Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සැමගේ ආදරයට ලක්විය යුතු දොලදුක් සමය

1 month ago 7 Min read
Subha.lk

ගැබිනියකට යමක් කෑමට හෝ ගමනක් යෑමට දොලදුකක් ඇති වුවහොත් එය අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු බව පොතපතේ සඳහන්ය. මන්ද එසේ නොවුණහොත් එය දරුවාගේ වර්ධනයට මෙන්ම නිරෝගී බවට බලපාන නිසාය. මවගේ සියලු සිතුම් පැතුම් ඉටුවී මව සතුටින් සිටීනම් කුසේ සිටින දරුවා ද සුවෙන් වැඩෙනබව නොරහසකි. මවට දැනෙන සියලු දේත් මව විඳින සියලුදේත් දරුවා ද විඳිනු ලබයි. ඒ මව හා දරුවා අතර තිබෙන සම්බන්ධය නිසාය.

 

ජීවිතයේ දෙවැනි උපත වන විවාහයේ ප්‍රධාන බලාපොරොත්තුව නිරෝගී, රුවැති දරුවකුගේ සුරතල් බැලීමය. කාන්තාවකට දරුවකු ලැබීමෙන් ඇය ලොව ඇතිඋතුම්ම පදවියට එනම් මවු පදවියට උරුමකම් කියනු ලබයි. ගර්භණී සමයේදී කාන්තාවකට ශරීරයේ විවිධ වෙනස්වීම් ඇතිවේ. එමෙන්ම අවට සිටින සැමගේ උදව් උපකාර, රසවත් කෑම බීම, ගරු සැලකිලි, ආදරය, කරුණාව නොවඩුව ලබයි. සිය සැමියාගෙන් ද ඉහළ සැලකිලි ලබන කාලයක් ලෙස ගර්භණී කාලය සැලකිය හැක. දරුවා පිළිසිද ගත් දා පටන් මව එම දරුවා වෙනුවෙන්ම කැපවේ. දරුවා

 

ගැන පමණක් සිතයි. එනිසාම දරුවාට කුස තුළදී සිය මව සිතන පතන දේ, කරන කියන දේ හොඳින් තේරුම්යයි. එමෙන්ම දරුවාට අවශ්‍ය දේ ද, අනවශ්‍ය දේද, දරුවා කැමැති දේද, අකැමැති දේ ද මවට හොඳින් දැනේ. දොලදුක ලෙස දැනෙනුයේ ද දරුවාට පෝෂණය පිණිස අවශ්‍ය දේ හෝ කැමැති දේය.

 

කාන්තාවක්ගැබිනියක් වූ පසු මුල්මාස 3 යන තුරු ඈලිමෑලි දුබල ගතිය, ආහාර අරුචිය හා වමනය වැනි සංකූලතා ඇතිවේ. දොලදුක ඇතිවනුයේ 4 වන මාසයේ සිටය. දොලදුක යනු ගැබිනි සමයේ කාන්තාවට ඇතිවන විවිධ ආශාවන්ය. මෙම ආශාවන් අතර කෑම බීම සඳහා ඇතිවන ආශාව ප්‍රධාන ස්ථානයක්ගනී. ඊට අමතරව යම්ස්ථාන කරා යෑමට ඇති ආශාව, ගඳ සුවඳ ආදීකොට ඇති විවිධ සුවඳවල් ආග්‍රාණය කිරීමේ ආශාව ද බොහෝ ගැබිනි මව්වරුන් තුළින් දැකිය හැක.

 

ගර්භණී වීමත් සමග ඇතිවන දොලදුක බටහිර රටවල පිළිනොගනී. නමුත් ඉන්දියාව, ලංකාව, පාකිස්තානය, චීනය, ජපානය හා කොරියාව යන රටවල බොහෝ සේ පිළිගනී. එමෙන්ම ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල දොලදුක් කාලයට එම ගැබිනි කාන්තාව කෑමට ප්‍රිය ආහාරවර්ග සූදානම් කර තම නිවසේ ප්‍රිය සම්භාෂණ ආකාරයට උත්සව පවත්වයි. එහිදී ගැබිනියගේ හා ඇගේ සැමියාගේ ඥාතීන් හා යහළුවන් ඊට ආරාධනා ලබන අතර, ඔවුන් ගැබිනි කාන්තාව සමග බොහෝ විනෝද වී ඇගේ මනදොල සතුටින් පුරවාලයි. එය තුළින් දරුවාගේ මනසේ වර්ධනය හා දරුවාට සතුටුසුවය භුක්ති විදීමට දීම අරමුණයි. මොවුන් කරන මෙම ක්‍රියාව ජ්‍යොතිෂ ඇසින් බැලුවහොත් එහි ලොකු අරුතක්ද වේ. මෙසේ ගැබිනිය කෑමට කැමැති ආහාර විශාල පිරිසකට දානය දීම හේතුවෙන් එම ගැබිනියට යම්අපල තත්ත්වයක් මාරක තත්ත්වයක් වේ නම් ආහාර දන්දීමේ පිනේ ආනුභාවයෙන් එම අපල, මාරකතත්ත්වය නැති වී හෝ අවම වී යනු ඇත.

 

දොලදුක්කාලය තුළ ඇතිවන ආශාවන් අනුව ලැබීමට සිටින දරුවා පිළිබඳ අනාවැකි කීම ද පැරැන්නන් තුළ තිබූ සිරිතකි. පලතුරු වර්ග කෑමට ආශාවක් ගැබිනි කාන්තාවට ඇති වුවහොත් උපදින්න සිටින බිලිඳා යහපත් ආත්මභාවයක සිට මවුකුස පිළිසිඳ ගත් අයකු බවත් ඔහු හෝ ඇය සමාජයේ ගුණධර්ම ඇති අයකු ලෙස ජීවත්වන බවත් මතයයි. මස් මාංශ ආහාරය ගැනීමට ප්‍රියවීම, දුගඳ ආග්‍රාණයට ප්‍රියවීම සිදුවුවහොත්දරුවා නරක ආත්මභාවයක සිට මවුකුස පිළිසිඳගත් අයකු ලෙසත් අනාගතයේ බොහෝ නරක ක්‍රියාවල යෙදෙන, සමාජයට හානි පමුණුවන, අකාරුණික හා අනාදරය පතුරුවන අයකු යැයි පිළිගැනේ. එලෙසම ගැබිනිය නිතර පංසල් යෑමට ප්‍රියවීම, පිංපෙත්කිරීමට ප්‍රියවීම, දුගීමගී යාචකයන්ට දන්දීමට ප්‍රියවීම, සුවඳදුම්, සෙන්ට් වැනි මිහිරි සුවඳ ආග්‍රාණයට කැමැති වීම තුළින් ලැබෙන්නට සිටින දරුවාගේ විඥානයේ ස්වභාවය මැනගනී. ඔහු හෝ ඇය පෙරභවයේ යහපත් ආත්මභාවයක සිට චුත වී මව්කුස පිළිසිඳගත් බවත් අනාගතයේ රටට, දැයට වැඩදායී අයකු ලෙස ජීවිතය ගෙනියන ගුණගරුක අයකු වේ යැයි මතයයි. නමුත් ආයුර්වේදයේ දොලදුකට කෑමට ආසා හිතෙන ආහාර වර්ග දරුවාගේ ඌනතා සැපිරීමට උපයෝගී වන බව පවසයි. උදාහරණයක් ලෙස පලතුරු, එළවළු කෑමට ආසා වීම මව්කුසේ සිටින ළදරුවාට විටමින් ඌනතාවක් ඇති විට එය පියවා ගැනීමටත්, මස් මාළු කෑමට ආශාවීම දරුවාට ප්‍රෝටීන් ඌනතාවක්ඇති වූ විට එයපියවා ගැනීමටත් විටමින් K ඌනතාවක් බිලිඳාට ඇතිවූ විට මවට වැඩිපුර ඇඹුල් ජාති රුචි වීමත් සඳහන් කළ හැක. ආයුර්වේදයේ මෙසේ සැලකුවද බටහිර වෛi විiාවේ දොලදුක හඳුන්වනුයේ ගැබිනි සමයේ ඇතිවන හෝමෝන වෙනස්වීමක් හා ස්නායු උත්තේජනයවී මොලයට ලැබෙන සංඥාවල වෙනස් වීමක් ලෙසයි.

 

ගැබිනියකට යමක් කෑමට හෝ ගමනක් යෑමට දොලදුකක් ඇති වුවහොත් එය අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු බව පොතපතේ සඳහන්ය. මන්ද එසේ නොවුණහොත් එය දරුවාගේ වර්ධනයට මෙන්ම නිරෝගී බවට බලපාන නිසාය. මවගේ සියලු සිතුම් පැතුම් ඉටුවී මව සතුටින් සිටීනම් කුසේ සිටින දරුවා ද සුවෙන් වැඩෙනබව නොරහසකි. මවට දැනෙන සියලු දේත් මව විඳින සියලුදේත් දරුවා ද විඳිනු ලබයි. ඒ මව හා දරුවා අතර තිබෙන සම්බන්ධය නිසාය.

 

ලොව උපදින මනුෂ්‍යයකුට විඳීමට සිදුවන විශාලතම වේදනාව හා උතුම් මවුපදවියයන දෙකම එකවිට භුක්තිවිදීමට යන ගමනේ ඇයට ඇතිවන ඕනෑඑපාකම් සියල්ල සැමියා ප්‍රමුඛ කොටඇති සියලුම ඥාතීන් විසින් ලබාදීමට තරයේ සිත තබා ගත යුතුය. ඇයගේ සිත අසන්තෝෂ කිරීම ඇයට දුක් පීඩා දීම කිසිවිට නොකළ යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk