අලුත් අවුරුද්දට පෙර රවි-බුධ-සිකුරු-සෙනසුරු චතුර් ග්‍රහයෝගයෙන් සුබපල ලබන ක්‍රමය

මාර්තු මස 29 වැනි සෙනසුරාදා රාත්‍රී 9.44ට ග්‍රහ මඬුල්ලේ මහල්ලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන සෙනසුරු ග්‍රහයා මීන රාශිගතව රවි, බුධ, සිකුරු යන ග්‍රහයන් සමඟ යෝග වීමෙන් චතුර් ග්‍රහ යෝගයක් යෙදෙයි. ඒ අනුව මෙකී චතුර් ග්‍රහ යෝගයට සම්බන්ධ ග්‍රහයන්ගෙන් බුධ ග්‍රහයා කේන්ද්‍රකොට ගෙන නීච භංග රාජ යෝගයකුත්, සිකුරු ග්‍රහයා මුල්කරගෙන මධ්‍යම පරිවර්තන සහ මහෞෂධ නම් යෝගයකුත් යෙදීම නිසා මෙකී චතුර් ග්‍රහ යෝගය අතිශයින්ම බලවත් ග්‍රහ යෝගයක් වන්නේය.
මේ චතුර්ය ග්‍රහ යෝගය රවි ග්‍රහයා අපේ‍්‍රල් මස14 වැනි දින අලුයම 3.21ට මේෂ රාශිගත වන තෙක් පවතින අතර, ඒ අනුව මෙකී චතුර්ය ග්‍රහ යෝග දැනට බුධ, සිකුරු මහ දශා අතුරු දශා ලබා ඇති, වෘෂභ, මිථුන, කන්‍යා, මකර, කුම්භ යන ලග්නවලින් උපන් සහ එකී ලග්නයන් ජන්ම හෝ චන්ද්‍ර ලග්නය වූ ජන්මීන්ට උසස් ශුභ ඵලයක් භුක්ති විඳීමට ඉඩකඩ සලසනු ඇත.
එහෙයින් එකී ලග්න, චන්ද්‍ර ලග්නවලින් උපන් ජන්මීන්ට දැනට බුධ ග්‍රහයා අයත් මහ දශා අතුරු දශා ලබා ඇත්නම් බදාදා හෝ සිකුරාදා දිනක බුධ, හෝරාවක බුධ පංචමය තුළ ළාකොළ පැහැති වස්ත්‍රයකින් සැරසී විෂ්ණුහෝ ගණ දෙවියන්ට පහනක් තබා නැඟෙනහිර බලා ශුභ වැඩ කටයුතු ඇරඹීමෙන් ද සිකුරු මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් බදාදා හෝ සිකුරාදා දිනක සිකුරුගේ කාලහෝරාවේ මුල් විනාඩි 12 තුළ පවතින සිකුරුගේ පංචම කාල හෝරාව තුළ තනි සුදු හෝ මිශ්‍ර පැහැති වස්ත්‍රයකින් සැරසී පත්තිනි, ලක්ෂ්මී, ඉන්ද්‍රවරණි, දේව මෑණියන් වැනි දේව මාතාවකට පහනක් තබා උතුර බලා ශුභ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් ඉෂ්ට සිද්ධිය ඇති වන්නේය.
මෙකී චතුර් ග්‍රහ යෝගය ලංකා කුම්භ ලග්නය කේන්දරයේ දෙවැන්න වූ ධනස්ථානයෙහි යෙදෙන අතර, ඒ අනුව මෙකී දෙවැන්න ලංකා කුම්භ ලග්න කේන්දරයේ මහජනයා නිවේදනය කෙරෙන 4 වැන්න වූ වෘෂභ රැසෙන් 11 වැන්න වූ අයභාවයට වැටීම ගැනත්, රාජ්‍යභාවය වන 10 වැන්නේ තරග විභාග, ලාභ බලාපොරොත්තුවෙන් කෙරෙන ආයෝජන ගැන කියැවෙන 5 වැන්නේ ගමන් කිරීමත් අනුව මැතිවරණයකට මඟ පෑදෙන අතර, ජනතාවගේ ආදායම ඉහළ යෑමකුත් ජීවන වියදම අඩු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමකුත් දක්නට ලැබෙනු ඇත.
අඟහරු ග්‍රහයා ජනවාරි 21 සිට පෙබරවාරි 24 දක්වා වක්‍රව ගමන් ගත් කාලසීමා තුළ ඇති වූ පාතාල ක්‍රියාකාරකම්,ප්‍රචණ්ඩ ක්‍රියා ආදිය කුජ ග්‍රහයා පෙබරවාරි 24 වෙනිදා නිවෘත වීමත්, පෙබරවාරි 27 වෙනිදා අඟහරු ගමන් ගත් මිථුන රාශියට අධිපති බුධ මීන රාශයේ උච්ච සිකුරු සමඟ යෝග වී නීච භංග රාජයෝගයක් උදා කිරීමත් සමඟ ක්‍රමයෙන් මර්දනය කර ගැනීමට හැකි විය.
අපේ‍්‍රල් මස 03 වැනිදා සිට ජුනි 07 වැනිදා දක්වා අඟහරු තම නීච රාශිය වන කටකයේ ගමන් කරන කාලසීමාවේ ජනතාව පිනට දහමට යොමු කරන සාමකාමී වාතාවරණයක් මෙරට ජන සමාජය තුළ පවතිනු ඇත.
Advertisements


