Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල (2022 ජුලි මස 18 ෙවනි දින සිට ජුලි 24 දක්වා)

1 year ago 7 Min read
Subha.lk

🔘 මේෂ

 

මෙම සතිය ආරම්භ වනුයේ සතුටුදායක ලෙසින් මෙන්ම ශුභපලයන්ද ලබාදෙමින් බව මේෂ ලග්න හිමියන්ට දැනෙනු ඇත. දියුණුව උදෙසා කටයුතු කිරීමට සිතිවිලි පහළ වේ. විවිධාකාර ලාභ අත්කරදෙයි. මුදල් ලාභ, ධන ලාභ සහිත සතියක ආරම්භයකි. ගොවිතැන් කරන අයට බොහෝ වාසිදායක දින කිහිපයකි. වෙළෙඳාමෙන්ද අපමණ වාසි ලැබෙනු ඇත. හිතවත්කම්, බැඳීම් ඇතිවන, වැඩිවන කාලයකි. සමාජ ආශ්‍රය වැඩිවේ. අලුත් මිතුරු මිතුරියන් හමුවීමට නියමයි. එහෙත් සතියේ මැද පමණ වන විට තත්ත්වය තරමක් වෙනස්විය හැකිය. වියදම් වැඩිවේ. ඒවා වැඩිහරියක්ම අනවශ්‍ය වියදම්ය. සමාජයෙන් යම් කිසි අවමානයක් එල්ලවිය හැකිය. නොකළ වරදකට දඬුවම් විඳීමට හෝ දොස් ඇසීමට ඉඩ තිබේ. කැපීම්, කෙටීම්, සීරීම් වැනි සුළු තුවාලවලට හේතුයි. අනතුරුවලටද මුහුණ දීමට සිදු විය හැකිය. ස්ත්‍රීන් පිළිබඳව ආශාව වැඩිවනු ඇත. තමා සොයාගෙන එන අයට බොහෝ ආදරයෙන් කරුණාවෙන් සලකන්නට සිදුවේ. මවට පීඩා ගෙනදිය හැකිය.

සුබ දිනය - සඳුදා

සුඛ වර්ණය - දම් පාට

ජය අංක - 07, 16

 

 

🔘 වෘෂභ

 

තම දියුණුව වෙනුවෙන් යමක් ආරම්භ කිරීමට සිතා සිටියේ නම් ඒ සඳහා මෙම සතිය වඩාත් සුදුසු බව වෘෂභ ලග්න හිමි ඔබට පෙන්වා දිය හැකිය. කරගෙන යන කටයුතුවලද දියුණුවක් මෙන්ම හිතට සැනසිලිදායක බවක්ද ඇතිවේ. රැකියා ස්ථානයේද සතුටින් වැඩ කරගෙන යෑමට ඉඩ සැලසේ. සේවා ස්ථානයේ සගයන්ගෙන් බොහෝ සැලකිලි, සංග්‍රහ ලැබීමටද හේතුයි. දියර වර්ගවලින් ලාභ ප්‍රයෝජන ලැබිය හැකිවේ. ඥාතියෙක් හෝ හිතවතෙක් තමා සොයාගෙන පැමිණීමට හේතුයි. හිතමිත්‍රකම් තර වනු ඇත. සමාජයේ කැපීපෙනෙන අයෙක් බවට පත්වේ. ගොවීන්ට ද ශුභදායක සතියකි. විශේෂයෙන් කිරි ගොවීන්ට ශුභයි. අමනාපව හෝ ඈත්ව සිටි හිතවත් අයකු හා හිතවත්කම් අලුත්වේ. සතියේ අවසාන භාගයේදී වියදම් ඉහළ යාහැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. යම් කිසි පාඩුවක් හෝ අවාසියක් සිදුවීමට නියමයි. කේලාම් කතාවක පැටලෙනු ඇත. කුමන හේතුවකින් හෝ ඇඳුම් තෙමීයෑමක් සිදු විය

 

සුබ දිනය - සෙනසුරාදා

සුබ වර්ණය - තද නිල් පාට

ජය අංක - 08, 17

 

 

🔘 මිථුන

 

ශරීරයේ දුර්වල ගතියක් ඇති වේ. හෘද පීඩාවක් දැනීමට මිථුන ලග්න හිමියන්ට හේතුයි. ශරීරයේ වෙහෙස ගතිය, පීඩාව සතියේ මුල් දිනවල දැනෙනු ඇත. උසස් අයකුගෙන් හෝ වැඩිහිටියකුගෙන් සුළු හෝ තර්ජනයකට හේතුයි. කරදරකාරී බවේ අඩුවක් නැත. ආමාශයේ දැවිල්ල ගතියක් හෝ කැක්කුම් සහගත බවක් දැනෙනු ඇත. තම වස්ත්‍ර ඉරියෑමක් හෝ මීයන් වැනි සතුන් කා දැමීමක් පෙන්නුම් කරයි. ආගම පිළිබඳව දැඩි භක්තියක් ඇති වේ. පියාගෙන් හෝ පිය පාර්ශ්වයෙන්ද ආගමික නායකයන්ගෙන්ද සහයෝගය ලැබීමට හෝ ඔවුන් ආශ්‍රය කිරීමට ඉඩ සැලසේ. තමා ආශා කරන ප්‍රණීත ආහාරයක් භුක්ති විඳීමට හැකිවේ. බලාපොරොත්තුව සිටි දෙයක් ඉටුවන ලකුණු පවතියි. අලුත් යමක් ආරම්භ කිරිමට බදාදා - බ්‍රහස්පතින්දා වැනි දිනවල ශුභයි. එය වෙළෙඳ කටයුත්තක් නම් බොහෝ දියුණු විය හැකිය. විශේෂයෙන් දියර වර්ග, දිලිසෙන බඩුමුට්ටු ආදියට යහපත් වේ. නිවෙසේ සුළු හෝ අලුත්වැඩියාවක් කරන්නට සිදුවේ.

 

සුබ දිනය - සිකුරාදා

සුඛ වර්ණය - ළා නිල් පාට

ජය අංක - 06, 15

 

 

🔘 කටක

 

හදිසි මුදල් වැයවීම් යෙදෙන සතියක් කටක ලග්න හිමි ඔබට උදාවේ. ඇඟපත රිදෙන ගතියක් දැනෙනු ඇත. විශේෂයෙන් කෙණ්ඩා වලද තුනටියේද අපහසුතා මතුවිය හැකිය. එසේම මල මුත්‍රා පහ කිරීමේදී ඇතිවන අපහසුතාවලට හේතුයි. නැත්නම් මුත්‍රා දැවිල්ල ඇති විය හැකිය. කෑම බීම ගැනීමේ ක්‍රමවේදයේ පැහැදිලි වෙනසකට ඉඩ ඇත. ඔබට මෙම කාලයේ ගතවනුයේ සඳුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් නම් මෙම සතිය වඩාත් ප්‍රවේශම් විය යුතුය. සුබ යැයි සම්මත වැඩකටයුතුවලට අත ගැසීමට යහපත් සතියක් නොවේ. දුර ගමනක් යෑමට සිදුවේ. පිට පළාතක හෝ පිට රටක සිටින අයෙක් පිළිබඳව සිතෙයි. ඔබ මෙම සතියේ ඉවසිලිවන්තව කටයුතු කළයුතු වන්නේ ආරවුල් ඇති වීමට ඉඩ ඇති බැවිනි. ඇඳුම් පැලඳුම් ඉක්මනින් කිලිවන බවක් දක්නට ලැබේ. බඩේ අමාරු හෝ කැක්කුම් ගතියක් දැනෙනු ඇත. තර්ජනවලටද මුහුණපාන්නට සිදුවේ. වැඩිහිටියන්ගේ අමනාපයක් දැකිය හැකිය.

 

සුබ දිනය - බ්‍රහස්පතින්දා

සුඛ වර්ණය - සුදු පාට

ජය අංක - 09, 36

 

 

🔘 සිංහ

 

මිල මුදලින් වාසි අත්වෙන සතියක් සිංහ ලග්නයට උදාවේ. බඩු මුට්ටු ලාභ ද අත්විය හැකිය. ප්‍රීතිමත් ගමන්ද ගරු සැලකිලිද කම්සැපද නොඅඩුව ලැබෙනු ඇත. දියුණුවට යහපත්වේ. බඩේ හෝ වස්ති ප්‍රදේශය ආශ්‍රිතව හෝ විවිධ අපහසුතා ඇතිවිය හැකිය. නිෂ්ඵල ගමන් බිමන්ද යෙදෙනු ඇත. සර්පයන්ගෙන් බියක් හෝ අනතුරක් වීමට ඉඩ ඇති බැවින් ඉතා ප්‍රවේශමෙන් දිවි ගෙවීම වටියි. සඳුගේ මහ දශාව හෝ අතුරු දශාව ගෙවන අය හොඳ අවධානයකින් සිටීම ඉතාම ප්‍රයෝජනවත්ය. විපත් කරදර ඇතිවීමට ඉඩ තිබේ. මළ ගෙදරක යෑමට හෝ මරණය පිළිබඳ කතාබහකට අවස්ථාව සැලසේ. හදිසි මුදල් වියදම්වීමක්ද පෙන්නුම් කරයි. මලානික උදාසීන ගතියක් හෝ ඇඟට පණ නැති ගතියක්ද ඇති විය හැකිය. සුළු සුළු අනතුරුද සිදු වීමට ඉඩ නැත්තේම නොවේ. ඉක්මනින් කේන්ති යන ස්වභාවයක් පැවැතිය හැකිය. ආරවුලක් ඇති කර ගැනීමට ඉඩ ඇත. දරුවන් සිටින අයට ඔවුන්ගෙන් කරදර හෝ ඔවුන් නිසා සිත්තැවුල් ඇති විය හැකිය.

 

සුබ දිනය - ඉරිදා

සුඛ වර්ණය - නිල් පාට

ජය අංක - 04, 13

🔘 කන්‍යා

 

ජයග්‍රහණ අත්කර ගැනීමටත් ගෙදර දොර වාසනාව උදාකර ගැනීමටත් මෙම සතියේ පහසුව හා නිරෝගීව කල් ගෙවීමට හැකිවේ. සතුරන්ගේ බලයද දුර්වල වෙන බවක් දක්නට ලැබේ. සැප පහසු ආසන මත සැපසේ නිදා ගැනීමට හැකිවේ. ප්‍රීතිමත් ගමන් බිමන් යෙදෙනු ඇත. ගෞරවය වැඩිවන බවක්ද දැකිය හැකිය. මිතුරු ඇසුර වැඩිවන සතියකි. වාද විවාද කිරීමට දැඩි කැමැත්තක් දක්වයි. මිල මුදල් ලාභද හිමිවේ. කරන කියන කටයුතු වලින් සිතට සතුට ගෙනදේ. නමුත් සතියේ අවසාන භාගයේදී තරමක් අපලකාරී තත්ත්වයක් මතුවීමට ඉඩ තිබේ. දණහිස්වල ආබාධයන්ද මතු විය හැකිය. ශරීරය දුර්වල වීමට ඉඩ පවතියි. අවුල් වියවුල් වල පැටලේ. කනගාටුවෙන් කාලය ගෙවීමට සිදු වේ. බොහෝ වියදම් දරාගනිමින් නිෂ්ඵල දුර ගමනක් යෑමට සිදු වේ. නිෂ්ප්‍රයෝජන වියදමක් හෝ වැඩක් නිසා සිත්තැවුලෙන් දින ගෙවීමටද සිදුවිය හැකිය. විපත්තිදායක සති අන්තයක් වීමට ඉඩ ඇත.

 

සුබ දිනය - සඳුදා

සුඛ වර්ණය - දම් පාට

ජය අංක - 07, 25

 

 

🔘 තුලා

 

බලාපොරොත්තු ඉටු නොවීමක් මෙම සතියේ තුලා ලග්නයෙන් දැකිය හැකිය. ප්‍රේම සම්බන්ධතා කැඩී බිඳී යෑමට බොහෝ දුරට ඉඩ තිබේ. ගෙදර සතුට නැතිවීමට හේතු පෑදේ. දඬුවම් විඳීමක් ද විය හැකිය. රක්තවාත රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීමට පුළුවන. විවාහ දිවියේද ප්‍රශ්න, ගැටලු අවුල් මතුවනු ඇත. සතියේ මැද පමණ වන විට මෙම තත්ත්වය තරමක් ශුභ අතට හැරෙන බවක් දක්නට හැකිය. ගෙදර දොර වාසනාවන්ත බවක් ඇති වේ. සතුරන් පරාජය වේ. සිතට සතුටක් ඇතිවන කරුණු යෙදේ. යම් අදහසක් ඉෂ්ට කරගැනීමට හැකි වේ. සතිය මුල පැවැති අසනීප තත්ත්වයන් ක්‍රමයෙන් සුව අතට හැරේ. යම් කිසි වැඩක් වෙනුවෙන් වෙනදාට වඩා මහන්සි වීමට සිදුවනු ඇත. සුව පහසු ඇතිව කාලය ගත කිරීමට හැකිවේ. ආහාරපාන වර්ගද මිල මුදල්ද ලැබීමට නියමයි. විනෝද ක්‍රීඩාවක සුළු වේලාවක් හෝ නියැළීමට සිදු වේ. ශරීරයට මහන්සි ගතියක් දැනෙන්නට පුළුවන. කලකෝලාහල පවතී නම් හැකිතාක් එයින් දුරස්ව සිටීම යහපති.

 

සුබ දිනය - සෙනසුරාදා

සුබ වර්ණය - අළු පාට

ජය අංක - 17, 26

 

 

🔘 වෘශ්චික

 

නින්දට බාධා වීමක් හෝ නින්ද නොයන බවක් ඔබට මෙම සතියේ ආරම්භයේදීම දැනෙනු ඇත. විශේෂයෙන් උදරාබාධයක් හෝ සිතට බියක් ඇතිවීමට කරුණු යෙදේ. වතුරෙන් ද යම් පීඩාවක් ඇති කරයි. අහේතුකව කේන්ති යන බවක් පෙන්නුම් කරයි. ආහාර පිළිබඳ අගහිඟකම් ඇතිවේ. ගෙදර දොර සැප පහසුව අඩුවනු ඇත. මිත්‍රයන් සමඟ හෝ ඥාතීන් සමඟ ආරවුල් ඇතිකරගන්නට සිදුවේ. කල්පනාකාරීව ඉවසීමෙන් කාලය ගත කිරීමට අධිෂ්ඨාන කරගන්න. කරගෙන එන කටයුතුවලද යම් පසුබෑමක් හෝ ප්‍රමාදයක් ඇතිවීමට හේතුයි. සමහර විට එම කටයුතු කඩාකප්පල් වීමටද ඉඩ ඇත. සතුට, ප්‍රීතිය දුරස්වේ. පෙම් සබඳතාවලටද බාධා ඇතිවේ. දෙදෙනා අතර අහේතුකව නමුත් ප්‍රශ්න ඇතිවීමට නියමයි. වියදම් අධිකය. තැන්පත් ධනයට පවා හානි සිදුවිය හැකිය. සෙම්ප්‍රතිශ්‍යාව, රක්තවාතය, අජීර්ණය වැනි රෝග වැලඳිය හැකිය. සති අග සුළු හෝ වස්තු ලාභයකට ඉඩ ඇත. බලාපොරොත්තුවක් ඉටු වීමට පුළුවන.

 

සුබ දිනය - සිකුරාදා

සුබ වර්ණය - නිල්පාට

ජය අංක - 06, 15

 

 

🔘 ධනු

 

මිශ්‍ර පල දායක සතියක ආරම්භය ධනුවට උදාවේ. ආදායම වැඩිකර ගන්නා මාර්ග පිළිබඳව සිතිවිලි පහළවේ. හොඳ අදහසක් ඇති වුවත් එය පටන් ගැනීමට මුදල් ලැබේද තිබෙන මුදල් ඇතිවේද යන දෙගිඩියාව සිතේ පවතියි. සතුරන් ඇතිවීමට හේතුවන කරුණු යෙදේ. කේලාම් බහක පැටලීමට හේතුයි. ඇඳුම් ලැබීමක්ද පෙන්නුම් කරයි. නැතිනම් අලුතින් ඇඳුම් මිලදී ගැනීමක් විය හැකිය. අනෙක් අයගේ වස්ත්‍ර දෙස බලා සතුටුවේ. තමාගේ දක්ෂතාවක්, හැකියාවක් හෝ විශේෂිත ගුණයක් පිළිබඳව වර්ණනාවක් අසන්නට හැකිය. බඩේ අමාරුවක්, ආහාර විසවීමක් හෝ අජීර්ණයක් ඇතිවිය හැකිය. වතුරෙන් ප්‍රවේශම් විය යුතුය. දියේ ගිලී නෑමට එතරම් ශුභදායක සතියක් නොවේ. ඥාතීන් හා මිතුරන් සමඟ ගැටුම් ඇතිවිය හැකි බවක්ද පෙන්නුම් කරයි. සමහරවිට එයින් විශාල පාඩු සිදුවිය හැකිය. හිතවතකුගෙන් ප්‍රණීත සංග්‍රහයක් ලැබීමට නියමයි. තෑග්ගක් ලැබීමටද ඉඩ තිබේ. මුදල් හානියක් හෝ අධික වියදමක් සිදු විය හැකිය.

 

සුබ දිනය - බ්‍රහස්පතින්දා

සුබ වර්ණය - ක්‍රීම් පාට

ජය අංක - 06, 24

 

 

🔘 මකර

 

ඔබ මෙතෙක් රැකගෙන සිටි ගෞරවයට හානිවන අන්දමේ කතාවක් වෙනත් අයකු විසින් සිදුකරයි. එනම් මකර ලග්න හිමියන්ට අගෞරවයට ලක්වීමට සිදු විය හැකිය. තමාට නෙගැළපෙන අන්වර්ථ නාමයක් පටබැඳේ. විවාහක අයගේ බිරියට හෝ සැමියාට සුළු හෝ ආබාධ තත්ත්වයක් ඇති වීමට පුළුවන. කරන්නට සිතා සිටින යම් වැඩකට අවශ්‍ය මුදල් සොයා ගන්නට ගන්නා උත්සාහයන් අසාර්ථක වේ. වියදම් පාලනය කරගැනීමට නිතරම උත්සාහ කළ යුතුය. නොඑසේනම් බැංකු ගිණුමේ ඇති තැන්පත් ධනය පවා ක්‍රමයෙන් ක්ෂය වී යයි. මේ දිනවල සතුරන් ඇති වීමටත් සතුරන් ඇතිවන සේ හැසිරීමට හෝ කතා කිරීමටත් ඉඩ ඇත. අමුත්තන්ගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකි සතියකි. මිතුරන් සමග ආශ්‍රය වැඩිවේ. ධෛර්යමත්ව වැඩකටයුතු කරගෙන යන බවක් ද දක්නට ලැබේ. අලුතින් යම් බෝග වගාවක් කරන්නට සිත්වේ. හිතවතුන් හා සුහදව ආශ්‍රය කරන්නේ වී නමුදු ඔවුන් සමඟ හිටිවනම අමනාපකම් ඇති කරගනී.

 

සුබ දිනය - සඳුදා

සුබ වර්ණය - සුදු පාට

ජය අංක - 16, 25

 

🔘 මකර

 

ඔබ මෙතෙක් රැකගෙන සිටි ගෞරවයට හානිවන අන්දමේ කතාවක් වෙනත් අයකු විසින් සිදුකරයි. එනම් මකර ලග්න හිමියන්ට අගෞරවයට ලක්වීමට සිදු විය හැකිය. තමාට නෙගැළපෙන අන්වර්ථ නාමයක් පටබැඳේ. විවාහක අයගේ බිරියට හෝ සැමියාට සුළු හෝ ආබාධ තත්ත්වයක් ඇති වීමට පුළුවන. කරන්නට සිතා සිටින යම් වැඩකට අවශ්‍ය මුදල් සොයා ගන්නට ගන්නා උත්සාහයන් අසාර්ථක වේ. වියදම් පාලනය කරගැනීමට නිතරම උත්සාහ කළ යුතුය. නොඑසේනම් බැංකු ගිණුමේ ඇති තැන්පත් ධනය පවා ක්‍රමයෙන් ක්ෂය වී යයි. මේ දිනවල සතුරන් ඇති වීමටත් සතුරන් ඇතිවන සේ හැසිරීමට හෝ කතා කිරීමටත් ඉඩ ඇත. අමුත්තන්ගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකි සතියකි. මිතුරන් සමග ආශ්‍රය වැඩිවේ. ධෛර්යමත්ව වැඩකටයුතු කරගෙන යන බවක් ද දක්නට ලැබේ. අලුතින් යම් බෝග වගාවක් කරන්නට සිත්වේ. හිතවතුන් හා සුහදව ආශ්‍රය කරන්නේ වී නමුදු ඔවුන් සමඟ හිටිවනම අමනාපකම් ඇති කරගනී.

 

සුබ දිනය - සඳුදා

සුබ වර්ණය - සුදු පාට

ජය අංක - 16, 25

 

🔘 කුම්භ

 

විශාල වාසියක් හෝ උසස් වීමකට හිමිකමක් මෙම සතිය තුළ පෙන්නුම් කරයි. නමුත් කුම්භ ලග්න හිමියන්ට ඉදිරි කාලය තුළ නොයෙකුත් විපත් හා කරදරවලට මුහුණදීමට සිදුවන බවක්ද පෙන්නුම් කරයි. එබැවින් දැන් දැන්ම පින් දහම් කිරීමට, පිළිවෙත් පිරිමට අදිටන් කරගන්නේ නම් හා ඒවායෙහි නිරත වන්නේ නම් යම් අස්වැසිල්ලක් ලද හැකිවේ. කෙසේ නමුත් ඉතා ප්‍රවේශම්ව කාලය ගතකළ යුතු සතියකි. නමුත් සිත සතුටින් කල් ගෙවීමට හැකිවේ. වෙනදාට වඩා මානසික සහනයක් දැනෙනු ඇත. තම කෑම වේල, තමන් විසින්ම පිළියෙල කරගැනීමට සිතේ. ප්‍රණීත සංග්‍රහයක් භුක්ති විඳීමටද ඉඩ ලැබේ. තමා සතු ආභරණ හුවමාරු කර ගැනීමක් සිදු විය හැකිය. ගෙදර අලුත්වැඩියාවක් කරන්නට සිතේ. සුළු සුළු ලාභ ලැබෙන්නටද පුළුවන. හිසේ, මුහුණේ පැවැති උෂ්ණ ගතිය අඩු වී සිසිල් බවක් දැනෙනු ඇත. අනුන්ගේ අදහස් තේරුම් ගැනීමට පුළුවන්කමක් පවතී. සානුකම්පිත බවක් සිත තුළ පවතින සතියකි. වියදම් වැඩිවිය හැකිය.

 

සුඛ දිනය - සෙනසුරාදා

සුඛ වර්ණය - කළු පාට

ජය අංක - 08, 35

 

 

🔘 මීන

බොහෝ හිත මිතුරන් ආශ්‍රයට ඉඩ ලැබේ. නමුත් ප්‍රවේශම් විය යුතුය. ඔවුන් බොහෝමයක් අයහපතක් මිස යහපතක් නොකරනු ඇත. අනුන් සතුටු කිරීමට වැඩ කරන්නට සිදුවේ. වියදම් අධිකය. අවමානයක් වීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් සිටින්න. රැවටිලිවලට ලක්වේ. විශේෂයෙන් ඥාතීන් හා ගනුදෙනු කිරීම චීන නිසා බොහෝ විපත් ඇතිවිය හැකිය. අත්හදා බැලීම්වලින් පාඩු ඇතිකරයි. හදිසි කැපුම් කෙටුම් සීරීම් සිදු වේ. අසනීප වීමක් හෝ රෝහල් ගත වීමක් පෙන්නුම් කරයි. රාජ දඬුවම් විඳීමකටද ඉඩ ඇති සතියකි. කරගෙන යන කටයුතු කඩාකප්පල් විය හැකිය. යම් වටිනා දෙයක් නැතිවීමට හෝ සොරුන් විසින් පැහැර ගැනීමට පුළුවන. ශරීරයේ ආබාධ ඇතිකරයි. ළිං ඉසීමක් හෝ ජල නළ අලුත්වැඩියාවක් කරන්නට සිදුවිය හැකිය. නැතිනම් ජලාශයකට බැසීමට සිදු වේ. නවීන ක්‍රමානුකූලව කටයුතු කිරීමට හෝ ඒ අනුව හැඩ ගැසීමට සිතයි. ප්‍රසිද්ධ ස්ථානවලින් හා සමාජයෙන් ඈත්ව වාසය කිරීමට සිතේ. හිසට සිසිල් බවක් දැනෙනු ඇත.

 

සුබ දිනය - බ්‍රහස්පතින්දා

සුඛ වර්ණය - රතු පාට

ජය අංක - 09, 18

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk