Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කුජ සහ යුරේනස් යුද වදී අගෝ: 02දා ආශ්‍රිතව අති භයංකර ග්‍රහ පිහිටීමක්

1 year ago 7 Min read
Subha.lk

⏺  අගෝ: 02 වැනිදාට පෙර හා පසු

    දින කිහිපය තුළ රිය අනතුරු ඇතුළු හදිසි අනතුරු,

    ලේ වැගිරීම්, ගිනි ගැනීම්. අත්වැරදීමෙන් වන

    පිපිරීම්වල වැඩි වීමක්

 

⏺  ලෝක මට්ටමින් බෝම්බ පිපිරීම්,

    ගිනි කඳු සක්‍රිය වීම්, නාය යෑම්, භූ කම්පා, අහස්යානා අනතුරු,

    න්‍යෂ්ටික අත්හදා බැලීම් ආදිය සිදුවීමේ ඉහළ ඉඩක්

 

⏺  රුසියානු - යුක්රේන් යුද්ධය වඩාත් බිහිසුණු අතට

කුජ සහ යුරේනස් ග්‍රහයන් 2022 වසරෙහි අගෝස්තු 2 වැනිදා නියම ලෙසට සංයෝග වෙයි. මෙසේ කුජ සහ යුරේනස් අතර සිදුවන ග්‍රහ යුද්ධයෙන් කුජ පරදවා යුරේනස් ජය ගනියි. මෙම ග්‍රහ යුද්ධය සිදුවන්නේ පිපිරුමි කාරක ග්‍රහයකු වන යුරේනස් සහ තවත් එවැනිම ග්‍රහයකු වන කුජ අතර වීම හේතුවෙන් 2022 වසරෙහි අගෝස්තු 02 වැනිදාට පෙර දිනවල සහ එදිනෙන් පසුව එළැඹෙන දින කිහිපය තුළ රිය අනතුරු වෙනත් හදිසි අනතුරු, ලේ වැගිරීම්, ගිනි ගැනීම්, අත් වැරදීම්වලින් සිදුවන පිපිරීම් ආදියෙහි වැඩි වීමක් පෙන්නුම් කෙරේ. තවද මෙම ග්‍රහ ගෝචරයට අනුව 2022 වසරෙහි අගෝස්තු 02 වැනිදා අවට දිනවල ලෝක මට්ටමෙන් සිදුවන බෝමිබ පිපිරීම්වලට ලෝක මට්ටමෙන් සිදුවන ගිනි කදු සක්‍රිය වීම්වලට සහ වෙනත් පිපිරීම්වලටද ලෝක මට්ටමෙන් ඇතිවන නායයෑම් භූ කම්පාවලට, අහස්යානා අනතුරු වලට සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් ආදියට ඉහළ ඉඩක් නිර්මාණය වන බව පෙනේ. එමෙන්ම මෙම ග්‍රහ ගෝචරයට අනුව මෙම අගෝස්තු 02 වැනිදා අවට

දිනවල රුසියානු - යුක්රේන යුද්ධය නව මුහුණුවරකින් ආරම්භ වීමට ඉඩකඩ ඇති අතර එහි වඩාත් බිහිසුණු අවස්ථා පෙන්නුම් කෙරේ.

 

ඉහත කී ආකාරයට කුජ සහ යුරේනස් අතර ග්‍රහ යුද්ධය හේතුවෙන් ජනතාවගේ ආවේගශීලී බව ඉහළ යෑමට ඉඩකඩ ඇති අතර ඒ නිසාම මෙම අගෝස්තු 02 වැනිදා අවට දිනවල රට පුරා පුංචි යුද්ධවලට පවා ඉඩකඩ ඇත. මේ ආකාරයට කුජ සහ යුරේනස් සංයෝග වීම හේතුවෙන් ලබන අගෝස්තු 02 වැනිදා අවට දිනවල කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධව අවිනිශ්චිත සහ අසුබ ආරංචි පෙන්නුම් කරන අතර ප්‍රසිද්ධ කලාකරුවන්ට ද යම් පමණකින් හෝ අසුබ ප්‍රතිඵල ඇතිවන්නට ඉඩ ඇත.

 

බුද්ධ ග්‍රහයා 2022 වසරෙහි ජුලි 17 වැනිදා පෙ.ව. 00.10ට කටක රාශියට පිවිසෙන අතර අගෝස්තු 01 වැනිදා පෙ.ව. 03.45 වන තෙක්ම බුධ තම කටක රාශි චලිතය පවත්වාගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව ජූලි 17 වැනිදා ආශ්‍රිත දිනවල අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය යන ක්ෂේත්‍ර පිළිබඳව අලුත් ආරංචි ලැබෙන්නට ඉඩකඩ පවතියි. මෙම ග්‍රහ ගෝචරයට අනුව 1975 වසරෙහි ජුලි 23 වැනිදාත් 1977 සැප්තැම්බර් 07 වැනිදාත් අතර කාලසීමාව තුළ

 

කුම්භ හෝ දිනයක ඉපදුණු අයට 2022 වසරෙහි ජූලි 17 වැනිදාත් 022 වසරෙහි අගෝස්තු 01 වැනිදාත් අතර කාලසීමාව තුළ ව්‍යාපාරවලින් වැඩිපුර ලාභ ලැබීම්, ඉඩකඩම් සහ වෙනත් දේපළ ගනුදෙනු සාර්ථක කර ගැනීම සහ මිතුරන්ගෙන් විශේෂ උදවු ලැබීම් ආදිය පෙන්නුම් කෙරේ.

 

2022 ජූලි 17 වැනිදා පෙ.ව. 01.09ට රව් සහ බුධ යන ග්‍රහයන් කටක රාශිය තුළ නියම ලෙසම සංයෝග වන බව පෙනේ. මෙය ඉතා ප්‍රබල ඥාන යෝගයකි. මෙම ඥාන යෝගයට අනුව ජුලි 17 වැනිදා ආශ්‍රිත දිනවල උපත ලබන දරුවන් අනාගතයේදී උගතුන් ලෙස, බුද්ධිමතුන් ලෙස ප්‍රසිද්ධියට පත්වනු ඇත.

 

2022 වසරෙහි ජූලි 31 වැනිදා පෙ.ව. 11.36ට බුධ සහ ශනි යන ග්‍රහයන් නියම ලෙසම සප්තම වෙයි. මෙය බලගතු ව්‍යාපාරික යෝගයකි. ඒ අනුව 2022 වසරෙහි ජූලි 31 ආශ්‍රිත දිනවල උපත ලබන දරුවන්ට අනාගතයේදී ව්‍යාපාරික ලෝකය තුළ හිණිපෙත්තටම යෑමට භාග්‍යය උදාවනු ඇත. මීට අමතර ලෙස 2022 වසරෙහි ජූලි 31 ආශ්‍රිත දිනවල කුමන ලග්නයකින් හෝ ඉපදෙන දරුවන්ට අනාගතයේදී අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය වැනි ක්ෂේත්‍ර තුළ කීර්තිමත් වෘත්තිකයන් බවට පත්වීමට භාග්‍යය උදාවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk