චන්ද්‍රයා ලග්නයේ නම් මෙන්න ශරීර ලක්‍ෂණ

මේෂ ලග්නයේ චන්ද්‍රයා සිටී නම්
මුහුණ රවුම්ය. දිලිසෙන දුඹුරු වර්ණ හිස කෙස් ඇති මධ්‍යම ප්‍රමාණයට, හොඳ හැඩහුරුකම ඇති, ස්ථූල, ඉක්මනින්ම වෙනස් වන සුළු ශරීරයකි.
ලග්නය වෘෂභ රාශිය වී චන්ද්‍රයාඑහි සිටියේ නම්
කළු හෝ දුඹුරු වර්ණ හිසකෙස් ඇති මධ්‍යම ප්‍රමාණයටත්ස්ථූලාකාරයටත්, හොඳ හැඩ හුරුකමටත් වැඩුණු ශක්තිමත් දේහයක.
ලග්නය මිථුන රාශිය වී චන්ද්‍රයා එහි සිටී නම්
අඳුරු දුඹුරු වර්ණයට හිමි ඒ හා සමාන හිස කෙස් ඇති හොඳින් හැඩ වැඩ ඇතිව වැඩුණු හොඳ වර්ණයක් ඇති උස් ශරීරයකි.
ලග්නය කටක රාශිය වී චන්ද්‍රයා එහි සිටී නම්
පඬුවන්පැහැයෙන් ඇති මුහුණ රවුම් වූ තද දුඹුරුවන්න වූ කළු හිසකෙස්ඇති මධ්‍යම ප්‍රමාණයේ හොඳ හැඩහුරුකමට වැඩුණු පඬුවන් පැහැයක් ඇති ශරීරයකි.
ලග්නය සිංහ රාශිය වී සඳු එහි සිටියේ නම්
සම්පූර්ණ මුහුණක් ඇති මධ්‍යම ප්‍රමාණය වූ ඇස් ඇත. දිලිසෙන දුඹුරු වන්න හිසකෙස් ඇත. හැඩ වැඩ ඇතුව වැඩුණු වැඩි වයස නොපෙනෙන මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකි. ශක්තිමත් ශරීරයකි.
ලග්නය කන්‍යා රාශිය වී සඳු එහි සිටීනම්
දික්මුහුණක් ඇති හිසකෙස් කළු හෝ තද දුඹුරුවන්න වූ වෙනස් වන සුළු නොයෙක් වර්ණයට හැරෙන ලොකු ශරීරයක් ඇත්තෙකි.
ලග්නය තුලා රාශිය වී සඳු එහි සිටී නම්
දිලිසෙන දුඹුරු වර්ණ සනිඳු හිසකෙස් ඇති වර්ණවත් වූ හොඳින් හැඩවැඩ ඇතිව වැඩුණු මධ්‍යම ප්‍රමාණයේ උස ශරීරයකි.
ලග්නය වෘශ්චික රාශිය වී චන්ද්‍රයා එහි සිටියේ නම්
කළු හෝ දුඹුරු වර්ණ හිසකෙස් ඇති පඬුවන් හෝ දුඹුරු වර්ණ පැහැයක් ඇති බොහෝ විට තර, මිටි, වඩා ලස්සනක් නැති මස් සහිත කෙනෙකි.
ලග්නය ධනු රාශිය වී චන්ද්‍රයා එහි සිටියේ නම්
දීප්තිමත්දුඹුරු වර්ණ හිසකෙස් ඇති ඕවලාකාර හැඩ මුහුණක් ඇති රක්ත වර්ණ හොඳ හැඩ හුරුකමක් ඇති මධ්‍යම ප්‍රමාණයහෝ වඩා උස කෙනෙකි.
ලග්නය මකර වී චන්ද්‍රයා එහි සිටියේ නම්
කළු හෝ දුඹුරු වර්ණ හිසකෙස් ඇති ධනහිස බොහෝවිට විශාල ගතියක් ඇති සිහින් මුහුණක් ඇති ක්ෂය වූ කුඩා රෝගීවූ වඩා ලස්සනක් නැති දුර්වල ශරීරයකි.
ලග්නය කුම්භ රාශිය වී චන්ද්‍රයා එහි සිටියේ නම්
දුඹුරු වර්ණ හිස කෙස් ඇති හොඳ හැඩ හුරුකමක් ඇති රක්ත වර්ණ පිරිසිඳු සමක් ඇති තරමක් ස්තූල මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් ඇති කරයි.
ලග්නය මීන රාශිය වී චන්ද්‍රයා එහි සිටියේ නම්
දිලිසෙන්දුඹුරු වර්ණ හිසකෙස් ඇති, නිදිමත දෑස් ඇති, පඬුවන් වර්ණ පිරිසිඳු සමක් ඇති තරමක් ස්ථූල මිටි කෙනෙක් කරයි.
Advertisements


