පිටුපසින් පැමිණ පහර දෙන මහසෝනා

නම ඇසූ පමණින් සැවොම භීතියට පත් කරන මෙම යක්‍ෂයා, යක්‍ෂයන් අතර භයානකම යක්‍ෂයා වේ. යක්‍ෂයන් 30,000 කට ප්‍රධානියා වන මහසෝනා, සුසාන භූමියේ දෙවියා, සුසාන භූමියේ යක්‍ෂයා යන නම් වලින්ද හඳුන්වනු ලබයි.
මහසෝනාගේ උපත දුටුගැමුණු රජ සමයේදී සිදුවුණි. පසුකාලීනව මහසෝනා බවට පත්වූයේ දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි රිටිගල ජයසේන නම් යෝධයාය. රිටිගල ජයසේන දුටුගැමුණු සේනාවේ සිටි ශක්තිමත්ම යෝධයා ද වේ. ඔහු කිසිදු සටනකින් පරාද වී නැති අයෙකි. එම සේනාවේ ම සිටි ගෝටයිම්බර යෝධයාගේ බිරිඳ සෝනා කුමරිය සමග හාදවීම හේතුකොටගෙන ගෝටයිම්බර, රිටිගල ජයසේන සමග සටන් කළහ. එම සටනේදී ගෝටයිම්බර දුන් පා පහරින් රිටිගල ජයසේනගේ හිස කඳින් වෙන් වී කරඳ ගසක රැඳුනි.
රිටිගල ජයසේනගේ මිතුරකු වන සෙනසුරා රිටිගල ජයසේන ජීවත් කරවනු පිණිස වලසකුගේ හිසක් ගෙනැවිත් රිටිගල ජයසේනගේ කඳට සවි කළේය. බියවී තැතිගැන්වී සිටි සෙනසුරා එම වලස් හිස ජයසේනගේ සිරුරට සවි කළේ මුහුණ පිටුපසට සිටින සේය. සෙනසුරුගේ මෙම ක්‍රියාව හේතුවෙන්යළි ජීවය ලැබූ රිටිගල ජයසේන වලස් හිසක් හා මිනිස් සිරුරක්ඇති විරූපී අයකු වූ බැවින් අමුසොහොනට ගොස් සැඟවී ජීවත් විය. එළෙස සැඟවුණු රිටිගල ජයසේන මියගොස් මහසෝනා වූ බව පුරාවෘත්තවල සඳහන් වේ.
මහසෝනා උසින් මී. 37කි. ඇස් 4ක් හා අත් 4ක් සහිතය. සම කළු රතු පැහැතිය. දකුණු අතින් ගෙන යන මී හරකකුගේ රුධිරය පානය කරන අතර වම් අතේ හෙල්ලක් වේ. මහසෝනාගේ වාහනය යෝධ ඌරෙකි.
සුසානභූමි, කඳු මුදුන්, ගිරිහෙල්, තුංමං හන්දි මැද මහසෝනා සැරිසරයි. මීට අමතරව නාන තොටවල්වල හා හතරමං හංදිවලද මහසෝනා නිතර ගැවසෙන ස්ථාන වේ.
මධ්‍යම රාත්‍රියේ හා පාන්දර ජාමයේ වීථි සංචාරය කරන අයට මෙම ස්ථානවලදී මහසෝනා හමුවීම සිදුවේ. මහසෝනා මනුෂ්‍ය ශරීරයක් දුටු විගස එම ශරීරයට ඇතුළු නොවේ. මුලින් ඔහු බියවද්දා, එම බියවැදී දුවන පුද්ගලයාගේ ශරීරයට මහසෝනා ඇතුළු වේ. ඇඟට ඇතුළුවීමට පෙර බියවැදුණු පුද්ගලයාගේ උරහිස් අල්ලා පොඩි කරයි. එවිට එම උරහිස් මතනිල් පාටට ඇඟිලි පහක සලකුණක් ඇතිවේ. එම පුද්ගලයාට මහසෝනා ගහලා යන්න ඥාතීන් දැනගන්නේ එම සලකුණු වලිනි. මහසෝනා නිතර ඇසගැටෙන්නේ පිරිමි පුද්ගලයන්ට වීම විශේෂයකි. ස්ත්‍රීන්ට මහසෝනාගෙන් කරදර නැති තරම්ය.
මහසොහොන්යක්‍ෂයාගේ පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ මුළු ශරීරයම වෙව්ලීමට ගනී. මුළු ශරීරයම වේදනාවෙන් පිරී යයි. බෙල්ල කෙළින් කිරීමේ අපහසුව ඇතිවේ. අධික පාචන ස්වභාවයක් ද මොවුන් තුළින්දිස්වේ. මෙම මහසොහොන් යක්‍ෂයා පහරදී ඇතිවන සංකූලතා සුව කිරීම ඉතා අපහසුය.
බොහෝ යක්‍ෂයන් හා ප්‍රේතයන්මන්ත්‍ර බලයෙන් නූල්වල ගැට දමා සිර කළ ද මහසෝනා එවැනි මන්ත්‍ර මගින් සිරකළ නොහැක. මහසෝනාට පිදේනි දී, මහසොහොන් සමයම නැටීම හා ගෝටයිම්බර දැහැනට පමණක් මහසෝනා අවනත කරගත හැක. එසේ වී ඇත්තේ වෙසමුනි රජුන් මහසොහොනාට මිනිස් බිලි ගැනීමට අවසර දුන් හෙයිනි. මිනිස් බිලි වෙනුවට කුකුල් බිලි ද මහසෝනා භාරගනී. එබැවින් යකැදුරන් ආතුරයා බේරා ගැනීමට මහසෝනාට කුකුළු බිලි පිදීම සිදු කරයි.
ඊශ්වර දෙවියන්ගේ ගෝලයෙක් ලෙස සැලකෙන භෂ්ම සූර්යා හෙවත් මහසෝනාට අවතාර 5ක් ඇත. ලේමහසෝනා, අමු මහසෝනා, ජය මහසෝනා, මරුමහසෝනා හා ගොළු මහසෝනාඑම පස්දෙනා වේ.
ලේමහසෝනා හෙවත් ලේ සොහොන් යකාගේ වාහනය එළුවකු වන අතර අමුමහසෝනා හෙවත් අමු සොහොන් යකාගේ වාහනය මුවෙකු වේ. ජය මහසෝනා හෙවත්ජය සොහොන් යකාගේ වාහනය අශ්වයකු වන අතර මරුමහසෝනා හෙවත් මරු සොහොන් යකාගේ වාහනය බැටළුවකු වේ. ගොළු මහසෝනා හෙවත් ගොළු සොහොන් යකාගේ වාහනය ඇතෙකි.
විවිධසතුන්ගේ පිට මත විවිධ වෙස්ගෙන දෘශ්‍යමාන වන මහසෝනා ඉතා භයංකාර, ත්‍රාසජනක යක්‍ෂයෙකි. කොලරාව හා අතීසාරය සෑදුණු රෝගීන්ට මහසෝනාගේ බැල්ම වැටීම සිදුවේ. එනිසා මෙම රෝගීන්ට ඖෂධ ලබා දීම මෙන්ම ආරක්‍ෂා කර ගැනීමද සිදු කළ යුතුය. සොහොනක්පසුකිරීමේදී විනෝදයටවත් මහසෝනාගේ නම නොකීමට පැරැන්නෝ වගබලා ගත්තේ මෙම යක්‍ෂයා එනම් මහසොහොන් යක්‍ෂයා හෙවත් මහසොහොන් දේවතාවා එතරම්ම බිහිසුනු බැවිනි. පිටුපසින් පැමිණ බියවද්දා පහර දුන් පුද්ගලයන් බොහෝ විට මියයයි.
අද සමාජයේ මහසෝනා සංකල්පයක් යැයි පැවසීම, උසුළු විසුළුවට ගැනීම බොහෝ සෙයින් දැකගත හැක. නමුත් රාත්‍රි කාලයේ තුංමංහංදි, හතරමං හංදිවල විවිධ ස්වරූපයෙන් සිටින මහසෝනා දුටුවන් අදට ද ඇත. කෙසේවෙතත් මෙම අති භයංකර යක්‍ෂ ආත්මය පිළිබඳ
දැනුවත්වීම කාහටත් වටිනා දෙයකි. කරදර, රෝගී තත්ත්ව වලින් මිදී සතුටින් ජීවිතය ගත කිරීමට එය මහඟු පිටිවහලක් වනු ඇත.
Advertisements


