යෝගවලින් කියවෙන ඔබේ ගතිගුණ

යෝගයන්විසිහතක් තිබෙන අතර පංචාංගයේ සිවුවන අංගය යෝගවේ. යෝගයන් යනු සම්බන්ධ වීමක්. ජන්මියාගේ බල දුබලතාවයන් යෝගයන්ගෙන් හඳුනා ගතහැක. අපි දැන් යෝග විසිහත පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන අතර එයින් ඔබේ ගතිගුණ මෙයට ගැළපෙනවද බැලීමට ඇරයුම්.
විශ්කම්භ
විශ්කම්භ යෝගයෙන් උපදින අය මුදු මොලොක්ඉරියව්වලින් යුක්ත වන අතර, මිතුරුමිතුරියන් සමග සුහදව කටයුතු සිදු කිරීමේ හැකියාව ඇති එදිනෙදා කටයුතුවල උනන්දුවෙන් යෙදෙන සැමියාගේ හෝ බිරියගේ ආදරයදිනාගෙන යහපත්ව දිවි ගෙවන අයෙකි.
ප්‍රීති
මෙම යෝගයෙන් උපන් අය ප්‍රසන්න පෙනුමෙන් සහ ප්‍රියමනාප කතා බහෙන් සමාජයේ කැපී පෙනෙන අතර, ඥාන ශක්තිය, ධාරණ ශක්තිය යහපත් බැවින් ශිල්ප ශාස්ත්‍රාදියේ උසස් දියුණුවක් ලබයි.
ආයුෂ්මන්
ගුණයහපත් සාධාරණ හැඟීම්වලින් යුතු සොබා දහමට ඇලුම් කරන නිරහංකාර ජන්මියකු ඇති කරයි.
සෞභාග්‍ය
මෙම යෝගයෙන් උපදිනවිට ධනයෙන් බලයෙන් බුද්ධියෙන් යුතු අය ගුණ යහපත්කමින්සත්‍යවාදී බවින් සමාජයේ ප්‍රභූත්වයක් ලබන උත්තමයන්ය.
ශෝභන
ප්‍රසන්න පෙනුමෙන් යුතු පරිත්‍යාගශීලී දක්ෂ බුද්ධිමතුන්ය.
අතිගණ්ඩ
මෙම යෝගයෙන් උපන්නෝ කරදර මධ්‍යයේ කල් යවන විරූපී හෝ අංගවිකල කලහකාරී පුද්ගලයන්ය.
සුකර්ම
සුකර්ම යෝගයෙන් උපදින අය ක්‍රියාශීලී, උපක්‍රම ශීලී, කලා කුසලතාවලින් යුතු සමාජ සේවයට කැමැති අය වෙති.
ධෘති
ධෘති යෝගයෙන් උපන්නෝ කාර්යබහුල විවිධ අංශවලට දක්ෂ ආගමික භක්තියෙන් යුතු සංවේදී පුද්ගලයන් වෙති.
ශූල
ශූල යෝගයෙන් උපන් ඔබ උදරාබාධවලින් පෙළෙනගුණ නැණ හීන අහංකාර අශෝභන, සමාජයෙන් කොන්වන පුද්ගලයන්ය.
ගණ්ඩ
ගණ්ඩ යෝගය ද සැර පරුෂ, ප්‍රකෝපකාරී නෑ හිත මිතුරන්අඩු, දුරාචාරයට පොළඹවන අසත්පුරුෂයන් උපදවයි.
වෘද්ධ
බොහෝඇසූපිරූ තැන් ඇති අයෙකුගේ ගති ඉරියව් පෙන්නුම් කරන රූපයෙන්, ධනයෙන්, බලයෙන් යහපත් සමාජ තත්ත්වයෙන් යුතු ජන්මියකු වෙයි.
ධෘම
මෙමයෝගයෙන් උපදින අය දැනුමෙන් බුද්ධියෙන්, චතුර කථිකත්වයෙන් ධන සම්පත්, දරුසම්පත් හිමි වාසනාවන්ත අයයි.
ව්‍යාඝාත
ප්‍රාණ ඝාතයට කැමැති, මස් මාංස අනුභවයට කැමැති, කරුණාව දයාව අනුකම්පාව අඩු, සිතේ සතුට සහනය නොලබන අසත්පුරුෂයන්ය.
හර්ෂණ
රන්රිදී ආභරණ, මිල මුදල් ලබන රතු වස්ත්‍රවලට ප්‍රිය කරන, කාන්තිමත් දේහයකින් යුතු බැබළෙන වාසනාවන්තයෝය.
වජ්‍ර
මෙම යෝගයෙන් උපදින්නෝ සියලු සැප සම්පත්තීන් භුක්ති විඳීමේ භාග්‍යයෙන් යුතු, දනට පිනට කැමැති ප්‍රසන්න පුද්ගලයන්ය.
සිද්ධි
සිද්ධි යෝගයෙන් උපදින අය සිතන පතන සෑමදෙයක්ම නිරායාසයෙන්ම සාර්ථක කර ගනු ලබන, රූපයෙන්, ධනයෙන්, ඥානයෙන් යුතු භාග්‍යවන්තයෝය.
ව්‍යතිපාත
අන්අයගේ පීඩාවන්ට ලක් වන, නිතර රෝගාබාධයන්ට හෝ අනතුරුවලට ලක්වන, දුගතියට පහසුවෙන් යොමුවන අවාසනාවන්තයන්ය.
වාරියන්
ගුණයහපත්, සාධාරණ, කාරුණික හැඟීම්වලින් යුතු පාලනයෙහිද දක්ෂ සමාජයට රටට හිතවත් දේශප්‍රේමියකු බිහි කරයි.
පරිඝ
කතාබහ අඩු, හොර බොරු කරන සුරා සූදු දුෂ්චරිතවලට පෙළඹෙන, නපුරු අය උපදිති.
ශිව
තෘප්තිමත්මෙන්ම ගෞරවනීය විවාහයක් මෙන්ම වාසනාවන්ත දරුවන් ලබන, ගුප්ත ශාස්ත්‍ර, දේව භක්තිය විශ්වාස කරන තැන්පත් අය වෙති.
සිද්ධ
මෙම අයට බලාපොරොත්තු පහසුවෙන් සාර්ථක කර ගැනීමේ හැකියාව පවතී. ගුණ නුවණින් යුතු පින්වන්තයෝ ය.
සාධ්‍ය
මෙයින්උපන්නෝ රූපයෙන්, ධනයෙන් මෙන්ම ඥාන ශක්තියෙන්, ධාරණ ශක්තියෙන් යුතු බුද්ධිමතුන්ය.
ශුභ
ශුභෙන්උපදින ජන්මියා උනන්දුව උත්සාහය ඇති ප්‍රිය වචනකතා කරන, යහපත් අදහස් ඉදිරිපත් කරන හැම දෙයක්ම ශුභවාදීව බලන අයෙකි.
ශුභ්‍ර
ගුණයහපත්, තැන්පත්, ආත්ම ගෞරවය ආරක්ෂා කරන පතිවත රකින සතුරන් ගෙන් ජය ලබන අයකුඋපදියි.
බ්‍රහ්ම
පෙරකරන ලද කුසල් බලයෙන්මෙලොව සැප සම්පත් භුක්ති විඳීමේ වාසනාවෙන් යුතු අනුන්ට යටත් නොවන තත්ත්වයේ අයයි.
මහේන්ද්‍ර
කීර්තිය ප්‍රසිද්ධිය ලබන වැදගත් සමාජ මෙහෙවරක යෙදෙන සත්‍යවාදී, ත්‍යාගශීලී ශ්‍රේෂ්ඨයන් බිහි කරයි.
වෛධෘති
අනුකම්පාව අඩු, කරුණාව අඩු, උපායශීලී කපටි පුද්ගලයන් බිහි කරයි.
ජ්‍යොතිෂ විෂය ගැන යම් උනන්දුවක් දක්වන ඔබට මෙම ලිපිය වැදගත් වේ යැයි සිතමි.
Advertisements


