Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ග්‍රහ අපල සඳහා පැලඳිය යුතු මැණික් හඳුනාගනිමු

3 weeks ago 7 Min read
Subha.lk

රවි, සඳු, කුජ, රාහු, ගුරු, ශනි, බුධ, සිකුරු වැනි ග්‍රහයන්ගේ අපල උපද්‍රවයන් මඟහරවා ගැනීම සඳහා විවිධ මැණික් වර්ග භාවිත කරන අතර අපි ඒ පිළිබඳව හඳුනා ගැනීමමේ ලිපියෙන් බලාපොරොත්තු වෙමු.

 

රවි (හිරු) –

පද්මරාග (Pink sapphire), චන්ද්‍ර (සඳු) – මුතු (Pearl), කුජ (අඟහරු) – රතු (Ruby), බුධ – පච්ච (Emerald), ගුරු (බ්‍රහස්පති) – පුෂ්පරාග (Yellow Sapphire), ශුක්‍ර (සිකුරු) – දියමන්ති (Diamond), ශනි (සෙනසුරු) – නිල් (Blue Sapphire), රාහු – ගෝමේද (Hessonite), කේතු – වෛරෝඩි (Cat’s Eye), ආදිය වේ.

 

පද්මරාග –

පද්ම යනු නෙළුමට තවත් නමකි. පද්මරාග යනු නෙළුමක පැහැය ඇති බවයි. රවි හිමි පද්මරාග පැලඳීමෙන් ධනය, බලය නායකත්වය ලබයි. එහෙත් පළුඳු වූ පද්මරාග පැලඳීම නිසා පිරිහීම, ධන ධාන්‍යවිනාශය, අපවාදය මෙන්ම භය ද ඇතිවනබව කියා තිබේ.

 

මුතු –

මුතු වර්ග අටකි. ඇතුන්ගෙන්, නාගයන්ගෙන්, සක්වලින්, උණගස්වලින්, මත්ස්‍යයන්ගෙන්, අකුණුවලින්, සූකරයන්ගෙන් හා බෙල්ලන් ගෙන්මුතු හටගනී. බෙල්ලන්ගෙන් ලැබෙන මුතු බහුලය. මුතු පැලඳීමෙන් සෞභාග්‍යය, බුද්ධි වර්ධනය හා කීර්තිය ලැබෙන අතර සඳු ග්‍රහයා අධිපතිවෙයි.

 

රතු –

රතු කැට නමින් හඳුන්වන මෙය පැලඳ ගැනීමෙන් ධෛර්යය, වීර්යය, ඇතිකර ආයුෂ වර්ධනය කරන බව කියා තිබේ. කුජ ග්‍රහයා අධිපති වෙයි.

 

පච්චතෝර / මරකත –

මරකත පැලඳීමෙන් බුද්ධි වර්ධනය සහ දේවාකර්ෂණය ලැබේ. මරණයෙන් එතෙර කරන්නේය යන අරුතින් මරකත යන නම සෑදී තිබේ.

 

නිල් –

නිල්මැණික් වර්ග රාශියක් ඇත. ශනි හිමි මැණික කාක නිල නම් වෙයි. එය කළු නිල්පාටින් යුක්තය. පැලඳීම මගින් ඉවසීම, ගැඹුරු ඥානය, දරා ගැනීමේ ශක්තිය හිමි වේ.

 

ගෝමේද –

ගව මුත්‍රවල පාට ඇති යන අර්ථයෙන් ගෝමේදනම් වන්නේය. රාහු ග්‍රහයා හිමිවෙයි. රතු මිශ්‍ර කහපාට මෙම ගල පැලඳ ගැනීම මගින් ශුභඵල උදා කරන අතර පළුදු වූ ගෝමේද නිසා සම්පත් හා වීර්යය හානිකරනබව කියා තිබේ.

 

වෛරෝඩි –

බළල්ඇස් මෙනි. මෙම මැණික පැලඳ ගැනීමෙන් වාත හා සෙම් දෝෂසනස බවත්, පෝෂණ ඌණතා නිසා ඇතිවන ශාරීරික දුර්වලතා සමනය කරන බවත් කියා ඇත. වෛරෝඩි කේතු ග්‍රහයාට හිමිවෙයි.

 

පුෂ්පරාග –

කහ පාටින් යුක්ත මෙම ගල බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාට හිමිවෙයි. කීර්තිය, ඥානය සැප වර්ධනය කරන මෙම ගල පැලඳ ගැනීමෙන්ස්ත්‍රීන්ට පුත්‍ර ලාභ හෙවත්දරු සම්පත් උදාකරන බව කියා තිබේ.

 

දියමන්ති / සුදු –

සිකුරු හෙවත් කිවි ග්‍රහයාට හිමිදියමන්ති පැලඳිම සතුරු භය හා විෂමර්දනය කරන බව කියා ඇත. එහෙත් දරුවන් අපේක්ෂා කරන යුවතියන්ට දියමන්ති දැමීම සුදුසු නැති බව කියා තිබේ.

 

මැණික්මතට ආලෝකය හෝ වෙනත් කිරණවර්ගයක් වැටුණුවිට එයින් කොටසක් ගල මැදින් ගලාගොස් නිකුත් වන අතර තවත්කොටසක් පරාවර්තනය වන්නේය. තුන්වැනි කොටසක් ගල තුළම රැඳේ. මේ රැඳෙන කොටස වෙනත් ශක්තීන් බවට පත් වී ගලෙන් නිකුත්විය හැකිය. මැණික් පැලඳීමේදී ශරීරය හා මනස සහසංයෝගයට මෙම කිරණ බලපායි.

 

මැණික්වර්ගය පැලඳීමෙන් ඒ ඒ ග්‍රහයන්ගේන ඇතිවල අපල උපද්‍රව මඟ හැරේ. මේවා පැලඳිය යුත්තේ තම තමන්ගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කරබැලීමෙනි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk