බිරිඳ ලක්‍ෂ්මි දෙවඟනගේ ප්‍රධාන ප්‍රදානය මුදල් බව දැනගත යුතුමය.
Advertisements


