හඳහනින් හෙළිවෙන රෝගාබාධ

නීරෝගීභාවය යම් පුද්ගලයකුගේ ජීවිතයේ ඉතාම වටිනා දෙයක් වෙන අතර යම් පුද්ගලයකුගේ ජීවිතය වටිනාම සම්පත ලෙස ද නීරෝගීකම අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අප මහා බුදුරජාණන්වහන්සේ ‘ආරෝග්‍යා පරමා ලාභා’ යන උතුම් පාඨයෙන් දේශනා කර තිබෙන්නේ නීරෝගීකම උතුම් ලාභය යන්නයි. ඉතින් අපිට එයින්ම පේනවා නීරෝගීභාවය කොතරම් වැදගත් වෙනවා ද කියලා. නමුත් අප පූර්ව ආත්මභාවයන්වල කරනා ලද යම් යම්අකුසල් කර්ම හේතු කොටගෙන මේ ජීවිත කාලය තුළ අප විවිධ රෝගාබාධයන්ට මුහුණදෙන්න සිදුවෙනවා. එසේම මෙම කාරණය පිළිබඳ තවදුරටත් විමසා බැලුවොත් කෙනකුගෙන් වැළඳෙන රෝගාබාධ පිළිබඳ නිවැරදිව හා කල්තියා හඳුනාගන්න පුළුවන් එකම ශාස්ත්‍රය ජෝයාතිෂ විද්‍යාව බව හඳුන්වා දෙන්නට ද පුළුවන්.
ජන්ම පත්‍රයක් නැතිනම් හඳහනකින් පුද්ගලයකුට වැළඳෙන රෝගාබාධ පිළිබඳ නිවැරදිව පවසන හැකියාව තියෙනවා. මේ කාලේ වැඩි වශයෙන් කතාබහ කරන රෝගයක් ලෙස හෘදයාබාධ වත්මන් ජන සමාජය තුළ බහුලව දැක ගතහැකියි. එසේනම් හෘදයාබාධ වැනි රෝග තත්ත්වයන් ජන්මියකුගේ කේන්ද්‍රයකින් එක එල්ලේ පැහැදිලිවම කල්තියා වේලාසනින් හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා. එම කාරණා ඉක්මනින්හඳුනාගැනීම තුළින් නවැරදි වෛද්‍ය ප්‍රතිකාර සඳහාත් පහසුවක් වන්නේය.
ඒ වගේම එය රෝගියා සඳහා කළ යුතු ප්‍රතිකර්මයන් ජ්‍යොතිෂය තුළ නිර්දේශ කර තිබෙන අතර ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත් රාශියක් ද තිබෙනවා.
රෝගාබාධ සම්බන්ධයෙන් විමසීමේදී කේන්දරයේ මූලික කරුණු ලබන අප ජන්ම පත්‍රයේ හයවන රාශිය හෙවත් හයවන කොටුව මූලික කරගෙන තොරතුරු විමසා ලබනවා. මේ සම්බන්ධයෙන් වැදගත්වන්නේ අනෙකුත් රාශින් අතර 8, 12, රශි දෙකත්, 6, 8, 12යන අධිපතීනුත් ලග්න රාශියත් 4 වැන්නත්, 11වැන්නත් නවාංශකයේ ග්‍රහ බලපෑමත්යන සාධක ඉතාම වැදගත් වෙනවා.
ඒ වගේම මකර හෝ කටක යන රාශි දෙකෙන් එකක රවි ග්‍රහයා බලවත්සේ පීඩාවට පත්ව තැන්පත් වීමෙන් හෘදයාබාධ සඳහා නැඹුරුවක් ඇති වෙනවා. අප එවැනි ජන්මපත්‍ර හිමියන්ට දෙන උපදෙස් තමයි පූර්ව ආරක්ෂිත ප්‍රතිකර්ම පිළිවෙළින්සිදුකිරීම තුළින් හදවත් රෝග වළක්වා ගැනීමට හැකිවන බව. රවි ග්‍රහයා පීඩාවීමෙන් පමණක් හෘදයාබාධ ඇතිවන්නේ නැති අතර රවි ග්‍රහයා පීඩාවීමට ආසන්නම හේතුව වුණත් තව ග්‍රහබලපෑම් හා ග්‍රහසංයෝග මේ සඳහා බලපානවා.
ඒ වගේම තමයි හතර හා පහ යන ස්ථාන දෙකේ අධිපතීන් පාප පීඩිත වීම මේ සඳහා බලපානවා. ප්‍රධාන වශයෙන් හෘද වස්තුව කෙරෙහි බලපෑම් අනතුරු ඇති කරන ග්‍රහයන් වන්නේ රවි, සඳු, ගුරු යන ග්‍රහයන්තිදෙනා පාප පීඩිතව සිටීමයි. හෘදයාබාධ වැළඳීමට ඉඩ ඇති කාලසීමා පිළිබඳ සඳහන් කළොත් මහ දශා සහ අතුරුදශා පිළිබඳ අපට අවධානය යොමු කරන්න වෙනවා. ඉහත සඳහන් කළ ග්‍රහපීඩා වීම මත හය, අට, අධිපතීන්ගේ මහ දශා අතුරුදශා කාලසීමාවෙන් හෝ රවිගෙන් හෝ කේන්දරේ සිවුවැන්න අධිපතියාගෙන් දෙවැන්න හෝ දොළොස්වැන්න හෝ තැන්පත් ග්‍රහයා හෝ රවිගෙන් හතර වැන්න අධිපතියාගෙන් දෙක, දොළහ අධිපති ග්‍රහයන්ගේ මහදශා අතුරුදශා කාලවලදී හෘදයාබාධ සඳහා වැඩි ඉඩකඩ තිබෙනවා.
ඒ වගේම විසි දෙකවන දෙර්කාණාධිපති හෝ හැටහතර නවාංශකාධිපති ග්‍රහයන්ගේ බලපෑමත් හෘදයාබධ සඳහා එල්ල විය හැකි. එම ග්‍රහයෙන්කේන්දරයක අසුබ ග්‍රහයන් ලෙසක්‍රියා කරනවා. එම නිසා යම්බලපෑම් සමනය කළ හැකි මේසඳහා විශේෂයෙන්ම අප ශාන්තිකර්ම ශක්තියක්එයට බලපානවා. ඒ වගේම නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවක් තුළින්අදාළ ග්‍රහ ශාන්තිකර්ම හෝ වෛද්‍යඋපදෙස් ඉටු කිරීම තුළින් එම රෝගය වළක්වාගත හැකියි.
නිවැරදිව පෞද්ගලිකව කේන්දර පරීක්ෂාවක් තුළින් අපට රෝගාබාධ මොනවද කියා කල්වේලා ඇතිව හඳුනාගත හැකියි. ඊට අදාළ ග්‍රහ ශාන්ති කර්මකළ යුතු වෙනවා. පුද්ගලයාගේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම අනුව වෙනස් වියහැකි නමුත් පොදුවේ බෝධි පූජා, අටවිසි බුද්ධ වන්දනා, සෙත් කවි ගායනය, නවග්‍රහ පූජා, යන්ත්‍ර පැලඳීම, මන්ත්‍ර භාවිතය, දේවපූජා, ග්‍රහ ශාන්තිකර්ම පූජාකළ යුතු වෙනවා. එවිට ග්‍රහ අපල දුරු කර ගතහැකි.
ග්‍රහයන් සම්බන්ධයෙන් සැලකීමේදී රෝගාබාධ සඳහා මූලික වන ග්‍රහයන්අතර රවි සඳු යන ආලෝක ග්‍රහයන් වගේම කේතු යන ග්‍රහයන්දුබලව සිටීම පාප පීඩිතව සිටීම මූලික ලෙස බලපානවා.
ඉහත දැක්වූ ග්‍රහයන්න අතර අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධවන්නේ කෙසේ දැයි බැලුවොත් අපි මුලින්ම සඳු ග්‍රහයාගේ ස්වරූපය තුළ සඳු කියන්නේ ශරීරයේ රක්ත ධාවනය කෙරෙහි බලපෑම් කරන හෘදයේ හා ධමනිවල මේද රැස් කරන්නට දායකත්වය සපයන ග්‍රහයාය.
සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා පිළිබඳ අවධානය යොමු කළොත් රෝග නිධන් ගතකරන්නට හා සියලුම නහරවලට කාරක වෙනවා. ඊළඟට කුජ හෙවත් අඟහරු ග්‍රහයා ගත්තොත්මිනිස් සිරුරේ රුධිරය හා රුධිර ගමනය කෙරෙහි බලපාන ග්‍රහයා වෙනවා. ඒ වගේම මේ කුජ ග්‍රහයා හෘදයේ සිට ශරීරය පුරා දිවෙන රුධිර සංසරණය කෙරෙහි දායකත්වයක් සපයනවා. අපි බුධ ග්‍රහයා පිළිබඳ අවධානය යොමු කළොත්, බුධ තම ශරීරය පුරාම දුවන සිරුරේ ඉතා සියුම් ලේ නහරවලට හා විශේෂයෙන්ම මොළය ආශ්‍රිත ලේ නහරවලට බලපානු ලබනවා. වකුගඩු හරහා යම් බලපෑමක් හෘදයට එල්ල කරයි නම් මේ සඳහා සිකුරුගේ බලපෑමක් එල්ලවීමට හැකියාව තිබෙනවා. එහි ක්‍රියාත්මක වේගය රාහුගේ බලපෑමක් එල්ල විය හැකි.
හෘදය ආශ්‍රිත රෝග හා ඒ පිළිබඳ ලග්න හිමියන්ට කල් තියා දැනගැනීමේ ක්‍රමයක් ජ්‍යොතිෂය තුළ බොහොමයක් තිබෙනවා. හෘද සම්බන්ධ ලෙඩ රෝග පිළිබඳ අපට අනාවරණය කර ගතහැකි භාවයන්වන්නේ හඳහනේ ලග්නභාවය හතර,හය,අට, එකොළහ, දොළහ, යන භාවයන්වලින් පැහැදිලි අනාවරණය කරගන්න පුළුවන්.
හෘදයාබාධ සඳහා මූලික වන ග්‍රහපිහිටීම පිළිබඳ පැහැදිලි කළොත් ජ්‍යොතිෂයට අනුව ජන්ම පත්‍රයේ කටක රාශිය හදවත හා ආමාශ ප්‍රදේශය පාලනය කරනු ලබනවා. මෙම රාශිය පීඩාවට පත්වීමෙන් ජන්මියාගේ සිරුරේ පපුවේ කැක්කුම, උදර වාත පිරීමෙන් වන අපහසුතාවය, හදවත්රෝග ආදියට පහසුවෙන් ලක්වීමේ හැකියාව පවතිනවා.
Advertisements


