මල්සරාටත් හරස් කපන වාස්තු දෝෂ

ඊශාන දිශාවේ වැසිකිළිය, කුස්සිය, ගරාජය, ගබඩා කාමර, සේවක කාමර පැවැතීම ද ඊශාන දිශාව දුර්වල වීම ද විවාහ කටයුතුවලට බාධා පැමිණේ. එයටම උතුර නැඟෙනහිර දිශාවල භූමියේ ගල් සහිත වීම, නිරිත දිශාවේ ගිනිකොන දිශාවේ ළිං පැවැතීම හා භූමියේ පවතින සමහර වෘක්ෂලතා නිසා ඒවා නිවස අවට පැවැතීමෙන් නිවසට මේ ශාකවල වාස්තු විමෝචන ක්‍රියාවලිය අක්‍රමවත් අශුභාරකාරයට පැවැතීම නිසා අඹ වැනි වෘක්ෂයන් නිවසේ ඉදිරිපිට පැවැතීම හා එම වෘක්ෂවල පිලල පැවැතීම ද සියඹලා, මඩුවැනි ශාක පැවැතීම ද නිවසක සාමාජිකයන්ගේ විවාහයට අශුභ බලපෑම් ඇති කරයි. ඉදිරි පරම්පරාව යාවත්කාලීන වීම නවතා දැමීමට හේතු දේ.
ජ්‍යොතිෂයට අනුව ජන්මියාගේ 7වන භාවය, 7 අධිපතිහා කාරක සිකුරු විවාහය සඳහා දායක වේ. භාව වශයෙන් 6, 9, 12 විවාහය කෙරෙහි බලපාන අතර 7න් 12 වැන්න වීම හා 6 නිවේදනය බ්‍රහමචරියාව (ලිංගිකත්වය, වෙන්ව වාසය කිරීම) පෙන්වයි. නරකම භාව වශයෙන් 6, 12 භාව පෙන්වා දිය හැක. විවාහයට ශුභ නොමැති ග්‍රහයන් වශයෙන්ශනි, කුජ, රාහු කේතු හඳුන්වා දිය හැක. 9වන භාවය ජ්යොතිශ්රයේදී සියල්ල හොඳ වුව ද විවාහය සඳහාසුදුසු නැත. නමුත් 6, 12 භාවාධිපතින් ද ශනි කේතුද විවාහයට බලපායි. දුර්වල පාපීන් වුව ද විවාහයට බලපායි. කුජ රාහු වැනි පාප ග්‍රහයන් දවිවාහයට අකමැති අය නොවේ. නමුත් 7භාවය එහි අධිපති, කාරක සිකුරු පීඩාවට පත්වීම විවාහයට ශුභ නොවේ. යමකුගේ විවාහය සම්බන්ධයෙන් ජන්මපත්රය පරීක්ෂාකිරීමෙන් විවාහය සිදුවන කාලය සම්බන්ධයෙන් විවාහ වන පුද්ගලයා සම්බන්ධයෙන්බොහෝ දේ පැවැසිය හැකිය. මෙම සියලු කරුණු නිවැරදිව පැවතුන ද සමහරකුගේ විවාහයදිනෙන් දින කල්යෑමටත්, විවාහයට බාධා සිදුවීමටත්, තමන්ගේ ජීවත්වන නිවසේ පවතින වාස්තු විද්‍යාත්මක දෝෂ මෙන්ම භූමියේ පවතින දෝෂ ද ඍජුව බලපානුඇත. ජන්මපත්රය පරීක්ෂාකිරීමෙන් තමන් විවාහයට පත් වෙනවා ද තනිකඩ ජීවත්වෙනවා ද යන්න තීරණයකිරීමට හැකියාව පැවැතිය ද විවාහය මේවකවානුව තුළ මහ දශා අතුරුදශා විදශා දශාවල සිදුවීමට හේතු පැවතුන ද නිවසේ පවතිනදෝෂය නිසා ඒ කරුණු මගහැරීමසිදුවනු ඇත. එය කේන්ද්රපරීක්ෂාවෙන් පැවැසිය නොහැකි අතර කේන්ද්‍ර පරීක්ෂාවෙන්පැවැසිය හැක්කේ විවාහයට ප්‍රමාදයට බාධාවෙන ග්‍රහයන්ගේ දෘෂ්ටිහා යෝග, කාලසර්ප යෝග, විෂ කන්‍යා දෝෂ, 4 කේන්ද්‍රය පාලු වීම, අමනුෂ්‍ය බලපෑම් යනකරුණුය. නමුත් මේ සියලුම කරුණුශුභ ආකාරයට පිහිටා ග්‍රහ පිහිටීමද බලවත්ව පිහිටා ශුභ දෘෂ්ටි, යෝග, සංයෝග පැවතුන ද ජන්මියාගේ විවාහයටබාධාවේ නම් ප්‍රමාද වේනම් පවතින ප්‍රධානම දෝෂයවන්නේ පදිංචි නිවසේ වාස්තු දෝෂයන්ය. මෙහිදී විශේෂයෙන්ම මා ප්රායෝගිකවඅත්දැකීම්වලින් පමණක් හේතු වූ කරුණු කීපයක්සම්බන්ධයෙන් ඉදිරිපත් කරමි. මේ හේතූන් පැවතුනහොත්එම නිවසේ ගෘහ හිමියාට ඔහු හෝ ඇය අවිවාහකඅයකු නම් හෝ විවාහ වීමසඳහා එම නිවසේ ජීවත්වනදියණිය පුතාගේ විවාහයට බාධා ප්‍රමාද ඇතිකරයි.
නිවසේ බ්‍රහ්මපාද ලක්ෂයට බාධාවන ආකාරයට ඇතිවී තිබෙන තත්ත්වයන්.
විවාහයකෙරෙහි බලපවත්නා ප්‍රභල දෝෂයකිනිවසක බ්‍රහ්මපාද ලක්ෂ්‍යය අත්තිවාරමටයටවී පැවැතීම. බ්‍රහ්මපාදය යටවෙනආකාරයට බිත්තියක් කණුවක් හෝ නිවසේ පඩිපෙළපැවැතීම. උලුවස්සකට මැදිවන ආකාරයට බ්‍රහ්මපාද ලක්ෂ්‍යය පතිතවීම, වහලයේ කොන්ක්‍රීට් බීම් එකක් බාල්කයක් මතට බ්‍රහ්මපාද ලක්ෂය පතිතවීම හාබ්රහ්මපාද ලක්ෂය හරහා දිවෙනමධ්ය රේඛාව වැසිකිළිවළකට පතිතවීම යන හේතු මතඑම නිවසේ විවාහය සඳහා වයසින් සම්පූර්ණ වුණ නිවැසියන්ට තමන්ගේ විවාහය සඳහා නොයෙක් බාධක, ප්‍රමාදවීම් ඇතිකරනු ලබයි. මෙය ඉතාම සත්‍ය බව පසුගියසතියේත් මා විසින් පරීක්ෂාවට ලක් කළ නිවසේ පැවතුනේය. එහි නිවැසියන් කලින් පදිංචි වී සිටි නිවසේදීදරුවන් දෙදෙනකු විවාහ දිවියට ඇතුළු වී ඇති අතරඉතිරි දරු දෙදෙනාගේ විවාහයන් ද තීන්දු කරපැවැති අතර තමන් කලින් පදිංචි නිවසින් මෙයට වසර 08කට පෙර නවනිවසට පැමිණි අතර ඉන්පසු එම දරුවන් දෙපලගේමවිවාහ යෝජනා නැවතී ගිය අතර මෙම 8 වසර පුරාම මංගල යෝජනා විශාල ප්‍රමාණයක් පැමිණියද දරුවන් දෙදෙනාටම විවාහ යෝජනා ස්ථිර නොවීය. නිවස පරීක්ෂණයේ ද නිවසේ බ්‍රහ්මපාද ලක්ෂය අත්තිවාරමට යටවී පැවැතීම මෙයට හේතු වශයෙන් පෙණුනි. නිවසක බ්‍රහ්මපාද ලක්ෂය පීඩාවට පත්වීමආර්ථික හා සෞඛ්යමයඅතින් ද පරිහානිය ගෙනදෙන හේතුවකි.
නිවසක ප්‍රධාන දොර දෝෂයට පත්වීම
නිවසක ප්‍රධාන ද්වාරය පිහිටි පාදය, ස්ථානයන් හා වේධ දෝෂයන්ටලක්වීම නිසා ගෘහ හිමියාටත් එම නිවසේ වෙසෙනඅයටත් නොයෙක් පීඩා ඇතිවෙනු ඇත. මක්නිසාද ප්‍රධාන දොරවිවාහයට, ආර්ථිකයට, සෞඛ්‍යයට මෙන්ම සමාජ පිළිගැන්ම කෙරෙහි ද හේතුවන්නකි. ප්‍රධාන දොර දකුණට, බටහිරට ඇති නිවෙස්වල වැසි කාලවලදී වැසි ජලය දොර ඉදිරිපිට රැඳෙනවා නම් ප්‍රධාන දොරටකෙලින් වහලයේ ජලය වැටෙනවා නම් එය විවාහය කල්දමනදෝෂයක් වන්නේය. ප්‍රධාන දොරවමට විවෘත වීම ද එම නිවසේනිවැසියන්ගේ විවාහය කල්යෑමට හේතුවක් වනු ඇත. නිවසක ද්වාර සටහන දකුණට, බටහිරට පැවැතීම ද විවාහය කල්දමන ප්‍රමාද වනහේතුවක් වන අතර එයමනෝරාම වර්ගය ලෙස හඳුන්වයි. රිපුද වශිය එනම් නිවසේ ද්වාර සටහන උතුර දකුණට පමණක් පැවැතීම, මෙය ද විවාහය කෙරෙහිඅශුභව බලපානු ඇත. උතුරට, නැඟෙනහිරට හා බටහිර දිශාවටද්වාර සටහන පවතින නිවාස ආක්රාන්ධය වර්ගයේ නිවාස ලෙස හඳුන්වයි. මෙවැනි නිවාසවල ජීවත්වන අවිවාහක අයට විවාහය ප්‍රමාදවීම, බාධාවීම්ද ඇති වේ. ඒ වගේම ප්‍රධාන දොර වේධයට පත්වීම ද එම ගෘහයේවෙසෙන අයගේ විශේෂයෙන් විවාහ වීමේ වයස සම්පූර්ණ වූ අයගේ විවාහයටබාධා ප්‍රමාදවීම් ඇතිකරනු ඇත. ඒවා නම් දේවතා වේධ දෝෂය ප්‍රධාන දොරටඅභිමුඛව ආගමික ශාස්තෲන් වෙනුවෙන් දෙවි දෙවිතාවන් වෙනුවෙන් පහළ කාණුවක් තිබේ නම් ඒ වගේම ප්‍රධාන ද්වාරයට ඉදිරියෙන්ම සූසානභූමියක්, ආදාහනාගාරයක්, මිනීපෙට්ටි සාප්පුවක් පැවැතීම එය සුසාන වේධදෝෂයක් ලෙසින් විවාහය කෙරෙහි බල පැවැත්වෙනු ඇත. ප්‍රධාන දොරට අබිමුඛව ගොහොරු වළක්, පල්වූ ජලය රැඳෙන වළක්, මඩ වගුරක් පැවැතීමමෙය හඳුන්වන්නේ කර්දම වේධ දෝෂය යනුවෙනි. මේ ආකාරයට ප්‍රධාන දොර තවත් කීප ක්‍රමයකින් අභ්‍යන්තරව හා බාහිරව වේධවීම හෙවත් බාධා වීම එම නිවැසියන්ගේ විවාහකටයුතු බාධා ප්‍රමාද ඇතිවීමට හේතු වේ.
භූමිදෝෂ නිසා විවාහයන් ප්‍රමාද වීම
භූමියේ පවතින වසර සිය ගණනක් පැරණි ශෛල්‍ය කොටස් තවමත්සක්රිය තත්ත්වයෙන් පවතී ද කියා පරීක්ෂා කරවා බලවාඒවාට අවශ්‍ය ප්රතිකර්මකළ යුතුයි. නැති නම් එම භූමියේ පිහිටිනිවාසවල පදිංචි විවාහයට සුදුසුකම් ඇති අයට එම විවාහයන් බාධාප්රමාද වීම් ඇති කරයි.
ඒ වගේම ඊශාන දිශාවේ වැසිකිළිය, කුස්සිය, ගරාජය, ගබඩා කාමර, සේවක කාමර පැවැතීම ද ඊශාන දිශාවදුර්වල වීම ද විවාහ කටයුතුවලටබාධා පැමිණේ. එයටම උතුර නැඟෙනහිර දිශාවල භූමියේ ගල් සහිත වීම, නිරිත දිශාවේ ගිනිකොන දිශාවේ ළිං පැවැතීම හා භූමියේ පවතිනසමහර වෘක්ෂලතා නිසා ඒවා නිවස අවට පැවැතීමෙන් නිවසට මේ ශාකවල වාස්තුවිමෝචන ක්‍රියාවලිය අක්‍රමවත් අශුභාරකාරයට පැවැතීම නිසා අඹ වැනි වෘක්ෂයන් නිවසේ ඉදිරිපිට පැවැතීම හා එම වෘක්ෂවල පිලල පැවැතීම ද සියඹලා, මඩුවැනි ශාක පැවැතීම ද නිවසක සාමාජිකයන්ගේවිවාහයට අශුභ බලපෑම් ඇති කරයි. ඉදිරි පරම්පරාව යාවත්කාලීන වීම නවතා දැමීමට හේතු දේ.
නිවසේ ඇතුළත පිටත දිශාවන්ට අනුකූල නොවන පරිදි පංච ශක්තියට නිරුද්ධ ආකාරයට මියුරල් කැටයම් බිත්තිවල පැවැතීම එවැනි චිත්‍ර බිත්තිවල එල්ලීමඋදා: නිරත දිශාවේ, ගංගා, රුවල් නැව්, දිය ඇලි නිර්මාණය කිරීම තුළින් ආපෝධාතුවට නියෝජනය කරන සාධකයන් තේජෝ දිශාවල බලගැන්වීම හිතකර නොවේ. ඒ වගේම නිවසේඉදිරිපිට අශ්ව ලාඩම, කරත්ත රෝදය, විකෘති මිනිස් රූප සහිත පිළිමයන් තැබීම, අංතට්ටු දොර ළඟ එල්ලා තැබීම, නිවස ඇතුළත කුරුලු කූඩු විශේෂයෙන් වඩු කුරුලු කූඩු එල්ලා තැබීම නොකළ යුතුය. නිවසේ ප්‍රධාන මුදුන්ලීය, සෙසු යටලී, ඍජුව වැසිකිළි වළකට පතිතවීම ද එම නිවසේමංගල යෝජනා ඉටු නොවීමට හේතු දේ. මෙයට අමතරව තව බොහෝ නිවාසවාස්තු දෝෂයන් මල් හී සරය විදීමටබාධා දේ. වළක්වාලනු ඇත.
Advertisements


