පොරොන්දම් බලන්නේ කුමකට ද?

විවාහවීමට යෝජිත ස්ත්‍රිය හා පුරුෂයාගේ කේන්දරඅනුව උපන් නැකතට හා ලග්නයට අදාළ සිද්ධාන්ත ගණනාවක් සසඳා බැලීම පොරොන්දම් පරීක්ෂාවේ සිදුකරනු ලැබේ. මෙවැනි පොරොන්දම් විස්සක් සසඳා බලන අතර සීයට සියක්ම ගැළපෙන යුවළක් හමුවන්නේ නැත. බොහෝවිට ඉන් පෙරොන්දම් හතරක් පහක්වත් ගැළපෙන්නේ නැත. සීයට අනූවක් ගැළපෙන යුවළක් පවා හමුවන්නේ කලාතුරකිනි. එනම් සෑම විටම සියයට දහයක් හෝ ඊට වැඩි නොගැළපීම් බොහෝවිට පවතින බවය.
විවාහයක්තීරණය කිරීමට පෙර පොරොන්දම් පරීක්ෂා කර බැලීමේ සිරිත ඈත අතීතයේ සිටම පැවති චාරිත්‍රයකි. අද මෙන් විවාහය බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට සමීපව ඇසුරු කිරීමේ අවස්ථා එකල තිබුණේ ද නැත. එහෙත්අද දක්වාම තම දියණිය හෝ පුතණුවන්ගේ විවාහයට පෙර පොරොන්දම් බැලීමට මව්පියෝ සැලකිලිමත් වෙති.
මේ අතර තම පෙම්වතා හෝ පෙම්වතිය අහිමි වෙතැයි බියට පත්වන පෙම්වතුන් පොරොන්දම් බැලීම ප්‍රතික්ෂේප කරන අවස්ථා ද බහුලය.
“අපි නම් ඔය පොරොන්දම් බැලුවේ නෑ, බැන්දා.
ඒ වුණාට දෙයියනේ කියල අදත් හොඳට ඉන්නව”
මෙවැනි ප්‍රකාශ කරන සැමියන් නැතහොත් බිරින්ඳෑවරුන් ද නැතුවා නොවේ. සමහර මව්පියන් කියන්නේ මෙවැනි දෙයකි.
“දැන්ඉතින් මේක තීරණය කරලනේ තියෙන්නේ. කරන්නම එපා යැ. ඒ හින්ද පොරොන්දම්බලන්න ඕන නෑ කසාදයට හොඳ දිනයක් බලමු..”
මේ අතර “මහත්තය කේන්දර බලල මේක කරන්න එපා කීවනේ. ඒ වුණත් මේදරුවට එයාව ඕනෑ වුණා. දැන් ඉතින් ඒ මිනිහ වෙන ගෑනියක් ලෑස්ති කරගෙන ලු. මෙයා ගෙදර ආවා”
මෙවැනි කසාද බහුලය. සමාජයේ කාලයක් තිස්සේම පවතින විවාහ පොරොන්දම් බැලීමේ චාරිත්‍රය කොතෙක් දුරට විවාහයට බලපාන්නේ ද යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. කෙසේ නමුදු විමසා බලන විට පෙනී යන්නේ පොරොන්දම් බලා කරන ලද පැරණි කාලයේ විවාහවලට වඩා අද කාලයේ විවාහ ජීවිත නීරස නැතහොත් දික්කසාදය කරා යන ඛේදවාචක බවට පත්වී ඇති බවය.
විවාහවීමට යෝජිත ස්ත්‍රිය හා පුරුෂයාගේ කේන්දර අනුව උපන් නැකතට හා ලග්නයට අදාළ සිද්ධාන්ත ගණනාවක් සසඳා බැලීම පොරොන්දම් පරීක්ෂාවේ සිදුකරනු ලැබේ. මෙවැනි පොරොන්දම් විස්සක් සසඳා බලන අතර සීයට සියක්ම ගැළපෙන යුවළක් හමුවන්නේ නැත. බොහෝවිට ඉන් පෙරොන්දම් හතරක් පහක්වත් ගැළපෙන්නේ නැත. සීයට අනූවක් ගැළපෙන යුවළක් පවා හමුවන්නේ කලාතුරකිනි. එනම් සෑම විටම සියයට දහයක් හෝ ඊට වැඩි නොගැළපීම් බොහෝවිට පවතින බවය.
මේ හැර පොරොන්දම් පරීක්ෂාවකදී අනාවරණය නොවන ගැටලු ද තිබේ. ඒවා කේන්ද්‍රවලින් අනාවරණය වනවා ඇත. දුරදිග නොබලා කතාකිරීම, අධික කාමාශාව, මුදල් නාස්ති කිරීම, අනෙකාට ගරු නොකිරීම වැනි ගතිගුණ විවාහයට බාධාවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේවා කේන්දරය පරීක්ෂා කිරීමෙන්ම සොයාගත යුතුවේ. අඩු ආයුෂ, රෝග බහුල බව, බහුවිවාහ යෝග ද එවැනි පිහිටීම්වන්නේය. මේ හැර උපතින්ම විවාහ වාසනාව නොමැති ග්‍රහ පිහිටීම්ද දක්නට ලැබේ.
පොරොන්දම්හරියටම ගැළපෙන කෙනකු හමුවන තුරු විවාහ යෝජනා ගැන සොයා බලමින්, විවිධ නොගැළපීම් දකිමින් සියල්ල සම්පූර්ණ කෙනකු මුණගැසෙන තෙක් කල් වැරීම ද සුදුසු නොවේ. ඊට හේතුව නම් කේන්ද්‍රයක හත්වැන්න විශේෂයෙන් විවාහය ගැන නිවේදනය කරන අතර ලැබෙන සහකරු හෝ සහකාරියගේ විස්තර එමගින් අනාවරණය වේ. විවාහය වූ කලී, කර්ම විපාක මත තීරණය වන කරුණක් වන බැවිනි. හතවැන්න දුබල කෙනකුව කොතරම් සොයා බැලුවත් හරියටම ගැළපෙන සහකරුවකු හා විවාහවීම සිහිනයක්ම විය හැක.
බෞද්ධ කර්ම වාදයට අනුව හත්වැන්න උපස්ථම්භක කර්ම ගැන නිවේදනය වන භාවයයි. “ස්ථම්භ” යනු කණුවට කියන නමකි. ‘මුක්කුව’ යැයි කීව ද වරදක් නොවේ. ගසක් ඇලවී බිමට නොවැටෙන්නට තබන ලීය ‘මුක්කුව’ නම්වේ. එමෙන්ම ජීවිතය ද විවිධ බාධාවලින්නොසැලී පවතින්නට උපස්ථම්භ කුසල ධර්ම ශක්තිය වුවමනා කෙරේ. එසේ බලවත් කර්ම ශක්තීන් ඇති අය ගේ කේන්දරයක හත්වැන්න ගුරු – සිකුරු වැනි බලවත් ග්‍රහයන්ගේ පිහිටීම හෝ දෘෂ්ටි ආදිය දැකිය හැකිය. එවැනි අයට පිංවත් ගුණගරුක භාර්යාවක හෝ ස්වාමියකු ලැබෙන අතර ජීවිතයේ විවිධ කටයුතු හෝ බාධා කරදරවලදී උදව්කරුවන් ද ලැබෙනවා ඇත.
එසේනම් පොරොන්දම් බලන්නේ කුමකටදැයි යන ප්‍රශ්නය නැඟිය හැකිය. පොරොන්දම් බැලීමෙන් සිදුවන වටිනාම ප්‍රතිඵලය නම්සහකරු හඳුනාගත හැකිවීමයි. මෙය කරුණු කිහිපයක් යටතේ පෙන්වා දිය හැකිය.
ඕනෑම විවාහක යුවළක් අතර නොගැළපීම් ද ඇති බව ඉහත දක්වන ලදී. විවිධ නොගැළපීම් හඳුනාගත් විට ඒවා ගළපා ගැනීමට කටයුතු කළ හැකිවේ. දෙවැන්න නම් ගැළපීම ප්‍රමාණවත් වුවද මෙකල බරපතළ සෙනසුරු ඒරාෂ්ටක අපල ආදිය තිබේ ද යන්න දැනගැනීමය. එසේ නම් ඒ අපලවලට ප්‍රතිකර්ම හෙවත් අදාළ ශාන්තිකර්ම කරගත හැකිවේ. මීළඟට ඉතා වැදගත් දෙයක් වන්නේ පොරොන්දම් ගැළපීම ප්‍රමාණවත් වුවද මේ කාලය විවාහයට සුබ ද නැතහොත් වඩාත්සුදුසු වත්මන් කුමන වකවානුව ද යන්න දැනගත හැකිවීමයි.
ආදරවන්තයන් බොහෝ විට හිතන්නේ තම සහකරු ගැනතමා හොඳින් දන්න බවය. එහෙත් විවාහයට පසුව විවිධ ගැටලු පැන නඟින විට තමා නොදත් ගතිගුණ රාශියක් ඔහු හෝ ඇය සතුව පවතින බව පෙනී යයි. එමෙන්ම දරුවන් ලැබීමට නොහැකි බවද කේන්ද්‍ර පරීක්ෂණවලදී අනාවරණය වේ.
උක්ත කරුණු සලකා බලනවිට පොරොන්දම් පරීක්ෂා කිරීම එසේ නොකර සිටිනවාට වඩා ප්‍රඥාගෝචර බව ඔබට වැටහෙනවා ඇත. එහෙත් මෙහිදී නිවැරදි ජන්ම පත්‍රයක් තිබීම ද එය පරීක්ෂා කරන ජ්‍යොතිර්වේදයාට ගුරු ඇසුර හා අද්දැකීම් ආශ්‍රයෙන් ලබාගත් පුළුල් දැනුමක් තිබීම ද අත්‍යවශ්‍ය බව කිවයුතුය. විවාහය නමැති ජීවිත ගමනේ මඟතොට ගැන හරියට දැනගන්නට නම් පොරොන්දම් පරීක්ෂාව අත්‍යවශ්‍ය බව මතක්කරමින් මෙම ලිපිය නිමා කරමු.
Advertisements


