Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

තරුණියන් රූමත් කරවන සිරියා ශ්‍රී දේවිය

2 months ago 7 Min read
Subha.lk

හියුනෙවිල්ශූරීන්ගේ කාව්‍ය සමුච්චය අනුව සිරියා ශ්‍රී දේවී දෙවඟන ගැන කවි පද්‍ය එකතුවකි. සෙත්ශාන්තියක් සලසන මහා බලගතු දෙවඟනකි. සිරියා දෙවඟන වරලස පීරා අලංකාර ආභරණවලින් සැරසී දුටුවන් මනමත් කරවන දැකුම්කළු මහා පින් ඇති දෙවඟනකි මැය. මල්මාලා චාමර සහිතව මල් සැරසූ දොරටුවකින් ඇතුළු වී ඈ වඩින බව පැවසේ.

 

ලක්ෂ්මී, ගණ දෙවිවරුන්ගෙන් වරම් ලද මේ දෙවඟන ඉතාම බලවත්ය. දැකුම්කළුය. ගංගාවේ පැති දෙකඩ කර සුදු වැලිතලාවෙන්එගොඩ මෙගොඩ වඩින්නීය. සියලු දෝෂ දුරු කරන්නීය. පත්තිනිය පඬිපුර ගිනිලූ අවස්ථාවේදී එම පන්දම අවුළුවනලදී.

 

සොලවාපියයුරු දෑලේ දෙකනත් ඔමරී

ගාලාචන්දන පිනිදිය රතු රන් මිහිරී

අල්ලාසුදු රන් සළු දෙක ඇඳගෙන ඔමරී

සොල්ලාදෙපයේ ගිගිරිත් එනකල ඔමරී

 

බඳේඉසුන පෙතිගෝමර දෑලට

සඳේඇන්ද ලප සේ දිසිපෑයට

විඳේපහස නැත රකිනා සීලෙට

ලඳේඉතින් සිරියා කත එනවට

 

මෙයින්කියැවෙන අරුත අනුව කන්‍යාවියක්මය. සිල් රකී. පතිවත රකී. විෂ්ණු දෙවියන්ගේ බිරිඳ ලක්ෂ්මී සම්පතට, සොබාදහමට, මුදල්වලට, සෞභාග්‍යයට ශ්‍රී සමෘද්ධියට ශෝභාවට අධිපතිනිය වනවා සේ රුවට අධිපතිනි සිරියා ශ්‍රී දේවියයි.

 

මේ දෙවඟනට පුද පූජා තබන්නේ යම් තරුණියක් නම් ඇයගේ රූප ශෝභාව වැඩි වේ. දිනෙන් දින රූමත් වේ. ලස්සන තරුණියන්ට ආදරය කරන්නීය. දවසින් දවස කාන්තාවන් ලස්සන කරන්නීය. සිරියා දේවි අදහන තරුණියන් තව තවත් රූමත්ලස්සන වේ. මහලු පෙනුම ඇති නොවේ. වැහැරීමක් සිදු නොවේ. සඳුන් කුඩු දැමූ ජලයට ඕං සිරියාදේවි නමෝනමඞ මන්ත්‍රයෙන් 21 වරක් මතුරා බීමෙන් දිනෙන් දිනම ලස්සන වන බැව් දේවපුරාණයේ දක්වා ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk