විවාහ කඩන්න ග්‍රහයින්ට පුළුවන්ද?

අප රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ විවාහයක් බිඳ වැටීම ජීවිතයේ අවාසනාවන්ත සිදුවීමක් ලෙස සළකති. එය තම පවුලට සිදු වූ මහා වින්නැහියක් ලෙස පවුලේ ඥාතීන් පවා සිතති. සමාජය ඔවුන් දෙස බලන ආකාරයේද යම් සෘණාත්මක බවක් දක්නට ලැබේ. දෙමාපියන් දෙදෙනා වෙන්ව සිටිනා පවුල්වල දරුවන්ට ද එම සමාජයීය බලපෑම බොහෝ දුරට ඇති වේ. එහෙත් ලොව බොහෝ රටවල පවතින සංස්කෘතීන් තුළ මෙවන් තත්ත්වයක් දක්නට නැත. මෙරට සමාජයේ පුද්ගලයින්ගේ පරම අභිලාෂය වන්නේ විවාහය ශක්තිමත් බලවත් අඩිතාලමක් සහිත පදනමක් මත පවත්වා ගත යුතු බවයි. එම නිසා අප රට ඇතුළු ආසියාතික රටවල විවාහයට මත්තෙන් පූර්ව විමසීමක් හෙවත් සොයාබැලීමක් සිදු කරයි. ඒ සඳහා ඈත අතීතයේ විසූ දර්ශනවාදීන් උපයෝගී කරගන්නා ලද පොරොන්දම් ක්‍රමය අප රටේ ද බහුලව භාවිත කෙරේ.
මෙම පොරොන්දම් බැලීමේදී පැරණි සෘෂිවරුන් විසින් පෙන්වා දී ඇති විසි පොරොන්දම් පරීක්ෂා කළත් එය විවාහය ගැලපීමේ තීරණාත්මක සාධකය කර ගැනීම එතරම් ප්‍රඥාගෝචර නොවේ. පොරොන්දම් පරීක්ෂාවකින් සිදු කෙරෙන්නේ විවාහ වන දෙදෙනාගේ කායික මානසික ඉන්ද්‍රිය පැවැත්මේ සම විෂමතාව මැන බැලීමයි. එහෙත් මෙම පොරොන්දම් වැඩි ප්‍රමාණයක් ගැලපීම මත සිදු කෙරුණු විවාහයන් අතරමග කඩාකප්පල්වී ඇති අවස්ථා ද, පොරොන්දම් කිසිවක් නොගැළපුනත් ඉතා සාර්ථක යුග ජීවිත ගත කරන පවුල් සංස්ථා ද වර්තමානයේ කොතෙකුත් දැකිය හැකිය. එයින් අපට පෙනී යන්නේ විවාහයකට යෝග්‍යතාවය සැලකීමේදී විසි පොරොන්දම් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් නොවන බවයි. මෙහිදී දෙදෙනාගේ ශරීර සෞඛ්‍යය, නිරෝගිකම, ලිංගික ශක්තිය, දරු සම්පත්, වාසනාව අනතුරු, ආබාධ ආදී භෞතික ජීවිතයේ එදිනෙදා සිදුවන දහසකුත් එකක් ක්‍රියාකාරකම් පිළිබඳව නිරීක්ෂණය කළ යුතුය. එහෙත් පොරොන්දම් පරීක්ෂාව අපට 100% ක්ම එක හෙළා බැහැර කිරීමට ද නුපුළුවන. නක්ෂත්‍ර, ගණ, මහේන්ද්‍ර, ස්ත්‍රී දීර්ඝ, යෝනි, රාශි, රාශ්‍යාධිපති, වශ්‍ය, රජ්ජු, වේධ, වෘක්ෂ, ආයුෂ, පක්ෂි, භූත, ගෝත්‍ර, වර්ණ, ලිංග, නාඩි, දින, ග්‍රහ යනුවෙන් දැක්වෙන මෙම පොරොන්දම් විස්ස ඇතුළත විවාහ ජීවිතයකට අවශ්‍යම මූලික කරුණු කිහිපයක් ද දක්නට ලැබේ.
විවාහ වන දෙදෙනා අතර ඔවුනොවුන් කෙරෙහි ඇති වන ප්‍රියමනාප තත්ත්වය ගණ පොරොන්දමෙන් විමසා බැලේ. ස්ත්‍රී දීර්ඝ පොරොන්දමෙන් හා යෝනි පොරොන්දමෙන් සිදු කරන්නේ දෙදෙනා අතර ලිංගික ජීවිතයේ සාර්ථකත්වය කොතෙක් දුරට පවතී ද යන්න පරීක්ෂා කිරීමයි. දෙදෙනා අතර පවතින ලිංගික නොගැළපීම බොහෝ විට විවාහය දෙදරා යෑමට හේතු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාශි පොරොන්දමෙන් පරීක්ෂා කර බලන්නේ දෙදෙනා අතර පවතින මානසික සම්බන්ධතාවයයි. දෙදෙනා ඔවුනොවුන්ට ආකර්ෂණීය වන ස්වභාවය රජ්ජු පොරොන්දමෙන් විමසා බලයි. භූත පොරොන්දමෙන් සිදු කෙරෙන්නේද දෙදෙනා අතර මෙම ශාරීරික ගැළපීම කොතෙක් දුරට පවතී ද යන්න විමසා බැලීමයි. දෙදෙනාගේ රුධිර ගැළපීම පිළිබඳව නාඩි පොරොන්දමෙන් විමසා බැලේ.
අතීතයේදී මෙම පොරොන්දම් බැලීම මෙන්ම ඒ හා සමාන වෙනත් කාරණා ද සොයා බැලූ බව ඉතිහාසයෙන් පෙනී යයි. අතීතයේදී උසස් කුලවල කාන්තාවන්ට ස්වයං වරයක් මගින් මනාලයකු තෝරාගන්නට අවස්ථාවක් උදාකර දී තිබුණි. බෞද්ධ සාහිත්‍යයේ සිදුහත් බෝසත් කුමරුට යශෝධරා දේවිය සමග විවාහය සිදු කර ගන්නට තමා උගත් ශිල්ප ප්‍රදර්ශනය කරන්නට සිදු විය. මේ කරුණු වලින් පෙනී යන්නේ අතීතයේ සිටම විවාහය සඳහා පූර්ව ගැළපීම් පිළිබඳව සැලකිල්ලක් දක්වා ඇති බවයි. අද දිනෙන් දින වැඩිවන දික්කසාද නඩුවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ද විවාහය තුළ පවත්නා මෙම නොගැළපීම්ය. යුග දිවියක් ගත කිරීමට යෝග්‍ය සුදුසුකම් විමසීමේදී විවාහය ජීවිතය පිළිබඳ ගැඹුරු දර්ශනයක් හා දෙදෙනා අතර පවතින ජීවන රටාවේ බලය ගැන ද පරීක්ෂා කර බැලිය යුතුය.
එබඳු විවාහ පරීක්ෂාවකදී පොරොන්දම් 20 න් ඔබ්බට ගොස් කුජ දෝෂ, ශනි මංගල දෝෂ, කඩහන්දි මාරක දෝෂ, නාශාංශක දෝෂ, වැන්දඹු දෝෂ, ලේ නෑකම් දෝෂ, ප්‍රසූත දෝෂ, පිළිසිඳ ගැනීමේ දෝෂ, විෂ කන්‍යා යෝග, බහු විවාහ යෝග, අවිවාහක යෝග, වඳ යෝග, සරාගී යෝග ආදී විවාහ දෝෂ මෙන්ම දෙදෙනාගේ ජන්ම කේන්ද්‍රවල ග්‍රහ ගැළපීම් පිළිබඳව ද ගැඹුරින් විමර්ශනය කොට බැලිය යුතුය.
මීට අමතරව විවාහයන් සඳහා යොදා ගන්නා තවත් අප්‍රකට ශාස්ත්‍රීය ක්‍රමද දක්නා ලැබේ. ද්වාර වර්ගය, ගර්බ වර්ගය, නිර්මිත වර්ගය, රක්ත වර්ගය (රක්ත ද්වාර වර්ගය) නේත්‍ර ද්වාරය, ඥාති ද්වාරය ආදී ශාස්ත්‍රීය ක්‍රම ඒ අතර වේ. ද්වාර වර්ගය ලෙස එකම දින එකම ලග්නයෙන් නැකත් දෙකකින් උපන් අය ද, ගර්බ වර්ගය ලෙස එකම මව්පිය පරම්පරාවලට අයත් නෑනා මස්සිනා අතර විවාහද, නිර්මිත වර්ගය ලෙස දෙදෙනාගේ එකම ගති නිමිති ලක්ෂණ ඇති අය පිළිබඳව වැඩිහිටියන් කරන පූර්විකා පරීක්ෂණවලින්ද, රක්ත ද්වාර වර්ගය ලෙස දෙදෙනාගේ ලේවල ගැළපීම් මත විවාහ වීමද, නේත්‍ර ද්වාරය හෙවත් දෙදෙනා එකිනෙකා දැකීමෙන් දෙදෙනාට දෙදෙනාම විදුලිය මෙන් ආකර්ෂණය වීමද, ඥාති ද්වාරය ලෙස එකම ලේ නෑයන් අතර විවාහය සිදුවීමද (මේ ක්‍රමය බොහෝ විට මලයාලම් ශාස්ත්‍ර කියන්නන්, නයි නටවන්නන් වැනි දින හතකට සීමාවාස ඇත්තන් අතර සිදු වේ) යනාදී වශයෙන් විවිධාකාර ශාස්ත්‍රීය ක්‍රම ආදී කාලයේ මානවයා විවාහ සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට අනුගමනය කර ඇත.
භාරතය වැනි සමහර රටවල බාලකද් ද්වාර මංගල්‍යය වශයෙන් කුඩා ළමාවියේදීම නම් දී විවාහයන් සිදු කිරීමේ චාරිත්‍ර විධි පැවති බවද අසන්නට ලැබේ. මේ සෑම කරුණකින්ම පැහැදිලි වන්නේ දෙදෙනකු විවාහයට තෝරා ගැනීමේදී යම් ශාස්ත්‍රීය ක්‍රියාමාර්ග ඈත අතීතයේ සිට මේ දක්වාම අනුගමනය කර ඇති බවයි.
බුද්ධි ද්වාර මාර්ගය මේ සඳහා පැරැන්නන් අනුගමනය කළ තවත් ක්‍රමයකි. එහිදී දියණිය බැලීමට එන මනාලයාටපුවක් ගෙඩියක් හෝ අන්නාසි ගෙඩියක් කැපීමට දීමෙන් ද, ලුණු පොල්කට්ට තැබීමට අවශ්‍ය කණුවක් සිටුවීමට දීමෙන් ද, ගොවිපළේ යම් යම් ක්‍රියා කිරීමට දීමෙන් ද ඔහුගේ බුද්ධියේ ස්වාභාවය, පරිත්‍යාගශීලීබව, ධාර්මිකබව, අරපරෙස්සම සහ දියණියගේ අදහස්වලට ගැළපීම ගැන විමසිලිමත්වී විවාහය පිළිබඳව තීරණය කර ඇත.
මේ කවර ක්‍රමයකින් හෝ සිදු කරනු ලබන විවාහ පරීක්ෂාවකින් අනතුරුව හෝ ඒ කිසිවකින් තොරව තම තමාගේ හිතුමතයට හෝ යුග දිවියට ඇතුළත්ව එක වහලක් යටට වූ දා පටන් තම මව්පිය සහෝදර නෑදෑ හිතවතුන් අතර මෙතෙක් ගෙවන ලද නිදහස් දිවියෙන් සමුගෙන වගකීම් සහිත නව මාවතකට යොමුවීමට සිදු වේ. මෙහිදී තම තමා පෙර ගත කළ නිදහස් ජීවිතයෙන් එම වගකීම්සහගත ජීවිතයට හුරුවන මුල් කාලයේදී බොහෝ විට දෙදෙනා අතර ගැටුම් ඇතිවීමට පටන් ගනී. කෙසේ වුවත් විශේෂයෙන් එය සිදුවන්නේ මෙම මුල් අවස්ථාවේ දෙදෙනාඅතර අවබෝධය අඩු නිසාය.
එම නිසා මෙහිදී දෙදෙනා අතර ඇති කරගන්නා අවබෝධය මත ඉතා ඉවසීමෙන් මෙම ගමන යා යුතුය.
පොරොන්දම් හා අනෙකුත් ග්‍රහ ගැළපීම් 100%ක් ගැළපී විවාහ වුණත් ගැහැනු සහ පිරිමි අතර ඇති වෙනස කිසිසේත් එකට ගැළපිය හැකි නොවේ. ගැහැනු මතක තබාගන්නා දේවල් ගැන පිරිමි දුක් වන බවත්, පිරිමි අමතක කරන දේවල් ගැන ගැහැනු දුක් වන බවත් ඇල්බට් අයින්ස්ටයින් නම් මහා විද්‍යාඥයා පවසා ඇත්තේද ඒ නිසා විය හැක. ආදරය යනු සමස්ත ලෝකයාටම පොදු ධර්මතාවයක් වුවත් ගැහැනු හා පිරිමි ආදරේ කරන ආකාරය එකිනෙකට වෙනස් වේ. මේ කරුණ න්‍දයබ ඨරුහ නම් ලේඛකයා ලියා ඇති ඵැබ ත්‍රදප ඵ්රි උදපැබ ත්‍රදප ඪැබමි නම් කෘතියෙන්ද මැනවින් පැහැදිලි වේ. කාන්තාව පිරිමියාටත්, පිරිමියා කාන්තාවටත් ආදරය කරන්නේ ඔවුන්ගේ ඇති එකිනෙකට වෙනස් වූ ශාරීරික හා මානසික ලක්ෂණවලටය. ඔවුන් එම වෙනස්කම් වලට ආදරය කරන අතරම තවත් අතකින් එම වෙනස නැති කර ගැනීමට දරන උත්සහය නිසා විවාහ ජීවිතය තුළ ගැටුම් ඇති වේ. “ඇයි ඔයාට මං මගේ වෙන්න බැරි? ඇයි ඔයාට මං වගේ හිතන්න බැරි? වැනි ප්‍රශ්න මතු වන්නේ ඒ නිසාය. එහෙත් වසර දහස් ගණනක් තිස්සේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම පිරිමියා ජීවත් වූයේ දඩයක්කරුවෙක් ලෙසය. පවුලේ නඩත්තුව හා ආරක්ෂාව සැලසීම පැවරී තිබුණේ ඔහුටය. කාන්තාවට අයත් වූයේ දරුවන් රැකබලා ගැනීම සහ නිවසේ කුදුමහත් කටයුතු කිරීමය. වර්තමාන සමාජයේ ද විවාහ ජීවිත ගත කිරීමේදී කාන්තාව සහ පිරිමියා සතු මෙම ජානමය ලක්ෂණ වෙනස් කළ නොහැකි බව අප අවබෝධ කර ගත යුතුය.
එමෙන්ම බෞද්ධාගමික පසුබිමක් තුළ හැදුණු වැඩුණු අපේ සමාජයේ කාන්තාව මනින මිනුම් දඬ ුද පවතී. කාන්තාවගේ සංවර බව, ඇඳුම ආදිය තවමත් සමාජයේ කාගෙන් කතා බහට ලක් වේ. එහෙත් වර්තමානයේ දුරකථනය, අන්තර්ජාලය, මුහුණු පොත වැනි තාක්ෂණික මෙවලම් බොහෝ විට විවාහ ජීවිතයට විශාල බලපෑම් එල්ල කරනු ලබයි. වර්තමානයේ සැමියා හෝ බිරිඳ විදේශගතවීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ආදිය ද බරපතළ ගැටලු වී ඇත. ආදරයෙන් බැඳී විවාහ දිවියට එළඹ මේ සියලු අභියෝග හමුවේ විවාහ ජීවිතය සතුටින් ගෙන යෑමට, දූ දරුවන් සමඟ එකම කැදැල්ලක මිහිර විඳීමට දෙදෙනා සතුව ඇති වගකීම, කැපවීම අති විශාල බව දෙදෙනාම වටහා ගත යුතුය.
විවාහය යනු පරිත්‍යාගයකි. අනෙකාගේ ආශා, වුවමනා ඉදිරියේ තමාගේ වුවමනා කැපකිරීමත් එකිනෙකාට සවන්දීම, ගෞරවය, විශ්වාසය, අවබෝධය, වංචා නොකිරීම, නොරැවටීම වැනි ගුණාංග ඔවුන් අතර තිබිය යුතුය. වැරැද්දක් වුවත් හිත නොරිදෙන ලෙස එය පහදා දිය යුතුය. අනෙකාට දයාබර වීම, ප්‍රශ්නයක දී මග නොහැරීම, දුක සැප දෙකේ දී එකට සිටීම, ඉවසීම, බාහිර පෙනුම ගැන ආඩම්බර නොවීම, දෙදෙනා විසින්ම යුතුකම් ඉටු කිරීම, විශේෂයෙන් බිරිඳ අගය කිරීම වැනි ගුණාංග පවතී නම් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකිය. මෙබඳු ගුණාංග දෙදෙනා තුළ නොමැති නම් කොතරම් හොඳට පොරොන්දම් ගැළපුණත් කේන්ද්‍ර ගැළපුණත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට නොහැකි වනු ඇත.
Advertisements


