ග්‍රහලොව සෙල්ලක්කාරයා කුජ

චන්ද්‍රයා හැරුණුවිට පෘථිවියට ඉතාමත් ආසන්න වූ ග්‍රහයාකුජ වේ. කුඩා ග්‍රහයෙකි. උෂ්ණාධික වේ. ග්‍රහලොව සටන්කාමියා හෙවත් සෙන්පතියා ලෙස හඳුන්වයි. සමාන්‍යයෙන් වේගවත් ග්‍රහයෙකි. රාශියක අංශක 0 ගමන් කිරීමට මාස 1 1/2ක් පමණ ගතවේ. වසරකට දෙවතාවක් වක්‍රව මාස 5ත් 7ත් කාලයක් එක රාශියක රැඳේ.
භූමියට කාරක බැවින් භෞම, භූමි පුත්‍ර, මහීජ සහමහී සුතං යන නම්වලින් හඳුන්වයි.
එපමණක්නොව අඟහරු, මංගල, ලෙවන්, මහි පුත්‍ර යන නම්වලින්ද හැඳින්වේ.
පාපග්‍රහයකු වේ. කුජ පුරුෂ ග්‍රහයෙකි. උත්පාදන ශක්තිය අධික ග්‍රහයකු බැවින්වේගවත් ක්‍රියාශීලි බව ඇති කරයි. කුජ ධෛර්යට ශක්තිමත් බවට හා එඩිතර බවට කාරකයා වේ.
තීක්ෂණබව ඇති කරයි. සියලුම ආයුධ, යුද උපකරණ, හමුදාව, වෙඩි බෙහෙත්, බෝම්බ හා ගිනිකෙළි නිවේදනයකරයි. කුජ බලවත්ම ලග්නයේ 10 වැන්නට බලපෑම් කරනවිට රණකාමීත්වය ඇති කරයි.
කුජ දුර්වලව පාපී පීඩිතව සිටිනවිට ප්‍රචණ්ඩත්වය, හිතුවක්කාරබව මෙන්ම විප්ලව කිරීම, මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, ලේ සෙලවීම සහ ගිනි තැබීම්ආදියට පෙළඹිය හැකිය.
කුජ විනාශකාරී බව ඇති කරන ග්‍රහයෙකි. එවැනිම පාප ග්‍රහයකු වන රාහු එක් වූවිට විනාශය ඇති කරයි. ලග්නයේ නම් හිසට හානි වේ. 5 වැන්නෙහි දරුවන්ට ගබ්සා ඇති වන අතර ආමාශගත උෂ්ණාධික ලෙඩ රෝග ඇති වේ.
කුජ තීක්ෂණ බව ඇති කරන බැවින් බුද්ධියට කාරක වන බුධ සමග එක්ව යහපත් බලපෑම් ලබයි නම් තීක්ෂණ නුවණදී ගැටලු විසඳීමේ හැකියාව, යමක් වහා අවබෝධ කර ගැනීම ඇතිකරයි. බුධ කුජ පාපී පීඩිතව සිටීනම් උපායශීලීභාවය හෝ හොර වැඩ, කපටි වැඩ කිරීමට පෙළඹ වේ. කුජ අධික ක්‍රීියාශීලි ග්‍රහයකු බැවින් සිකුරු සමග එක් ්වීමෙන් ග්‍රහ බලපෑම්නොලබයිනම් අධික කාම බව ඇති කරයි.
කුජ විශ්ව කේන්ද්‍රයේ ආරම්භක රාශියක් ් වන මේෂයටද මරණයට ද අදාළ ස්ථානයට 8 වන රාශිය වන වෘශ්චිකයට ද අධිපති බැවින් නිර්මාණයට හා විනාශයට හේතුවන ග්‍රහයෙක් ලෙස සැලකේ.
කුජගින්නට කාරක වේ. රවි මෙන් තේජෝ ගුණය ඇති ග්‍රහයකු හා එක් වූවිට ගිනි අනතුරු හෝ උෂ්ණ රෝග ඇති කරයි. යහපත් බලපෑම් මත ගස්වල මල්හට ගැනීම ද මිනිසාගේ කාමසිතුවිලි ඇති කිරීම ද උත්පාදන ක්‍රියාවලිය ඇති කරන ග්‍රහයා වේ.
බාල සහෝදරයා සහ දේපළ ඉඩකඩම්වලට කාරක වන අතර රුධිරයට කාරක වේ. රතු රුධිර සෛල හා ඇට මිදුළුවලටද තුවාල, අනතුරු, ශල්‍යකර්ම නියෝජනය කරන්නේ ද කුජය.
කායශක්තිය නියෝජනය කරන්නේ කුජය. ක්‍රීඩා කටයුතුවලට තරගකාරී කටයුතු ඇති කරයි.
කුජ ධාවනයේ බලවත් නම් පුද්ගලයා ක්‍රියාශූර ශක්තිමත්අයෙකුවේ. ක්‍රීඩාවලට දක්ෂවේ.
කුජ රළුබවට කාරක වේ. එවැනි උපකරණ ක්‍රීඩා භාණ්ඩ, ට්‍රැක්ටර්, ජීප් රථ ආදී වාහනයට කාරක වන අතර යන්ත්‍ර සූත්‍ර, කර්මානතශාලා නිවේදනය කරයි. එසේම කම්හල් ද නිවේදනය කරන්නේද කුජය.
ක්‍රීඩකයන්, ශල්‍ය වෛද්‍යවරුන්, මස් සඳහා සතුන් මරන්නන්, වෙළෙඳුන්, කම්හල්කරුවන් සහ යන්ත්‍රසූත්‍ර ක්‍රියාකරවන්නන්නිවේදනය කරතී. කුජ හිංසා බවට කාරක වේ.
අඟහරුවාදා දිනය, දකුණු දිශාව, රතු පාට තැඹිලි වර්ණය, තේජෝ ගුණය, සිවුපා සතුන්, කටුක රස, තඹ, පිත්තල ආදී ලෝහ, තේ, කෝපි වැනි උත්තේජක පාන වර්ග වේ. අර්ධ මැණික් විශේෂ, කෘමි සතුන් සහ ගඩොල් නිවේදනයකරයි.
කුජ කළස්ත්‍රානයට හෙවත් 7 වැන්නට ඉතා දුර්වලය. මළ ග්‍රහයෙකි. 10 වැන්නට දිග් බලයි. 3 වැනි හා 6 වැනි භාවයන්ට කුජ කාරක වේ. කුජ අයත් මැණික් විශේෂය වන්නේ රතු මැණික්ය.
එලෙසම කුජ ග්‍රහයා මේෂයට මූලත්‍රිකෝණ වේ. වෘශ්චිකයට ස්වක්ෂේත්‍රය. මකරයට උච්චයි.
කටකයට නීචය. කුජ පරම උච්ච වන්නේත් පරම නීච වන්නේත් අංශක 28 දීය.
කුජ ග්‍රහයාට අයත් නැකත් මුවසිරස, සිත, දෙනට වේ. මෙයින් මුවසිරස නැකත ඉතා උසස් ගණයේ ක්‍රියාකාරකම් සඳහා යොදාගතහැකි සටන්කාමී බව, සියුම් බව, දහඩිය මුහුරු හෙළමින් වැඩ කිරීමේ හැකියාව, මුවහත් වූ දැනුම කෙරෙහි බලපාන ග්‍රහයා කුජය.
කුජදින කුජ හෝරාවෙන් මකර, මේෂ, වෘශ්චික යන ලග්නයක උපත ලබා සඳු කුජගේ නැකතක ගෝචරය වන්නේ නම් එම ජන්මියා ඕනෑම දුෂ්කර පරිසර තත්ත්වයක් ජය ගනිමින් තම ඉලක්කය ළඟා වෙයී.
එලෙසම ලිංගික අවයව සඳහා ඍජු බලපෑමක් ඇත. කම්මුල්ගාය, සරම්ප වැනි රෝග සඳහා ද කුජ ග්‍රහයා බලපායී. දැරිවියකගේ මල්වරය සඳහා සඳු ග්‍රහයා මෙන්මකුජ ග්‍රහයා දබලපානු ඇත.
කුජ ග්‍රහයාගෙන් යෙදෙන යෝග කුජ රුචක යෝගය
කිසියම්ජන්ම පත්‍රයක කේන්ද්‍රස්ථානයක දී උච්ච මූලත්‍රිකෝණ හෝ ස්වක්ෂේත්‍රතත්ත්වයට පත් වීම මෙම යෝගයයි.
අදාළ ජන්මියා සටන්කාමී චරිතයක් බවට පත් වේ.
සතරදීප ජය යෝගය
කිසියම්ජන්ම පත්‍රයක කේන්ද්‍රස්ථානයක ් හෝ ත්‍රිකෝණ ස්ථානයක් මකර රාශීයට අයත්ව එහි ලැගුම් ගන්නේ නම් එය මෙම යෝගයයි. දේශ දේශාන්තර ජය ගන්නා පුද්ගලයකුවේ.
ගජකේෂර යෝගය
කිසියම්ජන්ම පත්‍රයක ඕනෑම භාවයක් මේෂ රාශීයට අයත්ව එහි කුජ ලැගුම් ගන්නේ නම් එය ගජ කේෂරයෝගයයි.
යුතුකම්හා වගකීම් මැනවින් ඉටු කරන පුද්ගලයෙකි.
මහීපාල යෝගය
කිසියම්ජන්ම පත්‍රයක ඕනෑම භාවයක් වෘශ්චික රාශියට අයත්ව එහි කුජ ලැගුම් ගන්නේ නම් එය මෙම යෝගයයි.
ඉතාවිධිමත් ක්‍රමාණුකූලව වැඩකටයුතු දියත් කරන පුද්ගලයෙකි.
කුජදීප්ත යෝගය
කිසියම්කාලසර්ප යෝගයක් කුජ ග්‍රහයා හේතුවෙන්බිඳි යයි නම් එය හඳුන්වන්නේ කුජදීප්ත යෝගය ලෙසයි. කාලසර්ප යෝගයේ පවතින දුර්වලතා හැකිතාක් අවම වේ.
තෙරුවන්සරණයි
Advertisements


